ක්‍රිස්තු වර්ෂ පළමු සියවස වන විට හුණු ගලින් හා කළුගලින් බුද්ධ ප්‍රථිමා නෙළීමට ආරම්භ කර ඇතැයි විශ්වාස කෙරේ.එමෙන්ම බූදු පිළිම තුලින් බුදුන්වහන්සේගේ කරුණාව ,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කිරිම තරම් තාක්ෂණිය ශිල්පීය දැනුම,ප්‍රතිභා ශක්තිය හා කලා කෞෂලය ඉතාම උසස් මට්ටමක පැවති බව පෙන්නුම් කෙරේ..
නිදසුන්:
* අති විශාල හිටි පිළිම
1.අවුකන හිටි පිළිමය
2.සැස්සේරුව හිටි පිළිමය
3බුදුරුවගල හිටි පිළිම්ය
4මාළිගාවිල හිටි පිළිමය
1.සමාධි පිළිමය
2.තොළුවිල පිළිමය
3.තන්ත්රිමලේ පිළිමය
එමෙන්ම පොළොන්නරුවේ ගල් විහාරයේ සෑතපෙන පිළිමද නිදසුන් ලෙස ගත හැක.
1.මිහින්තලේ කණ්ඨක චෛතයේ ඇති වහල්කඩ වල ඇති සත්ව රූප,කල්පලතා,කල්ප වෘක්ෂ,පුන්කළස් ආදියද,
2.දොරටුපාල රූප
3.කොරවක්ගල්
4.අශ්ව හිස සහ මිනිසා
5.ඉසුරුමුණි පෙම් යුවළ
දැක් විය හැක.
එමෙන්ම රජ මාලිගා තැනීමේදීත් බලකොටු තැනීමේදීත් දියුණු තාක්ෂණික ක්‍රම බාවිතා කල බවට නිදසුන් ලෙස,සීගිරිය හා යාපහුව බලකොටු දැක්විය හැකිය.එමෙන්ම ආසියාවේ ඇති වැදගත්ම පුරාවිදයාත්මක ස්ථාන වලින් එකක් ලෙස සැලකෙන සීගිරිය අපූර්ව තාක්ෂණික නිර්මාණයක් බවට පත් වුයේ එහි රජ වු කාශයප රජුගේ( ක්‍රි.ව.473-491) කලා කෞශලය පිළිබද හසල දැනුම තිබු නිසා බව විශ්වාස කෙරේ.
[[සීගිරි රජ මාළිගය,රාජ සභා මණ්ඩපය,ජල උදයාන,ශිලා උදයාන,මාලක උදයාන සහ දිය අගල් කොටු පවුරු ආදියෙන් යුක්ත විය.දැනට ඉතිරිව ඇත්තේ ඒවායේ නටබුන් පමණි.සිගිරි බිතු සිතුවම් කාශයප රජු සමයේ කලා කෞශලය හා තාක්ෂණික දැනුම විදහා දක්වන අංගයක් ලෙස සැලකිය හැකිය.ලෝ පතළ කීර්තියක් උසුලන මේ බිතු සිතුවම් අදටත් සුරක්ෂිතව පවතින්නේ චිත්‍ර ඇදීම සදහා භාවිතා කර ඇති වර්ණ ආලේප වල තිබු ගුණාත්මක බව නිසාය. ඒ ලෙසම කලා කෞශලය අතින් සීගිරිය විශිෂ්ඨත්වයට හේතු වී ඇත්තේ සීගිරි බිතු සිතුවම් සහ සීගිරි කැටපත් පවුරත් සීගිරියට පිවිසීමට සකස් කර ඇති සිංහ සෝපානයත් නිසාය.සීගිරි බලකොටුව වටා දිවෙන දිය අගල් සංකීර්ණය භුගත ජල නල පද්ධතියක් සමග සම්බන්ධ වීමෙන් ජල තාක්ෂණය පිළිබඳව එකල පැවති ශිල්පීය දැනුම විදයාමාන වේ.]]
