Thursday, August 15, 2019

119.ඌරා vs කිඹුලී (සතා කාපු හැටි)

   
  මොකක් සතා ....ඔව් මේ ටිකේ ඉතින් කිඹුලී අලුත් ඇබ්බැහියකට අහු වෙලා ඩයට් කරන ගමන් දවසක් බුකියේ අමුතු ගෲප් එකකට කිඹුලී ඇඩ් උනා....පොඩ්ඩක් විපරන් කරලා බලද්දී ඒකේ නම තිබ්බේ "ලංකා ඌරුමස් සංසදය "කියලා...කිඹුලි ඌරු මස් වලට මනාපයක් නැති උනේ අබුන් කන කාලේ ඉදන්ම ය. ඌරු මස් කන්න කවුරු කොහොම බල කරත් මගේ බල්ලවත් ඌරුමස් කන්නේ නෑ කියන ලයින් එකේ අවුරුදු 31 යි මාස එකොලහක් කිඹුලි ඒකමතික තීරනයක හිටියත් ඊයේ පෙරෙදා ඇඩ් වෙච්ච ලංකා ඌරු මස් සංසදය කිඹුලීගේ දැහැන සුනු විසුනු වන ලෙස ගමේ ඌරා,වල් සතා මස් කිය,කිය රෙසපි එක්ක පින්තූර දාන්න ගත්තයින් හැමදේම වෙනස් උනා
             "ඇයි අනේ ඌරු මස් නොකන්නේ?" කොච්චර රසද බලන්න කියලා හිතමිත්‍රාදි කියද්දී කිඹුලීට කියන්න තිබ්බේ අතීතයේ මහා කෲර කතාවක් පමණයි...ඒ තමා කිඹුලි එතකොට හතර වසරය එදා අපියි නෑදෑ පවුලුයි ට්‍රිප් එකක්  ගිහින් ගෙදර එද්දී රෑ උනා  අම්මයි පුංච කෙනෙකුයි එදා රෑ කෑම  උයන්න ගත්තා මට ඔහොම්ම වැටිච්ච තැන නින්ද ගියා...හීනෙන් වගේ කවුරු හරි මට මේ කුකුල් මස් උයලා තියෙන්නේ කියලා බත් කැව්වා රසයි මාත් කෑවා...හැබැයි ඒ බත් කවපු එකා කවලා තිබ්බේ ඌරුමස් එදා පන්දර බඩේ කැක්කුමක් ඇවිත් යස අගේට කොමඩ් එකක් උඩම මට එළි වෙනකම් ඉන්න උනා අන්න ඔය අද්දැකීම නිසා මම මගේ ජීවිතේට ඌරු මස් කටේ තියන් නෑ කියලා දැඩි තීරණේක උන්නා...සතා කෑවා වගේ නෙවේ බඩේ කැක්කුම ආවම මහා අන්ත්‍ර,කුඩා අන්‍ත්‍ර එක්ක ගැටෙද්දී ජීවත් වෙලා ඉද්දිම පණ යන මගේ බඩේ අමාරුවට මම පට්ට බය උන අහිංසක කිඹුලියෙක්මි.
        කාලයත් එක්ක මේ ඌරුමස් සංසදය සතා කන්න මෝටිවේට් කරන ගෲප් එකක් උනා...ඔය අතර මම ගෲප් එකට ඇඩ් කරපු අහිංසක මගේ යාළුවෙකුත් සතා කාලා බඩ උස්සන්න බැරුව 1990  ඇම්බියුලස් කතා කරන්න තරම්  අපි සතාට ඇබ්බැහි උනා...දැන් ඒකී මගේ ඌරු බොක්කක්, වල් ඌරා කිය කිය බනින ගමන් ඌරු තෙල් මතුරලා සාප කරනවා මේ සංසදේට ඇබ්බැහි උනේ මම නිසා කියලා... ඒ විතරක් නෙවේ දකින දකින ඌරූ වීඩියෝ ඌරු පින්තූර අපි අතර බෙදා ගන්නේ හද පිරි මෙව්වා එකෙන් බවද මතක් කල යුතුය.
           මීගමුව සිට හලාවත වෙනකම් ඉරිදකට විශේෂ පාටියකට ඌරූ මස් උයන්නේ නැත්තම් වැඩකුත් නෑ කියන මතේ තමා හැමෝම ඉන්නේ ඉරිදට ලංකාවේ ඉන්න කාලේ අපේ අම්මා හදන ඌරු කරිය රස කර,කර ගෙදර අය නෑදෑ හිතමිත්‍ර ආදීන් අනේක වාරයක් කොටාබානවා දැකලා තිබුනත් මම ඇහැක් ඇරලවත් නොබලපු එක ගැන මට ඇත්තේ හද පිරි මෙව්වා එකය. දැනට ඌරූ ඩෙවල් තමා වැඩියෙන්ම රස දැනුනේ ...
           ඒ එක්කම මතක් උනේ අපේ සීයා දඩයමේ ගියාලු ඉස්සර ඉතින් එයා ආසාවෙන් ගෙදර ඌරෝ,එළුවෝ,හරක්, හාවෝ,කුකුල්ලූ ඇති කලා...ඒ එක්කම පොඩිම කාලයේ මතකයක් තියේ ඌරෝ කප්පාදු කරනවා ඒ පැත්තට යන්න එපා කියලා ලොකු අම්මා කියනවා...ඒ මොකක්ද කියන්න නම් දැනන් උන්නේ නෑ...අදටත් දන්නෙත් නෑ...දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
          ඇත්තටම ඌරෙක්ට ඌරෙක් හම්බෙන පෝක් සමුද්‍ර සන්ධියේදි ඒ ඌරා මේ ඌරගේ ඌරු බොක්ක උනා වගේ ඌරු ජුවල් නැතුව ජීවත් වෙන්න ඌරු මස් තෙල් නැතුව කන්න කොලොස්ටරෝල් තැපෑලෙන් නැත්තම් එන්නේ...

ලංකා ඌරූ මස් සංසදය  <~සංසදයට එකතු වෙන්න<---- br="">