කාලෙකින් මා දන්නා ඉතිහාසය කොටසක් ලියන්න බැරි උනා එහෙනම් 1 වන කොටස 2 කොටස කියවලා නැති අය මෙතැනනින් ගොහින් කියවලා එන්න-------------------------------------------- > මා දන්නා ඉතිහාසය ---1කොටස.
*********************************************************************************
පැරණි වාස්තු විද්‍යාව පිළිබද තාක්ෂණයෙහි අති විශිෂ්ට අංග රැසක් අනුරාධපුර හා පොළොන්නරු රාජධානි වල නටබුන් පරික්ෂා කිරිමේදි පුරාවිද්‍යා කැනිම්කරුවන් විසින් සොයාගෙන ඇති අතර එකල සිටි විවිධ ශ්‍රේණින් විසින් විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණ කර ඇති බවට සාක්ෂි අදද අපට අනුරාධපුර,පොළොන්නරු සංචාරයකදි දැක බලා ගැනිමට හැක.බුදු දහම මෙරටට හදුන්වා දීමටත් පෙර කාලයෙදි පැවති ගෘහ නිර්මාණ ශිල්පය කෙසේ වී දැයි දැන ගැනිමට හැකි කිසිම නටබුන් මෙතෙක් සොයාගෙන නැත.එමෙන්ම අනුරාධපුර වාස්තු විද්‍යාත්මක නිර්මාණ,
*දාගැබ්, පිළිම ගෙවල්,බෝදිඝර
*විහාර ගෙවල්,පොහොය ගෙවල්,ආරාම,භාවනා කුටි,දාන ශාලා
*රජ මාළිග,බලකොටු
*නාන පොකුණු,වැසිකිලි,බෙහෙත් ශාලා..............
ලෙස වර්ග කල හැකිය.
අනුරාධපුර යුගයේදි බිහිවු විශිෂ්ටතම වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස දාගැබ්,එම යුගයේදි විශේෂ ස්ථානයක් හිමි කර ගැනේ.බුදු දහමේ ආභාසයත් සමගම මෙරට ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වෙනස්කම් රාශියක් සිදු විය.දාගැබ, චෛත්‍යය,ස්තූපය,ථුපය සහ වෙහෙර යන නම් වලින්ද හැදින්වීමට පුළුවන.
බුදුන් වහන්සේ ජීවමාන ව සිටි කාලයේදී ලංකාවේ දාගැබ් නිර්මාණය කර ඇති අවස්ථා දෙකක් ගැන ශිලා ලිපි වල සදහන් කර ඇත එනම්,
පළමු අවස්ථාව ලෙස සුමන සමන් දෙවියන්ට දෙන ලද කේශධාතු තැන්පත් කර මහවැලි නිම්නයේ මහියංගනය නැමති ස්ථානයේදි මහියංගන දාගැබ ඉදිකිරිමයි.
![]() |
මහියංගන දාගැබ |
දෙවන අවස්ථාව තපස්සු බල්ලුක නම් වෙළද දෙබෑයන් බුදුන් වහන්සේට විළඳ හා මීපැණි පිළිගැන්වීමෙන් පසුව ලැබුණු කේශධාතු තැම්පත් කර තිරියාය නම් ස්ථානයේ ගිරිහඬුසෑය දාගැබක් ඉදි කිරිමය.(මෙය බුරුම මූලාශ්‍රවලද සඳහන් වේ,)
![]() |
ගිරිහඬුසෑය |
මෙරට ප්‍රථම ඓතිහාසික දාගැබ වශයෙන් සලකනු ලබන්නේ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද,බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරෙන ථුපාරාමය දාගැබය.කිහිප අවස්ථාවකදිම වරින් වර ප්‍රතිසංස්කරණයට භාජනය වු නිසාවෙන් ථුපාරාමයේ මුල් ස්වරූපය අද වන විට දක්නට නොලැබේ.ප්‍රමාණයෙන් විශාල දාගැබ් ඉදි කිරිම දුටු ගැමුණු රජතුමාගේ කාලයේදි ආරම්භ වු බව පිලි ගැනේ.දුටුගැමුණු රජතුමා ඉදි කළ මහා දාගැබ හෙවත් රුවන්වැලි සෑය හා මිරිසවැටිය දාගැබ ද වළගම්බා රජු ඉදි කළ අභයගිරිය දාගැබ ද මහසෙන් රජු විසින් ඉදි කළ ජේතවන දාගැබද වැදගත් තැනක් උසුලනු ඇත.එමෙන්ම අනුරාධපුරයට බැහැර ප්‍රදේශවල ද විශාල දාගැබ් ඉදි විය
උදා.
