Monday, April 21, 2014

52.හදවතට එකඟව සටහන් කරමි


               ගොඩාක් දුර ආවා..........හිතට රැවටුනා.......ආදරේම ජීවිතේ කර ගත්තා.......ඒ නිසාම අඩන්න උනා........මම වැටි,වැටි නැගිට්ටද.....නැගිට ,නැගිට වැටුනද කියන්න දන්නේ නෑ......ඒත් සංසාරේ කොතනදි හරි කරපු පින් ටිකක් ඉතුරු වෙලා මට ගොඩක් ආදරේ තියෙන හිතක් ලැබුනා.....  තුවාල වෙලා මලානිකව හරි මේ හදවත ගැහෙනවා කියලා දැනෙන තරමට මන් ඒ හිතට ලෝබ බඳිනවා දැන්.....දෑගිලී අහම්බෙන් පැටළුනත් ඒ හිත මටත් හොරා මට ගොඩක් ආදරේ කරනවා...... වෙච්ච ගොඩක් දේවල් එක්ක කිසිම හිත් තැවුලක් නැතිව මාව නැගිට්ටවපු ඒ පිරිමි හිතට මන් ලෝබ වෙලා කියලා මට දැනුනේ පරක්කු වෙලා.......ඒත් ඒ හිත නපුරු නොවී මාව දිනන්නම දෛවය එක්ක පොර බදලා තියෙනවා කියලා දැනෙද්දි.....  මට ඒ ගැන සතුටුයි.....
                මම වාසනාවන්තද?එහෙම මන් මගේ හිතින්  අහනවා ......හිත කියනව මන් ගොඩක් වාසනාවන්තලු...එහෙම දැනෙද්දි මන් තනියම හිනා වෙනවා පිස්සුවකට නෙවේ හිතේ සතුට වැඩි කමකට
වෙලාවකට මන් පොඩි එකෙක් වගේ චුටි දේවල් වලට හිත නෝක්කාඩු කර ගන්න කොට   හිත හදන්න මොනා හරි කරන එයාව මම දැක්කේ ගොඩක් පරක්කු වෙලා.....මේ ඇස් කොච්චර අන්ධ වෙලාද? එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ  ඕනට වැඩියේ අඳුරේ හිටියම ඇහැ හුරු පුරුදු නෑ ආලෝකෙට..... ඒත් මන් හිතෙන් ගොඩක් ආදරේ කරලා එයාට..... මගේ හිත එහෙම කියනවා.......මන් ඒ ගැන සතුටු වෙන්න ඕනා නේ කියලා මට මතක් උනේ ගොඩක් කල් ගෙවිලා ගියාට පස්සේ ඒත් වාසනාවකට මන් මහා ලොකු පරක්කුවක් වෙලා නෑ....... ඒ හිත මගේම මගේ වෙලා දැන්..........සතුටුයි මට.......හේතුවක් ඇතුව හරි නැතුව හරි  මේ හිත ගොඩක් කඩන් වැටිලා තිබුනේ...... ආයේ මේ හිත කඩන් වැටෙන් නැති තරමට ඒ හිතින් අද ලැබුනු වචන දෙක තුන මට මහා මෙරක් වගේ......ගොඩක් ලියන්නේ නෑ ඒත් දුක වගේම සතුටෙදි මොනා හරි ඇවිත් කියලා හිත හදන ඔයාලට අද මට කෑ ගහලා කියන්න ඕනේ උනේ ලෝකේ කොනක කාලයක් ලෙඩවෙලා තිබුනු හිතක් සනීප වෙමින් පවතිනවා කියල .....දරා ගන්න බැරි ආදරේකුත් එක්ක.........
          මේ ජීවිතේ දුක ,සැප නිති පෙරලේ කිව්වට මගේ ජිවිතේ නම් සැප සතුටට වඩා දුක පිටු නොසෑහෙන්න පෙරලිලා තියෙනවා,අදටත් ඉදලා හිටලා පෙරලෙනවා,ඉස්සරහටත් එහෙම වෙයි ඒත් මට උරුම වෙච්ච ගමන යන්න මන් ගොඩාක් උත්සහ කරනවා.....ගැලපෙන්නේ නැති තැන් අමාරුවෙන් හරි ගලපගෙන  පරිස්සමින් යනවා.....ඒක කොච්චර ලේසිද අමාරුද කියන්න මන් දන්නේ නෑ ඒත් මම  ටික කාලයක් ලෙඩ වෙච්ච ගතත්,හිතත් නිසා නතර වෙච්ච මගේ ගමන ලොකු භක්තියකින් යන්න ආයෙත් පටන් ගන්නවා ...මන් දන්නවා මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා,  ඉතින් මට බැරි නෑ සාර්ථක වෙන්න......ජීවිතේ අදුරුයි කියලා කලාමැදිරි එළියටත් රැවටෙන හිතක් මට තිබුනා තමයි ඒත් මන් දැන් වෙනස් වෙන්න හිතන්  ඇස් දෙකම අඳුරටත් ආලෝකෙටත් දෙකටම හුරු කර ගන්නවා ...අනික අන්දකාරය පැය ගානක් තිබුනට ඊ ලග පැයේ ඉර මුදුන් වෙනවා වෙනවාමයි මට විශ්වාසයි........

