Friday, October 2, 2015

69. ගෙවි ගිය කාලය




                  මට බොහෝ දේවල් මඟ හැරි ඇත, "ගිය හකුරට අඬන පුරුද්දක් මට නැති නිසා මම මෙසේ ලියන්නට ආරම්භයක් සදහා පියවර තබමි.මාස නවයක් යනු දරුවෙකු බිහි කිරිමට ගත වන කාලයට සමාන කාලයකි.මේ කාලය තුල මම දැනුම නැමැති දරුවා බිහි කර ගතිමි.හිතවතුන් හා වල කපන උන් හදුනා ගතිමි.ජිවිතය ගැන තිබුන දැනුමට වඩා යමක් එකතු කර ගත්තේය.
                දෙසැම්බරයෙන් පසු රෝහල් හා බෙහෙත් පෙති අතර මාස කිහිපයක් ගෙවා දමන්නට සිදු විය.ජීවිතේ තිත්තම කාලය එය යැයි මතක් කිරිමද හිතට අප්‍රසන්නය.තමන්ට ,තමන් විතරක් යැයි සිතෙන තරමට බොහෝ දේවල් වෙනස් විය.හිත එකලස් වන තුරු කිසිත් ලිවීමට ප්‍රියක් නොතිබුන අතර මම නැවති ජීවිතේ දෙස උනන්දුවකින් බලා තේරුම්,බේරුම් කර ගතිමි..
               මාස නවයක් කිට්ටු වන විට සිදු වු අමතක නොවන සිදුවීම දෙකක් සටහන් තබමි. 
          ජිවිතේ දෙවන වතාවට මම කොලු පැටියෙකුගේ පුංචී අම්මා ලෙස අභිෂේක ලබන  ලදී ඒ තරම් සතුටක් මීට කලින් බුක්ති වින්දේ හා පැටියා (අක්කගේ 1වෙනි දුව) ඉපදුන දවසේය..ඉතින් මම අප්‍රමාණව සතුට විදින්නෙක් බව මම පසක් කර ගතිමි.
                මේ කාලය තුල සතුට වගේම දුක් වෙන්නටද එක හේතුවක් තිබෙන බව අමතක නොකරමි.ඒ මගේ හොදම යාළුවෙක්ගේ ජීවිත කතාවය ඇය ගැනද මතක් කල යුතුමය...
                ඇය අවුරුදු 4ක හා 2 1/2 ක කොලු පැටව් දෙදෙනෙක්ගේ මවකි...ඇගේ සැමියා කලක් ඉතාලියේ සේවය කර ලංකාවේ පදිංචියට ගිය උළු මෝල් හිමිකරුවෙක් බව යහළුවෙක් මට කියා තිබුනි.ඇය හා මා අතර තිබුනේ යාළුකමකට වඩා සහෝදරකමකි.පැණි වරකා ගෙඩියට හෙන ගසන්නාසේ මීට අවුරුදු 11 පමණ පෙර ඇති වු ඇගේ හා වෙනත් කෙනෙකුගේ පෙම් පල හිලව්වක් ගෙදරට කීම හේතුවෙන් ඇය මා හා විරසක් විය.එහෙත් එදා මා ඒ තීරනේ නොගත්තා නම් අසුවල් හාදයා ඇය පසුවදා වාහනයක කැටුව පන්ති ගෙන යෑමට තීරණය කර තිබුනි.කෙසේ හෝ මා විසින් එය වැලකු හේතුවෙන් අප විරසක විය..කාලය ගෙවී ගොස්ය මට ඇය මුණ ගැසුනු දවසක මතකයක්ද නැත එහෙත් ඈ ගැන හදිස්සියේ අසන්නට සිදු වුයේ සෝචනීය කතාවකි..ඇගේ සැමියා කුකුල් ගොවිපලක් පවත්වාගෙන ගිය අතර වැසි දිනක එයට විදුලිය ඇදීමට ගොස් විදුලි සැර වැදි මිය ගොස් ඇති බවය...ඇය දැන් දරු දෙදෙනා සමග තනි වී ඇති බව දැනෙන සෑම විටම සුසුම්ලනවා හැරුනු කොට මට කල හැක්කක් නොමැත. ලංකාවට පැමිණි දිනක ඇය මුණ ගැසිමට යායුතුය ...
               ඉපදුනොත් මරණය අපි හැමෝටම පොදු දෙයකි..ඉපදුන විට කිසිත් නොගෙනා අපි මිය යන විටද කිසිත් රැගෙන නොයති..එහෙත් නිෂ්පලව ජිවිතේ ගත කර මිය යනවාට වඩා ධනය රැස්කරනවාට වඩා....තවත් කෙනෙකුගේ ජිවිතයට හිනාවක් දීලා හිතින්ම සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරමු.
                          මේ අවුරැද්දේ පළමු සටහන මෙසේ තබමි.

