සති 2ක් ගියා කැරමල් පෝස්ට් එකෙන් පස්සේ මොනවත් ලියන්න හිතුන් නෑ.....අර බුකියට වෙලා වලි දාගත්තා මිසක්.....නිවාඩු පිට ඉන්න නිසා කරන්න ඒ හැටි වැඩකුත් නෑ ....ගෙදරින් එළියට බැහැලා ඇවිදින්න හරි යනවා කියන්නේ පිස්සු වැඩක් ......ඒ නිසා බුකියයි,බ්ලොගයි, සිංදුයි ,ෆිල්මුයි, පොතුයි බල බල කාලය ගත කරනවා ඒ අතර තුර පොඩි මනෝ පාරක් හෙම ගහලා යල් පැනපු කතන්දර හෙම මතක් කරනවා ඔහොම මතක් කරගෙන යද්දි....යද්දි....යද්දි..... පොඩි ඉට්ටෝරියක් මතක් උනා ..................ඉට්ටෝරියක් කිව්වට ඉට්ටෝරි සමුහයක්.......
බස්සි නංගිලාගේ ඉස්කෝලෙට මම ගියේ 4 වසරෙදී කියලා
42.සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම්- II කොටස.මේ ලිපිය කියවපු අයට නම් මතක ඇති.විශ්වාස කරනව නම් කරන්න ඔය 4 වසරේ ඉදන් උ/පෙ. කරන්න එනකම් මට එක යාළුවෙක් හිටියේ නෑ එක්කෝ උන්ට මාව ඇලජික් එහෙමත් නැත්තම් මට උන්ව සෙට් උනේ නෑ මට කොහොමත් කලින් ඉස්කෝල දෙක තරම් පිටසක්වල ජීවී ඉස්කෝලේ ඇල්ලුවෙම නෑ.... අවුරුද්දෙන්,අවුරුද්ද පන්තියෙන් ,පන්තිය ඉහළට යද්දි මාත් නිකන් ඇලිස්ගේ විස්මලන්තේ ගියා වගේ තමා , ක්ලේ , එක එක සත්තුන්ගේ හැඩයේ පොත් බෑග්,වතුර බෝතල්,පැන්සල් පෙට්ටි,පෑන් එක එක සුවද ජාතියෙන් තියෙන මකන ජාති දැක්කේ ඔය ඉස්කෝලෙදි අපරාදේ කියන්න බෑ මට යාළුවෝ නොහිටියට මම මගේ පාඩුවේ සටහන් පිලිවෙලට ලියාගෙන ඉගෙන ගන්න ටික නම් කර ගත්තා.
ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන|උන සා/පෙ. කරන කාලේ අපේ පොඩි සැට් එකක් හිටියා පැවදි වෙන්න ඔය කාලෙදී මමත් බොහොම අහිංසක ලාමක ටිං ටිං සුවරූපෙන් හිටිය කාලයක්.මාත් ඔය සැට් එකේ සාමාජිකාවක් වෙලා හිටියා....ඔය සැට් එකට ඉතින් ඔය කාලෙදි විදුහල්පති තුමීගෙන් දන්න කියන ගුරුවරුන්ගෙන් ආදරය ප්‍රසාදය නොඅඩුව ලැබුනා.අෆ්ෆා ඒ කාලේ මතක් වෙනකොට හිනාත් යනවා. මම කොච්චර සීරියස්ව අහිංසකව හිටියද කියලා.දැන් නම් මම වසයිලු සමහරු කියනවා මුණටම ...අනේ මන්දා.....
