බස්සි විසින් මීට මාස තුනකට ඉහතදි ලියපු ලස්සන වීමේ රහස් මංජුසාව.මේ සුදු කිඹුලිටයි, සුදු ගෙඹි අයියටයි අපහස කෙරු ලස්සන වීමේ රහස් මංජුසාවේ ඇත්ත කතාව ලියන්න හිතුවේ...බස්සි විසින් කූට ලෙස මංජුසාව මත්තල ගුවන් මගින් විදේශ රට වලට විකුණා ඩොලර් මිලියන ගණන් හම්බ කරන බවටත් එහි ප්‍රථිපලයක් ලෙස බොහෝ දෙනෙකුට වටිනා කියන වස්තුවක් අහිමි වන බවත් ලැබුනු විශ්වාසදායි ඔත්තුවක් සැපයු හෙට අනිද්දට අපේ සිහින කුමාරිගේ අත ගන්න ඉන්න වර්ණ පාට කරන මළකඩ මොට්ට ඉදිකට්ටාගෙනි.....
ඇත්ත වශයෙන්ම සිදු උයේ මෙයය .කාලයක සිට ගෙම්බා නොහොත් ඉවාන් යෑයි ආරූඩ නාමයෙන් පෙනි සිටින්නා රාජ කුමාරිකාවගෙන් ලද ශාපයක් හේතු කොට ගෙන ගෙම්බෙක් වු බව නොදන්නා අය වෙත මතක් කර සිටිමි...ඉතින් ඔන්න රෑ තිස්සේ ඇහෑ රබර් බෝල වගේ එහෙට මෙහෙට බම්ෆ් කරන පණු කිරිල්ලි බස්සි රෑට හෙම කාලා පහල ඇල ලග අත්තක ඉදන් බෙලෙක් කට හඬ අවදිකරමින් මාතර පැත්තේ හිටිය තම පෙම්බර බසු කුරුල්ලාට මෙහෙම කියනවලු
පෙම්බර කුමරාණෙනි නුඹ නැති හද පානේ
ඉන්න බෑ මට මදුරුවෝ තල,තල
පියාඹන්න කම්මැලී මට-මහත වැඩී මම
කොහෙන් හෝ රැගෙන වර මට කෙට්ටු වී දිවි ගෙවන්න
ඕබිට්‍රැක් යන්ත්‍රයක්....
ඉහික් .....ඉහික්......
ඔන්න අන්තීම හරිය හොටු පෙරාගෙන
පෙයිම්බල කුමලානෙනිනිනිනි....ඉහික්..ලුබ ලැති හල ප්රැනේ හයියෝ ......
අන්න ඔය සීන් එක දැක්ක නෙළුම් මලක් යට හිටිය ගෙම්බෙක් නෙළුම් පෙති දෙකකින් කනට ඇඹ ගහන් හිටියත් නෙළුම් පෙති පලාන කනට වැටුන බෙලෙක් හඩ නිසා දුක හිතිලා මෙන්න මෙහෙම ඇහැව්වලු...
