Sunday, October 15, 2017

104. ගිම්හාන -2 වෙනි කොටස(_නිමි_)



           මම අදටත් පසු තැවෙන්නේ  වත්සලාව බඳින්න ගත්ත තීරණේ ගැන ඒත් වත්සලා හැම දාම ඇන්න කටු වලින් හදවත සිදුරු වෙලා තියෙද්දී තමා වත්සලා මගේ මුළු හදවතම බිමට සමතලා කරලා පොඩි කරලා දැම්මේ ආයේ කවදාවත් වේදනාව මොකක්ද කියලවත් දැනෙන් නැති තරමටම , තමා වත්සලා  ප්‍රෙග්නන්ට් කියලා කියපු දවස වෙනකොට වත්සලාත් මමත් වෙන වෙනම එකම ගෙදර බෝඩින්කාරයෝ දෙන්නෙක් වගේ ජීවත් වෙන්න පටන් අරන් තිබුනා...මේ දරුවා මගේ නෙවේ කියන්න දැනන් උන්නේ මමත්,ගෙදර වැඩ කරන රාණි අම්මත් විතරයි.
         වෙනකොට මම රජයේ කන්තෝරුවක එකවුන්ටන් කෙනෙක් විදිහට වැඩ කරලා මගේ වියදම් මම' දරා ගත්ත කාලයක් ගෙවමින් උන්නේ.. මේ හැමදේම දරුණු විදිහට වෙනස් වෙන්න ගත්තේ වත්සලාගේ තාත්තගේ හදිස්සි මරණයෙන් පස්සේ..තාත්තා වෙනුවට වත්සලා බිස්නස් මීටින් එකකට කියලා සි0ගප්පුරු ගිහින් ආවට පස්සෙයි වෙනකොට වත්සලාගේ බඩට මාස හතරයි ඩොක්ට චන්ද්‍රසිරි මට කෝල් කරලා වත්සලා දරුවා නැති කරන්න යනවා කියලා කියනකම් මම දැනන් උන්නේ නෑ.. ඒත් වත්සලා වෙනකොට දරුවා නැති කරන්න පරක්කු වැඩී..මට මේ සේරම දේවල් දමලා ගහලා යන්න හිතුනත්  0කල්ට මැරෙණ මොහොතේ වත්සලා මොන දේ කලත් බලා ගන්නවා කියලා දුන්න පොරොන්දුව නිසාම මට ඉවසන්න සිද්ද වුනා...
              වත්සලා දරුවා කුසේ දරන් උන්න මාස ගෙව්වේ ගොඩක්ම ගෙදරට වෙලා ඉදන් මාස කීපය ඇතුලත වත්සලාට දරුවා නැති කරන්න කියලා  වත්සලාගේ බිස්නස් පාට්නර් කෙනෙක් වන බ්‍රයන් උදව් කරන්න හදනවා කියලා මන් දැන ගත්තේ මම වැඩට ගිය අතර තුර බ්‍රයන් වත්සලා  බලන්න ඇවිත් කතා වෙනවා රාණී අම්මා මට කිව්ව දවසේදී යි. ඒත් මම හැම දේම ඉවසගෙන ඉඳලා දරුවා ලැබුනට පස්සේ ගෙදරින් යන්න තීරණ්නේ කලේ වෙන කරන්න දෙයක් නොතිබුන නිසාමයි.පුළු පුළුවන් විදිහට රාණි අම්මා ලව්වා වත්සලාට වඩා දරු පැටියා කුසේදී පරිස්සම් කර ගත්තේ සමහර විට වත්සලා ජීවිතේ නව ආරම්භයක් අරන් දෙන්න මේ දරුවට පුළුවන් වෙයි කියලා  මට හිතුන නිසා.ඒත් වත්සලාට ඕන උනේ දරුවා ඉක්මනින් උපද්දලා අනාත නිවාසෙකට දෙන්න
         වෙනකොට වත්සලයි මායි මුණට මුණවත් මුණ නොගැහෙන්න වග බලා ගත්තා රාණී අම්මා තමා අපි අතර පණිවුඩ හුවමාරු කලේ දවසක් මොරසුරන වැස්සට දැනුන හීතල එක්ක  මහා ගැඹුරු නින්දක ඉද්දී මම ගිය වාහනේ හීනෙන් වතුරට පෙරලුනා වාහනේ දොර ඇර ගන්න බැරුව වතුර යටදී මම දොරට මහා හයියෙන් අතින් ගහන සද්දෙට සමාන සද්දයක් එක්ක මම ඇහැරුණා වෙනකොට වෙලාව පාන්දර 2.30 යි රාණි අම්මා කෑ ගහනවා මම නිදි මර ගාතේ උනත් ඉක්මන් උනේ වත්සලාට අමරුවත් වෙලාද කියලා හිතලා  මම හරියටම හරි වත්සලාට අමාරුයි එදා පලවෙනි වතාවට වත්සලාව මම අත් දෙකෙන් උත්සන් ඇවිත් වාහනේ වාඩි කෙරෙව්වා ඊට පස්සේ වාහනේ ඉගිල්ලුනේ කලින් ක්ලිනික් ගිය ගෙවන හොස්පිටල් එකට වෙලේ වත්සලාට හොදටම අමාරු වෙලා තිබ්බා. ඩොක්ටස්ලගේ උනන්දුවෙන් ක්ෂණිකව  වත්සලා සීසර් කරන්න තීයටර් එකට ගෙනිච්චා .