අපගේ ආදි මුතුන් මිත්තන් තුළ තිබු වාරි මාර්ග තාක්ෂණය ඉතා ඉහල බව පෙන්විමට අද ලංකාව පුරා දක්නට ලැබෙන වැව් හා ඇළ මාර්ග හොද නිදසුනකි.වාරිමාර්ග තැනවිමෙහිලා ඔහුන්ගේ මුලික අරමුණ වුයේ ගොවිතැන සදහා අවශය ජලය සපයා ගැනිම විය.ඊට අමතරව පසු කාලීනව නොයෙකුත් අවශයතා සදහාද එම ජලය ප්‍රයෝජනයට ගත්හ. වාරිමාර්ග තැනවිම සදහා ආදී මුතුන් මිත්තන් විසින් භූමියේ උස් පහත් බව බෙහෙවින් ප්‍රයෝජනයට ගෙන ඇත.ඒ අනුව,
* අභයන්තර තැනිතලා ප්‍රදේශයක් හරහා වැටි ඇති මිටි කදු වැටියක පටු කපොල්ලක් ඔස්සේ ගංගාවක් ගලා යනවිට කදු වැටියේ නෙරු දෙක එකට යා කොට වේල්ලක් බැද ගංගාවේ ගමන අවහිර කිරීමෙන් වැවක් නිර්මාණය කිරීම(මල්වතු ඔය ඇසුරෙන් අභය වැව හා තිසා වැවද,කලා ඔය ඇසුරෙන් කලා වැවද,හුරුලු ඔය ඇසුරෙන් හුරුලු වැවද තැනවීම)
* තැනිතලා ඔස්සේ භුමියේ බැස්මට අනුකූලව ඇළ මාර්ග තැනිම.
*ඇළ මගින් වැව් මට්ටමට පහළ ඇති තැනිතලාවල පිහිටි කුඹුරු වලට ජලය සැපයිම.
*ජල පහරේ වේගය අඩු ස්ථානයක"අමුණක්" ඉදි කොට එහි එක් රැස් වන ජලය ඇළ මාර්ග දිගේ පහත් තැනිතලාවලට සැපයිම.(මහවැලි ගග හරහා මිනිපේදි බැද ඇති අමුණ,මල්වතු ඔය හරහා වු ගල් කඩවල අමුණ හා දැදුරු ඔය හරස් කොට තනා ඇති රිදී බැදි අමුණ.)
සැම ගමකම ගම් ප්‍රධානියා වෙත කුඩා වැව් ඉදිකිරිම භාර වු අතර ඔහුන් 'ගමික' 'පරුමක' යන නම් වලින් හදුන්වන ලදි.කාලයත් සමග ගොවිතැන කටයුතු සදහා ජලය සැපයිම රජු සතු ප්‍රධාන වගකීම් වලින් එකක් බවට පත්විය.මෙලෙස රජුන්ගේ මූලිකත්වයෙන් විශාල වැව් ප්‍රමාණයක් ඉදි විය.වැව් ඉතිහාසය පිරික්සු විට ආරම්භයේදි කුඩා වැව් ද පසුව මධය ප්‍රමාණයේ හා විශාල වැව්ද ඇළ මාර්ගද තැනු බව දක්නට ලැබේ.වාරි කර්මාන්තය ගැන මනා දැනුමක් ඇති ශිල්පීන් කණ්ඩායම් පත් කොට ගුරු සිසු පරපුරෙන් පරපුරට ඒ දැනුම ගෙනයාමටද එකල රජුන් සහයෝගය දක්වා පහසුකම් සලස්වාද ඇත.එමෙන්ම වාරි කර්මාන්ත කටයුතු පවත්වා ගෙන යෑම සදහා රජතුමා හට විශේෂ නිලධාරින් පිරිසක් සිටි බවට පැරණි ලෙන් ලිපියක සදහන්ව ඇත. ඒ අනුව 'අඩිතර''උතර' යන දෙදෙනා වාරි කර්මාන්තයට සම්බන්ධ නිලධාරින් බව මහාචාර්ය සෙනරත් පරණවිතාරන මහතාගේ මතය විය.
රජවරුන් විසින් තැන වු හා ප්‍රතිසංස්කරණය වැව්,ඇළ මාර්ග දින වකවානු අනුව(මුලාශ්‍රය-රාජාවලිය- පේරාදෙණිය විශ්ව විදයාලය)
#කුඩා වැව්(ක්‍රි.පු. යුගයේ සිට ක්‍රි.ව. 1 වන සියවස තෙක්)
*පණ්ඩුකාභය රජු(ක්‍රි.පු. 377-307)--> අභය වැව(බසවක්කුලම),ජය වැව.
*දේවානම් පියතිස්ස රජු(ක්‍රි.පු. 250-210)--> තිසා වැව.
*සද්ධාතිස්ස රජු(ක්‍රි.පු. 137-119)--> රාජාවලියට අනුව වැව් 18 ක්.
#මධයම ප්‍රමාණයේ වැව්[ක්‍රි.ව. 1 වන සියවසේ සිට ක්‍රි.ව.3 වන සියවස තෙක්]
*ඉළනාග රජු(ක්‍රි.ව. 33-43)-->තිස්ස වැව-දුරතිසා වැව.
