වත්සලයි මමයි විවාහ වෙලා හරියටම හත් වෙනි අවුරුද්ද ගෙවෙමින් තිබ්බා... වත්සලා මාකටින් පැත්තෙන් ඉහලම තැනක හිටියා.. වත්සලා දැනන් උන්නේ විනාඩී ,තත්පර සල්ලී කරන්න විතරයි.. මම හිතන්නේ වත්සලාට තාත්තා වෙනුවෙන් ඇරැණු කොට වෙන කිසිම දෙයක් වෙනුවෙන් හැගීම් දැනීම් තිබ්බේ නෑ මොකක්දෝ බලවේගයක් වත්සලාව සල්ලී වලට යට කරලා තිබ්බා.. වත්සලා සල්ලී හෙව්වේ ජීවත් වෙන්නද ජීවත් උනේ සල්ලී හොයන්නද කියලා මම හරිම දෙගිඩියාවෙන් හැමදාම ජීවත් වුනේ.. එක විනාඩි පහක් නැවතිලා මා එක්ක කතා කරන්නවත් වෙලාවක් එයා ලග තිබ්බේ නෑ.. ගෙදර වැඩ කරන රානි අම්මා පාන් පෙත්තකට ජෑම් ගාන්න පරක්කු උනත් වත්සලා කිව්වේ "ටයිම් ඉස් මනී"කියලා.. අඇ වත්සලා කියන්නේ පවුලේ එකම ළමයා එයාගේ තාත්තා බිලියන කෙනෙක් ඒත් එයාගේ තාත්තා අපේ තාත්තා එක්ක තිබ්බ අවුරැදු ගාණක යාළුකමේ මොකක්දෝ පරණ ගණුදෙණුවක් හිලව් වෙන්න වත්සලා මගේ කරේ එල්ලලා දැම්මා..කියලයි මට හිතෙන්නේ .මට මතකයි ඒ දවස් වල මම තැන ,තැන ටියුෂන් කර,කර කට්ට කාලා හම්බ කර ගත්ත සල්ලී වලින් මගේ ඩිග්‍රී එකටත් වියදම් කරන් අම්මගේ අතෙත් කීයක් හරි තිබ්බා. ඒ දවස් වල තමා අපේ තාත්තයි,චූටි මාමයි කරපු බිස්නස් වල ලාභ සල්ලී චූටී මාමා,හවුල් ගිණුමේ තිබිලා සූරන් රට පැන්නේ .... ඒ සිද්ධියත් එක්ක බිස්නස් එකින් එක හිර වෙලා තාත්තා ණයකාරයෙක් වෙන්න ගත්තා ඉතින් අපිට තිබ්බ හැමදේම විකුණලා හතර වටේටම තිබ්බ ණය ගෙවලා ඉවර කරලා ඇදුම් කැඬුම් ටිකකුයි ගෙදර බඩු කීපයකුයි අරන් කුලී ගෙදරට එන්න උනා.එදා ඉදන් වත්සලාගේ තාත්තා බස්නායක අංකල් තාත්තාව එයාගේ බිස්නස් වැඩ වලට එකතු කර ගත්තා. ඒ හම්බුන සල්ලී වලිනුත් තාත්තා කලේ ඉතිරි ණය ටික පොඩ්ඩ,පොඩ්ඩ බේරපු එක... ඒ නිසා අපිට ඒ කාලේ ජීවිතේ අමාරැ උනා.තාත්තා වත්සලාගේ විවාහ යෝජනාව ගේද්දිම මං කැමති නෑ කිව්වේ වත්සලා හරිම අහංකාර ගති පැවතුම් තිබ්බ උද්දච්ච කෙල්ලෙක් නිසා ඒත් තාත්ත හැම තිස්සෙම කිව්වේ අපේ හැම දේම ඉස්සර වගේ වෙයි ඒ දේ නැතත් අඩුම ගානේ චූටී නංගිගෙයි ලොකු නංගිගෙයි අනාගතය ගැන හිතපන් කියලයි... ඔව් සම්ප්‍රදායකද කියන්න මම දන්නේ නෑ දෙමව්පියන් ඉස්සරහා අසරණ වෙච්ච ළමයෙක් වගේ අන්තිමෙට මට මාව වත්සලාට බිලි දෙන්න උනා. ඒ වෙනුවට තාත්තගේ හැම ප්‍රශ්නෙම බස්ණායක අංකල් විසදලා දුන්නා.කොටින්ම නංගිලා දෙන්නා බන්ඳලා දෙන්න පවා තාත්තට වඩා උනන්දුවෙන් මහන්සි වෙලා සේරම වියදම් කලේ අංකල්.. මං ඒ හැමදේම දිහා බලන් උන්නා හරියට කළු ගල් පිළිමයක් වගේ
ආ මට අමතක උනා අපි බැන්ද දවස ගැන කියන්න.ඇත්තටම වත්සලා පෝරුවට නගින්න පැයකට කලින් මට කතා කරන්න ඕනේ කිව්වම මට අදහා ගන්න බැරි උනා. ඒ පලවෙනි පාර වත්සලා මා එක්ක කතා කරන්න ඕනේ කිව්ව මේ සේරම මගුල් තුලා ස්ථිර වෙලා සතියෙන් බඳින්න උන නිසා මන් වත්සලා එක්ක කතා කරන්න හදපු හැම වෙලේම එයා ඒ අවස්තාව මග ඇරියා ...