ඔයාගේ උණුසුමට ගුලි වෙන්න පෙරුම් පිරුව හිත ඒ සුව පහසු උණුසුම ලග සැනසෙද්දි ඔයා මටත් හොරා යන්නම යන්න ගියා වගේ එක පාරමටම අතුරු දහන් වෙද්දි සත්තයි හිතට දැනුනේ පුදුම විදිහේ අපහසු බවක් ඒත් කාලයත් එක්ක අවුරුද්දේ මාස ගානක් හරි ඔයාගේ උණුසුම ලග දැවටි දැවටි ඉන්නවත් වරම් ඇති නිසා, මම හිත හදා ගත්තේ වෙන කරන්නම දෙයක් නැති නිසා කියලා ඔයාට නිකමටවත් හිතෙනවද මම තවම දන්නේ නම් නෑ...ඒත් මේ හිත,ගත හොයන ඒ උණුසුම තියෙන්නේ ඔයා ලග විතරයි කියලා හිතෙද්දි සීතලින් ගැහෙන මැදියම් රෑක මට ඔයාව සිහි වෙන්නේ නිරායාසයෙන්ම.......
මට ඔයාගේ උණුසුම් ආදරය දැනෙන්න ගත්තේ යාන්තමට බහ තෝරන වයසේ උනත් ඔයත් එක්කම ලොකු වෙච්ච මම මුහුදු හතක් පහු කරලා ජීවිතේ අලුතින් පටන් අරගෙන අවුරුද්ද,දෙක ගත වෙද්දි සත්තයි මට ඔයාගේ ආදරේ ඕනවටත් වඩා දැනෙන්න ගත්තා මගේ වාසනාවකට ඒ මුහුදු හත පැනලා ඔයාට මා ලගට එන්න තරම් දෛවය මට කරුණාවන්ත උන එක නම් මගේම වාසනාවක් .....
ඔයාට තිබ්බ වැඩ කටයුතු එක්ක මම දන්නවා මට වඩා ලෝකයා ඔයා ගැන මහා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටිය බව ඒත් ඔයාගේ උණුසුමට මම ඕනෑවටත් වැඩියේ ලෙන්ගතු උන නිසාම නිතර දෙවේලේ හිත,ගත දෙකම ඔයාව හොයන්න ගත්තා.........ලගින් තියා ගන්න හිතුවා..........

මට මතකයි ඉද හිට විදි දිගේ ඇදෙන දෙනෝදාහක් මිනිසුන්ගේ දෙනෙත් මුලා කරලා ,හැංගි හොරා උදේ පාන්දර ලේසියෙන් නගින්නට පුළුවන් මගේ කාමරයේ පුංචි මල් වලින් පිරිච්ච බැල්කනියට ඔයා ගොඩ වැදිලා වීදුරු දොරෙන් හීන් සීරුවට මටත් නොදැනිම කාමරෙයට ඇතුලු වෙලා හැල හොල්මනක් නැතිව ටිකෙන් ටික මගේ ලගට ඇවිත් මගේ කම්මුල් පුරා තැවරු ඒ උණුසුම් හාදු
සත්තයි තවමත් මට මතකයි අද ඊයේ වාගේ. ඒ විතරක්ද,ඒ වෙලාවට මගේ ඇස්දෙක ලග තෙරපෙන නින්ද හීන් සැරේ ඉවත් වෙලා ඔයාගේ උණුසුමත් එක්ක හිත ප්රබෝධමත් උන හැගීම විද ගන්න මම තවමත් මග බලාන ඉන්නවා. ඔයාගේ උණුසුමට ගුලි වෙන්න ලෝභ උන ඒ හැගීම අදටත් හිත සලිත කරන හැගිමක්.......

හැම අවුරුද්දෙම ශිත සෘතුව පටන් ගද්දිම ලෝක සවාරිය යන්න ඔයා ලක ලෑස්ති වෙන බව මන් කල් තියාම දැනන් ඉන්න නිසා ඔයාගේ වෙන්විම දැන් දැන් හිතට හුරු පුරුදු වෙලා උනාට ඔයා ගැන අහල පහලින් ඇහෙන කතන්දර මේ හිත කොහොම ඉවසන්නද? සමහරු කියනවා ඔයා මේ නගරයෙන් පිට වෙලා ඉන්න තරමට මේ පලාතට හොදයිලු....තවත් සමහරු මම වගේම ඔයා මේ නගරයේ ඉන්නවට කැමති...........මම දන්නවා මේ වෙන්වීම ගොඩක් දිගු කාලයකට නොවන බව ඒත් පුරුද්දකට වගේ ඔයාගේ හෙවනැල්ලක සේයාවක් වත් විදියේ කොනක දකිනකම් ඔයා මටත් හොරෙන් ගොඩ උන ලස්සන පුංචි මල් වලින් පිරිච්ච බැල්කනියට වෙලා තවමත් මම මග බලන් ඉන්නවා..ඒ ඉද්දි ඔයා ලග ලගම එන බවට ඔයාගේ සුවද පිරිච්ච,උණුසුම් සුළන් කැරලි කනට කොදුරන රහස් වලට මේ හිත පොපියන තරම්,අවට පරිසරයට දැනිලාද කොහෙද ගහකොල දළු දාලා,මල් පිපිලා සියතුන් ගී කියන්න පටන් අරන්.......
ඉතින් දැන් ඇති දුරස් වෙලා හිටියා හනි හනිකට එන්න.......
ඉතින් දැන් ඇති දුරස් වෙලා හිටියා හනි හනිකට එන්න.......
රවි නොහොත් හිරු කුමරු ගැන ශිත සෘතුවේ හිතලට ගල් වෙච්ච මගේ හිතට මෙහෙමත් හිතුනලු ඕං........