මම එතන එළියේ 0කුවේ වාඩි වෙලා නොසන්සුන්ව බලන් හිටියා. සෑහෙන්න වෙලාවකට පස්සේ වීදුරු පෙට්ටියක දාපු රතුම රතු කොන්ඩේ තිබ්බ චූටී පැටියෙක් අරන් විදුලි වේගෙන් නර්ස්ලා වෙනම කාමරයකට ගියා. තමා මම ,අලුත උපන් කිරි කැටියෙක් දැකපු මුල්ම වතාව මාස හතෙන් ඉපදුන නිසා දැඩි සත්කාර එකේ බට වලින් කෘතිම ස්වසනය දෙන්න තරම් පැටියා හරිම දුර්වලව හිටියා මම උදේ හවස මේ පැටියා බලන්න ඇබ්බැහියකින් පිස්සුවෙන් වගේ හොස්පිටල් එකට දිව්වා මොන හේතුවක් නිසාද කියන්න මම දන්නේ නැති මහා සෙනෙහසකින් මේ පුංචි ජීවියා මාව බන්ධනය කරගෙන තිබ්බා.දවසක් මම හොස්පිටල් එනකොට වත්සලා ගෙදර ගියා කියලා නරස් කෙනෙක් කිව්වම මට අදහන්න බැරු උනා මම හරිම හිත් වේදනාවෙන් කොරිඩෝව දිගේ පැටියා ඉන්න දැඩිසත්සකාර ඒකකයට යද්දි එතන 0කුවේ ඉදන් ඉදපු රාණි අම්මා 0 ලගට ඇවිත් කිව්වේ බ්‍රයන් මහත්තයා වත්සලා නෝනව එක්ක ගියා බබා බැලුවෙත් නෑ කියලයි. එතනින් පස්සේ වත්සලා ගැන හිතනවට වඩා කාටත් එපා උන මේ පැටියගේ උප්පැන්නේ තාත්තගේ නමේ ඉදන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා වෙන්න මට ඕන උනා.වත්සලාගේ ජීවිතේ වෙනස් කරයි කියලා හිතපු මේ කුඩා ජීවියා ටිකෙන් ටික මගේ මුළු ලෝකෙම උනා.මගේ ලෝකෙම වෙනස් කලා
                           රාණි අම්මගේ ආදාරයෙන් පැටියා අරන් ගෙදර ගියාට වත්සලාට ඕන උනේ නෑ කවදාවත් දරුවා දිහා ඇහැක් ඇරලවත් බලන්න උදේ රෑ නිදිමරාගෙන මම නිකිණි ටිකෙන් ටික ලොකු කරා එයාගේ අම්මගේ එක රුපියලකවත් හෙවන නිකිණිට නොවැටෙන්න මම වග බලා ගත්තා.නිකිණි වෙනුවෙන් මට කිරි එරුන් නැති ටික විතරයි
                  මේ වත්සලාත් මමත් විවාහ වෙලා ගෙවෙන හත්වෙනි අවුරුද්ද මම කතාව ලියන්න පටන් ගත් තැන මගේ  දෝණි නිකිණි තාත්තා කියලා කට පුරා හිනා වෙලා මගේ ජීවිතේ පුරවපු අවුරුද්ද අද අපි වත්සලාගේ ලෝකෙන් සදහටම යන්න යනවා වත්සලා අත්සන් කරලා මට අත්සන් කරන්න කියල අවුරුද්දකට කලින් දුන්න ඩිවෝස් පේපර් වලට මම අද උදේ අත්සන් කරා ,දරුවා වත්සලාට අනවශ්‍ය බව අමුණලා දුන්න ලියුමේ අන්තිමෙට මම දරුවගේ වගකීම් බාර ගන්න තීරුවටත් මම සතුටින් අත්සන් කරා.වත්සලා මුණවත් අද වෙනකම් නොබලපු,කිරි බි0දුවක් නොදුන්න ඒත් මගේ වෙච්ච ලෝකේ වටිනම වස්තුව අරන් මම යනවා ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න.