*කැලණිය
*තිස්සමහාරාමය
*දීගවාපිය
*සේරුවිල
*සෝමාවතිය
*මහියංගනය
බෞද්ධ පොත පතේ සදහන් වන පරිදි දාගැබ් බද කොටස හෙවත් ගර්භයේ හැඩය අනුව දාගැබ් හයකට වෙන් කොට දක්වා ඇත.
1,ධාන්‍යාකාර:වී ගොඩක හැඩයෙන් යුත් දාගැබ් මේ නමින් හදුන්වනු ලැබේ.
2.ඝණ්ඪාකාර: ඝණ්ඨාකාර දාගැබ ඝණ්ඨාවක හැඩය ගනී.මෙම දාගැබ් වර්ගය ප්‍රමාණයෙන් කුඩාවන අතර බුදුදහම ලැබීමෙන් පසු ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වේ.එය ථූපාරාම දාගැබය.
3,බුබ්බුලාකාර:මෙම දාගැබ් දියබුබුලක හැඩය උසුලන අතර ලෝකයා මවිතයට පත්කරන රුවන්වැලි මහාසෑය බුබ්බුලාකාර හැඩයගනී.එමෙන්ම තිස්සමහාරාම දාගැබ ,පොළොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර බුබ්බුලාකාර හැඩය උසුලනු ලැබේ.
5,පද්මාකාර:පද්මාකාර දාගැබ් නෙළුමක ස්වරූපය ගනී.පොළොන්නරුවේ දෙමළ මහාසෑයත් බුත්තල යුදගනා වෙහෙරත් පද්මාකාර හැඩය වේ.
6,අම්ලකාර :නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් දාගැබ් මේ නමින් හදුන්වනු ලැබේ මෙවැනි ස්ථූප වර්තමානයේ දක්නට නැත.මෙම ස්ථූප වර්ග හැරෙන්නට බෞද්ධ රටවල අටපට්ටම් ස්ථූප,ලූණු ගෙඩියක හැඩය ගත් ස්ථූප, සතරැස් ස්ථූප, සිලින්ඩරාකාර හැඩයගත් ස්ථූපද දක්නට ඇත.
මෙහි අංක 1න් දක්වා ඇත්තේ පේසාවළලුය.දාගැබ පේසාවළලු තුනකින් සමන් විතය.එක මත එක කුඩා වෙමින් ඉහළට යන පේසාවළලු තුන මත දාගැබක ගෝලාකාර ගර්භය ඉදි කර තිබිම විශේෂ ලක්ෂණයක් ලෙස සැලකේ.
මෙහි අංක 2න් දක්වා ඇත්තේ ගෝලාකාර වු ගර්භයය.බුදුන් වහන්සේගේ ධාතු හෙවත් සරවඥ ධාතු තැම්පත් කර ඇත්තේ ධාතු ගර්භයේය.
මෙහි අංක 3න් දැක්වෙන්නේ දාගැබෙහි ගර්බය මුදුනේහි හතරැස් කොටුවෙහි මධ්‍යයේ ද ධාතු තැම්පත් කොට ඇත.
අංක 4න් දැක්වෙන කොත දේවතා කොටුව ලෙස හැදින් වේ.
අංක 5න් දක්වා ඇත්තේ දේවතා කොත මත පිහිටි කොත් කැරැල්යය.කොත්කැරැල්ලේ අග මාණික්‍යයක් හෝ ලෝහයෙන් කරන ලද කොතක් බොහෝ විට දැකිය හැක.
වාහල්කඩ:
දාගැබ සතර දිසාවෙන්හි දාගැබට සම්බන්ධකොට අලංකාරය සදහා ඉදි කළ නිර්මාණයකි.පසු කාලයේදි මෙම වාහල්කඩ ලිය වැල් වැනි මෝස්තර වලින් අලංකාර කර ඇත.දාගැබට මල් පුජා කිරිම සදහා තනන ලද ගල් ආසන ද මේවායේ දක්නට ලැබේ.
