සංසාරගත කතා අතර මම,නුඹ අපි මුණගැහීම, මම අදහමි.ඒ අන්ධ භක්තිමත් බව ජීවිතය පවා අතැර යෑමට තරම් වේදනාවක් බව පසක් කරමි...ජීවිතය කුමක් දැයි කීමට මම නොදනිමි...මුල සිටම මුලට අකටයුතුකම් උවහොත් ගසක් උඳුරා බිම වැටෙන බව මම දනිමි.ඉතින් මම උඳුරා බිම පතිත වූ අතීත කතා සිහි කරමි...
ප්‍රථම පතිත වීම පොඩි කෙල්ලක්ව සිටියදී නපුරු හීනයක් සේ මට අදටත් මතකය.ඒ අන්ධකාර මූසල රාත්‍රිය අදටත් ආත්මය දවාලන වේදනාවක් යැයි මම ලියමි. අතරින් පතර ගස් වල කොල අතරට වැටුන ගල් කැට වන් වතුර බිංදු වල ශබ්දයට මූසලය,මම අදටත් අකැමැතිය.සුසුම පවා සිර වී හදවත මොහොතකට නවතා හිසෙහි කේශ නාලිකා හිර වැටි ගිය හැටිද හොඳටම මතකය.ඉතින් මම ලෝකයටම රහසින් වැටුනී....
පුංචි ගස් වැටුනම නැවත සිටවා පිලිසකර කරලීමට හැකි බව මම එවකට තනිව උගතිමි.මම සෙනෙහස සොය සොයා බොහෝ කාලයක් ගිලන් වී සිටියෙමි.කාලය කඟවේනුකු සේ ගෙවි ගිය පසුත් මට,මගේ ,මට යැයි කිසිත් අරුතක් නැති තැනක ...ජීවිතය සොයා දුන් ඒ තරු ඇස් තවත් කලකට පසු මා දෙවෙනි වරටත් ගසක් සේ බිමට ඇඳ දමා මියැදෙන්නට හැර අතැර ගියෙමි....කරුමය මෙසේ ලියැවී තිබීමද පුදුමයකි... එවිට මම සියළු දේ ඇතැර නික්මුනි .... මුහුදු හුළගක් නැති... සමකාසන්න රටෙන් නික්ම යෑම ඒ මොහොතේ දරුණුවට අවැසි වූ මොහොතකි..ඉතින් මම නැවත වෙන නිජි බිමක් තෝරා..වාසනාවක් යැයි සිතා පැල පදියම් වුනී...එහෙත් ඒ වෙනස් වූ සෘතු වලට මූණ දීම කොතරම් දුශ්කර වූවාදැයි කීමට නොහැකි තරම් වෙහෙසකර දවස් වල මහා රූස්ස ගසක් ලෙස මම නොසැලි සිට ගතිමි.මානසික පීඩනය ගෙන දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතයක අතුරා හිත තවා ගත්තෙමි.
ඉතකින් ජීවිතේ පුංචිම අබ මල් රේණුවක් තරම් දෙයකින් පවා සතුට සොයා හිනාව මුණ පුරා මවා ගැන්ම මට දුෂ්කර නොවුනි.එසේ සිටීම.ජීවිතය යැයි සිතීමට මම මාවම පුරුදු කර ගතිමි.ඉතින් ජීවිතේ එසේද බොහෝ කල් ගත වුනී...
සංසාරය පුරා සෙනෙහසින් ගිලන් වූ මනුස්ස ආත්මයකට එක සෙනෙහස් අංශුවක් මහාමෙරක් තරම් වටින බව මා හොදහැටි දන්නා කරුණකි.ඉතින් මම තුන්වෙනි වැටීමට දෙඅත් විහිඳුවා ආරාධනා කලෙමි...ඒ ජීවිතේ ගෙවී ගිය සුන්දරම දවස් ය. කිසිවෙක් ,කිසි විටක ලබා නොදුන් සෙනෙහසකින් උදම්ව උන් කාලයක් ය. ජීවිතය මෙසේ පිටු පෙරලී අනන්ත විශ්වාසයන් මැද එකම එක හේමන්තයක අතීතය නැවත රිපීට් වී මා රූස්ස ගසක් සේ වසන්තය මඟ හැරි බිම ඇද වැටුනී.කිසි විට කිසි දා යලිඳු නැගිටීම'ම හීනයක් වන තරමටම මම ඇද වැටුනි.
ඉතින් මම පසක් කරමි..ප්‍රේමය,ස්නේහය සදාකාලික නැති නම්....මේ වැටීම සදාකාලික නැත..මේ වේදනා සදාකාලික නැත.....මේ හිස් බව සදාකාලික නැත.....එහෙත් පෙර ලෙස රූස්ස ගසක් සේ සිට ගැනීමට හයියක් නැත.
ඉතින් සියළු දේ අතැර නික්ම යමි...
සංසාරගත කතා මෙසේ නිමා විය හැකි.. .
සතුට ගෙන ආ සියල්ලෝ සතුට රැගෙන යති...
විශ්වාසය අනන්තව තබා විශ්වාසය බිඳ දැමු පසු, මා දැන් මා පමණක් විශ්වාස කරමි....
මේ සියළු වේදනා වලින් පසුවත්....වෛර නොකරමි...එහෙව් තැනක වියරු පලිගැනීම් නැත....උපේක්ෂා සහගතව දරා නික්ම යමි.
පුංචිම,පුංචී හිනාවක් වෙනුවෙන් මම තවම ජීවත් වෙමි..