සිද්ධිය උයේ මම සා.පෙ. කරන කාලයේදිය.අපි පොඩි කාලයේ සිට අපගේ සියලු වැඩ කටයුතු කලේ අම්මාය.නමුත් සා.පෙ. කරන කාලයේ මගේ කාමරය අස් කරගන්න මටම බාරදි අම්මා පැත්තකට වුයේ ඒ දවස්වල කොච්චර අස් කරත් කාමරය ආයේ ආයේත් කහල ගොඩක් වන බැවිනි.සා.පෙ. පටන් ගන්න සති 2 ක කට කලින් නිවාඩු ලැබුනි.ඒ දවස් වල පොතක් පතක් බලාගෙන කාමරේටම වෙලා හිටිය මට අමුතුවෙන් කාමරය අස්පස් කරගන්න උවමනා වුයේ නැත.ඇදේ මදුරු දැලද දවස් 2 විතර අකුල්ලන්නේ නැතුව පාවිච්චියට ගත්තේය.හැබැයි තේ,බිස්කට් ගෙනාපු අම්මා විටින් විට කෑගැසුවේ
" මේ කෑලෑව අස් කර ගන්න සත්තු බෝ වෙන්න කලින් "කියාය.
එදා ටිකක් වැහි දවසක්ය.මම නින්දට එන විට රෑ 12 කිට්ටුය. මට මතක ඇදට වැටෙනවා පමණි.පැය 2 ක 3 කට වඩා නින්ද ගියේ ද නැත.මදුරු දැල සෙල වෙනවා හීනෙන් මෙන් මට දැනුනි.ඇස් ඇර වටපිට බැලුවේය කරුත් නැති බව පෙනුනේ මගේ කාමරයට ඇතුල් වෙන කොරිඩෝවේ පොඩි එලියකින් රෑ පුරා දැල්වෙන ලයිට් එලිය නිසාය.ඒ අතර තුර සිහියට ආවේ එහා වත්තේ තියෙන පාලු ගේ ගැනය.එ ගෙදර ජීවත් වුයේ අම්මාගේ මාමාය.මිනිහා මිය ගියේ කාත් කවුරුවත් නැතුවමය.මිනිහා හරිම නපුරු නිසා මටනම් මිනිහා ගැන තිබුනේ අප්රසන්න මතකයකි.මිනිහගෙ මරනයෙන් පසු කුලියට පද්0චියට ආපු හැමොම හැරෙන තැපැලෙන් ගියේ ඔය මිනිහා හොල්මන් කරන බව කියාය.
මම කරුවලට බයය,නමුත් මදුරු දැල හෙල්ලෙන හේතුව හොයා ගන්න තිබුනේ කුතුහලයකි.ඇදෙන් පැන ලයිට් ඔන් කර බැලුවත් මෙලෝ යකෙක් වට පිට සිටියේ නැත.ඇද යටද බැලුවේය මොකෙක්වත් නැත.ආයෙත් ලයිට් නිවලා නින්දට ඇදට ගොඩ උනත් ආයෙත් මදුරු දැල හෙලවෙන්නේ ටිකක් වේගයෙනි.දැන්නම් ලයිට් ඔන් කරම නිදන්න හිතාගෙන ආයෙත් ලයිට් ඔන් කරල ඇදට නැගලා උඩ බලද්දිම මී තඩියෙක් මදුරු දැලේ උඩ රවුමේ මැනික රවුම් යනවා දුටුවේය.හිමින් සැරේ ඇදෙන් බැස තාත්තාට කතා කර මදුරු දැල ඇතුලේම මියා පර ලොව සැපත් කලේය.තත්තා විසින් දැල ගලවලා අයින් කලේය.ටික දවසක් යනකම් මදුරුවෝ තල තල නිදාගන්න සිද්ද උන නිසා අලුත් මදුරු දැලක් ලැබුන දා ඉදලා හැමදාම අකුල්ලන්න ,කාමරය අස් කර ගන්න අමතක කලේ නම් නැත.
එදා මීයා කෑවේ නැති නිසා මී කබර,මී උණ හැදෙන්නේ නැතුව බේරුනි.කොහොම නමුත් මියාගෙන් උනත් ජීවිතේට හොද පාඩමක් ඉගෙන ගන්න පුලුවන් උන එක ගැන නම් සතුටුය.
අපරාදෙ මරල දැම්මෙ.හුරතලේට අතිකරන්න තිබ්බනෙ...
ReplyDeleteහී හි හී මදෑ පැය ගානක් ඇති කලා
Deleteඅනෙ අම්මෝ බොරු කියන්නෙ මොකටද මන් නම් බයම සතෙක් තමා මී තඩියො. ඒත් මරණවට නම් අකමැතියි. අපේ ගෙදර නම් මීයොන්ට වග කියන්නෙ අපෙ අම්මා. මගෙ බලවත් විරෝධය තුට්ටුවකට මායිම් නොකර මරලා දානවා කිසි ගේමක් නැතුව.
ReplyDeleteසාදරයෙන් පිළිනන්නවා ප්‍රියා.......මීයෝ,ගෙම්බෝ,කැරපොත්තෝ,පනුවෝ,හැකරැල්ලෝන්ට ඉස්සර මන් බය නෑ දැන් ඉතින් මෙහේ ඔය සත්තු හොයාගන්න බෑනේ එත් දැන් ඔය සත්තු දැක්කොත්නම් බය වෙයිද මන්දා ;)
Deleteහී හී මාර කෙස් එක.. මියොත් එක්ක බෑ
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා!හි,,.,හි.... ඔව් ඔව් ලංකාවේ මියොත් එක්ක බෑ
Delete