*වසභ රජු(ක්‍රි.ව. 67-111)-->මහාවිලච්චිය,මනාකැටිය,නොච්චිපොතාන හිරිවඩුන්න ඇතුලු වැව් 11ක් හා ඇලහැර ඇතුලු ඇළ මාර්ග 12ක්.
#මහා වැව්[ක්‍රි.ව.3 වන සියවසේ සිට]
*මහසෙන් රජු(ක්‍රි.ව.274-301)-->මින්නේරිය,කවුඩුලු,හුරුළු,මාගල්ල මහකණදරා ඇතුලු වැව් 16ක් හා පබ්බතන්ත ඇළ.
*පළමු වන උපතිස්ස රජු(ක්‍රි.ව. 365-404)-->තෝපැ වැව ඇතුලු වැව් 6ක්.
*ධතුසේන රජු(ක්‍රි.ව. 455-473)-->කලා-බළලු,මාදතුගම ඇතුලු වැව් 18ක් හා යෝධ ඇළ(ජය ගග)
*දෙවන මුගලන් රජු(ක්‍රි.ව. 531-551)-->නාච්චදුව වැව(පත්පහන්),පදවිය වැව.
*පළමු වන අග්බෝ රජු(ක්‍රි.ව.571-604)--> මාමඩුව වැව,කුරුදු වැව,සිරිවඩ්ඩමානකන් වැව හා මිණිපේ වේල්ල.
*දෙවන අග්බෝ රජු(ක්‍රි.ව. 604-614)-->ගිරිතල වැව හා කන්තලේ වැව.
*පළමු වන විජයබාහු(ක්‍රි.ව.1055-1110)--> සෝළින්ගේ විනාශ වු වැව් ප්‍රතිසංස්කරණය කිරිම.
* පළමු වන පරාක්රමබාහුරජු (ක්‍රි.ව.1453-1186)-->පරාක්‍රම සමුද්‍රය,දෑදුරු ඔය සංවර්ධනය,පඩුවස් නුවර පඩා වැව,කළුතර දිස්ත්‍රික්කයේ සස්යොදුන් රට සංවර්ධනය හ අංගමඩිල්ල ඇළ.
*නිශ්ශංකමල්ල රජු(ක්‍රි.ව.1187-1196)-->විනාශ වු වැව් ප්‍රතිසංස්කරණය කිරිම.
වැවක ප්‍රධාන කොටස්...,,.
වැව් බැම්ම:-
උස් බිම් දෙකක් යා කොට ගංගාව හරස් කිරිමෙන් බදින ලද ශක්තිමත් බැම්මක්.
සළපනාව:-
වැව් බැම්ම සේදි යාම වැලැක්විමටවැව් බැම්බේ ඇතුල් පැත්තේ කළු ගල් පුවරු අතුරා සකස් කළ ශක්තිමත් පාදමකි.[රළපනාව,රළපැන්නුම යන නම් වලින්ද හදුන්වනු ලැබේ.]
පිටවාන:-
වැවක ජලය වැඩි වන විට එම වැඩි වන ජලය පිටතට ගලා යෑම සදහා වැව් බැම්මේ මට්ටමට තරමක් පහලින් ගල් පුවරු අල්ලා කරනු ලබන ඉදි කිරිමක්.
සොරොව්ව:-
වැවකින් ජලය පිට කරන විවරය සොරොව්ව ලෙස හැදින්වේ .
#ගොඩ සොරොව්ව--> ජලය බෙදා හැරිම සදහා වැව් බැම්මේ ඉහළ මට්ටමින් සකස් කළ විවරය
#මඩ සොරොව්ව--> ජල මට්ටම අඩු වි ඇති විට ජලය බෙදා හැරිමටත්,වැවේ මඩ ඉවත් කිරිමටත් වැව් බැම්මේ පහළ මට්ටමේ ඉති කළ විවරයකි
බිසෝ කොටුව:-
පැරණි වාරි තාක්ෂණයේ විශ්මිත නිර්මාණයක් සේ සැලකෙන මෙය වැව් ඉවුරත් ජල මට්ටමත් එක් වන තැන ගැඹුරු හතරැස් ළිදක හැඩයට තනා ඇත. මෙමගින් ජල පීඩනය පාලනය කොට ජලය සොරොව්වට ගලා යෑමෙන් වැව් බැම්ම ආරක්ෂා කෙරේ.
රජරට ප්‍රධාන වැව් පහත රූපයෙන් දැක් වේ.
මා ලග තිබු රූප සටහනක්
ප.ලි.
අප මුතුන් මිත්තන් විසින් වැව් තැන වු ඇතැම් රජවරු දේවත්වයෙන් පිදු බවට හොදම නිදසුන ලෙස මට මතක් වනුයේ මහාසෙන් රජුට 'මින්නේරි දෙවියෝ' යන විරිද්දවලිය බාවිතා කර තිබිමය.
තොරතුරු ගොනු කිරිම පොත පත ඇසුරෙනි.
(යම් යම් අකුරු වල වැරදි වලට හේතුව මා විසින් බාවිතා කරන මෘදුකාංගයේ දෝෂයක් බව දන්වා සිටිමි.ඒ නිසා සිදුවන කියවිමේ අපහසුතාවය ගැන කණගාටු වෙමි.)