මේ තෝස දන්නවනේ |
ඒ ජනාධිපති තුමා කෑ ජනධිපති තෝසයේ කතාවය.මේ රාජකීය බත් කතාවක්ය.
මේ බත් එක රාජකීය වෙන්න රොස් චිකන්,හැම්,බේකන්,ඉන්දියන් හාල් බත් තිබුනේ නැත,තිබුනේ සම්බා හාලේ බතකුයි,ගෙදර පොල් ගහකින් කඩාගත් පොල් ගෙඩියකින් හදා ගත් සම්බෝල,මැටි මුට්ටියක පදම් කරගත් ජාඩි කුරින්ගෙන් පිලියෙල කරගත් ජාඩි සම්බෝල විතරය.අමතක නොකල යුත්තේ මේ රාජකීය බතේ නිර්මාතෘ අපේ අම්මාය.
ඕන් ශානු උ/පෙ කරන කාලයේ ඉස්කොලේ ඇරිලා අමතර පන්ති ගිහින් ගෙදර එද්දි පරක්කු වෙන හින්දා අම්මා හැමදාම වගේ රාජකීය ජාතියේ බත් මුල් 3 ක් බැන්දේය.ඒ ඉස්කොලේ ගිය ගමන් උදේට කන්න, ආයේ විවේක වේලාවට කන්න,අන්තිම බත් මුල පන්ති යන්න කලින් කන්ඩය :)
රාජකීය බත නෙවෙයි |
එ දවස්වල හාල් කිලෝ 1 (1/2) විතර මටම වෙනමම උයා දුන්නේය. උදේට කන බත් මුල පුංචි පහේ එකක්ය. එය මා විසින් තනියම කොටාබාන අතර පන්ති යන්න කලින් කන බත් එකද පුංචි පහේ එකක් විය.විවේක කාලයේදි කොටාබාන බත් එක තරමක් ලොකු රාජකීය බත් එකය, මේකට වග කියන්න සෝමාලියාවේ කන්ඩ නැති හිගන සෙට් එකක් එකතු වන්නේය(එ මගේ පන්තියේ උන්).එ බව දැන ගෙනද කොහෙද අම්මා ලොකු බත් එකක් බැන්දේය.මේ බත් එක කන්න මහත් ශ්‍රමයක් දැරිය යුතුය.ඉක්මන් වු එකාට වැඩිපුර බත් කටවල් ගානක් බඩට දා ගත හැකිය,කෙහෙල් කොලයක බත් එක ඔතලා තියෙන නිසා කස්ටිය දේශසිමා වෙන් කරගෙන බත් එකට පහර දෙන්නේය.මදි උනොත් අනිත් එකාගේ පැත්තට පනින්න දෙපාරක් නොහිතන්නේ හොරා කමින් කෑමේ කික් එක දන්න නිසාය.
එ දවස්වල කෙහෙල් කොලේ බැදපු බත් එක අපිට රාජකීය බත් එකක්ම වුයේ බඩ පිරුනත් නැතත් හැමෝම හිනා වෙවි එක රවුමක හිටගෙන සහෝදරත්වයෙන් බුක්ති විදපු නිසාය.හැබැයි අද වෙනකොට රාජකීය බත් එකේ විදපු රස එකෙක්ට ඇරෙන්න අනිත් උන්ට මතකයක් නැත.ඒ එකම එකා මේ ලියවිල්ල ලියන්නට අයිඩියා එක දුන් බව අමතක නොකල යුතුමය.
|
ඒ දවස් වල අපි හිතුවේ රාජකීය බත් එක මේ තරම් ලොකුවටය |
මේ රාජකීය බත් එක අමතක වෙනවානම් වැඩක් නැ එයාල ගැන කතාකරල...
ReplyDeleteඇත්තමයි..මටනම් මේ ලිපිය කියවද්දිත් මතක් උනා ඒ බත් මුලේ රස...කටට කෙලත් ඉනුව ඉතින්...
ම් ම් ම් ම් ම් මටත් ලියන ගමන් කටට කෙල ඉනුවා, අයිඩියා එක දුන්නාට තැන්ක් යු
Deleteමාත් ගොඩක් කල් ඉස්කෝලෙ බත් ගෙනිච්චා..මට තිබුනා රවුං කැම පෙට්ටියක්...කොලපාට..දැන් ඒක නැතුවත් ඇති ...මං ගොඩක් ආදරේ කලා කෑම පෙට්ටියට....
