ලංකාවේ කාන්තාවන් යනු හිතුනු,හිතුනුවෙලාවට පිරිමි ඉස්සරහ රෙදි කඩන් අහවල්කාරණේ කරන්න කැමති කොට්ඨාෂයක්කියලා ගොඩක් පිරිමි හිතන් ඉන්නවා නම්අන්න එතනදි ඔවුන් හිතපු දේ වැරදි ,ඕනමගැණියෙක් කැමති පිරිමියෙක්ට පැලෙන්නආදරේ කරන්න.ඒ ආදරේ පණ වගේ විශ්වාසකරන්න.ලෝකෙම අත ඇරලා හරි ඒ පිරිමියාවෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න.අන්න එතනදිසමහර පිරිමි කරන්නේ ඒ විශ්වාසයවාසියකට හරවන් ගැණුන්ගෙන් තමන්ගේලිංගික අවශ්‍යතා සපුරා ගන්න බලන එක,ගැණු කියන්නේ පිරිමින්ගේ ආදරේට ඕනමවෙලාවක අවනත වෙන්න ලැදි පාර්ශවයක් , ගැහැණු අසරණ උනාම ඒ අසරණකමඋකසට ගෙන ලිංගික ආධිපත්‍යය පතුරණපිරිමින් ඕන තරම් සමාජයේ ඇති අතරබොහෝ විට මෙවැනි අවස්ථා වලදී අවිධිමත්හා අනවබෝධයෙන් ලිංගිකව එකතු වීමකින්ඇති වන ගැබ් ගැනිම් ගබ්සාව දක්වා දුර දිගයන කරුණක් බවට පත් වීම ගැන කලින්ලිපියේ සවිස්තරාත්මකව සටහන් කලා . එමෙන්ම අවිදිම,අනපේක්ෂිත ලිංගික එකතුවීම් නිසා ලිංගික සම්ප්‍රේෂන රෝග ව්‍යාප්තවීමද බහුල වශයෙන් සමාජය තුල ව්‍යාප්‍ය්හවේ.ඒ විතරක් නොව තම ලිංගිකඅවශ්‍යතාවන් ගැහැණියකගෙන් සපුරා ගත්පසු ඇය හප කර විසි කරන බුලත් කෙලපිඩක් මෙන් සමාජයට විසි කර අසරණ කරදමන්නන්ද නැතුවාම නොවේ.ඒ නිසාඅතෘප්තිකර ජීවිත ගත කරන,සිය දිවි හානිකර ගන්න ,විවිධ මානසික රෝග වලටගොඳුරු වු කාන්තාවන්ද බොහෝ විටසමාජයේ ජීවත් වේ,
බස්වල,දුම් රියේ යන විට කාන්තාවන් බහුලවශයෙන් දින පතා ජැකී චෑන්ලාගෙන්අතවරයට ලක් වන බව ඔබ දන්නවාද?
බොහෝ විට පාසැල්,රැකි රක්ෂාවලට යන කාන්තාවන්, ගෑණු ළමයි පමණක්නොව පිරිමි ළමුන් මෙන්ම වැඩිහිටි අයද ප්‍රවාහන සේවයේදී ජැකී චෑන්ලාගෙන්අපහසුතාවයට පත්වීම සුළබය. බොහෝ විටකාන්තා පාර්ශවය ජැකි චෑන්ලාගේ ග්‍රහනයටහසු වෙති.ලංකාවේ කාන්තාවන් තුල ඇතිලැජ්ජා බය ජැකි චෑන්ලාගේ පහත් අවශ්‍යතාසපුරා ගන්නට අත් වැලක් වනවා දනොඅනුමානය. ලැජ්ජාව නිසා බස් එකේදීකෝච්චියේදී සිදු වන අතවර විඳ දරාගෙනමුණිවත රැකීමට කාන්තා පාර්ශවය කටයුතුකිරීම නිසා තමන්ට වෙච්ච දේ තවකාන්තාවකට ඊලග දවසේද සිදු වන බව සිතන්නේ නැත.එම තත්වය වලකාලීමටමෙවැනි අවස්තා වලදී ඔහුන් ප්‍රතික්ෂේපකොට ඒ මොහොතේ කෙනෙක්ගෙන් උදව්පැතීම හෝ ඒ මොහොතට උචිත දේ කලයුතුය.
