මාස එකහාමාරක විතර කට්ට අවුව වැටිලා වැටිලා කට්ට කුරුට්ටන් වෙච්ච කොන්ක්රිට් පොලොවට වැහි බිංදු වැටෙද්දි නාස් පුඩු වෙතට ගලාගෙන එන දුවිලි සුවදට ඉස්සර මම ලංකාවේ ඉන්න කාලේ ඉදන් ආදරේ කලා.දුවිලි සුවදට ආසයි කිව්වම අම්මා,අක්කා නෑදෑයෝ කිව්වේ එහෙම සුවදවල් වලට ආසා හිතෙන්නේ පාන්ඩුවටලු හි...හි...හි... එත් ඉතින් ඒ කාලේ ඉදන් අමුතු අමුතු චණ්ඩි වැඩ කරපු අනිත් අයට වඩා වෙනස් විදිහට හිතපු මට ඉහෙන් බහින රෝගයක් තිබුනේ නෑ.පුංචි කාලේ සෙල්ලම් කරල හවසට ගෙදර එද්දි දුවිලි ඇගටම ඇලිලා තියෙද්දි අම්මා ලිද ලගට එක්කම් ගිහින් වතුර පනිට්ටුවකින් නාවද්දිත් ආවේ ඔය දුවිලි සුවදම නිසා මාව අතිතයට ඇදගෙන යන තවත් එක් සුවදක් තමයි ඔය වැස්ස වැටෙද්දි දැනෙන දුවිලි සුවද.මේ සුවද විදින්න උදේ ඉදන් බලන් හිටියත් අහස මුණ එල්ලන් ඉදලා ඉදලා හවස තමයි වලාකුළු අතර හංගන් හිටපු ජල වාෂ්ප මහා ලොකු වතුර බිංදු විදිහට පොළවට හෙලුවේ.
උදේ ඉදන් මුණ එල්ලන් හිටපු අහස දැක්ක මට දවස පුරාම මතක් කලේ දැනට අවු.7 කට කලින් පාසැල් කේවල වයාප්පෘතියට කරපු සිතුවිලි නම් කවි සංකල්පනා පොතේ මා විසින් ලියු පද පේලියකි.
"ගැබ්බර අහස නුබ ,
වි විලිරුදා දරු ප්රසුතියට,
හඩන්නට සැරසෙන මවක් ලෙස,................
ඉතින් මේ තමයි සීත පටන් ගන්නට කලින් වැටුන පළමු අලුත් වැස්ස. ඒ එක්කම මේ අලුත් වැස්ස මතක් කරනවා ටික ටික රස්නේ කාලේ ඇදුම් අරන් තියලා සීත කාලේ ඇදුම් එලියට ගන්න කියලා.ඒ එක්කම මගේ නෙත ගැටුනේ දේදුන්නක් මෙහෙම දේදුනු දැක්කම පුංචි සන්දියේ නම් විවිධ සෙල්ලම් බඩු,චොකලට් ජාති ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.එත් ඉතින් මගේ ජීවිතේ එයාගේ ආදරේ තියෙන නිසා අමුතුවෙන් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරන්න මාහා ලොකු දේවල් නෑ මනුස්සයෙක්ට ලෝකේ ජීවත් වෙන්න අවශය දේවල් වලටත් වඩා දේවල් අපි දෙන්නා ලග තියෙනවා.ඒ නිසා මගේ ප්රාර්ථනය ලංකාවේ හැම කෙනෙකුටත් වෙන රටවල් වල ජීවත් වෙන හැම කෙනෙකුටමත් සාමයෙන්,සතුටින් වැඩ කටයුතු කරගෙන තම තමන්ගේ අරමුණු කරා අති සාර්ථකව ජය ගන්නට අවශය යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නයි කියාය.
ප.ලි
තාමත් මන් නිවාඩු පිට.ඉතින් කරන්න වැඩක් කියලා මහා ලොකුවට නෑ.ඒත් එලියට ඇවිදින්න යන්නත් එයා නැතුව පාළුයි.දවස පුරාම ගෙදරට වෙලා ගෙදර වැඩක් කරන එකයි,පොත්:බ්ලොග් කියවන එකයි ෆිල්ම් බලන එකයි තමා කරන්නේ.දැන්නම් නිවාඩු ඇති වෙලා.හැබැයි ඉතින් ලබන සතියේ වැඩ පටන් ගත්තට පස්සේ ආයේ නිවාඩු ජනවාරි අනිතිමෙට තමා.එතකන් ඉරිදා,රතු නිවාඩු ඇරුනම අනිත් හැමදාම වැඩ.....මෙහෙම මාස ගානක් එක දිගට නිවාඩු තියෙද්දි වෙලාවකට වැඩට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. :)
කොහෙද මේ ? ඉතාලියෙද ?