26 comments:

  1. සුභ පැතුම් අක්කේ....ආයිමත් අලුත් හුස්මක් අරගෙන ලියන්න...අපි බලාගෙන ඉන්නවා... 😊

    ReplyDelete
    Replies
    1. ස්තූති මල්ලී ....ඔව් ලියන් යනවා ඉස්සරහට

      Delete
  2. හොඳයි හොඳයි වෙල්කම් බැක් කිව්වා ඕං.

    ReplyDelete
    Replies
    1. තැන්කියු හැලප මාමේ

      Delete
  3. //එහෙත් නිෂ්පලව ජිවිතේ ගත කර මිය යනවාට වඩා ධනය රැස්කරනවාට වඩා....තවත් කෙනෙකුගේ ජිවිතයට හිනාවක් දීලා හිතින්ම සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරමු.//

    එකගයි.......... ලියන්න ලියන්න අපි එන්නම් දිගටම................

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට දිගටම එන්න

      Delete
  4. අපිට හම්බෙන හම්බෙන තැන් වලින් මේ බ්ලොගය අරගෙන අපේ සින්ඩියේ තැන් තුනකම දාගෙන.... ඒ තරම් කාලෙකින් ලියලා නැති නිසා අපිට ඒක පෙනිලත් නැහැ..... දැන් හරි.... දිගට ම ලියමු.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූති කුරැටු...දැන් ලියනවා දිගටම

      Delete
  5. දිගටම ලියන්න !! :D

    ReplyDelete
  6. Replies
    1. සයුරිට මාව මතකයි සතුටුයි මටත්

      Delete
  7. වෙල්කම් බැක් ශානු...

    // නිෂ්පලව ජිවිතේ ගත කර මිය යනවාට වඩා ධනය රැස්කරනවාට වඩා....තවත් කෙනෙකුගේ ජිවිතයට හිනාවක් දීලා හිතින්ම සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරමු. // මාත් මේකට 100% එකඟයි

    ReplyDelete
  8. ආපහු ලියන්න පටන් ගත්ත එක නම් හොඳයි! නියමයි!

    ReplyDelete
    Replies
    1. මල්ලි ....ස්තුතියි ආයේ ලියමු

      Delete
  9. අලුත් ලිපියකින් එනකල් බලාගෙන ඉන්නවා . සුභ පැතුම් .

    ReplyDelete
    Replies
    1. ස්තූති අලුත් ලිපි ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙනවා

      Delete
  10. අපිනම් අලුත්...දිගටම එන්නමිකෝ මේ පැත්තේ ලිපි බලන්න

    ReplyDelete
    Replies
    1. අලුත් නම් වටිනාකම වැඩි...සාදරෙන් පිළිගන්නවා එහෙනම්

      Delete
  11. ආයෙ ලියන්න ගත්තු එක ගැන බොහොම සතුටුයි ශානු අක්කියෝ. දිගටම ඔහොම යං ඈ!

    ReplyDelete
    Replies
    1. දැන් නම් නවතින් නෑ බස්සියා ස්ටුටි ඈ

      Delete
  12. මේ ආවාමයි. ඊලඟ පෝස්ට් එකත් බලන්න එන්නම් ඈ.

    ReplyDelete
    Replies
    1. ස්තූති කසුන්...මේ පැත්තට පිළිගන්නවා එහෙනම්

      Delete
  13. වල්කම් බෑක් ශානුාවෝ. අසනීප විත්තියක් එක ගෙම්බෙක්වත් කිව්වේ නෑනේ

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න ගියේ නෑ දේශා...දැන් හොදයි ෆිට් එකේ ලියන්න ඕනේ

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!