එතකොට නම් මට දැනුනේ අපේ තාත්තා නිධානයක් ගන්න මාව කුකුල් බිල්ලක් විදිහට පාවිච්චි කරනව කියලයි. වෙඩිල් හෝල් එකේ හිටපු මම කොරිඩෝව දිගේ දෙගිඩියාවෙන් හැම දේම හිත හිත ගියේ වත්සලා එක්ක කතා කරන්න ..මම වත්සලා හිටිය කාමරේට ඇතුළු වෙනවා එක්කම වත්සලා අයිස් දාපු වොඩ්කා වීදුරුවක් මට දික් කරා මම එපා කිව්වම එයා ඒක එක උගුරට බිව්වා එක අතකට ඒ වෙලාවේ මට වත්සලා ගැන තරහකට වඩා දුක හිතුනා අම්මා නැති කෙල්ල නාස්ති වෙලා කියලා. වත්සලා පලවෙනි පාරටත් අන්තිම පාරටත් එදා තමා මගේ නම කියලා කතා කලේ " ගිම්හාන ...තාත්තා ඉස්සරහදි අපි හස්බන් ඇන්ඩ් වයිෆ් උනාට නම් කමක් නෑ අනික් වෙලාවට මගේ වැඩ වලට අත දාන්නනම් ඔයාට බෑ .. ඔයාට කැමති තරමක් සල්ලි කම්පැණියේ එකවුන්ටන්ගෙන් ඉල්ලන් ගිහින් විනෝදෙන් කැමති විදිහට ඉන්න" කියලයි...ඇත්තටම ඊට පස්සේ මං පෝරුව ලගට ඇවිදගෙන ආවද ? මැරතන් එකක් දිව්වද කියලා හිතුනේ ඒසී තිබ්බ හෝල් එකේ මන්නාරමේ ගිනි අව්වේ දාඩිය පෙරන් හිටන් ඉන්නවා වගේ දැනුන නිසා..ඇත්තටම ඒ වෙලේ මට මං ගැනම ඇති උනේ ආත්ම අනුකම්පාවක්..ඒත් මේ වෙන්ඩ තිබ්බ දෙයක් කියලා හිත හදා ගත්තේ කරන්න දෙයක් නැති නිසා.. එදා වෙලාවට අපි පොරැවට නැග්ගා ඇත්තටම වත්සලා පෝරුවට නගිද්දි මට කලන්තේ දාන්න ආවා කිව්වොත් හරි..ඒ එයා ලග තිබ්බ වොඩ්කා වල සැරට.....
සේරම මංගල කටයුතු ඉවර වෙලා අපි කණ්ඩලම හෝටලේට යන්න පිටත් උනා .හනිමුන් එකට, දැන් නම් මට හනිමුන් එකට ගියා කියද්දිත් හිනා යනවා.මඟ දිගට මගේ යාළුවෝ උඹ මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා කෙටි පණිවිඩ තිබ්බට මං දැනන් උන්නා වත්සලාට කවමදාවත් හොද බිරිඳක් වෙන්න බැරි බව.අනික වත්සලාට මම නිකන්ම,නිකන් ශෝකේස් එකක තියන්න ගත්ත හස්බන් කෙනෙක් විතරයි කියලත් මම දැනන් උන්නා..අපි පැය කීපයකින් පස්සේ කණ්ඩලමට ලං වෙද්දී වත්සලාට දුරකථන ඇමතුමක් ආවා ඒ කතා කරලා තිබ්බේ වත්සලාගේ බිස්නස් පාට්නස්ලා වගයක්, මීටිමකට කණ්ඩලමට ඇවිත් ඉන්නේ කියන්න ... ඇවිත් ඉන්නේ කිව්වට වත්සලාම තමා මේ ඔක්කොම ඇරේන්ජ් කරලා තියෙන්නේ කියලා මම පස්සේ දැන ගත්තේ.අපි කණ්ඩලමට ඇවිත් රූම් එකට ආවා..වත්සලා ඉක්මනින් වොශ් රූම් ගියා..මම එතැන තිබ්බ පුටුවේ වාඩි වෙලා ජනේලෙන් ඈත අහස බලන් කල්පනාවක වැටුනා ... බාත් රෑම් එකේ දොර ඇරෙද්දිම අහම්බෙන් වගේ මං ඒ දිහා බැලුවා වත්සලා එලියට ආවේ දණ හිසට ටිකක් උඩට වෙන්න කළු ස්ක'ට් එකකුයි අත් කපපු සුදු රැලි විහිදුනු බ්ලවුස් එකකුයි දිලිසෙන හයි'හීල්ස් දෙකකුයි දාගෙන...වත්සලා හරිම සරල විදිහට කසාද මුද්ද ඇද උඩට ගලවලා විසික් කරලා..වෙනම යකඩ මාල,මුදු, කරාබු වලින් සැරසිලා "කෑම රූම් එකට ගෙන්න ගන්න "කියලා යන්න ගියා ..මම ඔහේ තව ටික වෙලාවක් ඉර බැහැගෙන යන කණ්ඩලම අහසේ මගේ හිත වගේම ගිණි ගන්න වළාකුළු දිහා බලන් හිටියා..
යකූ මේකි
ReplyDeleteහොඳ ආරම්ඹයක්... ඊලඟ කොටසත් දාන්න...
ReplyDeleteකිඹුල් කඳුළු හෙලන්නේ නැතුව ඉන්න බලන්නම්.....
ReplyDeleteඇති යන්තම් කතාවේ පලවෙනි කොටසටම එන්න ලැබුණා
ReplyDelete