මේ තියෙන්නේ මම ඊයේ හදපු කැරමල් පුඩිම |
අවශය ද්‍රව්‍ය:-(10දෙනෙක් සදහා)
බිත්තර 8
මිල්ක්මේඩ් 397g ටින් එකක් හෝ කිරි 500ml
වැනිලා එසන්ස් තේ හැන්දක්
සීනි අවශය්‍ය පමණට
හරි දැන් පටා....න් ගමු......
එකටම බිත්තර 8 භාජනයකට දාලා විනාඩි 15-25 අතර කාලයක් හොදින් බීට් කර ගන්න,ඊට පස්සේ ඒ බිත්තර වලටම වැනිලා එසන්ස්,සීනි එකතු කරලා ආයෙත් සීනි දිය වෙනකම් බීට් කර ගන්න.දැන් තියෙන්නේ අන්තිම අදියර...ළමයි දැන් ඔයාලට හොයා ගන්න පුළුවන් කිරි හරි මිල්ක්මේඩ් හරි එකතු කරලා තවත් විනාඩි10 විතර බීට් කර ගන්න.(කිරි එකතු කරනවා නම් උණු කරලා නිවා ගත්ත කිරි එකතු කරන්න...)
බිත්තර හොදින් ගසා ගත් පසු |
මිල්ක්මේඩ් නොහොත් ටින් කිරි එකතු කිරිම |
කැරමල් සාදා ගැනීමට සීනි මේස හැදි තුනක් අඩිය නොඅල්ලන භාජනය දාලා, වතුර මේස හැදි 5 විතර එකතු කරගෙන රත් කරන්න(වතුර දැම්මම සීනි ඉක්මනින් කර වෙන්නේ නෑ)අඩු ගින්දරේ සීනි රත් වෙද්දි හැදි ගාන්න.සීනි රත් වෙලා රන්වන් පාට එද්දි ලිපෙන් බා ගන්න.
සීනි කර කිරිම වතුර සමග |
![]() |
රන්වන් පැහැති කැරමල් |
දැන් ඔයාලා කැමති හැඩයක කේක් තැටියක් හෝ අවන් එකේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන වෙනත් භාජනයක අඩියට හදා ගත්ත කැරමල් ලිපෙන් බා ගත්ත හැටියේ තැනින් තැනින් දා ගන්න.(මතක තියා ගන්න කැරමල් රස්නේ නැති උන ගමන් ගල් වෙන බව) දැන් කලින් හදා ගත්ත මිශ්‍රණය ඔයාලගේ කැරමල් තවර ගත්ත තැටියට කට මට්ටමට ටිකක් පහලින් තියෙන්න දා ගන්න.
හාට් තැටියට පුඩින් මිශ්‍රණය දැමිම |
ඒ තැටියට වතුර ටිකක් දාලා අවන් එකට ඇතුල් කරන්න අපි පුඩින් මිශ්‍රණය දා ගත්ත තැටිය ඒ වතුර එක උඩින් තියලා අංශක 200ක උශ්ණත්වයට තැටියේ උඩට හා යටට රස්නේ ලැබෙන්න විනාඩි 10 කුත් අංශක180ක උෂ්ණත්වයට තැටියේ යටට රස්නය ලැබෙන විදිහට විනාඩි 60-75 අතර කාලයක් තබන්න.අවසන් විනාඩි15 ඇතුලත දිගටි ටුත් පික් එකකින් හෝ ඉරටුවකින් පුඩිමෙහි ඝනත්වය පරික්ෂා කර බලන්න.
දැන් හදා ගත්ත පුඩිම අවන් එකෙන් එලියට අරගෙන ගැලපෙන පිගානක් තැටිය උඩින් තියලා පුඩිම පරිස්සමින් අනිත් පැත්තට හරවන්න දැන් ඔයාලට ලස්සන ප්‍රියමනාප රසවත් පුඩිමක් දකින්න ලැබෙයි.දැන් හොද කෑල්ලක් කපාගෙන රස බලන්න.
![]() |
රස බලමු |
විශේෂ සටහන:/
මිල්ක්මේඩ් ටින්කිරි ලෙසද හදුන්වන බව මතකයේ තබා ගන්න.මිල්ක්මේඩි බාවිතා කල හොත් පුඩින් මිශ්‍රණයට සීනි එකතු කිරිමේදී සැලකිලිමත් වන්න ටින්කිරි වල පැණි රස ගතිය වැඩි නිසා සීනි අවම ලෙස එකතු කරන්න,පොල් කිරි මේ සදහා බාවිතා කල නොහැක.කිරි සදහා බෝතල් කිරි පමණක් යොදා ගන්න.කැරමල් රන්වන් පාට වඩාත් තද රන්වන් පාටක් බවට හැරුනොත් භාවිතා නොකරන්න මොකද ඒ පාට කැරමල් පුඩිමට තිත්ත රසක් එකතු කරනවා. පුඩිමෙහි මිශ්‍රණය ඝන වීමට ගත වන කාලය පාවිච්චිය සදහා යොදා ගන්න අවන් අනුවද වෙනස් විය හැකිබව සලකන්න.