කුමටද බස්සියේ කඳුලු සලන්නේ හේතුව මම දනිමි
මන් උබේ යාළුව කිව මැන නුඹේ දුක
අහගෙන මම ඉන්නම්
උම්මා එකක් දී මා කුමරෙකු කර මැන
ඉන්පසු මා
උඹ හට
මෙහෙවර කර ලන්නම්
උඹේ බසු පැටව් ටික
නාවලා, කවලා.....පොවලා
මා රැක ගෙදර දොරේ වැඩ කරලන්නම්
ඔන්න මේ පණු බස්සිගේ මීටරය පෙෂර් මීටරේ වගේ, විදුලිය ගන්න කල්පිටියේ හයි කරලා තියෙන හුළං පෙති වගේ කැරකෙන්න ගත්තා...බස්සිට ඕන උනා ගෙම්බව රවට්ටලා කෙට්ටුවෙන විදිහක් හොයා ගන්න.....බස්සි ගෙම්බට මෙහෙම කිව්වලු
"අනේ කිරි සුදු ගෙඹි අයියේ මට කෙට්ටු වෙන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්න,මම උම්මා එකට දෙකක් දෙන්නම් "
ගෙම්බත් අත ලගටම ආව වාසනාවට පයින් නොගහා
"හරි එහෙනම් හෙට උදැහැනක්ම මේ පැත්තේ එමුකෝ මං උදව් කොරන්නම් "
"එහෙම කියන්න එපා කිරි සුදු ගෙඹි අයියේ මගේ සන්ග්ලාස් දෙක හදන්ඩ දිලා ඉර එළියත් වැඩි නිසා
උදේට පියාඹන්න අමාරුයි දැන් මොකුත් කරන්න බැරිද"
"මේකයි බස්සි නංගි ඔය විස්තරේ දන්නේ අර ලාආආආආආආආස්සන චීස් බෝලේ වගේ ඉන්න කිඹුල් කුමාරි,මොකද ඒ අය කුමාරිකාවන් එක්ක සම්බන්දතා වැඩි නිසා ඔය කෙට්ටු විමට ගන්න බෙහෙත්,මන්ත්රයන්ත්ර ගුරුකම් නොදන්නවා වෙන්න බෑ..ඉතින් මට දවස් බාගයක්වත් යයි ඔය කිඹුල් කුමාරිව හොයා ගන්න මොකද එයා ඔය ෂෙඩුල් එකකටනේ රාජකාරි කරන්නේ,ඉතින් ඔය ඇලේ වංගුවේ ගොළුබෙලි බාර් එකට එන්නේ රෑ 12 පහු උනාම ...කිබුලි ,අර ඉස්සර දිලිසි දිලිසි හිටිය ඉදිකට්ටා පාසී බියර් බිබි පුරාජේරු ගහලා ඉවර වෙද්දි පාන්දර වෙනවා ....ඉදිකට්ටත් පුරාජේරු පප්පා මේ අහපන් බස්සි නංගි ඔන්න ඕකා මොට්ට උනෙත් ඔය බාර් එකෙන් බීලා වැඩි වෙලා හික්... හික් ...හික් ....ගාපු ගෙම්බා දිව එලියට දික් කරලා අවට ගමක හිටපු පත්තරේ කියලා ගොයම් මැස්සෙක් එතනින් පියාඹනවා දැකලා අල්ල ගෙන රස කර කර තලු මැරුවා...
"අනේ බුදු බව අත් වෙන්ඩ ගෙඹි කිරි සුදු අයියා මන් මේ අත්තෙම වහලා ඉන්නම් මට ඔය කෙට්ටු වෙන සීන් එක හොයලා දෙන්න"
"රයිට් එහෙනම් නංගිගේ කැමැත්තක් හැබැයි ඉතින් පරිස්සමින් ඉන්න මොකද ඩෙංගු මදුරුවෝ මේ හරියේ වැහි වැහැලා ටික දොහකට කලින් මාත් ගෙඹු ඉස්පිරිතාලේ ලැග්ගා,ඩෙංගු හැදිලා මැරෙනවා හොදයි නංගි රජයේ හොස්පිටල් වල මැරි මැරි ඉපදෙනවට වඩා එහෙනම් කතා ඇති මන් ගියා ටටාස්"
කියපු ගෙඹි නෙලුම් කොළයක් උඩ තිබ්බ වයිබර් මාර්ක් එකේ ට්‍රේල් බයික් එක වට දෙක තුනක් කරකවලා ගිය ආත්මේ කුංෆු අජිත්ව මතක් කරන් කිඹුල් කුමරි හොයන් බාර් එකට ගියා.
රෑ දොලහ පහු උනාම ඔන්න මං කිඹුල් කුමාරි,මළකඩ මොට ඉදිකට්ටයි වයිබර් ෆෙරාරියකින් ඇවිත් බැහැලා හැමෝටම චාව්.... චාව්.... කිය කිය ඇවිත් බාර් එකේ ඉද ගත්තා ටික වෙලාවකින් මං කිඹුලි කිරි මැටි ෆුල් එකේ එහෙට මෙහෙට පිනද්දි ඉදිකට්ටා පාසී බියර් බිගෙන බීගෙන ගියා....ගෙම්බා කිඹුලිට කිට්ටු වෙලා මෙහෙම කිව්වා
"කිඹුල් කුමාරි ආයුබෝවන්ට"
දෙකක් වනන් හිටිය කිඹුලි
"ආ ගෙම්බා මචන් කොහොමද ? නාමු වරෙන් වරෙන්...."
