Monday, December 1, 2014

68.මකන කෑල්ලක් වෙච්ච ආදරේ


           සොදුරු දෙසැම්බරය තුල නුඹ මට බොහෝ දේ විදින්නට හා විදවන්නට අතහැර ගියෙමි. එය හරියටම අවුරුදු 9කට පෙර ඉකුත් වු අවුරුද්දය....මිනිසුන්ට කෙතරම් වේගයකින් තවකෙකුගේ හදවත ග්‍රහණය කර ගත හැකිද යන්න මම ඉගෙන ගත්තේද නුඹෙන්ය...
ආදරයේ මුලකුරු කියවන්නට අත්පොත තැබුවේ ද නුඹ නිසාමය,
බොහෝ සැහැල්ලුවෙන් සිටි මට ආදර නැමති විලංගුව දැමුවේද නුඹය..... 
ලෝකයට ආදරේ කරන්නට ඉගැන්නුවේද නුඹමය......
ගල් හිතක් පුළුන් රොදක් කෙරුවේද නුඹමය..
                   නමුදු සියල්ල සිදු වී බොහෝ කල් ගත වුවද නුඹේ මතකය හා බැදී බොහෝ දේවල් දශම තිතක් හෝ එහෙට මෙහෙට නොවි මගේ හිත් කොනක ඇත,බොහෝ දෙනෙකුට "මට අමතක "යැයි කියන බොහෝ දේ මට දින වකවානු,කාල වේලාවන් සමග ටක්කෙටම මතක දේවල්ය.බොහෝ විට මා විසින් අයින් කරන දේවල් ගැනද ලග තිබුන කාලයට වඩා හිතන්නට මා පුරුදු වී ඇත්තේ කුඩා කල සිටමය. නුඹ මා ගැන බොහෝ විට බොහෝ දේවල් දැන සිටි එකම පුද්ගලයාය. ඒ නිසාවෙන් නුඹ,නුඹවම මට එපා වෙන ලෙස හැසරීම මට මහා ලොකු දුකක් උවද ලොකුවට හිතට ගත් දෙයක් නොවුනී, එනමුදු මම නුඹට පණ සේ පෙම් කලෙමි.....දිනක නුඹට මා අවැසි වෙන ලෙසටම අහිංසකව සියල්ල විද ගතිමි, මම මට වඩා නුඹේ හිත ගැන දැන සිටියෙමි. නුඹේ ඊරිසියාවේ තරම මා දැන සිටිමි, අවසාන තුරුම්පුව මුදාහැර නුඹව අනන්තය තරමට රිදවා දැමුවෙමි,නුඹව ඇත්තටම අත් හැර ගිය බව හගවා දුරකින් සිට නුඹ දෙස නෙත් අයා සිටියෙමි,තවමත් සිටිමි.
                   නමුත් දැන් නුඹ මුහුදු හතකින් එහාය මම මුහුදු හතකින් මෙහාය, මට මගේම වු ලෝකෙක පුංචියට නුඹේ නමින් ලියැවුන මතක පොතක් ඇත,නමුත් නුඹටද ලෝකයක් ඇත,එහි මා වෙනුවෙන් දශම තිතක තරම් හෝ යමක් නැති බව මා දනිමි, නුඹ ආදරය කරන බව පැවසුවා පමණී,මා මගේ ලග තිබු සියළු දෑ ඒකරාශී කොට නුඹට ආදරේ කලෙමි, නුඹ වෙනුවෙන් මා බොහෝ දේ පැත්තකට කලෙමි,බොහොමයක් දේ අහිමි කර ගතිමි...නමුත් නුඹේ පාළුව තනි යායට මකා දැමු මකන කෑල්ලක් ගානට මගේ ආදරය වැටුන දින නුඹට වඩා මට,මගේ මතකයේ ඇත, මම හිතමි,පතමි හැම අවුරුද්දකම දෙසැම්බරය නොමැති නම් මට සැනසීමය, දෙසැම්බරයේ හැම දිනකම නුඹ මට සොදුරු මතක සටහන් ඉතිරි කර නික්ම ගොස් ඇත, ඉතකිං මම
විදිමි,
විදවමි ,
සුසුම්ලමි,
හුල්ලමි,
නිහඩව බොහෝ දේ සිහිපත් කරමි,
පතමි සතුට පමණක්
"නුඹ ඉන්න තැනක සතුටින් ඉන්න....."
මියැදෙන්න මොහොතකට පෙර මම නුඹ සොයා එමි, 
ඒ එකම එක සැරයක් තවමත් නිරුත්තර හැරයාමට හේතුව දැන ගැනිම පිනිස පමණී.....
එදාට එක බැල්මකින් හෝ ආදරේ බව නොකියන්න , 
නුඹ නොදන්න රහසක් ඇත. 
ඒ නුඹේ එක බැල්මක් තුල මං බොහෝ දේ මෙන්ම මරණයද අත හැර නැවතිය හැකි බවය.... 
නුඹ තවමත් කෙනෙකුගේ පණ කෙන්ද සමාන බව,නුඹට අමතක වී ඇත.ඉතින් මා ලවා බොහෝ දෙනාගේ සැනසීම අහිමි නොකරනවා නම් මා කැමතිය. මට මගේ කියා ඇති වීමට හෝ නැති වීමට දැනට කිසිවක් නැත නමුත් මා වෙනුවෙන් බොහෝ දෙනා තුල ඇති විශ්වාසය අංශුමාත්‍රයක් හෝ දෙදරා යනවාට මම කැමති නැත....
ඉතින් සොදුරු දෙසැම්බරය මෙසේ නුඹ නමින් සටහනක් තබමි.....


