ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ රටවල් සමග ආර්ථික, දේශපාලන, ආගමික හා සංස්කෘතික සම්බන්ධතා පැවැත් වු බවට බොහෝ සාක්ෂි ඇත.පුරාණයේ සිටම පෙර අපර දෙදිග වෙළදාමේ ඉතා වැදගත් ස්ථානයක් වුයේ ශ්‍රී ලංකාවයි.යුරෝපය ඇතුලු අපර දිග රටවල් සමගද චීනය,ඉන්දියාව වැනි පෙර දිග රටවල් සමගද වෙළෙඳ ගණුදෙනු පැවැත් වු බවට තිබෙන සාධක නිසා ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල් සමග විදේශ සම්බන්ධතා පැවැත් වු බව සනාථ වේ.
චීනය ඇතුලු පෙරදිග රටවල සිට මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ජේඩ්,සේද,පිඟන් ආදී වෙළද භාණ්ඩ රැගෙන ආ නැව් පහසුවෙන් අප රටට ඇතුලු වු අතර අනෙක් අතින් යුරෝපයේ සිට මධ්‍යදරණී රටවල් හරහා ගොඩබිම් මාර්ග ඔස්සේ පබළු හා ඖෂධ වැනි වෙළද භාණ්ඩ රතු මුහුද සහ පර්සියක් බොක්ක හරහාද ඉන්දියාව හරහා ද අප රටට ගෙනත් ඇත.
වෙළදාම සඳහා පිරිස් මුලින්ම පැමිණ ඇත්තේ ඉන්දියාවට බව විශ්වාස කෙරේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී ඉන්දියාවට පැමිණී කොස්මස් එකල මෙරට පැවති වෙළඳාම පිළිබඳව විස්තර කරමින් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සෑම ප්රදේශයකින්ම ද පර්සියාව,ඇල්බිසීනියාව ආදී රටවලින්ද වෙළඳ නැව් පැමිණි බව දක්වා ඇත. 1 වන විජයබාහු රජු දවස බුරුමය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා පැවති බවත් බොහෝ සාර වු ධන සමුහයක් බුරුම රටට යැවු බවත් විසිතුරු වස්ත්‍ර,සුවඳ විලවුන් හා කපුරු ආදී වු නොයෙක් වස්තූ පිරවු නැව් ශ්‍රී ලංකාවේ තොටුපොළවල් වෙත ළගා වු බවත් වංශකථාවලින් හෙළිදරව් වේ.
එකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් පහත රෑපයෙන් දැකවේ....
•මාතොට
•ගෝකණ්න
•දඹකොළ පටුන
• ඌරාතොට
•දේවනගර
• ගොඩවාය
ඉහත වරායක් වලට රෝම,පර්සියානූ,අරාබි,ඉන්දීය,චීන හා මැලේ ආදී වෙළඳ නැව් පැමිණ ඇත.
චීනය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබදතා පවත්වාගෙන
ඇති අතර එකල චීන වෙළදුන් මෙරටට ගෙනා චීන පටපිළි වර්ග ලංකාවේදී පර්සියානු වෙළෙඳුන් විසින් චින්නුන්ගෙන් මිලට ගෙන රෝමයට ගෙන ගොස් යුරෝපිය වෙළඳුන්ට අලෙවි කර ඇත.චීන වංශ කථා අනුව ශ්‍රී ලංකා දූත කණ්ඩායම් වරින්වර මෙහි සිට චීනයට ගොස් ඇති අතර මොහුන් විසින් මුතු,මැණික්,ඇත් දත් හා ආභරණ ආදී භාණ්ඩ චීනයට ගෙන යනු ලැබූ බව සඳහන් වේ.චීන ජාතික පාහියන් හිමි ක්‍රි.ව. 411 දී පමණ ලංකාවට පැමිණ ඇත්තේ මෙම සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙස යැයි විශවාසයක් ඇත.
පුරාණයේ ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සම්බන්ධතා පැවැත් වු රටවල් අතර රෝමයද වැදගත් වේ. ක්‍රි. ව. පළමු වන සියවසේ සිට පස් වන සියවස දක්වා කාලය තුල රෝම වෙළඳුන් වෙළඳාම සදහා ලංකාවට පැමිණ ඇති බව පැරණි පොත පතේ සඳහන් වේ...භාතිකාභය රජු රෝමයෙන් රතු කොරල් ගෙන්වා ගැනීමත් මාතොට,දෙව්නුවර, කල්පිටිය ආදී තොටුපොළවලින් සහ අනුරාධපුර,මිහින්තලය හා සීගිරිය වැනි ප්‍රදේශවලින් රෝම කාසි හමුවීමත් ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය.