අනුරාධපුර වාහල්කඩ වලත් සිතුල් පව්වේ කරඹගල ලෙන්වලත් පැරණි චිත්රවල නටඹුන් අදටත් දැකිය හැක. සීගිරිය අසල ඇති පිදුරන්ගල විහාරයේ ඇති චිත්රද අප රටෙහි චිත්‍ර ශිල්පීන් දේශිය චිත්‍ර කලාව වැඩිදියුණු කරගෙන අඳින ලද චිත්‍ර වලට නිදසුන්ය.මෙවැනි ලෙන් බිතු සිතුවම් ඉන්දියාවේ අජන්තා ගුහාවල ද දක්නට හැකි අතර කල්පවත්නා වර්ණ බාවිතාවට අප රටේ ශිල්පීන් කොතරම් දක්ෂයෝ දැයි අභයගිරි කැනිම් වලදි හමු වු වර්ණ ආලේපිත උළු වල වර්ණ මැකි නොතිබීමෙන් කිව හැක.
_____වෙද කම____
අතීතයේ වෙද කමටද රාජානුග්රහයද ලැබි ඇත.පුරාවිද\යාත්මක,සාහිත\ය මුලාශ්රවලින් පැරණි දේශීය වෛද\ය ක්ෂේත්රය සංවිධානය වු ආකාරය වටහා ගත හැකිය.බොහෝමයක් තැන් වලින් හමු වි ඇති රෝහල් නටබුන්වලින් අනුමාන කළ හෑක්කේ එකල වෛද\ය ශාස්ත්‍රය විද\යාත්මක දුයුණුවක් ලබා තිබු බවය.අද භාවිතා වන වෛද\ය උපකරණවලට සමාන ව එදා තිබු තාක්ෂණය මත නිපද වු ශල\ය වෛද\ය උපකරණ පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනිම්වල දි පැරණි රෝහල් සංකීරණයෙන් සොයාගෙන ඇත.
කැනීම්වල දී හමු වු නටබුන් අතර බෙහෙත් ඔරුවක්ද විය .එය මිටර් 2.5ක් පමණ දික් වු ඔරුවකි. සර්පයන් දෂ්ට කළ රෝගීන් සුව කිරීම සදහා බෙහෙත් යුෂවල ගිල්වා මේ බෙහෙත් ඔරුවේ සතපවා ප්‍රතිකාර කර ඇතැයි විශ්වාස කෙරේ
එකල රජවරු වෛද\ය ක්ෂේත්රයට දැක් වු අනුග්‍රහය
*භික්ෂුන් හා මහා ජනතාව සඳහා වෛද\යවරු පත් කිරිම.(බුද්ධදාස රජතුමා ගම් දහයකට එක් වෛද\යවරයෙක් බැගින් පත් කළ බව මහාවංසයේ සඳහන් වේ)
*රෝහල් හා සෞඛ\ය මධ\යස්ථාන ඇති කිරිම(1 වන අග්බෝ,1 වන සේන,2 වන සේන,5 වන කාශ\යප හා 1 වන පරාක්‍රමබාහු ආදි රජවරු රෝහල් පිහිටුවා නඩත්තු කල බව ,අනුරාධපුර,මිහින්තලය,පොලොන්නරුව ආදි ස්ථාන වල කරන ලද කැනීම් වලින් හමු වු තොරතුරු සනාත කර ඇත එමෙන්ම මාළිගාවිල ඇස් රෝහලක් තිබු බවට තොරතුරු ද හමු වී ඇත.)
*වෛද\යවරුන් පුහුණු කිරිම
* සර්ප වෙදකම හා ප්‍රසූත වෙද සේවාව දියුණු කිරිම.
*වෙද පොත් ලියා වෙදුන් අතර බෙදා හැරීම.
*අංග විකල රෝගින්ට වෛද\ය පහසුකම් ලබා දීම(බුද්ධදාස රජු මේ සම්බන්දව කරන ලද කටයුතු පිළිබඳ මහාවංසයේ සඳහන් වේ)
* වෛද\යවරුන් නඩත්තුවට ගම්බිම් වෙන් කිරිම.
