Friday, December 18, 2015

83.තත් කැඩුන සිතාරය වැනි ජීවිතය



ලෝ දහම් ගුණ අහිමි වී ගිය
හොද ,නරක දෙක අවුල් වි ගිය 
ජීවිතේ  දුක ශේෂ වී ගිය
සුසුම් පමණක් නොනැවති ගිය

මුදල් පසුපසම ඉව තිබුනු කල
හිතක් ඇති දැයි නොසොයාම මම
අවසනක් නැති පව් පුරව ගෙන 
විදිමි තනියම අපා දුක් ගැහැට

පසක් කරනට දෙගුරුන්ගේ ගුණ
වයන්නට මට ඔහුන්ගේ හර
තනු අහිමි වු තත් කැඩි ගිය 
සිතාරය වැනිය දැන් ජීවිතය මට

_________ශානු______________


Tuesday, December 15, 2015

82.කුමාරයෙක් එන තුරු




            මම සුදුම සුදු අශ්වයෙක් පිට එන කුමාරයෙක් ගැන හීන බැලුවේ බොහෝම පරක්කු වෙලා.තුන් වෙනි පන්තියේ පවුලක ඉපදිලා කට්ට කාලා විභාග පාස් වෙලා ගමේ ඉඳන් කොළඹ ගෙන්දගම් පොළොවේ හැපිලා යන්තමින් ගොඩ ගිය රජයේ රස්සාව නිසා අද තැනක ඉන්නවා ඒත් මට කරකාර ගන්න නෑ නෙව කුමාරයෙක්.... ඉන්න උනුත් ගැලපෙන්නේ නැති බව කිව්වම කේන්දරකාරයා අම්මපා  හිතෙනවා තනිකඩවම ඉන්න..ඒත් ඉතින් එහෙම තනිකඩ වෙනවට වඩා හොදයි බීරි වෙලා ජිවත් වෙනවා නෑයින්ට උත්තර දීලා විසේ යනවා නෙව නොබැද හිටියම....
           මම කැමති කුමාරයා ටිකක් සුදු වෙන්න ඕනේ...හිනා වෙද්දි තොල් හීනි වෙලා ඇහි බැමි ටිකක් සමාන්තරව පෙනෙන්න ඕනේ...දිගටි මුණට පොඩි එළු රැවුලකුත් නරකම නෑ...ඇස් ලොකු ගිල ගන්න ගතියක් තියෙන්න ඕනෑ....තේජවන්ත පෙනුමක් වෙන්න ඕනා...අහිංසක..නිහතමාණි වෙන්න ඕනා... එකිමෙකි නොකි ගුණ ගයද්දි මගේ රූමී කිව්වෙ

"උඹට ඔය මිනිහා අඹලා සිය දෙනෙක්ගේ ගති ගුණ එක්කෙනෙක්ට දාන්න සක්කරයාගෙන් වරමක් ඉල්ල ගන්න වෙයි "කියලයි 
             
  " නෑ එහෙම වෙන්නේ නෑ"

මම ලැජ්ජාවෙන් හිත රිදිල්ල මිරික ගෙන කිව්වා 

මම හිතන විදිහට හැට පැනලා හොට බිම ඇනෙනවා වගේ නෙවේ, තිහ පැනලා තටු හැලෙන එක හරිම බයානක කාල පරිජ්චේදයක් හීන ඇහිදින ,හීන වල ගිලි,ගිලි හුස්ම හිර වෙන මහා එපා කරපු කාලයක්.....හරියටම ශීත සෘතුවේ හිම කුට්ටි දිය කරන්න ගිම්හානයේ හිරු වැජබෙනවා වගේ.. ගිනි මද්ධහනේ චොර වැහි වලාකුලක් තෙත බරිත වෙන්න තරහ පිරි මැහැව්වා වගේ වේදනාබරිතයි..වචනයෙන් විස්තර කර ගන්න බැරි කමක්,නිකම් අසරනකමක්ද? හිතෙනවා වේලාවකට...
මොනා උනත් මම බලාන ඉන්නවා කුමාරයෙක් අසු පිට නෙවේ පුස් සයිකලයක හරි ඇවිත් මහා ගොඩක් ආදරෙන් මාව කැන්දම් යනකම්...
මොකද ? 
මගේ හොදම යාළුවා කිව්වේ 