ReplyDeleteදේදුන්නක් බර කාලෙකින් ඇත්තට දැකල නෑ... :(
ජීවිතේ පළවෙනි වතාවට ඇහුවෙ ගෑල්ලමයෙක් මුකුත් එපා කියනව :P
ඔව් යසිත් මල්ලි මේ ඉතාලියේ.....එහෙනම් ඔන්න දේදුන්නකුත් දැක ගත්තානේ.,
Deleteමම ගොඩක් ලද දෙයෙන් සතුටු වෙන නිසා වෙන්න ඇති මට ලොකුවට ප්‍රාර්ථනා කරලා ලබාගන්න දේවල් නැත්තේ
අන්න ඒකනෙ... ගොඩනැඟිලිවල හැටියෙන් කිව්වෙ :)
Deleteනිකන් දේදුන්නක් නෙවෙයි, ඉතාලි දේදුන්නක්...
නිවාඩු තියෙනකොට වැඩට යන්න ඕනේ.... වැඩට යනකොට නිවාඩු ඕනේ....
ReplyDeleteබලාගෙන ගිහාම ඔක්කොම එකම බෝට්ටුවේ.
කරුමේ...කරුමේ.........!!!! :) :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක නම් ඇත්ත රජෝ කරුමේ කියන්න කරුමෙත් හොදම එක.....හි...හි....හි
Deleteජය වේවා!
මේ නිවාඩු ටිකක් මෙහාටත් එවන්න බැයිද? නිවාඩු නැතිව එපා වෙලා තියෙන්නේ!
ReplyDeleteමුද්දර ගහපු කවරයක් එවන්න හි...හි..හි.... නිවාඩු එවන්න පුලුවන් නම් දෙකක් තුනක් මට තියාගෙන ඔක්කොම එවන්න බැරියෑ
Deleteඅනේ ඉතින් මාත් හරිම ආසයි දූවිලි සුවදට..ඒ කියන්නේ මටත් පාන්ඩුවද?..
ReplyDeleteඅනේ ඉතිං ඔය නිවාඩු ටිකත් ලංකාවෙම ගෙවල යන්න තිබ්බනෙ...අපරාදේ..
කොහොමත් ඔයාට නම් ඒ කාලේ ඉදන් මාන්දමයි,පාන්ඩුවයිනේ...හි...හි...හි...
Deleteඅනේ ඔව් මචෝ එත් ඉතින් එයාට පව්නේ........
දුහුවිලි සුවදට ආස අයට පාන්ඩුව නම් අපේ ගම වල ජිවත් වෙන අපි වගේ හැමෝටම පාන්ඩුව වෙන්න ඕන ..
ReplyDeleteකරකුට්ටන් වෙන්න පායලා ඉවරවෙලා ඉස්සෙල්ලාම වැහි පොදක් පොළොවට වැටෙනකන් අපි කොච්චර ආසාවෙන්ද බලන් ඉන්න .. අපේ තාත්තලා එදාට කොච්චර සතුටින්ද ... ඒවා මතක් වෙද්දීත් දුක හිතෙනො ...
මාත් එකනේ කිව්වේ මන් ඔය සුවදට ආසා උනාට මට ඉහෙන් බහින රෝගයක් තිබුන් නෑ කියලා,ඇත්ත ගම මතක් වෙද්දි නම් මටත් දුකයි
Deleteඑකනේ ... පුංචි ආරාදනයක් තියෙනවා අපේ පැත්තේ ඇවිත් යන්න එන්න ... ගමන් මග පහල ..
Deletehttp://nethukadulu.blogspot.com/
ආරාධනයට ස්තූති
Deleteඔබේ කාන්සිය මැනවින් අකුරු බවට පත් ව ඇත. ලස්සන සටහනක් සහෝ..
ReplyDeleteස්තූති නලින් අයියා
Deleteමම ත් ඔන්න ඔයාගේ අඩි පාර දිගේ ආවා මේ පැත්තට...
ReplyDeleteමටත් ඔය ලෙඩේ ..., ගෙදර ඉන්නකන් හිතෙනවා ජොබ් කරන්න .., ජොබ් වලට ගිහාම හිතෙනවා ගෙදර ඉන්න...හ්ම්ම් :(
Deleteඅහස වෙත සාදරයෙන් පිළිගන්නවා... ගෙදර ඉද්දි වැඩට යන්න හිතෙන එකයි වැඩ කරද්දි ගෙදර යන්න හිතෙන එකයි . වෙලාවකට මට හිතෙනවා ලංකාවේ අපි හැමෝටම පොදු ආවේනික ලෙඩක්ද කියලා :)
අදමයි ආවේ. අගේ ඇති සටහන් පෙලක් කියෙවුවා. ඇත්තටම අපි ඉන්න වන්නිකරේ පැත්තෙන් නැවුම් වැස්සකට පස්සේ නගින දුහුවිලි පුස්ඹ මගේ ආත්මයේ නිදා හිටපු කොහෙ හරි තැනක් නැගිට්ටවනවා වගේ දැනෙනවා. මට ඒ හැඟිම විඳින්න මිසක් කියන්න තෙරෙන් නැ. සුබපැතුම් ලස්සනම ලස්සන ජීවිතේකට දෙන්නටම...
ReplyDeleteමන් වගේ දුවිලි සුවදට ආදරේ කරන තවත් අය ඉන්න එක නම් ගොඩාක් සතුටුයි,වේලාවක් තිබුනොත් ආයෙමත් එන්න සුබ පැතුමට ස්තූති! රතිටත් ජයෙන් ජය!
Delete