ඉතින් සා\පෙ ඉවර වෙලා අපිට තිබ්බා සතියක කොන්වන්ට් එකේ සිස්ටර්ලා එක්ක ජීවත් වෙන්න පොඩි වැඩසටහනක් ,අපේ ගෙදරින් දහසකුත් විරෝධතා මැද කැමැත්තත් අරන් මාත් ඒ වැඩසටහනට සහභාගි උනා.කියලා වැඩක් නෑ ඒ සිස්ටර්ලා ළමයිව සුරංගනා කතා කියලා ලස්සනට මෝහනය කලා.ඔක්කොම ඉවසා දරා ඉන්න පුළුවන් ඔය කුරිංඤ්ඤන් කොලයි,කෙහෙල් බඩයි,මයියොක්කා දළුයි...දෙන බත් ඩිංගයි කාලා අපිට හිටියෑ හැකියෑ අන්න ඔතනදිත් මගේ හිත ටිකක් පසු බැස්සා ඒත් ඉතින් මම ගෙදර යද්දි බොහෝම සයිලන්ට් මෝහනයක් වෙලා තමා ගියේ...මට ඔය කොන්වන්ට් යන්න තිබ්බ පිස්සු ආසාව නිසාම අපේ අම්මා පපුවේ අමාරුව හැදිලා අයී.සී.යු. ඉදලත් තියනවා ,ඔය කේස් එකෙන් පස්සේ මම කොන්වන්ට් යන අදහස අත ඇර ගත්තා. (ඕවා අදටත් මතක් කරල අපේ ගෙදර කට්ටිය හිනා වෙනවා,තව දෙයක් මම ගිය අතිරේක පන්තියක එකව්න්ට් සර් කෙනෙක් හිටියා උන්දා මට සිස්ටර් කියලා තමා කතා කරන්නේ මොකද සර්ගේ පන්ති තියෙන්නේ කොන්වන්ට් එක එහා පැත්තේ තට්ටු 3ක ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ ඔතනට මන් කොන්වන්ට් එකට යන එන වෙලාවට සර්ට මාව පේනවා)
ඔහොම පාඩුවේ ඉද්දි අපේ සා\පෙ ප්‍රතිඵල ඇවිත් උ\පෙ. පටන් ගත්තා.සා\පෙ කරන කාලේ ඒ වෙනකොට පරණ ප්‍රින්සිපල් සිස්ටර් මාරු වෙලා අලුත් සිස්ටර් කෙනෙක් ඇවිත් හිටියේ ,කොන්වන්ට් එකේ හිටපු දවස් ටිකට ඒ සිස්ටර් අපිව නෝට් කරන් ඉදලා 12 වසරෙන් පලවෙනි වතාවට ශිෂය නායිකාවන් තෝරද්දි අපිව තෝරගෙන(තොරගෙන කිව්වට එයාට අපිව නෝට් ඒත් අපිව ඉන්ටවිව් කරා) ,එච්චර කාලෙකට ගුරුවරුන්ගේ දන්න අදුනන ළමයිට ඔය පට්ටම ලැබුනු විනා අපි හිටියේ කෑලේ.....12 වසරට වෙන ඉස්කෝල වලින් ආපු ළමයිවත් ඔය නායිකා බැජට තෝර ගත්ත එක තමා ඒ අවුරුද්දේ විශේෂම වැඩේ කියන්නේ ,තෝරා ගත්ත නඩේ එක්ක අපි වැඩමුළුවකටත් සහභාගි වුනා.... ඒ දවස් වල සුර්ය අරණ චිත්‍ර පටිය ආපු කාලේ ඔය චිත්‍ර පටිය බලන්න යන්න වැඩමුළුව තිබ්බ කුරුණැගල පැත්තේ ෆිල්ම් හෝල් එකකටත් යන්න වාසනාව ලැබුනා...වැඩමුළුව පුරාම පිස්සු නටලා ආපහු අපි ගෙවල් වලට ගියාට බැජ ගහන දවසේ අපිට ඔය වැඩමුළුව කරපු පියතුමා ඉස්කෝලේ ඔක්කෝමල්ලා ඉස්සරහා
ඉරෙන් හදෙන් එළිය අරන් සිංදුව කියන්න කිව්වා 75ස් දෙනාම ඉතින් සිංදුව කියලා වංසේ බේරගෙන හු නොකා ස්ටේජයෙන් බැස්සා.... බැජ් එකත් ගහ ගත්තට මොකද මට බලන්න ලැබුනේ 12 පන්තියකුයි 13 පන්තියකුයි මයේ අම්මෝ දැන් වගේම ඉස්සරත් අක්කලව ශේප් එකක් දා ගන්න පුළුවන් උනාට සම වයසේ උන්ව නම් කොන්ට්‍රෝල් කර ගත්තේ බුදු අමාරුවකින් කොටින්ම කියනව නම් මාස දෙක තුනක් බැජ එක්ක ඉදලම 12,13 උන්ට,
'' කෑ ගහන්න එපා ''
කියලා දෙන එක විදානයකින් උන් ඔක්කොම මීයට පිම්බා වගේ ඉන්නවා,හම්මෝ මන් එච්චර නපුරු උනා ඔය බැජ් කෑල්ල නිසා, බැජ හින්දා බොහොම නිහතමානි ආඩම්බරයක්,අකුරට වැඩ කිරිමේ පරම පිරිසිදු ජේතනාවක් තිබුනු විනා කාවත් දැනුවත්ව අපහසුතාවයට පත් කලා නම් මතකයක් නෑ.