ReplyDeleteසා/පෙ කරනකම් මාත් ඇලිමිනියම් කැම පෙට්ටියක තමා කෑම ගෙනිච්චේ ඒත් ඉතින් උ/පෙ වලදි අපේ පන්තියේ හිටිය සෝමාලියාවේ කට්ටිය එක්ක කන්න කෑම පෙට්ටියේ කෑම මදි උනා.ඒනිසා තමයි ලොකු බත් මුලක් ගෙනිච්චේ. තවත් මම වගේ ඉස්කොලෙට බත් ගෙනිච්ච කෙනෙක්ව අදුන ගන්න ලැබිම සතුටක් ආවාට, කියෙව්වාට ස්තූති!
Deleteමටත් ගෙදර ඉදන් හොස්ටල් එන දවසට රාජකීය බත් එකක් ලැබෙන්නේය! ඒක හොස්ටල් එකට හැරෙන තැනදීම වාෂ්ප වේ! කටක් වත් මට නැත! :D
ReplyDeleteබත් එක ගෙනියන මම බත් කටක්වත් නොකෑවොත් විලි ලැජ්ජාවේ සන්තොසේ බැරුවා. ඒ නිසා බත් කටක්වත් කා ගන්නවා
Deleteමගේ බැචියෙක් ගේ අම්මත් අපි ඔක්කෝටම කන්න කියලා ලොකු බත් එකක් එවනවා.
ReplyDeleteමේක කියෙව්වාම මටක් උනේ දවසක ඒක ගැනත් ලියනන් ඕන. අඩු තරමින් ඒ අබ්ත් එකේ රස තාම මතකයි කියල ඇන්ටිටයි බැචීටයි දැන ගනන් වත් . .
අහ් මෙනු එක කියවද්දී කටට කෙල ඉනුවා අප්පා . .
කලගුණ සැලකිම අගේය.
ReplyDeleteදුකාට කියවලා කෙල ඉනුවා නම්, බත් කෑව ,මේ ලිපිය ලිව්ව මට කොහොම කෙල උනන්න ඇතිද ........
ආවාට කියෙව්වාට ස්තූති!
ඔය ජාඩි සම්බෝලේ කාලවත්..දැකලවත් නැහැ නෙව...
ReplyDeleteබත් බැඳිල්ලනං කතා කොරන්න එපා... අපේ තාත්තත් ඉස්සර මට බැඳලා දෙනවා දස මහ යෝධයෙකුට විතර සරිලන ආකාරේ බත් ගෙඩියක්... ඒත් ඉතිං උපරිම බත් කටවල් තුනයි නැත්තං හතරයි.. අපේ කැළණි හිගන්නෝ ටික එක්ක කොහොමද නිවී හැනහිල්ලේ බත් එකක් කන්නේ... ඉතිං කවදාවත් කෑමක රහක් බැලිල්ලක් නැහැ..ලොකු බත් අහුරු අරං කටට ඔබනවා ඇර.. කරුමෙට මං යන යන තැන ඔහොම දඩි බිඩි කෑමම තමා සෙට් උනේ.. ඒ පුරුද්දට මට තාමත් හිමිහිට කෑම කන්න හුරු නැහැ... කොතැන ගියත් අනිත් උන්දලා කෑම එකේ බාගයක් අහවර කොරන්න කලියෙන් මං කාලා ඉවරයි.. ඉතිං අර මැනර්ස් රකින පොට් එකක් උනොත් මං අනිත් උන් ටික ඉවර කරනකල් ඔහේ ඉන්නවා මොකාද වගේ.. සංසාරෙට ඕන නැහැ...
බ්ලොග් එක හොඳට කොරං යන හැඩයි...
මේදා පාර ලංකාවට ආවම පොටො එකක් අරන් දාන්නම් කෑවේ නැතත් දකින්නවත් ලැබෙයිනේ එතකොට,හඩන විදිහත් දාන්නම්කෝ
Deleteමටත් කෑම කද්දි තියෙන්නේ මාරයාගේ ලෙඩේමයි,දඩි බිඩි පොරුවට කෑම .....මන් ගෙදර අයගෙන් අනන්තවත් බැනුම් අහලා තියේනවා,ලංකාවෙන් පිට උනාට පස්සේ නම් කාලයක් හෙමින් කෑවා හැදි ගෑරුප්පු පාවිච්චි කරපු නිසා එත් ඉතින් එකත් පුරුදු උනාම පෙරසේ දඩි බිඩි තමා.... හි හි හී
අනිත් බ්ලොග් කරුවෝ එක්ක බලද්දි මගේ බ්ලොග් එක දුවිල්ලක් තරම් ,,,,උත්සහ කරනවා අමතක වෙලා තිබුන සිංහල මතක් කරගෙන ඉදිරියට මිට වඩා හොදට ලියන්න
ආවාට කියෙව්වාට, ස්තූති...... සාදරෙන් පිලිනගනිමි!