*ඔසු උයන් ඇති කිරිම(මෑත කාලයේදි පුලස්ථි ඉශිවරයාගේ පිළිරුව අභියස ඔසු උයනක් තිබු බවට සාධක සොයා ගෙන ඇත)
ප:ලි >>>>>
කැනිම් වලින් සොයා ගත් වෙද ආයුද ලෝහ වලින් නිපදවා තිබු බවත් ,ලෝහ කර්මාන්තය එවකට පරිපුර්ණ කර්මාන්තයක් වී තිබු බවට සාක්ෂියකි,එමෙන්ම ලෝහ උණු කර සදා තිබු අවලෝකිතේශ්වර බෝසත් පිළිමය වෙහෙරගලින් හමු වීම හා අභයගිරි කැනිම් වලින් ලෝකඩ කාසි හමු වීමද ලෝකඩ කර්මාන්තය සුවිශේෂි තැනක තිබු බවට සහතික කෙරේ.
කැනිම් වලින් සොයා ගත් දෑ
*වටිනා ලෝහ ,මැණික් ,විවිධ පාෂාණ වර්ග
* පබළු හා ආභරණ
*'' හස් එබු කසා පන ''නැමැති කාසි
*ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කෙරු කෝව හා උදුන
*දේශීය පිගන් හා වීදුරු භාණ්ඩා
*වර්ණාලිප්ත උළු
මේ ලිපිය ලිවීමට උවමනාව තිබුනද මගේ ලැප් රාජයා මිය ගිය හේතුවෙන් පින්තූර ඇලවීම ඇපලයාගෙන් කීරිමට අපහසු කාර්යක් වු නිසා දවසින් ,දවස මේ ලිපිය පල කිරිමට කල් ගත විය.නමුත් හැකි උත්සහයක් දරා පින්තූර අංක යොදා අලවමි' එයින් සිදු වු අපහසුතාවයක් වේ නම් කණගාටු වෙමි....මුර්තජ යයන්න ටයිප් කිරිමට \y මෙලෙස උත්සහා කරද එය එසේ ටයිප් වන්නේ නැත,දන්නා කෙනෙක් සිටි නම් උදව් කරත්වා...ස්තූතී
අඩේ ඉතින් මේවා කටපාඩම් කරලනේ " A " එකක් දා ගත්තේ කෝම හරි විභාගෙට..
ReplyDeleteඒ උනාට දැන් ප්‍රශ්ණ අහන්න ඔට්ටු නෑ හරිය..
අෆ්ෆා මට නම් B එකක් බං....හාකෝ ප්‍රශ්ණ නොඅසමි
Deleteඅඩේ අපි ඉතිං ඇපල ගැන දන්නැතුව... ඇන්ඩ ගැන වත් ඇහැව්ව නං කියන්න තිබ්බ...
ReplyDeleteඇපලට එන්නෙ හෙළකුරු නෙවීනෙ...
බ්ලා බ්ලා බ්ලා..
/ ඉර වැදිල නැත්තං ලිපියෙ අවුලක්ම නෑ.... ඇත්තට කොහොමත්ම අවුලක් නෑ... මොකද ඉස්පිල්ලක් පාපිල්ලක් එහෙ මෙහෙ වුණා කියල වචන අදුන ගන්න පුුලුවං නෙව...
ඉතිහාස ටීචල දෙන්නෙක් ඉන්නව නේහ් එතකොට..
හොදා හොදා
හ්ම්ම්ම් විශාරදයෝ ඇවිත් "ය" යන්න ගැන කියයි කියලයි සිද්ධ වෙච්ච දේ ලිව්වේ ස්තූතී මල්ලි
Deleteඑකියක් ලෝක ඉතිහාසය පවසන විට, අනිකා ලාංකීය ඉතිහාසය පෙලගස්වයි.. ස්තුතියි බොලව්..
ReplyDeleteජ ය වේ වා !!