මගේ සුවිට් වයිස් ප්‍රින්සිපල් උන්දා ගැනත් සදහන් නොකරම බෑ... උන්දා වසයි කියන්නේ වස එකේ හොදම එක එත් ඉතින් මාත් එක්ක නම් මාර ෆිට් එකක් තිබ්බේ,අපේ බැජේ උන් අහනවා "කොහොමද බන් ඔය මිස් එක්ක වසන්නේ" කියලා.
හිට්ලර් මිස්ව ෂේප් කොරා වගේ වයිස් ප්‍රින්සිපල් මිස්වත් ෂේප් කරගෙන වසන ශිල්පය දැනගෙන හිටපු නිසා ගොඩ ගියා.
දැන් තමා හොදම හරිය...... 2004 අන්තීමට තමා අපිට බැජ් ලැබුනේ...අපේ පළමු වැටලිම සිද්ධ උනේ 2005 පෙබරවාරි 14ර.... හැම ඉස්කෝලෙම නියපොතු,නිවාස බැජ්,කොන්ඩ මෝස්තර, සුදු ගව්මේ දිග පළල වගේම පෙබරවාරි 14ට අපි ඕං ප්‍රධාන රැස්වීම වෙලේ පන්ති වලට පැනලා බෑග් චෙක් කරා නංගිලා,අක්කලා අල්ලපු ඉස්කෝලේ අයියලාට ගෙනාපු තෑගි හොයන්න,ඔන්න ඉතින් සෝස මල්ද,,ලියුම්ද,සෙන්ට්ද සීඩිද එකි මෙකි නොකී ඔක්කොම අපිට හොයා ගන්න පුළුවන් උනා ඉතින් අපි ඒ බෑග්වල තිබ්බ පොතකින් නමුත් ලියාගෙන මේ ඔක්කොම ගැජට් අපේ බාරයට ගත්තා. ඊට පස්සේ මමයි,හෙඩයි, ඩිපයි අපිට තිබ්බ රූම් එකට ඔය බඩු ඔක්කොම ගෙනියලා තියලා, ප්‍රධාන රැස්වීම ඉවර වෙනකම් ලියුම් ටික රස කොර කොර කියෙව්වා, අපිට එදා හොදටම හිනා ඒවල තිබිච්ච බහුබූත දැකලා.කෙටියෙන් කියනවා නම් අපිට පිස්සු හැදුනා ඒ ලියුම් කියවලා,ප්‍රින්සිපල් නම් අදාල ළමයින්ට දඩුවම් දුන්නා,හැබැයි අන්තිමෙට ඒ වැලන්ටයින් අයිටම් වලට මොනා කරාද මතක නෑ....