ගෙම්බා නානවට වඩා බය වෙලා හිටියේ මං කිඹුලිගේ දත්වලට කමක් නෑ ඉතින් ඉතින් මම කතාව ආරම්භ කරා
ගෙම්බා තමාගේ කතාව ආරම්භ කරා.
" මේකයි කිඹුල් කුමාරි, අපේ කදුරු ගහේ බස්සි එකීට දැන් ගහේ බෙනේටවත් රිංග ගන්න බෑලු එච්චරට මහත් වෙලා"
"හෙහ්...හෙහ්..... එහෙනම් මස් ටික රසට ඇති නේ ගෙම්බෝ ....."
"ඔව් ...ඔව්... කිඹුල් කුමරි ඉස්ටු වලට පංකාදුයි....ඒත් කකුල් නම් කැහැටුයි....පච්චාත් ගාතත් හුලන් ගිය බැලුන් වගේ"
හු.....හු....හෙහ්...හෙහ්.....හිකිස්....හිකිස්......
(ගෙම්බා,ඉදිකට්ටා මං කිඹුලි දිගට හරහට හිනා උනා)
ගෙම්බා නැවතත්,,,,,
"ඉතින් කිඹුල් කුමාරි ,බස්සිට මං කෙට්ටු වෙන බෙහෙතක් සැට් කලොත් ඒකී උම්මා එකක් දිලා මාව රාජ කුමාරයෙක් කරන්න පොරොන්දු උනා"
"මොකක් උඹට රාජ කුමාරයෙක් වෙන්න ඕනා නම් මේ ඉදිකට්ටා ගෙන් උම්මා එකක් ගනින් ඔච්චර මහන්සි නොවි"
"චික්කේයියා," ගෙම්බගේ මුණ රතු වුනි.
"හුටා සොරි ගෙඹි මචෝ මට සීන් එක අවුට් ගියා, මන් උම්මා එකක් දෙන්නද "
මගේ දත් සැට් එකට බය උන ගෙම්බා...
"මේකනේ කිඹුල් කුමාරි ඔය බස්සි කැලණි රාජ සභාවේ රාජ කිරිල්ලියක්ලුනේ අනික රාජ කුමාරියකගේ තොත්තුවකටලු මන් කුමාරයෙක් වෙන්නේ"
"ඈ ගෙම්බෝ එකීයි මායි එක රජ ඉස්කෝලේ ගියේ"
"අනේ ගැත්තාට අනුකම්පා කරලා උදව් කරන්න කිඹුල් කුමාරි"
"හරි "" දැන් උඹ යමන් මම 10 වෙද්දි උඹේ ගේ ලගට එන්නම්"
එසේය ටටාස් කියලා ගෙම්බා වයිබර් ට්‍රේල් බයික් එකේ ගෙදර ආවා
--------------------------------------------------
උදේ පාන්දර මං කිඹුලි විස්තර සියල්ල අතේ අරන් ගේ ලගට යද්දි ගෙම්බයි,පණු බතල බස්සි ඉන්නවා.....වයිබර් ෆෙරාරියෙන් බැස්ස මං
"හලෝ මතන්ලා" කිව්වම
බොහොම සාවදානව ගෙම්බයි,පණු බස්සි ආචාර කරලා මං දිග ඇර ගත්ත මැප් එකේ විස්තරේට ඇහුම් කන් දුන්නා
රයිට් එහෙනම් මෙහෙමයි සීන් එක.....