්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය
විදානේ මලය කියන්නේ සයුරියා ගැන වෙන්ට ඕනා, මේ දේවල් කියවන අය අඩු උනත් දෙතුන් දෙනෙක් හරි ඉන්න එක ගැන නම්සතුටුයි
Deleteගොඩක් දන්නෙ නැති දේවල් තියෙනව අපි ඉතිහාසය ගැන..මේවගේ දේවල් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නැහැ..
ReplyDeleteඇත්ත ඉතිහාස තොරතුරු නම් මටත් කවදාවත් ඇති වෙන්නේ නෑ
Deleteහම්මේ මට දිරවන්නෙම නැති ගිරා සබ්ජෙක්ට් එක. හැබැයි ලිපිය වටිනව ශානු අක්කෝ....
ReplyDeleteසැහ්... මගෙනං පේවරිට්ම සබ්ජෙක්ට් එක.. :D
Deleteමගෙත් ආසම සබ්ජෙක්ට් එක, හැබැයි ළමයින්ට ඉතිහාසය,සමාජ අධ්‍යනය වහා කදුරු උනේ උගන්නපු ගුරුවරු ඉගැන්නු ශෛලය නිසා කියලයි මට හිතෙන්නේ,
Deleteඒ කාලෙ පාඩං කරපුවා... අමතක වෙලා තිබ්බ ඒවා නැවත මතක් කරල දුන්නට ස්තූතියි..
ReplyDeleteඔයාලවත් මේවා කියවන්න කැමති වීම ගැන සතිටුයි මල්ලි
Deleteඅදමද කොහෙද මන් මෙහෙට රිංගුවේ, හොඳ නවාතැනක් වගේ, බුදු පිළිම කලාව කියන්නේ මගේ සාමාන්‍ය පෙළ චිත්‍ර කළා ඉතිහාසයේ උඩින්ම තිබුන මාතෘකාවක්, ඕවාට මම නම් බස්සි අක්ක වගේ ගිරව් දැම්මේ නෑ මොකද අන්ගේම තිබුනා, ඒ කියන්නේ නිකන්ම කියවද්දී ඇඟට ගියා වගේම තාමත් මතකයි. ඒ මතකය අවධි කලාට ඔබට තුති.
ReplyDeleteපළමු බුදු පිළිමය කවදා කොහොම කොතන නිර්මාණය වුවාදැයි කිව නොහැකි අතර ඊට පෙර වජිරාසනය , ශ්‍රී පතුල්, ආදියට වන්දනා කල බවක් තමා පෙනෙන්නේ, නමුත් ඉතිහාසය දිහා බැලුවම කොසොල් රජතුමා බුදුහාමුදුරුවන්ගේ සදුන් ලීයෙන් කල පිළිමයකට බුදුහාමුදුරුවෝ ජීවමානව සිටියදී වැඳුම් පිඳුම් කල බන කියවෙනවා, ඒ වගේම බිම්බිසාර රජතුමාත් බුද්ධ රූපයකට වඳ බවක් සඳහන් වෙනවා, ජපානයේ ෂාකාදෝ පිළිමය ජීවමාන බුදුන් දෙස බලා කරවුවක් බවයි එරට වැසියන්ගේ මතය, ඒ වගේම ඉන්දියාවේ කනිෂ්ක රජතුමා කාසි වල බුද්ධ රුපය හා යටින් බුද්ධ කියන වචනය යෙදු බව සඳහන් වෙනවා වගේම එවන් කාසිත් හමුවෙලා තියෙනවා.
