ආදරණීය ෆියෝනා....
මේ ලිපිය ඔයාට ලැබෙද්දිත් මගේ ජීවිතේ ගොඩක් දේවල් මම වෙනස් කරන් තියෙයි.සමහර විට ආයේ නොඑන්නම මගේ බුරුවා එක්ක මම මේ කැලෑවෙන් ඔයාලගේ ජීවිත වලින් ගිහින් තියෙයි.
දන්නවද ෆියෝනා තට්ට තනියම කැලේ මැද ගෙයක් හදන් ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවේ.ඒත් ඒ සතුට සැනසීම මට හරියට වටිනාකමක් ජීවිතේට එකතු කරා. මතකද මම ඔයාට දවසක් කිව්වා මගේ ජීවිත කතාව,නපුරු මිනිස්සු මගේ ජීවිතේ අවුල් කරපු හැටි ..මම වැටුන හැටි....ඉබේම නැගිට්ටුන හැටි......මම කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා ගියේ නෑ ඒවා එක්කම හිත රිදෙන්න ,රිදෙන්න උන් හැටි....මම වැටුනම නැගිටින්න දන්නේ නැති හැටි.... හ්ම්ම්ම්ම්...
ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට ඔය පිස්සු මළ විකාර බුරුවා අහම්බෙන් හම්බුනා.ඌට මගේ පස්සෙන් එන්න එපා කියනකොට ඌ මගේ ගෙදර මගේ හොදම යාළුවා වෙලා නැවතුනා ඌගේ කට හොද නෑ තමා ඒත් ඌගේ හිත හොදයි...
ඉතිං ඔයා හැමදාම කිව්වා වගේ බඩ තඩි කැත රාස්සයෙක්ට ආදරය ගැන හිතන එකත් මහා විහිළුවක් ඒත් එකම,එක දවසක් මගේ හිත ගිය කෙනෙක් මට හම්බුනා...දන්නෙම නැතුව කාලය එක්ක අපි ආදරෙන් බැඳුනා...කැත රාස්සයෙක් ලස්සන කුමාරිකාවට ආදරෙයි කියලා හිතෙනකොට මට බය හිතුනා ඒත් ඒ කුමාරිකාව මට ගොඩක් ආදරේ කරා. මම රාස්සයෙක් බව අමතක වෙන්නම.
අපි ඒ දවස් වල ගොඩක් ආදරෙන් කාලය ගත කලා...හීනම,මේ මහා කැලේ ගස් වල තිබ්බ කොල පාට කොළ ගානටම එකතු කලා... ලස්සන ගෙයක්, පැටව් රොත්තක් එක්ක ජිවිත කාලෙම හැරමිටියෙන් යද්දිත් එකට ඉන්නවා කියලා හීන පිට හීන මැව්වා, ඒත් ඒ හැමදේම කඩාගෙන වැටෙන්න වැඩි කාලයක් ගියේ නෑ.....කුමාරිකාව ව මාළිගාවෙන් සදහටම මගෙන් වෙන් කරන් අරන් ගියා....ඒත් මම මොනා කරන්නද මම කැත බඩ තඩි රාස්සයෙක් ඇහේ කඳුලක් නලියලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී කුමාරිකාව ඈත ගස් අතරින් නොපෙනි ගියා...ෆියෝනා ඔයා හිතනවද මම හිත හදා ගත්තා කියලා.....නෑ මම නොමැරි මැරුනා.
ඉතින් දන්නවද ෆියෝනා එදා මම කැලේ දෙවනත් වෙන්න ඇඬුවා,ජීවිතේ නැති කර ගන්න හැදුවා ඔහේ දවස් ගණන් වැටුන,වැටුන තැන නිදි වැරුවා මට ඇත්තටම ආත්මශක්තියක් තිබ්බේ නෑ නගරෙට ගිහින් මාළිගාවෙන් ගේම ඉල්ලලා කුමාරිකාවගේ අත පතන්න මොකද මම කැත බඩ තඩි රාස්සයෙක් නිසා...
ඒත් මම මගේ හිතට හයිය අරන් වෙස් වලාගෙන බුරුවා එක්ක නගරෙට ආවා නගරයම හරි ලස්සන සකුරා මල් වලින් හැඩ ගැන්විලා....හැම මනුස්සයෙක්ම අලුත් ඇඳුම් වලින් සැරසිලා උන්නා..ඒත් මාළිගාව උඩ මහා මූසල අඳුරු වළාකුලක් නැවතිලා තිබුනා.එතකොට ලග පාත මිනිස්සු කිව්වා ඇහුනා නපුරු මන්තරකාරියක් මාළිගාව අල්ලගෙන කියලා. මම තව කිට්ටු වෙලා බැලුවම මාළිගාවේ සඳළුතලේ මම ආදරේ කරපු කුමාරි ...දෙයියනේ ....ඒ අර මායාකාරි ......ඒකී මාව රවට්ටලා කියලා දැනෙද්දී , මුළු මාළිගයම කුඩු පට්ටම් කරලා දාන්න හිතුනා.ඒත් හිතේ තිබ්බ ආදරේ තරම නිසා මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.මගේ කකුල් පණ නැති වේගෙන එද්දී බුරුවා මාව වාරු කරන් වීදියේ කොනකට එක්ක ආවා...එතන ඉදන් මේ විස්තරේ මම ඔයාට ලියනවා.
දන්නවද ෆියෝනා ඒ නපුරු මායාකාරි මගේ ජීවිතේටම සාපයක් විදිහට ආදරේ හිතේ තැම්පත් කරලා යන්නම ගියා. මම ඒ ආදරේ නිසා නොමැරි මැරෙනවා දැන්...මට සමාවෙන්න මට ඇත්ත ෆියෝනා අදුර ගන්න බැරි උනා...අර නපුරු මායාකාරිත් ෆියෝනා කියලම මට ඒත්තු ගන්වලා තිබ්බේ.... ඒත් මම කරේ ආදරේ කරන එක විතරමයි... දැන් අපි සේරමල්ලා පරක්කූ වැඩී ෆියෝනා....මේ මතක වේදනා අමතක වෙනකම් මම බුරුවා එක්ක පාරක්,පාරක් ගානේ ඇවිද ඇවිද ඔහේ ජීවත් වෙනවා.මට ආයේ කැලේට එන්න බෑ..
ඉතින් ෆියෝනා ඔයාගේ ගිණි මකරිට මගේ බුරු මිත්‍රයා මනාප බව කියන්න ...අපි මේ සංසාරේ කොහේ හරි හමුවෙයි.එතකම් නවතිමි.
මීට
ඔයාගේ බඩ තඩි කැත රාස්සයා
ශ්රේක්

“I'm just wondering why people stay together," I say. "Why they connect in the first place, and what keeps that connection is strong. I want it to be all things inside---who you are,
ReplyDeletewhat you believe. But what if the things on the outside are just as important? When I was little, I was always worried I'd fall in love with someone ugly. Like Shrek. Then I figured that love would make anyone beautiful to me, if I love them enough. I want to believe that. I want to believe that you can love someone so strongly that none of it will matter. But what if it does?”
― David Levithan
+++++
ReplyDeleteකරුණාකර මෆින් මෑන් හමුවන්න...
ReplyDeleteමාර සිතුවිලි
ReplyDeleteමේක මන් දැන් දෙවෙනි පාරට කියවන්නේ, ලස්සණයි !
ReplyDeleteනිදහස් සිතුවිලි
ReplyDelete