ඔය කළු සහ සුදු මිටියාවතේ ඉන්නවා කොයිල් කුමාරි කියලා ඉස්සර වයසක පෙනුමෙන් හිටිය දැන් තරුණ ලෙසට පේන කුමාරියක් ඉස්සර බතල අලේ වගේ හිටිය දැන්නම් වී කරල වගේ ලස්සන පැහැපත් කුමාරි .හම්මේ ඉටිම් ඔය වෙනස්ට හේතුව පොඩි බෙහෙත් මංජුසාවක්ලු..මෙයා පොඩි හිනාවක් දැම්මොත් ආලෝක වර්ෂ ගානකට දීප්තිය ගිහින් වල්ගා තරු කුඩු පට්ටම් වන බව තමා පොත පතේ පවා සදහන් වෙලා තියෙන්නේ .......ඉතින් මෙන්න මෙයා ගාව තියෙනවා කෙට්ටු වීමේ රහස් මංජුසාව ඒක ගන්න එක නම් හරි අවදානම් බස්සියෝ ...මොකද එහෙමට එකෙක්ට දුන්නොත් මිසක් බොරු බෙහෙත් වට්ටෝරු ලියලා දිලා බොහෝ ඈයෝ හරිම අකරතැබ්බ වලට පත් උනාලු .කෙටියෙන්ම කියනවා නම් ඒ පලාතේ මේ කොයිල් කුමාරිට බර්මියුඩා ත්රිකෝණේ කියලා විරුද්ධ නාමයකුත් පට බැදිලා තියෙනවලු.අන්න ඒ නිසා පරිස්සමින් තමා මේ මිටියාවතට ඇතුල් වෙන්න ඕනා......මෙන්න මැප් එක හැබැයි මේ ගෙම්බගේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න මත තියා ගනින් බස්සි නැත්තම් ඉතින් දන්නවනේ"
බොහොම කපටි යටහත් පහත් බවක් පෙන්නල
"කෙට්ටු වෙන්න ඇත්නම් බර්මියුඩා ත්රිකෝණෙට නෙවේ මරියානා ආගාදෙට හරි පනින්න මන් බය නෑ "
කියපු බස්සි මැප් එක අරන් අලුත හදපු සන්ග්ලාස් දෙකත් දාගෙන කුලියට ගත්ත වයිබර් යානාවේ නැගලා කොයිල් කුමාරි හොයන් ගියාලු........
ඊට පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන නම් දන්නේ බස්සි කොයිල් කුමාරි තමා හැබැයි කොයිල් කුමාරි වයිබර් රාජ ඔත්තු සේවේ නම්බරේකින් මට කතා කරලා කිව්වේ
"කිඹුලි මම අර බස්සියට අඹරලා තිබ්බා හොද ගුලියක් ආයේ නැති වෙන්ඩ "කියලා විතරයි..
ඔන්න දවස් හතර පහකින් විතර මම ගෙම්බා බලන්න යද්දි ගෙම්බා නෙළුම් කොළයක් උඩ අඬ අඬ ඉන්නව...
"මොකද ගෙම්බෝ"
"අනී බලන්න කිඹුල් කුමාරි අර පණු බස්සි ගියා ගියාමයි ආයේ හතර මායිමට ආවේ නෑ"
"ඩෝන්ට් වොරි ගෙම්බා ,නැගපන් මගේ නහයට අපි යම් බස්සි හොයලා දෙකක් අනින්න....කියලා ...ගෙම්බවත් කැටුව බස්සිගේ නවතැන තිබුන කඳුරු ගහා ලගට කිට්ටු කලා, කවුරුත් පේන්ඩ හිටියේ නෑ... පඳුරු ඇතුලෙන් පැපරාසි ඇනෝවෙක් හොම්බ දිග කැමරාවක් අරන් දුවනවා මගේ වම් ඇහැට ග්රහනය උනා...ඒත් මොකක්ද සීන් කෝන් එක කියලා වටහා ගන්න බැරුව අපි දෙන්නත් එක්ක කඳුරු ගහේ බෙනේට කිට්ටු කලා.....ඉහික් ඉහික් බසී ඇද උඩ ඉදන් දිය ඇල්ල වගේ කඳුළු සලනවා මේ ගිනි ගහන අවුවේ .....
හිත උණු උනා බස්සිගේ තත්වේ දැකලා....
ගෙම්බා තේ කහට හදන්න වතුර ඩිංගක් තිබ්බා මන් බස්සි එක්ක කතා කලේ හිත හදන්න ....