අවසානෙට,
    මේ සේරම ලිව්ව මේ පොත වත්සලාගේ කාමරේ මේස උඩ අත ඇරලා යනවා මොකද කුණු වෙච්ච අතීමය අනාගතයට අරන් යන්න හිතුවොත් වර්තමානේ ගද ගහන නිසා.කවදාම හරි දවසක ඉබාගාතේ දුවන වත්සලාගේ ජීවිතේ අපි ලගට ආයෙමත් ඇවිත් නතර වෙයිද කියලා හිතේ දෙගිඩියාවක් නැතුවමත් නෙවේ ඒත් එහෙම වෙන්නේ සුරන්ගනා කතා වල විතරක් උනත් අකමැත්තෙන් උනත් නැවත වත්සලා අපිව හොයන් එයි කියන බලාපොරොත්තු විතරක් අරන් යන්න මම හිත හදා ගත්තා මොකද දුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ අඩුව තාත්තෙක්ට පුරවන්න තරම් හයියක් නැති නිසා

ශීත සෘතුව ඉවර වෙන එකම
කොයි තරම් නම් හොදද
ජීවිතය දැක, දැකම
මියැදෙන එකම 
කොයි තරම් නම් දුකද
ගිම්හානයේ  අසිරිය
විදගන්න දුක් විදින එකම
කොයි තරම් නම් සුවද
ලෝකයට පුළුවන් නම්
ගිම්හානයේ නතර වෙන එකම
කොයි තරම් නම්  හොදද


_නිමි_

Monday, September 25, 2017

103. ගිම්හාන - 1 වෙනි කොටස


              