බොහෝ පිරිමි පුද්ගලයන්ගෙන්විමසුවොත් කාන්තාවක් දුෂණය වීමට හේතුව?ඔහුන් පවසයි ගෑණු බාගෙට අඳින එකකියලා.ඇත්තටම හේතුව එය නොවන බවපිළිගත යුතු කරුණකී.කාන්තාවක් දුෂණයවීමට හෝ අතවර වීමට ප්‍රධාන සාධකයලිංගික අධ්‍යාපනයක් තුලින් තමන්ට තමාවපලනය කර ගැනීමට තරම් ශක්තියක් සමහරපිරිමින් තුල ගොඩ නැගී නොමැති කම බවසඳහන් කරමි.සරලම උදා හරණයක් ගතහොත් සති කිහිපයකට පෙර තිබු පත්තරයකලියා තිබුනේ කාන්තාවන් කොටට ඇන්දමදුෂණය වන බව කියන පිරිමි කොට කලිසමක්හෝ ස්කිනියක් ඇඳ පාරක තොටක,ප්‍රවාහණසේවයක ගිය හොත් කාන්තාවන් ජැක්ගසන්නේද?,ඔහුන් දූෂණය කරන්නේද? නැතිබවය.ඉතින් පිරිමි පාර්ශවයට හිතන්නටයමක් ඉතිරි කරමි.
ඕන දෙයක් කලත් නාවලා ගෙට ගත හැක්කේපිරිමින් විතරද?
බොහෝ විට ලංකාව වගේ රටකකාන්තාවන්ට සමාජයේ ජීවත් වන ආකාරයවැඩි වියට පත් වන දා සිට යම්,යම් වාරනයොදා යම් කිසි සීමා මායිමක,රාමුවක කොටුවී ජීවත් වීමට හුරු පුරුදු කිරීමක් සිදුකරයි.එසේ සිදු වන්නේ පිරිමි ඕන දෙයක්කලත් නාවල ගෙට ගත හැකි සංකල්පයඅතීතයේ සිට එන තවත් එක ගොන් චූන්කතාවක් නිසාය.කාන්තාවන් සියයක් පමනයහන් ගත උනත් පිරිමින් නාවා ගෙට ගන්නවානම් ඒ අයිතියම කාන්තාවන්ටද තිබිය යුතුය. පටලයක් නැති වීම නිසා සමාජයේ කොන්දකෙලින් තබා ජීවත් වීමට කාන්තාවන්ට අයිතිය නැති කිරිම අමානුෂිකය.පිරිමිපාර්ශවයට මෙන්ම ගැහැණු පාර්ශවයටදලිංගික අවශයතා සපුරා ගැනීමට සමඅයිතියක් ඇත. පිරිමියෙක් ගැහැණියෙක්සමඟ යහන් ගත වීම පිරිමිකම නම්ගැහැණියෙක් පිරිමියෙක් සමඟ යහන් ගතවීම වශ්‍යාකම ලෙස නොව ගැහැණුකමලෙසම පිළිගත යුතු නොවේද?තවමත්ලංකාව වැනි රටක ගැහැණුන් සංස්කෘතිකරාමුවේ හොවා කුස්සිය මුල්ලේ ,ලිප්බොක්කේ සඟවා ගෙදර වැඩ ටික කරගන්න,තමන්ට ඕන උනාම ඇඳට ගන්නපමණක් අවශ්‍යය බව හිතන පිරිමින් සිටිනසමාජයක ජීවත් වේ නම් ලැජ්ජාවෙන් හෝලිවිය යුත්තේ ඒ සමාජය තවමත් ශිෂ්ඨාචාරගත වී ඇති බව පෙන්වමින් මානසික වහල්සමාජයක ජීවත් වන බවය.
බහුතරයක් පිරිමි ලංකාව වගේ රටකගෙදර අම්මා හට හිතේ තැනක් දී පාරේ යනඅම්මගේ වයසේ ඇන්ටිලගේ පස්සෙන්යනවා.ගෙදර නංගිව පරිස්සම් කරනවා. නංගිගේ වයසේ ගෑණු ළමයින්ට බස් එකේජැක් ගහනවා.පුරුෂ මුලික සමාජයක ,පවුල්සංස්තාව තුල මුලිකත්වය ගන්න පිරිමිපාර්ශවය යම් කිසි වගකීමකින් හික්මීමකින්තම ලිංගික චර්යයා පවත්වා ගත යුතු අතරසියළු කාන්තාවන් ඔබට මෙන්ම හැඟීම්දැනීම් ඇති ජීවින් කොටසක් බවත්,ඔහුන්ලිංගික සෙල්ලම් බඩු මෙන් පරිහරණයනොකල යුතු බවත් අවසාන වශයෙන් සඳහන්කරමි.
S H A N U W I J E T H U N G A ®️
ශානූ විජේතුංග®️