"මොකද බස්සි උනේ"
" බලන්න කිඹුලියේ මන් ලෝකයට මුණ දෙන්නේ කොහොමද කියන්න අනේ" වනේ චප්පෙකුටවත් මේම දෙයක් වෙන්න එපා හයියෝ......."
"හරි...හරි වෙච්ච දේ කියපන්කෝ"
"ටිකක් ලගට එන්නකෝ කිඹුල් කුමාරි"
බස්සි කුටු කුටු ගෑවා......
මට හිනාව නවත්ත ගන්න බැරුව හු කිය කිය හිනා ගියා.....බස්සිගේ මුණ රතුපාට ස්ටෝබෙරි ගෙඩියක් වගේ උනා....අපි හෙමිහිට තේ බීලා කරලා.....බස්සිගේ ගෙදරින් පිටත් උනා........ගෙම්බට සුව කැමැත්තෙන් මම තොත්තුවක් දිලා සුදු කුමාරයෙක් කරා .....
මෙන්න මේකයි බස්සිට වෙලා තියෙන්නේ කෙට්ටු වෙන්න කියලා කොයිල් කුමාරි දිලා තියෙන්නේ බඩ විරේක කරන බෙහෙත් මංජුසාව ඉක්මනින් කෙට්ටු වෙන්න මේකි ඔක්කොම එක දවසේ බීලා පවර් වැඩි කමට බස්සිගේ පස්ස ගැලවිලා ගිහිල්ලා ආයුබෝවන්.....ඒක නලින්ගේ ඇලදිව පත්තරේ දාන්න එවපු ඇනෝවා බස්සිව දැක්ක පාර බය වෙලා තමා දුවලා තියෙන්නේ ....දැන් බස්සිට පස්ස අහිමි නිසා පස්ස නැති හොල්මන කියලා තමා ප්‍රසිද්ධිය......
ප.ලි.මෙය හුදෙක් විනෝදය තකා ලියු කතාවක් බව සලකන්න....

හුටා... හැබෑට මෙයාලාගේ වයර් මාරු වෙලා ද ඒ පාර :o
ReplyDeleteසස්නේ වැඩිකමට පිත්තු තුදු
Deleteහොඳ කෑමක් කන්න වගේ මෙයා :)
ReplyDeleteවයලා ඔබේ අනාවැකිය නිවැරදියි. නිකම්ම කෑමක් නෙමෙයි භෝජන සංග්‍රහයක් ලබා ගන්න තමයි කිඹුලි ඔය සැට් වෙන්නෙ.
Deleteහි.හි,හි, මේ ඔය භෝජන ස්ංග්රහයේ බකුසු මස් අනිවා ඇතුල් කරන්න ඈ
Deleteහි හි
Deleteහම්මේ..බඩ කොර වුනා මේ කතාවට හිනා වෙල
ReplyDeleteකොයිල් කුමාරි හිනාවෙලා මහත් වෙයි ඈ
Deleteමම මේකට මොනා හරි කීවුවොත් ඔය බතලී අඬනවා මෙතන.. ඒ හන්දා නොකර සද්දෙන් ඉන්නම්... ^_^
ReplyDeleteඅන්න හොඳා. උඹේ ජීවිතේ බේරුනා.
Deleteචික් ඉදිකට්ටා ලියන්න එපෑ බසි අඩන්නේ කේට්ටු වෙන්න බැරි දුකට විතරයි බං
Delete/කුන්ෆු අජිත්/ නෙවෙයි කුන්ෆු අජන්ත වෙන්න ඕන නේ...
ReplyDeleteබුහ් හඃ හඃ හා ............................
උදේ පාන්දර මුං තුන්දෙනාට පිං සිද්දවෙන්න හොදටම හිනා උනා.. හැබැයි අන්තිමට ගෙම්බට ස්ව කැමැත්තෙන්ම උම්ම දීපු එක නැත්තං කථාවේ වටිනාකම කියල නිමකරන්න බෑ.....
ජ ය වේ වේ වේ වේ වේ වේ වා !!!!!
සැක් ඔය අජන්තයා මට අජිත් කියලමයි මීටර් වෙන්නේ අඩේ හිනා ගියානම් ලේ සුද්ද වෙයි බං සන්තොෂයි
Deleteබුහ් හහ් හහ් හා........................
