Tuesday, October 29, 2013

22.සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවා



                                                      
                                                            
 ගොඩක් කාලයක් හිතේ තිබුනු පෝස්ටුවක් අද ලියන්න හිතුවා.2011 දී මගේ ස්විඩන් සංචාරයේ  සිත් ගත් එක මුර්තියක් තමා අයන් බෝයි මුර්තිය. ස්විඩන් නගරයේ බොහෝමයක් මා දුටු මුර්ති ලෝහයෙන් නිම කර තිබුනත් මා දුටු ඉතාමත් කුඩා වුත්,හුරුබුහුටි වුත් මේ මුර්තිය ජාන්පෝනික්ය(ස්විඩන් බසින්)හෙවත් "අයර්න් බොයි"  එසේත්  නැත්නම් සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවා නමින් හදුන්වන අතර මෙම පුංචි සිහිවටන මූර්ති කැටයම ස්විඩන් ජාතික ලීසා එරික්සන් නම් මූර්ති ශිල්පිනිය අතින් 1954 වර්ෂයේ දි නිම කරන ලදී.නමුත් මෙම මූර්තිය වාසස්ථාන ගත කොට ඇත්තේ  1967 දී ස්ටොක් හොම් හි ගැමිලස්ටන්  පරණ නගරයේය.සෙන්ටිමිටර් 5.9 ක උසකින් යුත් මෙම නිර්මාණය තනිකර ලෝහ වලින් නිම කර ඇත. එමෙන්ම පොළොව මට්ටමේ සිට උඩට තැනු සමචතුරස්රාකාර හැඩයකින් යුත් ලෝහ ස්තරයක එක මුල්ලක පිහිටන ලෙස කණු හතරක ආධාරයෙන් නැවත උඩට තැනු සෘජුකෝණාස්ර හැඩයෙන් යුත් පැතලි ස්ථරයක සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවාගේ රූපය අඹා ඇත.
                                    

            ෆිනිෂ් පල්ලියට පිටුපසින් පිහිටා ඇති ඉතාමත් නිස්කලංක පරිසරයක ස්ථාන ගත කර ඇති මෙම පුංචි කැටයමට මිටර් කිහිපයක් නුදුරින් ස්ටොක්හෝම් රජ මාළිගාවද පිහිටා ඇත.එම නිසා මාළිගය බැලිමට එන සංචාරකයින් නොවරදවා මෙම කැටයම නැරඹිමට ද අමතක කරන්නේ නැත.එමෙන්ම මෙම ස්ථානය තුල තිබෙන්නා වු හුදකලා බවත්,නිස්කලංක බවත් නිසා බොහෝ සංචාරකයින්  ගිමන් හැරිමට මෙම ස්ථානයේ මදක් නවති.
                                   




          මෙම  සද දෙස බලා සිටින පුංචි පිරිමි දරුවාගේ ලෝහයමය කැටයම වාසනාවේ සංකේතයක් ලෙස ද,මෙහි මායාකාර බලයක් ඇතැයිද ස්වීඩන් ජාතිකයන් විශ්වාස කරන අතර  පිරිමි දරුවාගේ පාද අසල මාරු කාසි ,ටොෆි , සීත සෘතුවේදි තොප්පියක්,සළුවක් පිළිගන්වා තමන්ගේ ප්රාර්ථනා පතන්නට ද මෙම දරුවාගේ හිස අත ගා ප්රාර්ථනා කිරිමටද මෙහි පැමිණෙන සියළු දෙනා අමතක කරන්නේ නැත.




  ස්වීඩන් ජාතිකයන් විශ්වාස කරන පරිදි  .....