                   වත්සලයි මමයි විවාහ වෙලා හරියටම හත් වෙනි අවුරුද්ද ගෙවෙමින් තිබ්බා... වත්සලා මාකටින් පැත්තෙන් ඉහලම තැනක හිටියා.. වත්සලා දැනන් උන්නේ විනාඩී ,තත්පර සල්ලී කරන්න විතරයි.. මම හිතන්නේ වත්සලාට තාත්තා වෙනුවෙන් ඇරැණු කොට වෙන කිසිම දෙයක් වෙනුවෙන් හැගීම් දැනීම් තිබ්බේ නෑ මොකක්දෝ බලවේගයක් වත්සලාව සල්ලී වලට යට කරලා තිබ්බා.. වත්සලා සල්ලී හෙව්වේ ජීවත් වෙන්නද ජීවත් උනේ සල්ලී හොයන්නද කියලා මම හරිම දෙගිඩියාවෙන් හැමදාම ජීවත් වුනේ.. එක විනාඩි පහක් නැවතිලා මා එක්ක කතා කරන්නවත් වෙලාවක් එයා ලග තිබ්බේ නෑ.. ගෙදර වැඩ කරන රානි අම්මා පාන් පෙත්තකට ජෑම් ගාන්න පරක්කු උනත් වත්සලා  කිව්වේ "ටයිම් ඉස් මනී"කියලා.. අඇ       වත්සලා කියන්නේ පවුලේ එකම ළමයා එයාගේ තාත්තා බිලියන කෙනෙක් ඒත් එයාගේ තාත්තා අපේ තාත්තා එක්ක තිබ්බ අවුරැදු ගාණක යාළුකමේ මොකක්දෝ පරණ ගණුදෙණුවක් හිලව් වෙන්න වත්සලා මගේ කරේ එල්ලලා දැම්මා..කියලයි මට හිතෙන්නේ .මට මතකයි දවස් වල මම තැන ,තැන ටියුෂන් කර,කර කට්ට කාලා හම්බ කර ගත්ත සල්ලී වලින් මගේ ඩිග්‍රී එකටත් වියදම් කරන් අම්මගේ අතෙත් කීයක් හරි තිබ්බා. දවස් වල තමා අපේ තාත්තයි,චූටි මාමයි කරපු  බිස්නස් වල ලාභ සල්ලී චූටී මාමා,හවුල් ගිණුමේ තිබිලා  සූරන් රට පැන්නේ .... සිද්ධියත් එක්ක බිස්නස් එකින් එක හිර වෙලා තාත්තා ණයකාරයෙක් වෙන්න ගත්තා ඉතින් අපිට තිබ්බ හැමදේම විකුණලා හතර වටේටම තිබ්බ ණය ගෙවලා ඉවර කරලා ඇදුම් කැඬුම් ටිකකුයි ගෙදර බඩු කීපයකුයි අරන් කුලී ගෙදරට එන්න උනා.එදා ඉදන් වත්සලාගේ තාත්තා බස්නායක අංකල්  තාත්තාව එයාගේ බිස්නස්  වැඩ වලට එකතු කර ගත්තා. හම්බුන සල්ලී වලිනුත් තාත්තා කලේ ඉතිරි ණය ටික පොඩ්ඩ,පොඩ්ඩ බේරපු එක... නිසා අපිට කාලේ ජීවිතේ අමාරැ උනා.තාත්තා වත්සලාගේ විවාහ යෝජනාව ගේද්දිම මං කැමති නෑ කිව්වේ  වත්සලා හරිම අහංකාර ගති පැවතුම් තිබ්බ උද්දච්ච කෙල්ලෙක් නිසා ඒත් තාත්ත හැම තිස්සෙම කිව්වේ අපේ හැම දේම ඉස්සර වගේ වෙයි දේ නැතත් අඩුම ගානේ චූටී නංගිගෙයි ලොකු නංගිගෙයි අනාගතය ගැන හිතපන් කියලයි...  ඔව් සම්ප්‍රදායකද කියන්න මම දන්නේ නෑ දෙමව්පියන් ඉස්සරහා අසරණ වෙච්ච ළමයෙක් වගේ අන්තිමෙට මට මාව වත්සලාට බිලි දෙන්න උනා. වෙනුවට තාත්තගේ  හැම ප්‍රශ්නෙම බස්ණායක අංකල් විසදලා දුන්නා.කොටින්ම නංගිලා දෙන්නා බන්ඳලා දෙන්න පවා තාත්තට වඩා උනන්දුවෙන් මහන්සි වෙලා සේරම වියදම් කලේ අංකල්.. මං හැමදේම දිහා බලන් උන්නා හරියට කළු ගල් පිළිමයක් වගේ

