Wednesday, June 26, 2019
115.නමක් නැති කතාවක්
Sunday, June 23, 2019
114.හීන වලට පණ දෙමින්
ඒත් ග්‍රැෆික් සයිඩ් එකේ ඉස්සරහට යන්න බැරි උනේ ලංකාවෙන් මුහුදු හතක් පනින්න උන නිසයි...ඒත් මම කවදාවත් ඉගෙන ගන්න එක අතැරියේ නෑ මුල් කාලේ පොඩි පොඩි මුදල් ගෙවලා youtube එකේ නැති එඩිටින් ටූල්ස් ගැන වීඩියෝස් අධයනයක් කලා...ඒ අතර විඩියෝ එඩිටින් පැත්තක් ටිකක් උනන්දුවෙන් ඉගෙන ගත්තා..නොදන්න දේවල් facebook එකේ ග්‍රැෆික් කරන අයගෙන් අහ ගත්තා...
ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට පැය 13 ක් විතර වැඩ කරන්න ජොබ් එකක් ලැබෙනවා 2008 වගේ ඊට පස්සේ අර ආසාවෙන් කරපු සේරම අතැරිගෙන යනවා...ඒ හීන සේරම තාවකාලිකව පැත්තකට තියලා මම අවුරුදු 10 විතර කට්ටක් කනවා ජීවිතේ හොඳම කාලේ ජීවත් වෙන්න මනුස්සයෙක්ට ඕන කරන හැමදේම සම්පුර්ණ කර ගන්න මහන්සි වෙලා ගිය අවුරුද්ද වෙද්දී මගේ ටාගට් සේරම සම්පුර්ණ වෙනවා...
ඉතින් මේ දැන් ගෙවෙන්නේ ජීවිතේ හොඳම කාලය කියලා හිතෙනවා...ආයෙමත් අතැරුන හීන අල්ලන්න කාලය ඇවිත්...ජීවිතේ ආයෙමත් හීන හැබෑ කර ගන්න අවස්ථාවක් ඇවිත්...මම ආයේ ෆ්‍රැෆික් ගැන ඉගෙන ගන්න ගත්තා ....ඒ වගේම විඩියෝ එඩිටින් කරනවා....හැබැයි මගේ ලැප මලගම් ගියාට පස්සේ අයිපෑඩ් එකයි හබීතුමා ගිය දෙසැම්බර් තෑගි දුන්න ඇපල් xr එකයි තියෙන්නේ.....ඉතින් මම xr එකෙන් මගේ වැඩ කරන්න පටන් ගත්තා....වැඩේ හිතුවට වඩා සාර්ථකයි....
මම 'ම ලියලා...මම'ම වොයිස් රෙකෝඩ් කරලා....එඩිට් කරනවා කියන සතුට කියලා නිම කරන්න බෑ....
මම කරපු පොඩි වැඩ ටිකකුත් දාන්නම් බලන්න...ජීවිතේ හීන හැබෑ කර ගන්න පුළුවන් හරි කාලය අදුන ගැනීමයි වැදගත්....මැරෙන්න කලින් පොතක් ලියන්න ඕනේ ඒකේ කවරේ මගේ අතින් හදන්න පොඩි පහේ හීනෙකුත් තියෙනවා...හැබෑ වෙයි කියලා හිතනවා...
![]() |
| පොඩ්ඩගේ බෞතීස්ම දවසේ මම හදපු ආරාධනා පත්‍රය |
![]() |
| හබිතුමාගේ බිස්නස් එකේ කටවුට් එකක් |
![]() |
Thursday, June 20, 2019
113. කිඹුල් සින්දු
ඊට පස්සේ දවසක මම ක්ලාස් යන සයිකලේ පැදගෙන පල්ලිය වත්ත ඉස්සරහ පාරෙන් යද්දී කොල්ලෝ කුරුට්ටෝ ටිකක් "තුම් පාස ආයේ...කියලා කෑ ගහනවා අන්න එදා තමා දැන ගත්තේ මම සින්දුව ලස්සනට ගායනා කරලා නෑ කියලා
ඔන්න ඔය විදිහට අවුරුදක් දෙකක් යනකම් මම බොහෝම ඉවසීමෙන් තමා පාරක තොටක බැහැලා ගියේ...කොල්ලෝ කෑ ගහලා "තුම් පාස ආයේ ...කියද්දිම මම මට නෙවේ වගේ බොහොම දැහැමිව යන්න ඒ දවස් වල ඉවසීම ප්‍රගුණ කරමින් උන්නා....ඒ එක්කම මගේ හිතේ ලොකු අදිෂ්ඨානයක් ආවා කවදා හරි දවසක ලස්සනට සින්දු ගායනා කරන්න මොන විදිහට හරි පුරුදු වෙන්න ඕනේ කියලා.