ඔන්න ඔය අවුරුද්දේ තමා හා හා පුරා කියලා මට වැලන්ටයින් කාඩ් එකට දෙකක් ලැබුන පළමු අවස්ථාව.එකක් ඉස්කෝලේ ඇරිලා පෝලිම් බල බල ඉද්දි මම දන්න කියන ළමයෙක් වැලන්ටයින් කාඩ් එකක් ගෙනල්ලා අතේ තිබ්බ,(මට තාමත් අවුල ඔය කාඩ් එක විතරක් අපිට චෙක් කරද්දි මග ඇරුනේ කොහොමද කියල) ඕක අතට හම්බුනාට පස්සේ පෙන්න පෙන්න ඉදලා මාත් ගස් ,දුන්න එකත් ගස් හින්දා ..හිතේ කුතුහලයකුත් කෝඩුකාර විදිහට ඉපදුනු නිසා ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්ට කියලා ඔය දුන්න කාඩ් එක සුදු ගවුමේ සයිඩ් සාක්කුවට ඔබා ගත්තා ඒ එක්කම හෘද වස්තුව ගැහෙන වේගේ වැඩි උනා.....හිකිස් ඔයාලා හිතුවේ කාඩ් එක දුන්න කෙනා ගැන හිතලා කියලා නේද ...අපෝ නෑ මේ මගුල කවුරු හරි දැකලා මගේ බැජ ගැලවෙයි කියලා බයට තමා කකුල් මැන්ඩලින් ගහනවා එක්කම හාට් එකේ බීට් එක අසු හාරදහට ගැහුනේ,අනික ගෙනත් දුන්න කෙලිත් මන් උදේ හවස දකින කතා කරන කෙනෙක්.. වැඩේ කියන්නේ ඔන්න එදා ගෙදර යද්දි ලියුම් පෙට්ටියෙත් ලියුමක් ඒකේ හාට් පිරිච්ච ලියුම් කවරයක් තිබුනේ, ලියුම දැක්ක ගමන් මම දැන ගත්තා මේක නම් මටම එවපු එකක් කියලා මොකද ඒ වෙනකොට අපේ අක්කණ්ඩි රටින් පිට ,අපේ අම්මට වැලා කාඩ් එන්නෙත් නෑනේ ඉතින් මේ මගුල මටම තමා ඇවිත් තියෙන්නේ කියල මම නිගමනය කරා.වෙලාව කියන්නේ අම්මා ඔය ලියුම දැකලා තිබිලා නෑ....:Pමන් බයේ උන්නේ මන් නොදැනුවත්ව ලැබුන මේ ඉලව් කාඩ් නිසා අම්මලාගෙන් නැති ලෙඩ පැට වෙයි කියල.ඉතින් ගෙදර ගිහින් කාඩ් දෙකම පාඩම් කරන මේස ලාච්චුවේ දාලා හවස ඉස්කෝලේ වැඩ කරද්දි බලන්න හිතාගෙන හිටියා........
මධයම රාත්‍රිය කිට්ටු කරලා අර එකටම සාක්කුවට දා ගත්ත කාඩ් එක බැලුවා.ලියුමකුත් තියනවා ඉංගිරිසියෙන් තමා කාඩ් එක ලියලා තිබ්බේ හොද වෙලාවට ලියුම හින්ගලෙන් ලියලා,අප්පොච්චියේ ඒ ලියුම කියවල ඉවර වෙද්දි මාව නිකන් හීන් දාඩිය දාලා කාමරය වටේ කෙටි, කෙටි භ්‍රමණය වෙන ගතියක් දැනුනා ඔයාලට කියන්න පින්වතුනි ඒක කෙල්ලෙක්ගෙන් ලැබුනු කාඩ් එකකුයි,ලියුමකුයි, පහුවෙනිදා මට ඕනේ නම් ඔය මැන්ටල් කෙල්ලව ප්‍රින්සිපල් ලගට හරි අපේ බැජේ උන් අතර හරි චාටර් කරන්න තිබ්බා. ඒත් මම එහෙම නොකලේ මානුෂික පැත්ත ගැන හිතලා අද හිතට සතුටුයි මන් වගේ මැටි කරත්තයක් එදා ඒ වගේ ඔළුව කම්පනා කරලා කෙනෙක්ගේ ආත්ම ගරුත්වේ බේරපු එක ගැන.