ආං කැරමල් පුඩිමේ කෙස් ගහකුත් වැටිලා... හික්ස් :)
ReplyDeleteපුඩිම නම් රහ පාටයි. වෙලාවක ම්මට කියලා හදෝගෙන කන්ඩ ඕන.
ආදරේ අලුත්ම පාට මොකක්ද? හිකස් :)
Delete@මධු අයියා.....
Deleteඒ කෙස් ගහක් නෙවේ බොල පිගානේ තීන මෝස්තරයක් ...හිකිස්;p
ම්මට මයේ හිතේ අම්මට කියලා හදාන් කන්න යන්නේ නේද?හොදා හොදා නරකද බොලා ට්‍රයි කොරොත්
@ ප්‍රියා ආදරේ අලුත්ම පාට පැණි පාට හිකිස් ;o
//කෙස් ගහක් නෙවේ බොල පිගානේ තීන මෝස්තරයක්
Deleteදැං ඉතින් එහෙමවත් කියමු...හික්ස් :)
අ යන්න ටයිප් උනේ නෑ.. අම්මා කියලා තමා කීවේ..
හරිම රසයි ශානු,බොහොම ස්තූතියි ගොඩක් කන්න ආස හිතුනත් කන්න හොඳ නෑනෙ
ReplyDeleteමට හිතා ගත්ට හැකි ඇයි කන්න හොද නැත්තේ කියලා...අපේ මව්ටත් පැණි රස කෑම කන්න හොද නෑ.. අපරාදේ
Deleteඉහෙන් බහින රෝගයක් නැ , ඔය මරණ බයට , දැන් වයසයිනේ
Deleteශානු නගා දන්න දේවල්.. හබියා කැරමල් පුඩින් කන්න ආසයි වගේ. හදලා බලන්න ඕන ...!
ReplyDeleteඔව් එයා නිසා තමා මන් ඉරිදට,ඉරිදට එක එක කෑම ජාති හදන්නේ....මොනාද හලෝ හදලා බල බල ඉන්න එපා කාලත් බලන්න
Deleteකාලෙකින් කෑවෙ නෑ..රස පාටයි....!! ටින්කිරි ගාගන්නෙ නැතුව කරල බලන්න ඕනේ..
ReplyDeleteපාට වගේ තමා රසත් ටින්කිරි කෙසේ වෙතත් උණු කැරමල් නම් ගා ගන්න එපා මහ ඉස්පිරිතාලේ තමා නවතින්න වෙන්නේ
Deleteපින්තුර ටික දැක්කහම කැරමල් පුඩින් එකක් කෑව නම් හොඳයි කියලා හිතුනා .. රසට තියෙන්න ඇති නේද ?
ReplyDeleteනිවාඩු දවසකට ට්‍රයි කරලා බලන්න....රසද කියන්න හා ද?
Deleteහා හා .. හදලා බලලා රස කියන්නම්කෝ...
Deleteබඩේ ගින්දරේ බෑ! :D
ReplyDeleteමේ අලි පැංචා මල්ලි බඩේ ගින්දරට නිවාඩුව පුඩිම හදල රස බලන්න:D
Deleteමම නම් කෙළ ගිල්ලෙ නෑ ඕන් පින්තූර ටික දැක
ReplyDeleteලා. ;)
ශානුවො මේ පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්න පරක්කු උනා නේද? ගිය පාර පෝස්ට් එකත් එහෙම උනා.
බොලාගේ කෙල ගිලිල්ල ගැන හිතා ගන්න හැකි මට ;)
Deleteනෑ ප්‍රියා මන් පෝස්ට් එක ලිව්වේ රෑ පබ්ලිශ් කියල ඩ්‍රාෆ් කොරල අද උදේ තම ශෙයා කොරේ.....
අහ්හ් තව බ්ලොග් රෙසිපියක් . ගෑලූ ළමයට කියලා හදවන්න ඕනා. පෙනුමනම් ටොප්
ReplyDeleteපෙනුම වගේම රසත් ඉස්තරම් සින්දුවෝ.....හදලා කාලා හෙම රස කියන්නකෝ
Deleteඅද ඔක්කම අය කෑම හදන හැටි කියනව.... අන්න කෙන්ජත් හුටප්පරයක් ලියල...හැක්...
ReplyDeleteඇත්තට නිර්මාංස මොනවත් හදන හැටි දන්නෙම නැති හැටි......... සැක් ඉතරක්
මහේෂ් නිර්මාංසද....හරි නිර්මාංස මෙනු එකක් දෙන්නම් ඊලග පාර
Deleteඔව් අෆ්ෆා... එළ ඔය තීන්නෙ... ඒකත් දෙන්නකො හෙනං...