කලය ගෙවීගෙන ගියා දැන් අවුරුදු 18කට කලින් සිද්ධ වෙච්ච දෙයක් ...ඒත් ඉතින් අර හිතපු විදිහට smule එකේ යසට සින්දු ගායනා කරනවා මම..ඒ ගැන උන්න හැටියල මදෑ කියලා හිතෙන තරමට සාර්ථකයි කියලා මම හිතනවා.ඒක නම් පාළුවට කියපු සින්දු...හදිස්සියේ මට smule මග හැරිලා තිබිලා අද ඇප් එක දාගෙන ලොග් වෙන්න බැරි උනා ඉතින් අපි සැලෙනවද ආයේ අලුත් එකවුන්ට් එකක් හදන් සින්දු කිව්වා...2017 කිව්ව සින්දුවක් අමුනනවා... හෑන්ඩ් ෆ්‍රී ගහන් අහන්න එපා...දුවන්ඩ බලාගෙන හරි ෆෝන් එක ඕෆ් කරන්න බලාගෙන හරි අහන්න මොකද ඒ තරමට ඒ හඩ මිහිරි....
https://www.smule.com/p/710847535_1044514816
ප:ලී:
මට දැන් හිතන්නේ ගමේ උන්ට පේන්ඩ මේ සින්දු ප්‍රසිද්ධකරන්න විදිහක්...:)
Wednesday, June 19, 2019
112. හදවත ගැහෙනවා නමුත් අත් හරිමි
ප්‍රේමය ගැන අබ මල් රේණුවක් තරම් උවමනාවක් නොමැති කලක හමු වී ජීවිතයම වී මෙලෙස ජීවියෙක් තවත් ජීවියෙක්ගෙන් සමු ගැනීම කෙතරම් වේදනාවක් දැයි මම දැන් දනිමි...ඒ සමු ගැනීම තවත් කෙනෙකු සමග ජීවිතය බෙදා ගැනීමට යැයි සිතිම ඊට වඩා වේදනාවකි... නමුදු එකට ගමන් කල කාලය රන් සමානව පසක් කරමි... මේ මානසික විඩාව මඟ හැරවා ගැනීමට සියළු දේ අතැර ඒමට වඩා හොද උත්තරයක් මට නොතිබුනී..
ඇය කොහේ හෝ සතුටින් සිටිය යුතුය..මා තුල තිබු එකම ප්‍රාර්ථනාව සැමදා එය විය.එසේ නම් මේ තරම් දුක් වීම ගැන මම තවම සිතය යුතු නැත.සැබෑ ප්‍රේමය අනිකාගේ සතුට ගැන සිතීම නම් මා ඇයට ඇගේ සතුට දී ඇගේ නික්මයෑම දරා ගත යුතු නොවේද...විටෙම මම කවියෙක් වුනෙමි..විටෙක උන්මත්තකව ඇය පසු පස ගොස් අතැර යෑම පිළිබඳ හේතු අසා ජීවිතයම වූ ඇය මට නැවත අවැසි බව ආයාචනා කලෙමි. දැඩි නිහඩ තත්පර ඇතුලේ ඇයට තිබුනේ නිරුත්තර බවකි...ඇගේ නිරුත්තර බව ඇගේ හැසිරිම කිව යුතු සියළු දේ මට කියා තිබුනද ? මම ඒ පරාජය දරා ගැනීමට එවකට අපොහොසත් විය.ඉතින් ඈ පසු පසම ගොස් තව තවත් හිත රිද්දවාගෙනම සියල්ල අතැරෙන්නට දුන්නෙමි.
ඉතකින් දින,සති,මාස ගෙවි ගොස් ය. ඇය කෙසේ දැයි මම නොදනිමි...මා කෙසේ දැයි ඇය නොදන්නා බව දනිමි..සියල්ලම මෙසේ නිම වන විට ජීවිතේ ජය,පරාජය කෙබඳු වූවත් හෙට දවසේ පායන හිරුට අප මුහුණ දිය යුතුය..පුද්ගලයන්ගේ හොදට ඔහුන්ගෙන් පලා ආවද?ජීවිතයෙන් පලා යෑමට අපට නොහැක..එක පරිච්ඡේදයක අවසානයේ අලුත් පරිච්ඡේදයකින් අලුත් කතාවක් ලිවීමට අපට සිදු වේ...මතක ඇත්තේ අතීතයට ගොස් බලා ඒමට මිස අතීතයේ නැවතීමට නොවන බව මම දනිමි
ඉතින් ජීවිතය සුන්දරය...නැවුම් ය...... දැන් සරත් කාලය පැමිණ ඇත .ජීවත්ව ඉන්නා ටික කාලයේ සතුටින් දිවි ගෙවනු විනා ...දුක් වේදනා කුමට දැයි මම සිතමි...මම ආසම දෙවල් සමග උබ නැතුව ජීවත් වීමට පියවර තබමි...වෛරයක් නැති ප්‍රේමය පමණක් හිතේ ගැබුරක නිදන් කොට උබට සුබ අනාවක් පතමි!! මට වඩා සතුටින් ජීවත් විය යුතු යැයි සිතමි...