එකල වෙළඳ සබදතා පැවැත්තු වෙළඳුන් ශ්‍රී ලංකාව හැදුන්නූ නම්....
•ග්‍රීකවරු- තැප්‍රොබෙන්
•අරාබිවර්ය්- සෙරන්ඩිබ්
•ඉන්දියානුවන්- තම්බපණ්ණී, රත්නදීප
• ක්‍රි.ව. 2 වන සියවසේ දී ග්‍රීක ජාතික ටොලමි විසින් අඳින ලද ලෝක සිතියමේ ශ්‍රී ලංකාව "තප්රොබානා" යනුවෙන් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සමඟ විවිධ රටවල් පැවැත් වු විදේශ සබඳතා වර්ධනය වීමට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම බලපා ඇත ..එය මෙසේ දැක්විය හැක.....
•ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටීම.
•ඉන්දියාවට ආසන්නව එහෙත් ඉන්දියාවෙන් වෙන්ව පිහිටි දුපතක් වීම.
•පෙර අපර දෙදිග සම්බන්ධ වු මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක
පිහිටීම.
•මෝසම් සුළන් ආශ්රිත දියවැල් ගලායන මාර්ගයේ පිහිටීම
• ස්වාභාවික වරායන් හා තොටුපොළවල් රාශියකින් යුක්ත වීම.
•ඉන්දියාව,චීනය,ග්‍රීසිය,රෝමය,ඊජිප්තුව වැනි පැරණි ශිෂ්ටාචාර පැවති රටවලට සාපේක්ෂව මධ්‍යගතව පිහිටිම.
-සේද මාර්ග සිතියම-
ඉතිහාසය පාඩමක් කාලෙකින් කියෙව්වා :)
ReplyDeleteහොද ළමයා :)
Deleteහොද වටිනා ලිපියක් !!
ReplyDeleteස්තූතී ඔබට
Delete10, 11 වසරවල ඉගෙනගත්ත ඉතිහාස පාඩම මතක්වුනා.
ReplyDeleteලොකු බබාලට වගේම පොඩි බබාලටත් වටින නිසයි කසුන් මල්ලී බ්ලොගේ ඉතිහාස විස්තර කොටු කරන්නේ
Deleteඔන්න අපි ආවා අපේ ඉතිහාස ගුරුතුමියගේ ඉතිහාස පංතියට.
ReplyDeleteවටිනා කරුනු කිහිපයක්ම තිබෙනවා...
මනෝ මල්ලී ඉතිහාස පන්තියට සාදරෙන් පිලිගන්නවා! බොහොම ස්තූතී
Delete:) සමාජ අධ්යයයයන පාඩම් ටික මතක් වුනා...
ReplyDeleteඒකනේ හොද මතක ආවර්ජනයක්
Deleteඅඩේ මට මේක මිස් වෙලා මිස් වෙලා කියන්නෙ එකක් වත් මගෙ අප්ඩේට් වෙලා නැ
ReplyDeleteමුල ඉදන්ම කියවන් ආව
ඉස්කෝතුයි ඈ...
ආයෙ අන්ෆලෝ කරල ෆලො කරල බලන්නං ආයෙ එකක් දාද්දි මට ලිංක් එක ඉන්බොක්ස් කරන්න මිස් කරගන්න බැරුවා...
අප්ඩේට් නොවුනොත් හදාගන්න ඕන
මහියා දැන් හරිනේ
Deleteහොද කෙටි විස්තරයක්
ReplyDeleteස්තූති කුරැටු
Deleteඉස්කෝලෙ යද්දි ඉතිහාසෙ ඉගෙනගත්තා මතක් උනා. නියමයි. හොද විස්තරයක්..........
ReplyDeleteබොහොම ස්තූතී අවංක මල්ලි
Deleteඅඩේ 10 වසරේත් හරියටම මේ වෙලාව වෙද්දී ඉතිහාසය පාඩම් කරනවා.. ඒක මතක් උනා මේ සටහන කියවද්දී.
ReplyDeleteආ ...ඒකනේ කියන්නේ... ඉතිහාසෙත් ඉගෙන ගමු මේ පැත්තෙන්
DeleteVery useful.thankS a lot.
ReplyDeleteVery esucational...thanks alot..this helped for my student...
ReplyDelete