        මට අමතක උනා අපි බැන්ද දව ගැන කියන්න.ඇත්තටම වත්සලා පෝරුවට නගින්න පැයකට කලින් මට කතා කරන්න ඕනේ කිව්වම මට අදහා ගන්න බැරි උනා. පලවෙනි පාර වත්සලා මා එක්ක  කතා කරන්න ඕනේ කිව්ව මේ සේරම මගුල් තුලා ස්ථිර වෙලා සතියෙන් බඳින්න උන නිසා මන් වත්සලා එක්ක කතා කරන්න හදපු හැම වෙලේම එයා අවස්තාව මග ඇරියා ...එතකොට නම් මට දැනුනේ අපේ තාත්තා නිධානයක් ගන්න මාව කුකුල් බිල්ලක් විදිහට පාවිච්චි කරනව කියලයි. වෙඩිල් හෝල් එකේ හිටපු මම කොරිඩෝව දිගේ දෙගිඩියාවෙන් හැම දේම හිත හිත ගියේ වත්සලා එක්ක කතා කරන්න ..මම වත්සලා හිටිය කාමරේට ඇතුළු වෙනවා එක්කම වත්සලා අයිස් දාපු වොඩ්කා වීදුරුවක් මට දික් කරා මම එපා කිව්වම එයා ඒක එක උගුරට බිව්වා එක අතකට වෙලාවේ මට වත්සලා ගැන තරහකට වඩා දුක හිතුනා අම්මා නැති කෙල්ල නාස්ති වෙලා කියලා. වත්සලා පලවෙනි පාරටත් අන්තිම පාරටත් එදා තමා මගේ නම කියලා කතා කලේ " ගිම්හාන ...තාත්තා ඉස්සරහදි අපි හස්බන් ඇන්ඩ් වයිෆ් උනාට නම් කමක් නෑ   අනික් වෙලාවට මගේ වැඩ වලට අත දාන්නනම් ඔයාට බෑ .. ඔයාට කැමති තරමක් සල්ලි  කම්පැණියේ  එකවුන්ටන්ගෙන් ඉල්ලන් ගිහින් විනෝදෙන් කැමති විදිහට ඉන්න" කියලයි...ඇත්තටම ඊට පස්සේ මං පෝරුව ලගට ඇවිදගෙන ආවද ? මැරතන් එකක් දිව්වද කියලා හිතුනේ ඒසී තිබ්බ හෝල් එකේ මන්නාරමේ ගිනි අව්වේ දාඩිය පෙරන්  හිටන් ඉන්නවා වගේ දැනුන නිසා..ඇත්තටම වෙලේ  මට මං  ගැනම ඇති උනේ ආත්ම අනුකම්පාවක්..ඒත් මේ වෙන්ඩ තිබ්බ දෙයක් කියලා හිත හදා ගත්තේ කරන්න දෙයක් නැති නිසා.. එදා වෙලාවට අපි පොරැවට නැග්ගා ඇත්තටම වත්සලා පෝරුවට නගිද්දි මට කලන්තේ දාන්න ආවා  කිව්වොත් හරි.. එයා ලග තිබ්බ වොඩ්කා වල සැරට.....

     සේරම  මංගල කටයුතු ඉවර වෙලා අපි කණ්ඩලම හෝටලේට යන්න පිටත් උනා .හනිමුන් එකට, දැන් නම් මට හනිමුන් එකට ගියා කියද්දිත් හිනා යනවා.මඟ දිගට මගේ යාළුවෝ උඹ මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා කෙටි පණිවිඩ තිබ්බට මං දැනන් උන්නා වත්සලාට කවමදාවත් හොද බිරිඳක් වෙන්න බැරි බව.අනික වත්සලාට මම නිකන්ම,නිකන් ශෝකේස් එකක තියන්න ගත්ත හස්බන් කෙනෙක් විතරයි කියලත් මම දැනන් උන්නා..අපි පැය කීපයකින් පස්සේ කණ්ඩලමට ලං වෙද්දී වත්සලාට දුරකථන ඇමතුමක් ආවා කතා කරලා තිබ්බේ වත්සලාගේ බිස්නස් පාට්නස්ලා වගයක්, මීටිමකට කණ්ඩලමට ඇවිත් ඉන්නේ කියන්න ... ඇවිත් ඉන්නේ කිව්වට වත්සලාම තමා  මේ ඔක්කොම ඇරේන්ජ් කරලා තියෙන්නේ කියලා මම පස්සේ දැන ගත්තේ.අපි කණ්ඩලමට ඇවිත් රූම් එකට ආවා..වත්සලා ඉක්මනින් වොශ් රූම් ගියා..මම එතැන තිබ්බ පුටුවේ වාඩි වෙලා ජනේලෙන් ඈත අහස බලන් කල්පනාවක වැටුනා ...  බාත් රෑම් එකේ දොර ඇරෙද්දිම අහම්බෙන් වගේ මං දිහා බැලුවා වත්සලා එලියට ආවේ  දණ හිසට ටිකක් උඩට වෙන්න කළු ස්ක'ට් එකකුයි අත් කපපු  සුදු රැලි විහිදුනු බ්ලවුස් එකකුයි දිලිසෙන හයි'හීල්ස් දෙකකුයි  දාගෙන...වත්සලා හරිම සරල විදිහට කසාද මුද්ද ඇද උඩට ගලවලා විසික් කරලා..වෙනම යකඩ මාල,මුදු, කරාබු වලින් සැරසිලා "කෑම රූම් එකට ගෙන්න ගන්න "කියලා යන්න ගියා ..මම ඔහේ තව ටික වෙලාවක් ඉර බැහැගෙන යන කණ්ඩලම අහසේ මගේ හිත වගේම ගිණි ගන්න වළාකුළු දිහා බලන් හිටියා..