ඔය ළමයා මන් හොදටම දන්න කියන කෙනෙක් සැහෙන්න දුප්පත් මන් කීප වතාවක්ම පොත් අරන් දිලා තිබුනා සමහරදාට කන්නවත් කෑම ගේන්න නැතිව ඉස්කෝලේ එන දවස් වලට මන් මගේ කෑම එක උස්සන් ගිහින් දීල තියෙනවා.(මම කැමති නෑ දුන්න දේවල් කියන්න ඒත් මේ දේ සදහන් කලේ මේ සිද්ධියට හේතු වු වස්තු බීජය සදහන් කරන්න) ඒ හැම දේම කලේ ඒ ළමයට ගොඩක් හොදට ඉගෙන ගන්න පුළුවන් නිසා ඔය සිද්දී බාලිකා ඉස්කෝල වල බොහෝ විට වෙන වැඩක් නිසා මන් ඒ ළමයට ඔක්කොම තේරුම් බේරුම් කරලා දිලා ඇනයක් වෙන්න කලින් මග ඇරලා හිටියා.ඒත් මන් අතේ දුරින් උදව් කරා ඉස්කෝලෙන් අවුට් වෙලා යනකම්ම
(මාත් එක්කම හිටපු බැජේ හිටපු කිහිප දෙනෙක් දන්නවා මේ ළමය කව්ද කියලා,ගිය අවුරුද්දේ මම මේ ළමයට කතා කරා කැම්පස් අවුට් වෙලා මොණරාගල පැත්තේ ඉස්කෝලෙක ඉන්ගිරිසි ටීචර් කෙනෙක්ලු බොරුද ඇත්තද දකින්න මන් නෑනේ ලංකාවේ..මේ අවුරුද්දේ මැරි කරන්න ඉන්න බව කිව්වට දින වකවානු ලන් වෙලා කෝල් එකක් දෙවි කියල හිතනවා)මෙන්න මේ හේතුව එකක්,ඔය බාළිකා ඉස්කෝලෙට පිටසක්වල ජීවී ඉස්කෝලේ කියලා කියන්න.එළියන්ස්ලා හොදා ඒ ඉක්කෝලේ කෙල්ලන්ට වඩා හිකිස්.......
දෙවෙනි ලියුම නම් පොඩි කාලේ මගේ යාලුවා චතුරංගගෙන් ,ඒකේ ලියුම් නෑ ටෙලිෆෝන් නම්බරයක් නම් තිබ්බා.(මෙයාගේ පුංචිගේ දුවගෙන් තමා එඩ්ඩ්‍රස් එක හොයන් තියෙන්නේ)මන් ඉතින් ටිකක් හිතලා මතලා කෝල් එකක් දුන්නා ඒ සන්වාදේ ගිය හැටි අදටත් අකුරක් නෑර මතකයි ,මම කෝල් කරලා එකටම ඇහැව්වේ මාව මතකද?කියලා.නැනේ කිය කිය ඉදලා එක පාරටම ආ ඔව් එදා බස් හෝල්ට් එකේදී නම්බරේ දුන්න නංගිනේ කිව්වා.දැන් කියන්න මන් මේවා අහලා එදා හිනා වෙන්න ඇද්ද ?අඩන්න ඇද්ද? ටිකක් ඩුක හිටුනා ඒත් ඉතින් මගේ උප්පැන්නේ නම කිව්වම මිනිහා අදහා ගන්න බෑ කිය කිය හිටියා.10 වසරේ ඉන්න කාලේ මුණ ගැහෙන්න වෙලාවක් තිබුන් නැති නිසා ඊට පස්සේ පන්ති යද්දි මුණ ගැහෙමු කිව්වට මන් අදි මදි කලේ බැජේ ගෞරවය රකින්න ඕන නිසා පස්සේ කාලෙක චතුරංග අපේ නෑදෑ මල්ලි කෙනෙක්ට කෝල් කරලා,මල්ලි මට පණිවිඩ දෙන්න ඇවිත් අපේ තාත්තට මාට්ටු උනා.. මම ඒ වෙනකොට චතුරංගව මුණ ගැහෙන්න ගිහින් තිබ්බේ නෑ කියන්න කියන්න..අපේ තාත්තා මට නෝක්කාඩු කිව්වා.