              *මෙම  මුර්තිය වටා තුන් වරක් කැරකුන හොත් නැවත වතාවක් ස්වීඩනයට ඉක්මනින් පැමිණිමට හැකිවන බවත්,

              *මුර්තියේ කුඩා දරුවාගේ හිස තුන් වරක් අත ගා,තුන් වරක් එකම ප්රාර්ථනාව කලහොත් අවුරුද්දක් ඇතුලත එම ප්රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන බවත්,

              *මුර්තියට  මාරු කාසි,ටොෆි ,ඇදුම් පිළි ගැන්නුවොත් ඉතාම ඉක්මනින් තමන්ගේ පවුලේ උදවිය සමග හොද දවසක් ගත කරන්න පුලුවන් වන බවත්ය.


                                                 

21.මීයෙක් සමග නිදි යහනේ


                     සිද්ධිය උයේ මම සා.පෙ. කරන කාලයේදිය.අපි පොඩි කාලයේ සිට අපගේ සියලු වැඩ කටයුතු කලේ අම්මාය.නමුත් සා.පෙ. කරන කාලයේ මගේ කාමරය අස් කරගන්න මටම බාරදි අම්මා පැත්තකට වුයේ ඒ දවස්වල කොච්චර අස් කරත් කාමරය ආයේ ආයේත් කහල ගොඩක් වන බැවිනි.සා.පෙ. පටන් ගන්න සති 2 ක කට කලින් නිවාඩු ලැබුනි.ඒ දවස් වල පොතක් පතක් බලාගෙන කාමරේටම වෙලා හිටිය මට අමුතුවෙන් කාමරය අස්පස් කරගන්න උවමනා වුයේ නැත.ඇදේ මදුරු දැලද දවස් 2 විතර අකුල්ලන්නේ නැතුව පාවිච්චියට ගත්තේය.හැබැයි තේ,බිස්කට් ගෙනාපු අම්මා විටින් විට කෑගැසුවේ

" මේ කෑලෑව අස් කර ගන්න සත්තු බෝ වෙන්න කලින් "කියාය.

                         එදා ටිකක් වැහි දවසක්ය.මම නින්දට එන විට රෑ 12 කිට්ටුය. මට මතක ඇදට වැටෙනවා පමණි.පැය 2 ක 3 කට වඩා නින්ද ගියේ ද නැත.මදුරු දැල සෙල වෙනවා හීනෙන් මෙන් මට දැනුනි.ඇස් ඇර වටපිට බැලුවේය කරුත් නැති බව පෙනුනේ මගේ කාමරයට ඇතුල් වෙන කොරිඩෝවේ  පොඩි එලියකින් රෑ පුරා දැල්වෙන ලයිට් එලිය නිසාය.ඒ අතර තුර සිහියට ආවේ එහා වත්තේ තියෙන පාලු ගේ ගැනය.එ ගෙදර ජීවත් වුයේ අම්මාගේ මාමාය.මිනිහා මිය ගියේ කාත් කවුරුවත් නැතුවමය.මිනිහා හරිම නපුරු නිසා මටනම් මිනිහා ගැන තිබුනේ අප්රසන්න මතකයකි.මිනිහගෙ මරනයෙන් පසු කුලියට පද්0චියට ආපු හැමොම හැරෙන තැපැලෙන් ගියේ ඔය මිනිහා හොල්මන් කරන බව කියාය.
              මම කරුවලට බයය,නමුත් මදුරු දැල හෙල්ලෙන හේතුව හොයා ගන්න තිබුනේ කුතුහලයකි.ඇදෙන් පැන ලයිට් ඔන් කර බැලුවත් මෙලෝ යකෙක් වට පිට සිටියේ නැත.ඇද යටද බැලුවේය මොකෙක්වත් නැත.ආයෙත් ලයිට් නිවලා නින්දට ඇදට ගොඩ උනත් ආයෙත් මදුරු දැල හෙලවෙන්නේ ටිකක් වේගයෙනි.දැන්නම් ලයිට් ඔන් කරම නිදන්න හිතාගෙන ආයෙත් ලයිට් ඔන් කරල ඇදට නැගලා උඩ බලද්දිම මී තඩියෙක් මදුරු දැලේ උඩ රවුමේ මැනික රවුම් යනවා දුටුවේය.හිමින් සැරේ ඇදෙන් බැස තාත්තාට කතා කර මදුරු දැල ඇතුලේම මියා පර ලොව සැපත් කලේය.තත්තා විසින් දැල ගලවලා අයින් කලේය.ටික දවසක් යනකම් මදුරුවෝ තල තල නිදාගන්න සිද්ද උන නිසා අලුත් මදුරු දැලක් ලැබුන දා ඉදලා හැමදාම  අකුල්ලන්න ,කාමරය අස් කර ගන්න අමතක කලේ නම් නැත.
                                    එදා මීයා කෑවේ නැති නිසා මී කබර,මී උණ හැදෙන්නේ නැතුව බේරුනි.කොහොම නමුත් මියාගෙන් උනත් ජීවිතේට හොද පාඩමක් ඉගෙන ගන්න පුලුවන් උන එක ගැන නම් සතුටුය.