බුදු පිළිමය හින්දි, හිටි හා සැතපෙන කියන මුලික ආකාර තුනට බෙදුනට ඒවාගේ තියෙන කළා සම්ප්‍රදායත් එක්ක ඒ ඒ බුදුපිලිමයෙන් බුදුහාමුදුරුවෝන්ගේ ඉස්මතු වෙන ගුණයන් එකිනෙකට වෙනස් වෙනවා, ඒ නිසා ඒ කළා සම්ප්‍රදායන් ගැන කතා කරද්දී අමරාවතී, මතුරා, ගන්දාර, හා ගුප්ත කියන මහා කළා සම්ප්‍රදායන් (ගුරු කුල) විදියට හදුන්වන්න පුළුවන්, එතකොට
මතුරා සම්ප්රදාය ගැන කියද්දී මේ පිළිම ක්‍රි. පූ 2 වන සියවසේ සිට ක්‍රි.ව 1 වන සියවස අතර ඉන්ධියාවේ මතුරා ප්‍රදේශයෙන් තමා බිහිවෙන්නේ, මේ පිළිම වල මුහුණ වටකුරු වෙන අතර පෙනුම තරබාරුයි, අරුණු දෙනෙත් හා දෙතොල් තියෙන අතර ප්‍රදානම ලක්ෂණය ඇඟට ඇලුණු චීවරයයි.
ගන්ධාර සම්ප්රදාය
ක්‍රි.ව 1 සිට 3 අතර ග්‍රීක හා ඉන්දියානු සම්ප්‍රදායන් මිශ්‍ර වීමෙන් නිර්මාණය වුවක්, මේ පිළිම වල ඇසි බම තියුණු අතර දෙතොලගින් සිහින් සිනාවක් නිරුපනය වෙනවා.
ගුප්ත සම්ප්රදාය
ක්‍රි.ව 4-6 අතර මතුරා හා ගන්දාර කළා සම්ප්‍රදායන් ගේ මිශ්‍ර වීමකින් නිර්මාණය වුවක්, වඩාත්ම බුදුහාමුදුරුවන්ගේ අධ්‍යාත්මික ලක්ෂණ තමා නිරුපනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ, අඩවන් දෙනෙත, සිහින් සිනහව හා ඇඟට ඇලුණු චීවරය කැපී පෙනෙන ලක්ෂණ.
අමරාවතී සම්ප්රදාය
ක්‍රි.ව 2-4 කාලය තුල සෑදුනු මේ කලාවේ ලක්ෂණ තමා හිස පටු දිගටි, කැරලි සහිත හිස කෙස්, රැලි සහිත දකුණු උර විවුර වූ සිවුර යනාදිය.
තව මහා ගැඹුරට මේ සම්රදායන් ගැන කතා කල හැකි, ඒ වගේම මේ පිළිම වල හස්ත මුද්‍රා ගැන ගත්තම
අභය මුද්‍රාව - කරුණාව ශාන්තිය මෙත් ගුණය යමෙකුට ප්‍රකාශ කරන අයුරු
විතර්ක මුද්‍රාව - ධර්ම ගැටළු විසදන අයුරු
ධර්ම චක්‍ර මුද්‍රාව - ධර්මය දේශනා කරන අයුරු
ධාන්‍ය මුද්‍රාව - සිත එකඟ කරන අයුරු හා බාවනා කරන අයුරු
භුමි ස්පර්ශ මුද්‍රාව - තමා ලබා ගත සත්‍යාවබෝධයට මහපොළව සාක්ෂී කියන්නාක් වැනි දෙයක් පෙන්වීමට
වරද මුද්‍රාව - පුද්ගලයකුට දෙයක් පෙන්වා දෙන ආකාරය
ව්‍යාඛ්‍යාන මුද්‍රාව - ගැටළු විසදීම
හා තවත් එතරම් බහුලව යෙදී නැති මුද්‍රා දක්වන්න පුළුවන්.
සොමියා සාදරෙයන් පිළිගන්නවා! බොහොම ස්තුතී කමන්ටුවට මමත් නොදැන හිටි කරුණු කිහිපයක් දැන ගන්න ලැබුනා
Deleteමමත් ආස විෂයක්.. ඉස්සර අපි ඉතිහාසේ ඉගෙන ගත්ත හැටි මතක් වුනා.. වටින් ලිපියක්..