"උරැමක්කාරයා කරනම් ගහගෙන පතාගෙන ඇවිත් උඹව වැඩි දවසක් නොයා ඔතාගෙන යයි "කියලයි


_______නිමි_________

මේ අකුරු ඇමුණුවේ හරි ගෞරවේකින්....හේතුව කියන්නම්...එකක් මේ කතාවෙ චරිතය මට ගොඩක් සමීපයි..අනික මට කියන්න ඕනේ ජිවිතේ නැති බැරිකම් එක්ක ඉගෙනගෙන රස්සාවක් කරලා පවුලේ සහෝදර,සහෝදරියන් ගැන බලලා යුතුකම් වගකීම් ඉවර වෙද්දී විවාහේ කියන මාතෘකාව මග හැරිලා හිතෙන් වැටිලා ඉන්න හැමෝටම ජිවිතේ ආ දුර ගැන හිතලා සතුටු වෙන්න,ඔයාලා නිසා ජීවිතේ ඵල දරපු මිනිස්සු ගැන හිතලා සතුටු වෙන්න  වපුරපු තරමට අවසාන දවසෙදි අස්වැන්න නෙලා ගන්න ලැබෙන එක ලැබෙනවාමයි...


__________________________
 හිදිවි කොතැනක හෝ 

හිමි කාරයා ඔබත් නුබේ නමින්

බදිවි කෙදිනක හෝ
ඒ එන තුරා හිත කඩා ගෙන ඉදි.............

ගගට සයුරක් මුණ ගැසේවි 

රළකට වෙරලක් මග ඉදිවි

නියගෙට වැස්සක් ඇද හැලේවි

නුබටත් කෙනෙක් ඉදිවි දවසක සොයා න එවී...........

අකුලක පිපෙන නැවුම් මලක් සේ

නදියක නැගෙන තරංගයක් සේ

නලළට සිබින පවන් රොදක් සේ

නොසිතු විටක ලගා වි නුබ විදි අදුර නිමා
            

Saturday, December 12, 2015

81.හිත නුඹ


නයිල් ගඟට පැන 
දිය නා ගොඩ එන
රකුසු කුලේ ඉපදුන
කුළුදුල් හිත නුඹ..........

තැවුල් තබන සිත
කොවුල් නදක රැදි
නේරංජන නදි බැස
සෝදන හිත නුඹ..........

දෙගොඩ තලා යන
එගොඩ,මෙගොඩ නැති
ඉමක්,කොනක් නැති
මගේ ආදර සිත නුඹ..........

විහාර කොතෙකුත් මැද
කෝවිල්,පන්සල්,දහසක් මැද
නොඉදුල් පුජාසනයයි
සිත මට ඇති නුඹ.........

_____ශානු_____

S H A N U

Thursday, December 3, 2015

80. සීගිරියත් අඬනවා ඉඳ හිට



දුප්පත් කමයි,රූමත් බවයි රජ ගෙට උකසට තැබුවාට
කාස්සපට ලැම පෙන්නා අප්සරාවි වී  මා  සිටියාට
සිත්තරාට නොහැකි උනා මට සළුවක්  දමන්නට
කඳුළුත් ගල් උනා හිත් පිත් නැති සීගිරි ගල්  බිත්තියට

අහිංසකව ඇස් අඩවන් කලා මිස
හදවත ඉකි ,බිද හැඩුවා කම්පා වී රුඳුරු ලෙස
නොහැගුනාම පින්සලකට සිතුවම ගැහුනා මිස
පිරිපුන් උනා ලැම,ඉඟ-සුඟ තියුණු ලෙස

කාලය ඉඳුල් නෙත් කොනින් බලා රස වින්දාට
නෙත් අඩවන් කර කම්පා අත රැන්දු මල් මිටට
හදවත වැසුවා පිරිපුන් ලැම වෛවර්ණ කොට
ලැජ්ජාවත් ඇල වි සිටියා මා එක්කම ගල් බිත්තියට

වර්ෂ ගණන් ලැම විදහා උන්නාට
මදි උනාද මා බලලා උඹලාට
වියැකි යන මගේ සිතුවම් රුව සිදුනාට
බැරි උනානේ තවමත් සළු අන්ඳවන්න,නව සිත්තෙරෙකුට

   _ශානූ_
   S H A N U