Deleteඇවිත් යන්න මෙහෙත් පුලුවං නං...
මහත්වරුනි.... මා නෙළු මල මට සිඹින්න දෙන්න.....
ම්ම්ම්ම් සසයි සසයි.
ReplyDeleteපින්තූර ටික ප්‍රියමනාපයි ඈ...
ස්තූති.....පින්තූරු වගේම රසත් බෝම යසයි
Deleteඅපි කවදාවත් හදලා නැ ථ පොඩි ප්‍රයෝගික ගැටලුවක් තියනවා , විකල්පයක් යොදාගන කරලා බලන්නං
ReplyDeleteඑහෙමද ගැටළුව විසදගෙන හදල බලන්නකෝ
Deleteඅහ්, ඊයේ චැට් එකෙන් පැනලා දුවලා මේ හදලා තියෙන්නේ..
ReplyDeleteහැබැයි මම මේකට කැමති නෑ.. කෑමට නෙමෙයි හැඩේට.. ඇයි බං අක්කේ, මට නම් බෑ ඔය හාර්ට් කපලා කන්න.. මටනම් මේ හැඩේ එවුවා හදන්න එපා.. තරහා වුනත් කන්නෙ නම් නෑ හොදේ..
හිටුකෝ, නිවාඩු පාඩු වෙලාවක මාත් එකක් හදලා දාන්නම් බුකියේ ෆොටෝ එකක්..
ඔව් ඔව් මේක හදන්න තමා එදා දිව්වේ...හාකෝ ඔයා එන දවසට මම කොටුවක් හදන්නම්කෝ
Deleteමම නම් කෙල බිංදුවක් වත් ගිල්ලෙ නෑ ..ඕන් ...හ්ම්ම් කඩෙන් අරන් කනවා ...කෙක් හදන්න දන්නවා මිල්ක් මෙඩ් එක කනවා මම නම් ඔක්කොටම කලින් අයේ එක නම් ශුවර් ...අද නම් බටර් කෙක් කැල්ලක් හරි කන්න වෙනවා ....
ReplyDeleteබඩේ අමාරු හැදෙනවා ශුවර් .. හැක් හැක්
මම කෙක් කැවේ මෙහෙම ..
http://sahodarage.blogspot.com/2014/01/blog-post.html
සහෝදර සාදරෙන් එකතු කර ගන්නවා මේ පැත්තට හැබැට කෙල ගිල්ලෙම නැතුව ඇති නේද?හිකිස්...ඒ පැත්තේ එන්නම්කෝ
Deleteබිත්තර තමා එකම අවුල :( නැත්තම් හදන්න පුළුවන්.....
ReplyDeleteනිර්මාංස කෑමක් ඊ ලග පාර හදන්නම්කෝ
Deleteඑලස්. හදලා බස්සට දීල බලන්න ඕනෙ වැඩේ සාර්ථකයිද කියල :D
ReplyDeleteකෝපි කෝප්පෙකුත් එක්ක දෙන්න හොඳේ...)))
Deleteහිකිස් බස්සද ඔයාගේ කෑම වල රස පරික්ෂක,.,,,,,මාත් හදන කෑම පරික්ෂාවට යොදා ගන්නේ හබියව...ඒකෙත් හැටි ඕං...
Deleteහනේ බොල දිලිනියෝ නොකියා කියන කතා හැබෑට :D
Deleteඅපිට ඉතිං නංගියෙක් වත් නෑ නේ ඕවා හදල දෙන්න ඇඩෙනවා.. අප්පා
ReplyDeleteඇයි අෆ්ෆා දේශිකා ඉන්නේ..වෙන නංගිලා මොනාටද
Deleteමේ සති අන්තෙනම් හදනවම තමයි...
ReplyDeleteමෙයා හදලා කාලත් ඉවර ඇති නේද මම කොමන්ට්දාද්දි
Deleteශා...මරු මරු. මාත් හැදුවා මේ ලඟදි. ඕකට ටින් කිරි දැම්මම තමයි වැඩියෙන් රස.
ReplyDeleteඔව්...ඔව්...සයුරියේ ටින් කිරි තමා වැඩේට හොද ....ඒත් ඉතින් ටින් කිරි හොයා ගන්න අපහසු පිට රට ඉන්න සමගර අයට කිරි පාවිච්චියෙනුත් මේ පුඩිම හදා ගන්න පුළුවන්..රසේ පොඩි වෙනසක් වෙනවා එච්චරයිනේ...
Deleteහදල බලන්නමයි හිත,,,,
ReplyDeleteහදල රසද කියහන්
Deleteහැදුව හරිගියා
ReplyDelete