චේතියඝර හෙවත් වටදාගේ:
දාගැබේ ආරක්ෂාව සදහා ඉදිකර ඇති ගෘහය චේතියඝර නමින් හැදින්වේ.මුල් කාලයේදි ඉදිකෙරු කුඩා දාගැබ් ආවරණය කොට චේතයඝර නිර්මාණය කර තිබු බවට සාධක ඇත.ථුපාරාමයේ,ලංකාරාමයේ සහා අම්බස්ථුල දාගැබේ එවැනි චේතියඝර තිබු බව,ඒවා වටා ඇති ගල් කණු වලින් සනාථ වේ.වහලය දැවවලින් නිර්මාණය කරන්නට ඇතැයි විශිවාස කෙරේ. මැදිරිගිරිය වටදාගේ මෙයට කදිම නිදසුනකි
ප.ලි.
තොරතුරු පොත පත,විකිපීඩියා ඇසුරෙන් ද, පින්තූර ගූගල් ඉමේජ් වෙතින් ද සොයා සපයා ගන්නා ලදි.
මේ විස්තර ටික සෑහෙන වටිනවා.. මම ඒ කාලේ පොතකුත් හැදුවා චෛත්‍ය වක එක එක ආකාර ගැන..
ReplyDeleteවටදාගෙවල් කිව්වහම මුලින්ම මතක් වෙන්නේ පොලොන්නරුවේ වටදාගෙය.. ඒ වගේම වාහල්කඩ කිව්වහම කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩත් අමතක කරන්ඩ හොඳ නෑ... :)
හෑ... මම අද එකද :O
Deleteඔව් පොළොන්නරුව වටදාගෙයි ඇතුල් වෙද්දිම අශ්ව,ඇත් මල් වැල් යොදා කරන ලද සදකඩ පහන,කොරවක් ගල,මුර ගල් හොදින් පිලිඹිබු වුනාට වටදා ගෙයක් පිළිබද සරළ අවබෝධයක් මැදිරිගිරිය වටදා ගෙයින් ලබා ගන්න පුළුවන්...ඕ යෑස් ඒ විතරක් නෙවේ වාහල්කඩ මිරිසවැටියේ හා රුවන්වැලිසෑයේ එක සමානයි....ඔක්කොම ලියන්ට ගියොත් පොස්ට් එකක් ලියන්න්න පුළුවන්.....
Deleteබොලාලා එක උනා නම් පාටියක් දාමු......
ස්තූති මධු අයියේ...
චේතියඝර වගේම බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට බෝධිඝරත් තිබිලා තියෙනවා...
ReplyDeleteහරිම වටින විස්තර ටිකක්... පුංචි කාලේ දහම් පාසලේදි මේවා ඉගෙන ගත්ත හැටි මතක් වුනා...
මම කතෝලික නිසා මේ දේවල් ගොඩාක් දුරට ඉගෙන ගන්න ලැබුනේ පොතපතින්....... බුදු දහම ඉගෙන ගන්නත් කැමැත්තක් තියෙනවා ,ලංකාවට ආවොත් උත්සහා කරලා බලනවා.
Deleteකාලෙකට පස්සේ ඉතිහාස පාඩමක් කළා වගේ හැගුණා.
ReplyDeleteඅහන්න ලැබීම සතුටක් නලීන් අයියේ
Deleteම් ම් සෑහෙන්න වටින විස්තර ටිකක්... මේව හුගක් ඕන වෙන්නෙ ඉස්කෝල යන් ලමයි ඉන්න ඈයොන්ට...
ReplyDeleteස්තූතියි මේ වගේ වටින ලිපියක් ඉදිරිපත් කලාට
එකනේ මහේෂ් කාගේ හරි දරුවෙක්ට ප්‍රයෝජන උනොත් මට ඒ ඇති.....වචනෙකින් හරි දිරි දුන්නට ඔබටත් ස්තූති
Deleteගොඩක් දවසකට පස්සෙ ඉතිහාස පොතක් කියෙව්වා වගේ හිතුණා.
ReplyDeleteසන්තෝසයි....ඉදිරි ලිපිත් බලන්න එන්න..
Deleteඇති යාන්තම් මෙහෙම කතා සෙට් එකක් පටන් ගත්තා නේද කියලා මතක් උනා.
ReplyDeleteමේ ටික ඇත්තටම වැදගත් ශානු ඉස්සරහට ලමයෙක් ප්‍රශ්ණයක් ඇහුවත් උත්තර දෙන්න මේවා මතක තියෙන්න එපෑ.
මගේ මතකේ තිබුනා ප්‍රියා ඒත් මේ ලිපි ලියද්දි වගකීමෙන් ලියන්න ඕනා....ඒ නිසා හැමදේම මතකයත් එක්ක පොත් වලින් ගුගල් දෙයියගෙන් හොයලා එපෑ ලියන්ට...