 
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා 
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා 
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා 
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා 

දිනක ආයෙත් ලංවෙලා 
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා 
මගේ සිත් පුරා 

රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි 
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි 
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි 
තිස්සෙම කඳුළැල් දැසේ රැදුනේ ඉන්න බැරි හින්දයි 

දිනක ආයෙත් ලංවෙලා 
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා 
මගේ සිත් පුරා 

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි 
හංගගෙන තව ඉන්න බැ මට ඔබට ගැති සිත අසරණයි 
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි 
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරං ඔබමයි 
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා 
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා 
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා 
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා 

දිනක ආයෙත් ලංවෙලා 
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා 
මගේ සිත් පුරා //


උඩ තියෙන සිංදුව අවසානෙදි මං අර්ධ රෝමැන්ටික් කතාවක් ලිව්වලු.....ඕං ඉතින් මෙහෙමවත් ස්ටාට් එකක් ගත්තාලු.....

_ශානු®_

20 comments:

  1. // නුඹේ පාළුව තනි යායට මකා දැමු මකන කෑල්ලක් ගානට මගේ ආදරය වැටුන දින // හොඳ අලුත් ම උපමාවක්. හ්ම්... හ්ම්... බලමු....

    ReplyDelete
    Replies
    1. එහෙමයි උත්තමාවිය....අලුත්ම උපමාවක්...

      Delete
  2. මෙන්නෝ... බ්ලොගක් තියෙනවා කියලා කිබුලිට මතක් වෙලෝ....!! කියවලා කොමෙන්ට් එකක් කොටන්න අපහු එන්නං....!!! හැක්....

    ReplyDelete
    Replies
    1. කොටියම කාපිය නිමෝව.....එලස් මචෝ

      Delete
  3. කාලෙකිං ලියපු එක නං හොඳා..

    ReplyDelete
    Replies
    1. දිග ලිපි ලියන්න හිත එකලස් නෑ මල්ලි......කෙටි කවි නම් වෙඩි වගේ ලියැවෙනවා...හ්ම්ම්ම්

      Delete
  4. එළ එළ. අපේ ඇන්ජින් පවා මේ ඌවේ හීතලට ගල් වෙලා..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++











      රත් වේවිද කියල බලන්න කෝක් ඩිංගක් වත් බොමු බං.


      Delete
    2. දේශයි,හැලපේ මාමයි කෝක් බීලා වෙරි වෙන්න එපා ඕං....

      Delete
  5. ඉඳලා ඉඳලා ලියලා තියෙන්නේ හිතට දැනෙන්නම පොස්ට් එකක්.. මේ සින්දුව මමත් කැමති සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. හිතට දැනුනා නම් සතුටුයි, ඔව් ලස්සන සින්දුවක් තුශා

      Delete
  6. මටත්
    දෙසැම්බරය
    කරුමයක් බවට පත්කල
    මගේ නොවන
    මගේම අාදරයක් තිබුනා!

    ReplyDelete
    Replies
    1. අලි මල්ලි දුක තමා බං

      Delete
  7. හ්ම්... කාලෙකින් ආපු එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි මධු අයියා,ආව එකම මදෑ නේ

      Delete
  8. කලකට පස්සේ සීතල දෙසැම්බරයේම ඇවිත් තියෙන්නේ එල එල

    ReplyDelete
    Replies
    1. කලකට පස්සේ තමා ෂැගියා...පුලුවන් වෙලාවට ඇවිත් යනවා මචෝ

      Delete
  9. කාලෙකින් ඇවිත් මොකද්ද මේ ලීවෙ අර බුකියෙ ලියන කවි මේකට දැම්ම නං මීට හොදයි
    (දැං මට ලව් ඇලජික් ලව් ඉලව් වෙලා)

    හිහි අර සිංදුව හොයාගන්ට ඕන

    ReplyDelete
  10. ඔය සින්දුවට නම් මං පුද්ගලිකව කැමති නෑ.අඩනවා වැඩි.. ඒකට මොකෝ කතාව නම් ලස්සනයි

    ReplyDelete
  11. හරිම ලස්සන ගීතයක්................ ශානු..................... නියම රචනාවක්.............. අැත්තට ම ලස්සනයි..........

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!