------තවත් එක් හිතක්-------


ජීවිතේ  අරුමයකි 
ආදරය පුදුමයකි
බැඳිම්  මායාවකි
 කිසිදා ,කිසිවිට ,කිසිවෙකුට තේරුම් ගත නොහැකී......

_____ශානු______

38 comments:

  1. //මේ ජීවිතේ දුක ,සැප නිති පෙරලේ කිව්වට මගේ ජිවිතේ නම් සැප සතුටට වඩා දුක පිටු නොසෑහෙන්න පෙරලිලා තියෙනවා// සතුටේ පිටු පෙරළෙද්දි අපට දැනෙන්නෙ නෑ... ඒක තමා හේතුව.

    ReplyDelete
    Replies
    1. //මේ ජීවිතේ දුක ,සැප නිති පෙරලේ කිව්වට මගේ ජිවිතේ නම් සැප සතුටට වඩා දුක පිටු නොසෑහෙන්න පෙරලිලා තියෙනවා//

      ඔ්ක හැමොටම ඔහොම තමා!

      Delete
    2. //සතුටේ පිටු පෙරළෙද්දි අපට දැනෙන්නෙ නෑ... ඒක තමා හේතුව./// මේ කතාව නම් ඇත්ත....

      Delete
  2. අහන්නත් සතුටුයි ශානු මෙහෙම දෙයක්..එහෙම වෙනවනම් අපිත් සතුටු වෙනව..

    ReplyDelete
    Replies
    1. පහු ගිය කතා වලට සාපේක්ෂව ලියවෙලා තිබුන තවත් කතාවක් විතරයි මේ.....

      Delete
  3. ආදරය සැබෑවක් වෙන්නේ දෙන්නට දෙන්නා එකිනෙකා ගැන වගකීමෙන් ආදරය ඉදිරියට ගෙනයනවනම් කියලා මමනම් හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් වෙන්න පුළුවන්...මම නම් ආදරේ නිර්වචන කරන්න දන්නේ නෑ....

      Delete
  4. /අන්දකාරය පැය ගානක් තිබුනට ඊ ලග පැයේ ඉර මුදුන් වෙනවා වෙනවාමයි මට විශ්වාසයි......../
    සැබෑමයි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා විදානයෝ ඉර මුදුන් වෙන එක වෙනවාමයි :D

      Delete
  5. මේක කියවද්දී මම කල්පනා කරේ මේ පිරිමි හිතේ අයිතිකාරයාට මේ ලිපිය කියවනකොට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද කියලා! හැමදාමත් සතුටින් ඉන්න ශානු අක්කට මගේ සුභ පැතුම් ^_^

    ReplyDelete
    Replies
    1. මේ එක හිතක කතාවක් විතරයි...ධාරා නංගා....////හැමදාමත් සතුටින් ඉන්න ශානු අක්කට මගේ සුභ පැතුම් ^_^//// මේ ටිකට ස්තූති

      Delete
  6. සවිමත් සිතකට ලොකු බලයක් තියනවා... ජය වේවා!

    ReplyDelete
  7. ආදරේ හරි පුදුමාකාරයි... හිතට දුක් ගොඩක් ගේන්න වගේම සතුට අරන් එන්නත් ආදරේට පුළුවන්..

    ReplyDelete
  8. සතුට දුක කියන දේ අපිට උරුමයි.. හැබැයි වැඩේ කියන්නේ අපිට හුඟක් වෙලාවට මතකේ හිටින්නේ දුක විතරයි.. මන්දා ඒ මොකද කියලා.. කෝම වුනත් අර කිවුවත් වගේ අඳුරට පස්සේ එළියක් එනවම තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි....දුක ,සතුට දෙකම ජීවිතේට අයිතී....අපිට දුක මතකයේ තියෙන්නේ....ගොඩක් ආදරේ කරන දේවල් නැති උනාම ඇති වෙන නිසා වෙන්න ඕනා.....අනිවා ඉර නොපෑව්වොත් හෙට උදෙන්ම ගිහින් කරන්ට් බිල ගෙවලා එන්න :P

      Delete
  9. සැබෑ ආදරය ඕනෑම චන්ඩ මාරුතයකට මුහුණ දෙන්න පවුරක් වැනිය.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අද්දැකීමෙන් වෙන්ටෑ.......