ReplyDeleteස්තූතී තුශා...මටත් මේවා ලියද්දි අපි ඉගෙන ගත්ත හැටි මතක් වෙනවා,
Deleteනියමයි ශානුවෝ...පුරා විද්‍යා තොරතුරුත් දාන එක හරිම වටිනවා. ඔය පොළොන්නරුවේ ගල් විහාරේ තියනවා නේද අර ඇත දෙක බැඳගෙන වගේ හදල තියන හිටි පිළිමයක්...කට්ටිය කියනවා ඒ ආනන්ද හාමුදුරුවෝ කියලත්. අන්න ඒ තරම් ලස්සන පිළිමයක් මම දැකලම නැද්ද කොහෙද. ගල්වලින් නෙළුවත් මූනෙ හැඟීම් පවා ලස්සනට අරගෙන තියනවා.
ReplyDeleteස්තූති සයුරියා,හෑ ඒ ආනන්ද හාමුදුරුෙවා් කියනවා, මම නම් අදයි ඇහැව්ෙව් සමහර විට ෙවන්න පුළුවන් අච්චර කාලයක් පරාක්‍රමබාහු රජ තුමා කියපු පිළිෙම් දැන් පුලස්ථි ඉශිවරයෙග් කියන්ෙන් ...ඔය ෙපාෙළාන්නරුව ගල් වඩුවන් ගේ නම් පුදුම හැකියාවක් තිබිලා තියෙන්නේ ,ඒ පිළිම තරම් ලස්සන සමටසිලුටු පිළිම මම කොහෙවත් දැකලා නෑ
Deleteශානු වෝ..කට්ට කාගෙන ඒ කාලේ මේවා කටපාඩම් කරපු හැටි මතක් වුන බන්...
ReplyDeleteබොහොම වටිනා කියන විස්තර ටික...
ඔව් බං කියලා වැඩක් නෑ.....ඒත් කියෙන් කී දෙනාටද අද මෙව්වා මතක
Deleteමමත් මෙහාට මුලින්ම ඇවිත් තියෙන්නේ අද වගේ. ඔන්න මම මේ අඩවිය මගේ බ්ලොග් රෝලට දාගන්නවා. මමත් ආසා කරන විෂයයක්.
ReplyDeleteමේ විෂයය ගැන දැනුමක් තියන එක්කෙනෙක් මගේ ලොකුදුව. ඇය ඉතිහාසය පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණය පිලිබඳ උපාධිය හැදෑරුවේ රජරට විශ්වවිද්‍යාලයේ. පශ්චාත් උපාධියත් අවසන් කරලා දැන් එම්එස්සී උපාධියට සූදානම් වෙනවා.
ස්තුතියි මේ ලිපියට මගේ ලිපියකුත් සම්බන්ධ කිරීම පිළිබඳව.
ඔබ සිංහල ලිවීම සඳහා පාවිච්චි කරන මෘදුකාංගය මොකක්ද? යංශය ටයිප් කිරීමට අපහසුවක් තියනවාද? එමෙන්ම මාතෘකාවේ රෝම ඉලක්කමෙන් දෙක II දැක්වීම සඳහාත් අපහසුද? මමනම් බ්ලොග් ලිවීම/කමෙන්ට් ලිවීම සඳහා පාවිච්චි කරන්නේ google input tools මගින් දෙන ඉස්කෝලපොත ෆොන්ට් එක. එහිදී වෛද්‍ය යන වචනය ටයිප් කරන්නේ මෙහෙමයි waaidya ශල්‍ය = shalya, විද්‍යා = widya
සාදරෙන් පිලිගන්නවා විචාරක අංකල්....ඔව් මට ඔය අකුරු වල ගැටළුවක් තියෙනවා...මම පාවිච්චි කරන අයි පැඩ් එකේ සින්හල ටයිපින් ඇප්ස් එකේ ඔය අකුරු කොටන්න එක ගැටළු සහගතයි
Deleteශානු ගේ මේ පෝස්ටුව මම සේව් කරගත්තා මගේ පොඩි එකාගේ මතු ප්‍රයෝජනයට...
ReplyDeleteකවද හරි ප්‍රයෝජනවත් වෙයි ...සන්තෝසයි....
Delete