ReplyDeleteහිනා වෙලාව කොන්ද උළුක්කු වෙලා....
ඔළුව කොයිල් වෙලා..
මොලේ මංඥං වෙලා...
හපොයි....
ඒ කියන්නේ මල්ලි හක්ක පැනීමේ අවදානමක ඉන්නේ :p
Deleteටෝ මේක ලිවුවෙ මාතලන්ගෙ බ්ලොගියෙ ඇනෝවෙක් මාව වර්ණනා කොරපු අටමගලක් අල්ලගෙන නේද! වරකො ලන්කාවට අල්ලල පොවනව විරේකයක් ආය ලොවෙත් නැති වෙන්න. නරි කිඹුලි .
ReplyDelete@ කිඹුල් ඉස්ටු හැදීමට recipe එකක් හොයමින්
ගෙම්බත් දාහං ඒකටම... ඔව් ඉදගෙන...
Deleteමං කිව්වොත් දෙයක් කරනවා නංගී අනේ උඹෙයි මගෙයි ස්ටූ ගෙම්බා දන්නවා ඔය ස්ටූ රෙසපි ඉල්ලලා දෙන්නද? @දේශා අනේ පල යන්න
Deleteවිකාර... හැක්.. බස්සිගේ පස්ස..
ReplyDeleteපිස්සු දේශා හැක්
Deleteහුකෑස්.............හික් හොක් ... :D
ReplyDelete(ගෙම්බා ....නෑ වැරදුනා ...ඉවාන් අතිශය කාර්යබහුල මොහොතක මෙය පල කිරීම හෙලා දකිමි.)
වෙලාවට එහෙම කොලේ... නැත්තන් ඕකත් ඇවිල්ල මෙතන ගම කාවි.
Deleteඇයි යකෝ මෙහෙම කතා හදන්නෙ කුරා කූඹියෙකුටවත් වරදක් නැති මගෙ අසරණ පස්සට!!! :((((
රෙහා සුදු අයියා නැති වුනේ කරුමෙට චැක් ඒත් ඉක්මනින් එයි...ආපු කාලෙකවත් බැරියෑ තුන්වෙනි කොටසත් ලියන්න හිකිස්
Delete@බස්සි මෙය කතා හැදිල්ලක් නෙවේ බන් ඇත්ත කතාවක් වගකීමෙන් දැම්මා ;) :p
අනේ ඔය ගෙම්බා ආවා කියලත් මක් කොරන්නද..???
Deleteලාබෙට පැස්ටොල් ඉහයි නිමෝ :)
Deleteබස්සිගේ කලිසමම ගලවලා දාලනේ මේ ශානුවා....
ReplyDeleteකට,කට හපොයි මේ කමන්ට් දැකල මම ලංකාවට එනකම් බලන් ඉන්න එක පැත්තකින් තියල බස්සි එයි වගේ වීසා අරන් මෙහෙට මාව කුදලන් යන්න හම්මේ
Deleteකිරි අප්පට හොකි ස්ටික් එකෙන් ගහපි කිව්වලු.....!
ReplyDeleteබස්සිගේ නම සහ ගම කලා නේව. ඇත්තටම බස්සි කියහන් මේ කතාව ඇත්ත නී..????
කෝ මේ හෙබිලුෂා....?? උබවත් කියහන්කෝ....
අම්මපා මැටි කිබුලි...... කතාවනම් තියෙනවා ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ.
හිකිස් හම්මේ තොපි දාන කමන්ට් නිසා බස්සියා මට හොකී ස්ටික් එකෙන් නෙලලා, උල් පිහියෙනුත් අනී වගේ
Deleteඒ මාරයි නේ //අපේ සිහින කුමාරිගේ// අලේ ඒ මම නේ ? (නැතුව වෙන කවුද අරයගේ අත ගන්නේ හෑ? ) ඒ මේ උයාට උම්මා කියක් ඕනේද අක්කියෝ ?