Deleteහැබැයි ඉතින් ළමයි මේ ගැන ප්‍රශ්ණ අහන්ට කලින් අහන්නේ විජය කුමරු ලංකාවට පය ගහන්න කලින් ලංකාවේ හිටියැයි කියන යක්ෂ ග්රෝත්රිකයින් ගැනයි ඒ ගැන මහානාම හාමුදුරුවෝ මහා වංශයේ සදහන් කරලා නැති නිසා අපි කොහොම ළමයින්ට උත්තර දෙන්නද? මොනාටත් ලෑස්ති පිට ඉන්න එක හොදා
මේවා බොහෝම පින් අත්වෙන වැඩ.. මල් මසුරන්...
ReplyDeleteපින් ඇතත් නැතත් කවුරු හරි නොදන්න කෙනෙක් මේවයි මොනා හරි ඉගෙන ගත්ත නම් ඒ ටික මට ඇති සතුටු වෙන්න්න මාතලන් සහෝ..ස්තූති
Deleteවටින පාඩමක් ශානු අක්කෝ. සමාජ අධ්‍යනය ඒ කාලෙ වහකදුරු වෙලා තිවුනට මේ පාඩම අද ඔයා කියාදුන්නු විදියට හරිම ආසා හිතුනා.
ReplyDeleteමේකනේ බස්සියේ අපේ රජයේ අත් පොත් වල පාඩම් පටන් ගන්නේ අමුතු ස්ටැයි එකකට නොවෑ...
Deleteඋදා.
, දාගැබ අරහෙමයි මෙහෙමයි කියලා.මගකදි මෙම ස්ථුපය කියලා පටන් ගන්නවා ...ඔන්න තව ටික දුරක් ගොහින් චෛතය කියලා ජේදය ලියනවා....අවසානයේදි ථුපය ගානවා ...අනේ ඉතින් අර පොඩි එකාව කරකවලා අත ඇරලා වගේ අන්තිම ජේදයේ ලියනවා. දාගැබට ,ස්ථුපය,චෛතය,ථුපය කියලත් බාවිතා කරනවා කියලා. එතකොට පොඩි එකාට ඉතිහාසය අප්පිරියා වෙලා ඉවරයි.......
අනේ එහෙනම් මට සතුටුයි බස්සි නගෝ
පද්මාලංකාර ස්ථූපයක් තියෙන්වා සදර්න් හයිවේ එකේ ගැලනිගම හුවමාරුව ගාව වෙලක් මැද.. හොඳට පැහැදිලිව පේනවා.. කොළඹ ඉඳලා යන කොට.. වම් පැත්තේ..
ReplyDeleteලංකාවට ආව කාලෙක තමා බලන්ට වෙන්නේ ඔත්තුවට ස්තූති
Deleteමාතේ correct
Deleteහෆ්ෆේ ඉස්සර මේවා කට පාඩම් කලානේ.. දැන් මෙයා ආයෙම මතක් කරනවා අපිට..
ReplyDeleteඅපි නම් කට පාඩම් කරේ නෑ සටහන් පාඩම් කරා හිකිස්.....
Deleteථූපාරාම දාගැබේ මිල ස්වරූපයත් ධාන්‍යාකාර කියලා තමයි සඳහන් වෙන්නේ මට මතක් විදිහට.. ආම්ලාකාර දාගැබ් බොහොමයක් තියෙන්නේ ඉන්දියාවේ. මමං දන්නා විදිහට ඒක හින්දු ගෘහ නිර්මාණ ශිල්පීය ආහාශයෙන් ආපු හැඩයක්. ශානු පරණවිතාන මහත්තයාගේ නෑයෙක්ද මන්දා ....?
ReplyDeleteනෑයෙක් නෙවේ.... :)පරනවිතාරන මහත්තයා වගේ වත් වෙන්න කාලයක් පෙරුම් පිරුවා සැක් ඒත් වැඩේ හරි ගියේ නෑ
Deleteඅම්මෝ මේව කට පාඩම් කරා බට් දැන් මතක නෑ..
ReplyDeleteඑහෙනම් මතක් කර ගන්න...ඉදිරියට ළමයින්ට කියලා දෙන්න ඕනා වේවි:)
Deleteමෙහෙම ලියලා තියෙන එක හොඳයි කාගෙත් ප්‍රයෝජනය සඳහා. සරළව ලියලා තියෙනවා.
ReplyDeleteබොහොම ස්තූති අරූ......
Delete(Y)
ReplyDeleteස්තූති
Delete