******************************************************************************
එකමත් එක කාලෙක කෙල්ලෙක් හිටියා, විනෝදෙට කොල තීරු කපාගෙන එක එක හැඩයට තියලා ලස්සන රටා මවපු, ඒ කෙල්ලගේ හීනයක් තිබුනා තමන්ගේ විනෝදාංශය පොඩි ආදයම් මාර්ගයක් බවට පත් කර ගන්න.අන්න ඒ හීනෙට ඉගිලෙන්න එක පාර තටු දෙන්න බැරි උනත් හැමෝම වගේ දුන්නු පිහාටු එකතු කරලා මේ කෙල්ල අද වෙනකොට තමන්ටම කියලා තටු හදාගෙන වැටි වැටි ඉගිලෙන්න පුරුදු වෙනවා......කලින් පාරට වඩා තියුණු වෙච්ච නිර්මාණ හැකියාවත් එක්ක අද වෙනකොට විවිධ මාදිලි වල සුබ පැතුම් පත්,යතුරු රදවන ඉන් බොක්ස් මැසේජයකින් ගෙදරටම ලැබෙන්න සලස්වන වැඩ පිලිවලකුත් පටන් ගෙන ............
මමත් එක එක අයිඩියා මේ කෙලීගේ ඔලුවට දාලා මේ වැඩේ මෙච්චර දුරට ඇදගෙන එන්න පුංචී පහේ දෙකයි පනහේ අයිඩියා දුන්න නිසා මේ කෙල්ලගේ නිර්මාණ ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා......
ලග එන වැලා එක සමරන්න මේ කෙලී කරපු අලුත් නිර්මාණ ටිකක් තියනවා....වැලා දවසට ආදරේ ප්‍රකාශ කරන්න ඉන්න අය,ප්‍රකාශ කරපු අය තමන්ගේ ආදරවන්තයින්ට,ආදරවන්තියන්ට විවාහක අය... වැලා දවසට දෙන්න, පර්ස් එකට තට්ටු නොවි අලුත් අමුතුම විදිහක තෑග්ගක් හොයනවා නම් මේ නිර්මාණ දිහා නෙත යොමලා බලන්න........
Valentine's day Cardz & key tagz
♥♥♥
Wall Framez
Cardz
මෙතැනින් බුකියට ගිහින් ලයික් එකක් දාලා එන්න පුළුවන් නම් අගෙයි Happy Rabbits Creations...
ප.ලි..
සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම් 2 කොටසට කලින් මේ ලිපිය ලියන්න සිද්ධ උනේ යාළුවෙක්ට සතියකට කලින් කිව්ව වචනයක් ඉෂ්ට සිද්ධ කරන්න ඕන නිසා......සදුදා උදෙන්ම මන් මලත් සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම් 2 කොටස කියවන්න පුළුවන් වේවි.....