ReplyDeleteඔව් ඉතින් ඔයා ඇරෙන්න ඒ ගොට්ටව කවුරු කර ගහන්නද ?හිකිස් .....කිඹුලියන්ට උම්මා දිලා බෑ නංගෝ හොදවයින් ෆ්‍රෙෂ් මාලු ටිකක් තිබ්බොත් මල් 7යි
Deleteඅනේ අක්කේ 18+ දානවා වගේ මේවගේ එකක් දානකොට ප්‍රසිද්ද ස්ථාන වල කියවීමෙන් වලකින්න කියල දාන්නකෝ...
ReplyDeleteමම බුස් එකේ යන ගමන් කනේ ඇබ 2කත් ගහගෙන හීනියට සින්දුවක් අහන ගමන් කියවන්න ගත්තා..මියෝල ඉවරවෙනකොට වට පිටවේ උන් මුන දිහා බලන් ඉන්නවා අප්පා..තනියෙන් හිනාවෙනවා කියල ඉස්සර කිඋවේ අම්ම විටරයි දැන් ගමම දන්නවා...
මොනවා උනත් කතාව ෆට්ට...
මොන මංජුසා හම්බ උනත් ඔය මහත උන් ඉන්නවා නේද මලාට කෙට්ටු කරන්න බෑ අප්පා..විසේසයෙන් පේස්ට්‍රි ගිලින බස්සියන්ව..අපෙත් එකෙක් ඉන්නවා තඩියා..කිලෝම 122ක් තියෙනවා බස්සි අක්කගේ ගානට එන්න චුට්ටයි අඩු..කොඡාර දේවල් කරද..
චික් එහෙමත් උනාද සිරාවට ඊ ලග පාර 18+වගේ මෙව්වා එකක් දාන්නම් හරිය....ඔව් ඔව් පේස්ටි ගිලින උන් කෙට්ටු වෙන්නේ නෑ තමා ඉතිම් මන් අද්දැකීමෙන් දන්නවනේ... හිකිස්
Delete//කුමාරයෙක් වෙන්න ඕනා නම් මේ ඉදිකට්ටා ගෙන් උම්මා එකක් ගනින් ඔච්චර මහන්සි නොවි//
ReplyDelete:D
හැබෑද ඉදිකට්ටෝ මේ කියන්නේ ?
බලන්න ලොකූ, මුං එක්ක බෑ....
Deleteහැබෑට එහෙම කිවුවම ගෙම්බා සැජ්ජාවෙන් රතු උනේ මුකෝ?
Delete@සයුරියා හම්මේ ඉදිකට්ටගෙන් උම්මා ගත්තා නම් අර අහිංසක ගෙම්බා එක්කෝ ඇහැටුල්ලෙක් වෙයි එහෙමත් නැත්තම්, බුරු හිවල් තඩියෙක් වෙන්න ගියා හිකිස්
Delete@බස්සි ඔව් ඒ ඇත්තටම ඇයි කියලා ගෙම්බා ආවම අහමු අපි
මේක මඩ පැක්ටරියක්නෙ..... හි හි
ReplyDeleteපවු බං අර අහිංසක බස්සිගෙ පස්ස....
ීඇයි බං හිරු අක්කේ උඹ දැක්කේ නැතැයි මටයි,ඉවානයාටයි මේ කොට බස්සි ගහපු මඩ හැලිය
Deleteචැහ් … මං පරක්කුයි නේ !!
ReplyDeleteමං ඉවානයට දීල තියෙන්නේ ඉෂ්ම යන්ඩ.. ඩෑල් එක මාස එකහමාරකට හාන්සි. ඕ යේස් !!!
උඹ හරියට වැඩේ කොරල නෑනෙ. අන්න බඩගාගෙන ඇවිත් පෝස්කට්ටක් දාල ගිහිල්ලා.
Deleteපලයන් පත්තරයා...උඹව කෑවට පස්සේ ඉවානයට උඹව දිරවලා නැතුව වමනේ කරලා මන් ඒ සීන් එක ලිව්වේ නෑ ඉතින් උඹේ චරිතේ ඝාතනේ වෙන නිසා...හිකිස්....ඔව් ඔව් මු වැඩේ දුන්නා නම් අරු බඩ ගාගෙන ආවේ කෝමෙයි
Delete