Tuesday, October 15, 2013

20.මුහුදු පාරාදීසය


                                           නාපොලි නගරයේ  ලුන්ගො මාරේ හෙවත් දිගම මුහුදු තීරය  ඉතාමත් සුන්දර සිත් ඇද බැද ගන්නා,සංචාරකයින්ගේ වැඩි  අවදානයට ලක්වන ඉතාමත් ප්රසිද්ධ  ස්ථානයකි.මෙම මුහුදු තීරය නැව් තොටිපලවල් දෙකකින් සමන් විතය,එම්.එස්.එන් හා ගිරිමාල්ඩි  සමාගම් වලට අයත් සංචාරට නැව් දිනපතා ප්රධාන  තොටිපොලේ නැංගුරම් ලාන්නේය.මෙම මුහුදු තීරයේ ඈතින් වන්නට පොම්පය නගරය විනාශ කරනට, විශාල  ලෝ දිය දහරක් ගැලු  විසුවියස් ගිනි කන්දද,කිඹුලෙකුගේ ඔළුවේ හැඩයට සමාන හැඩයක් උසුලන කාප් රි  දුපතද, සෙසු අර්ධද්වීප  කිහිපයක්ද පිහිටා ඇති අතර මෙම මුහුදු තීරයේ වටිනා කමද මනරම් බවද  එයින් වැඩි වි ඇත.එමෙන්ම දිග මුහුදු තීරය පටන් ගන්නා එක් කෙලවරක වක්ර ලෙස ඇති මුහුදු ජලයෙන් වට වු  කස්ටෙල් ඩෙල්ල්'ඔවො(බිත්තර කාසල්)එකේ පිහිටිමද ඉතා මනරම් හා කලාත්මක බවක් මේ මුහුදු තීරයට ගෙන දෙන බව බැලු බැල්මට ඕනෑම කෙනෙකුට පෙනෙන්නේය.රාත්රි කාලයේදි  මෙම මුහුදු තීරය දහවල් කාලයට වඩා මනරම්ව දැකිය හැකි අතර මුහුදට ප්රතිවිරුද්ධ දිශාවෙන් ගොඩබිමෙහි කදු බැවුම් මත තනන ලද නාපොලි නගරයේ මහල් නිවාස සංකීරණයද දක්නට ඇත