      Delete
  10. ඉතාමත් සතුටුයි.......................
    සුභ අනාගතයක්......................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති කෙන්ජි අයියා

      Delete
  11. //"මේ ජීවිතේ දුක ,සැප නිති පෙරලේ කිව්වට මගේ ජිවිතේ නම් සැප සතුටට වඩා දුක පිටු නොසෑහෙන්න පෙරලිලා තියෙනවා"// එහෙම වෙලා නෑ , වෙලා තියෙන්නේ අපිට දුක හොඳින් මතක් හිටිනවා , සමහර වෙලාවට ජීවිත කාලය තුල දුක් විඳින එකම අවස්ථාව වුනත් සැප විඳපු අවස්ථා ගණනාවක් අභිභවා මතක හිටිනවා , අපි සතුට අපේම කරගන්න උත්සාහ කරනවා අඩුයි , එත් නොදැනීම දුක අපේම කර ගන්නවා

    ReplyDelete
    Replies
    1. ///අපි සතුට අපේම කරගන්න උත්සාහ කරනවා අඩුයි , එත් නොදැනීම දුක අපේම කර ගන්නවා /// සහතික ඇත්ත.... අයියණ්ඩී

      Delete
  12. ආදරේට පාට දෙන්න... එන්න එන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි ඩැන් පේන්ට් වැඩද කරන්නේ හිකිස්

      Delete
  13. //මන් දන්නවා මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා, ඉතින් මට බැරි නෑ සාර්ථක වෙන්න

    FOR SURE U HAVE URSELF!

    ReplyDelete
  14. දුක සැප පෙරලෙනව තමා සතුටු වෙලාවට හිනාවෙන්නත් දුකක් වුණාම ඒකෙන් පන්නරයක් ලබාගන්නත් අපි හැඩගැහෙන්න ඕන..
    ඒ තමා මට හිතුණ ටික

    ReplyDelete
    Replies
    1. හිතුන ටික නරකමත් නෑ

      Delete
  15. දෙන්නම සතුටින් ඉන්ඩ... අපිට එච්චරයි ඕනේ :)

    ReplyDelete
    Replies
    1. ලියවිලි විතරනේ අෆ්ෆා.......අපි සතුටින් හැමදාම මධුවෝ

      Delete
  16. ශානුගෙ හදවතේ හැඟීම ගැන ඇත්තටම සතුටුයි ශානු. ආද‍රේ කියනෙ හැම දේම දරාගන්න කරන ඉගැන්වීමක්.

    ReplyDelete
  17. සුපිරියි ශානු අක්කෝ......!!!

    ReplyDelete
  18. //ජීවිතේ අදුරුයි කියලා කලාමැදිරි එළියටත් රැවටෙන හිතක් මට තිබුනා තමයි//

    ඒ හිත හැමොට ම පොදු එක ක්.. ඒක මනුස්ස වර්ගයාට ම පොදු යි.. හිතන්ට එපා තමන් විතරක් රැවටෙන බව ක්..හැමෝ ම කවද හරි රැවටෙනව කණාමැදිරි එළියකට..ඒ ගැන කාටවත් වරදක් කියන්ට පුළුවනි ද? බැහැ..
    අන්ධකාරෙන් ඇස් නිලංකාර වෙලා ඉන්නකොට දකින්ට ලැබෙන කණාමැදිරි එළියකට හරි පෙම් බඳින එක තම යි හිතේ හැටි..නැතුව වෙන මොනව කරනටද හිත...
    කොහොම වුණත් සතුටින් ලිව්ව දෙයක් කියවනකොට අපෙ හිතට ත් හීං සතුටක් කාන්දු වුණා..ස්තුතියි අහස :)

    ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
  19. කණා මැදිරි එළියත් ඉතින් එළියක් නේ නේද ශානුවෝ..

    ReplyDelete
  20. සිත්විල්ලක් විතරක් වුණත් මේක කියවන ඔබේ ආදරණීය පිරිමි හිතට කොච්චර ආඩම්බරකමක් දැනෙන්න ඇත්ද?හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ශානු........

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!