Thursday, June 13, 2019
111.තට්ට බෝනික්කා
Wednesday, June 12, 2019
110.පුස්තකාල ලව්-දුටු සතුටු මල
Friday, April 26, 2019
109.ගෙවි යන 5 වෙනි දවස
පාස්කූ ඉරිදා එක තැන ගල් ගැසුනු සිතුවිලි ගැන ලියමි.වෙන කිසිත් ලියා ගැනීමට අදහසක් හෝ පරණ යැයි සිතෙන හැඟීමක් නැත හිත කිසිම අකුරක් නොලියූ දිග හිස් පිටුවක් සේ දැනී ගෙවෙන 5 වෙනි දවසය...
පහුකරගෙන ආ ජීවිතේ බොහෝ වැටීම්, හැලහැප්පීම් මැද බොහෝ තැන් වල ලැබීම්,නොලැබීම් අතර අපි හැඟීම් ගොනු කරගෙන ජීවත් වූවන් වෙමු.නමුත් ආපසු හැරි බලන කල පාස්කූ ඉරිදා ඒ මිනිස්සුන්ට අහිමි වෙච්ච ජීවිත,ඔත්පල වෙච්ච ජීවිත සබඳතා දැක්කම අපිට මොනාද නැති උනේ, අපි මොනා වෙනුවෙන් දුක් වෙනවද කියලා හිතෙන තරමටම ඒ මිනිස්සුන්ගේ දුක අපේ දුකක් උනා කඳුළු අපේ කඳුළු උනා.ඒ හැඟීම විස්තර කොට ලිවීමට නොහැකී වූවත් ඒ හැඟීමට මම අපේකම,මනුෂ්‍යකම යැයි නම් දෙමි .....
ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා උජාරුවට කිව්වට සේද මාවතේ ක්රේන්ද්රස්ථානය චීනට විකුණුව කාලකණ්නි සක්කිලි පාලකයෝ ඉන්න රටක උදේ හවස මරණ බියෙන් මැරි,මැරි ඉපදෙන අහිංසක මිනිස්සු ගැන ඇත්තේ අප්‍රමාණ දුකකි.මරණය නම් කෙදින හෝ සිදුවන්නකී නමුත් අඩියක්,අඩියක් ගානේ මරණය ඇති බව දැන,දැනත් ජීවිතය අහිමි වීමට කිසිම අසාධ්‍ය රෝගයක් නොමැතිව මරණය අතරින් උදේ හවා ගමන් කරමින් ජීවත් වීමට සිදු වීම අභාග්‍යසම්පන්න යැයි මම සිතමි....
අපි පිට රට සිට දිනෙන් දින අපිට ස්වර්ගයක් වූ නිජි බිමේ පාලකයන්ගේ කශේරුකා පුරුක් ගනන් කරන් වෙමු.අහිංසක ජනතාවට විමුක්තිය කොයි මොහොතක හෝ උදා වේ යැයි සිතමු. සමහර විට අපට ඇති තර්ක විතර්ක මානුෂීය ගැඟීම් ඔහුන්ගේ හිත් තුල නැති බව දකින විට අපට මෙන්ම හුදී ජනයාටද පිළිකුල් සහගත හැඟීමක් ඇති වනවාට සැකයක් නැත.අප රටේ පාලකයන් මේ වන විටත් ජාත්‍යන්තරය ඉදිරියේ විකටයන් වී හමාරය. අවුරුදු 30 ක යුද්ධයකින් බැට කා ජීවිත රාශියක් අහිමි කර ගනිමින් සාමය උදා කර ගත් පසු එහි අගය බාල්දු කල සියළු පාලකයන්ට සාප වේවායි පතමි! එමෙන්ම දැන ,දැනත් අහිංසක ජීවිත බිල්ලට දුන් සියළු ප්‍රභූවරුන් කියා ගන්නා අදම,නින්දිත පාලකයන්ටත් සාප වේවා යැයි පතමි! මේ ලෙසින් අහිංසක ජීවිත සමඟ තුච්ච ලෙස ගණුදෙණු කල සියළු දෙනාට ස්වභාවධර්මයේ දඬුවමින් බේරි යා නොහැක.මරණ මංචකයේදී පවා අපා දුක් විදිය යුතු යැයි පතමි!