ලුන්ගො මාරේ දහවල් කාලේ


රාත්‍රි කාලයේදි







කිඹුලෙකුගේ මුහුනේ හැඩයට ඇති කාප්රි දුපත


                                                                              සිකුරාදා හා සෙනසුරාදා දිනයන් හි මෙම මුහුදු  තීරය  ආදරවන්තයන්ට තෝතැන්නකී.විවිධ ආදරවන්ත ජෝඩු(මා මෙයින් අදහස් කරනුයේ පාසල්,තරුණ, ගේ සමනල සමනලුන් ජෝඩුය) කණ්ඩායම් සැදි  දොඩමලු වි  විවිධ ආහාර පාන ගනිමින්ද මත් ද්රවය බාවිතා කරමින් සිටිනු ඕනැම කෙනෙකුට මේ දිනයන් හි රාත්රි කාලයට මුහුදු තීරයේ ගමන් කලහොත් දක්නට ලැබෙනු ඇත. සීත කාලයට වඩා රස්න කාලයේදී  මෙම මුහුදු තීරය සැනකෙලි ස්වබාවයක් උසුලන අතර ඉතාමත් බහුලව හරක් බොකු,පොල්, පලතුරු අලෙවි සැල් , බොබයි මුටයි හා එක එක ජාතියේ රස කැවිලි වර්ගද විවිධ බෙල්ලන්ගෙන් තනන බඩු බාහිරාදියද,අප්රිකා ජාතිකයන් ඔහුන්ගේ රටේ තනන බෑග්,සපත්තු ,අත් වැඩ ජාතිද විකුණනු ලැබේ.එමෙන්ම බයිසිකල් හා රෝද සපත්තු කුලීයට ගැනීමට  ලොකු,පොඩි බේදයකින් තොරව හැකි නිසා පොඩ්ඩන්ටද මෙම මුහුදු තීරය පාරාදිසයකි. එමෙන්ම නොයෙක් ලොව ප්රසිද්ධ චරිත වලින් හැඩ ගැන්වි කැට වලට සල්ලි එකතු කර ගන්නා මිනිස්සු ඔහුන්ගේ එදා වේල සොයා ගැනිමද මෙම ස්ථානයේදි කරනු ලැබේ.එමෙන්ම  යම් යම් ස්ථාන වල  ආදරවන්තයින් තමන්ගේ නම් සලකුණු කරන ලද අගුලු දමන ඉබ්බන්  එල්ලා ඇති අතර ඔහුන් ඉබ්බන්ගේ යතුරු මුහුදට විසි කර සැමදා ඔහුන් වෙන් නොවෙනු ඇතැයි සංඛේතවත් කෙරේ.
                                            
                                           ආදරවන්තයින් විසින් අගුලු දමන ලද ඉබ්බන්
පොල්

රාත්‍රි පළතුරු කඩයක්

රාත්‍රි ජංගම ආහර රථයක්


අප්‍රිකානු ලී අත් වැඩ

තම්බා ඇති හරක් බොකු දෙහි සමග



                     ඇමරිකානු  තානාපති කාර්යාලයද මෙම මුහුදු තීරය ලගම පිහිටා තිබිම නිසා 2012 වසරෙදී ඔහුන් විසින් යොජිත වසරක් පාසා පවත් වන්නට  ආරම්බ කල"ඇමරිකන් කප්" රුවල් බෝට්ටු තරගය සදහා ඇමරිකානුවන් මෙම දිග මුහුද තොරාගෙන ඇත.මෙම තරග ජුලී මස  අවසානයේ දී පටන් ගෙන  අගෝස්තු මස මැද වන විට අවසන් වේ.ලෝකයේ විවිධ රටවල් වලින් සහබාගි වෙන රුවල් බොට්ටු තරග කරුවන් දවස් ගනණාවක්    ඔහුන්ගේ කූඩාරම්  මුහුදු තීරය අසල පාර පුරා තනන අතර ඒ කාලපරිච්ජේදය පුරාවට එම පාරෙන් නගරයට ධාවනය වන වාහන වෙනත් අතුරු පාරවල් උපයෝගි කරගෙන ගමන් කරනු ලැබේ.මෙම කාලය පුරාවට විදේශ විනිමය ඉතාලිය තුලට ගලාගෙන එන අතර මේ ප්රදේශය අවුරුද්දකට වරක් සංවර්ධනය සිදු වන අතර මුහුදු තීරය  සංරක්ෂනයක් සිදුවේ.
                 
"ඇමරිකන් කප්" රුවල් බෝට්ටු තරගය


 
  ලුන්ගො මාරේ හෙවත් දිගම මුහුදු තීරය ස්වබාව ධර්මයාගෙන් ලැබු අපුරු දායාදයක් බව හැබැහින් දුටු මටත් අනිත් අයටත්,පින්තූරු වලින් දුටු අයටත් සිතෙනවා නොඅනුමානය.