ඒ දවස් වල අක්කා තමා මගේ දුක් ගන්නා රාළ වෙලා හිටියේ...මම දෙයක් කරා නම් කරා කියන නොකරා නම් නොකලා කියන කෙනෙක් ඒත් ඉතින් කිසිම වරදක් නොකරපු මාව සතියක් දෙකක් නිවාස අඩස්සියේ තියන් හිටියා කොහෙවත් යවන් නැතුව.මටත් ෂොයි නිවාඩුව හොදට රෙස්ට් කරලා,ටි.වි. බලලා ෆන් එකේ හිටියා. පස්සේ අම්මටයි,තාත්තටයි උනත් මන් වැරදි නෑ කියලා තේරුම් ගිය නිසා සුපුරුදු පරිදි මගේ ජිවිතේ ගලා ගෙන ගියා....එදා නම් මන් හිතා ගත්ත අම්මල කියන ඕනම කෙනෙක්ට කැමති වෙලා බදිනවා මිසක් ආදරේ කරලා නම් කාවවත් බදින්නේ නෑ කියලා,මන් හිතුවා වගේම ඒ දෙත් කලා.බලාන යනකොට එයත් මන් වගේම පිස්සු කේස් එකක්...ඒ නිසා හොදට ගියා........නැත්තන් මේ බ්ලොග ලියන පිස්සු කේස් එකව ඔයාලට මුණ ගැහෙන් නෑ.... :D
ප:ලි;
අපේ තාත්තා මගේ බ්ලොග් කියවනවලු අම්මා කිව්වා..හප්පේ දැන් මේකත් කියවලා මගෙන් විස්තර අහයිද දන්නේ නෑ....අපේ හබිය නම් මේ සීන් කෝන් දන්නවා ඒ නිසා අවුලක් නෑ තාත්තා තමා :D....තාමත් අපේ ගෙදර උ/පෙ. ඉවර උනාට පස්සේ ලැබුනු පෙම් හසුන් සුරක්ෂිතව තියෙනවා....මගේ ඩයිරි වගේකුයි,මෝඩ මෝඩ ලියුම් වගේකුයි ලංකාවෙන් එන්න කලින් ගිනි බත් කරා මොකද මන් ගෙදරින් ආවට පස්සේ අපේ නෑදෑ මල්ලිලා,නංගිලා මගේ කාමරේ පොත් පත් අවුස්සන්න එන බව කල්තියාම දැනන් හිටිය නිසා. හිකිස්...
ඔය ලියුම් මන් ලංකාවට ගියාම දිග ඇරගෙන කියවනවා.මට ඉතින් ඒවා බලලා හිනා..අපේ හබියා මට විහිලු කරනවා ඔය ලියුම් එව්ව කොල්ලව බදින්න තිබ්බේ එතකොට එයා බේරේක් නැති පුට් බයිසිකලේ ඇවිත් අපේ වත්තේ කරපිංචා ගහක් තීනවා ඕකේ නතර කරලා මාව බලන්න එයිලු...(හේතුව එයා මාව බලන්න එකටම ආවේ එයාගේ තාත්තාගේ පුට් සයිකලේ ඒ කතාව වෙන දවසක ලියන්නම් කෝ):P
විශේෂයි
පාසලට අපහස කරන අදහසින් කිසිත් නොලියුවෙමි.මන් අද මනුස්සයෙක් විදිහට පොළවේ පය ගහලා ඉන්නේ ඔය පාසල නිසා බව පසක් කරනුයේ ඉතාමත් ගෞරවපුර්වකය.එමෙන්ම මෙහි සදහන් හැම වචනයකම වගකීමක් මා සතුය.
අති විශේෂයි
අනික ප්‍රින්සිපල් ප්‍රශ්න අහන්න මන් ඩැන් ඉස්කෝලේ නෑ මෙහෙටත් ප්‍රශ්න දාන්න එන්න එපා..මෙහේ හදිස්සියට සාරි නෑ බෙඩ් ෂිට් තිබ්බට සෙට් වෙන කොක්කක්වත්,හරි හමන් බැල්කනි කෑල්ලක්වත් බෙල්ල එල්ලන් සුර ලොව යන්න නැති බව කාරුණිකව දන්වා සිටිමි.