මම හදපු බත් එක |
සුදු ළුනු,ඉගුරු තෙම්පරාදුව |
වැඩ ඇරිලා ඇවිත් උයන්න කම්මැලිද?ඊයේ උයපු වැඩිපුර බත් ෆ්රිජ් එකෙද?ඉක්මනින් රස බත් එකක් කන්න කැමතිද? එහෙනම් මේන් හදලා බලන්ටකෝ.....
දෙදෙනෙක් සදහා අවශය:
*බත්(බත් එක බෙරි නොවි තියෙන්න ඕනා{මන් පාවිච්චි කරේ බාස්මති})
*ඉගුරු
*සුදු ළුණු
*ගම්මිරිස් කුඩු
*කුකුල් මස්
*බෝංචි\ග්රීන් පීස්
සාදන ක්රමය:
භාජනයකට තෙල් තේ හැදි 3ක් දාලා ලිප තියන්න. තෙල් රත් වෙද්දි තේ හැන්දක් පිරෙන්න සිහින්ව කැබලි කරගත් ඉගුරුද සිහින්ව කැබලි කර ගත් සුදු ළුණු බිකි 6 ද තෙම්පරාදුව සදහා යොදා ගන්න (ලංකාවේ අයට නම් කරපිංචා ඉත්තක් උනත් එකතු කර ගන්න පුලුවන්) ළමයි කර වෙන්නේ නැතුව දා ගත්ත තෙම්පරාදුවට තම්බා කැබලි කර ගත් බෝංචි\ග්රීන් පීස් එක්ක බැදපු කුකුල් මස් කැබලි ද එකතු කර ගන්න.විනාඩි 2ක් මද ගින්නේ තෙම්පරාදුව කලවම් කර එයට ගම්මිරිස් හා ලුනු අවශය ප්රමාණයට එකතු කරන්න......ඊට පස්සේ අන්තිමේට තෙම්පරාදුවට බත් එක එකතු කර කලවම් කරන අතර තුර අවශය ප්රමාණයට ගම්මිරිස් හා ලුනු එකතු කරගන්න.....විනාඩි 3කින් පස්සේ......... පිලියෙල කර ගත්ත බත් එක ලිපෙන් බා ගෙන හොදට රස කර කර කන්න......
හදලා බලන්නකෝ...රසදත් කියන්න....
විශේෂ සටහන:
*තෙල් සදහා පොල් තෙල් වඩා රසක් ගෙන දෙන අතර ආදේශක වශයෙන් බටර්\මාගරින්\එළවලු තෙල් පාවිච්චි කරන්න පුළුවන්.
*ඉගුරු හා සුදු ළුණු කර වීමෙන් බත කර රහා ඇති වෙන නිසා අවශය ප්රමාණයට තෙම්පරාදුව සකස් කර ගන්න.බතට අවශයම අංගය ඉගුරු හා සුදු ළුණු එකතු කිරිම බවත් ඒ නිසා බත රසවත් කරන්නේ ඉගුරු හා සුදු ළුණු බවත් මතකයේ තියා ගන්න.
*බෝංචි\ග්රීන් පීස් වෙනුවට කැමති එළවලුවක්(ලීස්,කැරට්,බෝංචි,සිහින්ව ලියා ගත් ගෝවා,සුක්කිනි [ඉතාලි එළවලු ජාතියක්] සිහින්ව කපාගෙන)පාවිච්චි කරන්න පුළුවන්.
*මස් පාවිච්චියේදි
1. කුකුල් මස් තම්බා හෝ බැදගෙන පාවිච්චිය රසවත්.
2. හරක්\ඌරු මස් සිහින් කැබලි කපා බැද ගන්න.
3. බිත්තර බැදගෙන කැබලි කර පාවිච්චියට ගන්ට උනත් පුළුවන් .
මම හිතුවේ කම්මැලි වෙලාවට මේ වගේ හදාගෙන කන්නේ මම විතරයි කියලා.. බලාගෙන යද්දී මෙයත් එහෙමනේ..
ReplyDeleteඅපි රෑට ඩයට් කරනවනේ ඒ හන්දා බත් කන්නේ නෑ.. අනික ඉතින් මේ රෑ 12ට මේක දාලා හරි යනවද මම අහන්නේ..
අමතක උනාද මල්ලී අපි දෙන්නම එක රටේනේ අෆ්ෆා ඉන්නේ....
Deleteමන් මේ ලංකාවෙ වේලාවෙන් පාන්දර පෝස්ට් එක දැම්මේ හි...හි...හි....
කෑමට කමෙන්ට් කලොත් මුන් කියයි ගෙදර කෑම හදන්නෙත් මම කියල..
ReplyDeleteමාරයියා කැම හදනව නම්, පිරිමි කෑම හදන්න ඉගෙන ගන්න එක වරදක්ද කියලත් හිතුනා. ඒත් මම තාම කෑම හදන්න ඉගෙන ගන්න හිතලවත් නැහැ..
අයියෝ සෑම්ට ගිය කලක්.
Deleteකට බොරු කියුවට දිව බොරු කියන්නේ නැනේ , ඔය කියන්නේ ඔය කියන්නේ
Deleteසෑමෝ කට වරද්ද ගෙන තියෙන්නෙ ඔයාමනෙ...
Deleteඅපි නම් වෙලාවට කලින්ම උයන බව කියලා ජාමේ බේර ගත්තා.. දැන් කරන්න දෙයක්නෑ සැමා.. ශේප් එකේ උයපං..
Deleteඉහලින් ඇති කොමට් කිසිවක් මම නොදැක්කෙමි :D
Deleteබොරු එපා සැමා එදා පාන්දර කිවේ බෝංචි කඩද්දි පනුවෝ හිටියා කියලා :)
Deleteඅපේ අම්මට කියලා හදෝගන්න ඕන... :)
ReplyDeleteඅඩේ මේක හදන එක ලේසි නෑ.. ෆ්රිජ් එහෙකුත් ඕන.
කලින් දවසේ බත් උයලා ෆ්රිජ් එකේ දාන්නත් ඕන. ඊට පස්සේ මම වැඩට ගිහින් හවස ගෙදර එන්නත් ඕන. එහෙම ඇවිල්ලා තමා මේ බත හදන්න වෙන්නේ. :ඵ්
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... උයන්න කම්මැලිකමකුත් ඕන. ඒක නං ඕනාවටත් වඩා තියෙනවා නෙහ්.
බත නම් රස පාටයි නඟා !
මධු අයියා හිතලා තියෙන දුර ඔන්න ඔහේ බත් උණු උණුවෙම උයාගෙන වැඩට යන්නේ නැති දවසක හදන්ට අනේ......ඔව් ඔව් රසයි..
Deleteඒකත් හරි නේ ! :)
Deleteකම්මුලි බතක් සාදා ගන්නා ආකාරය
ReplyDeleteඒකත් නරක නැ නේ
අටම් අයියේ හදලා බලන්නකෝ
Deleteමමත් කවුරුවත් ගෙදර නැති වෙලාවට ඔය බත තමා හදන්නෙ... කියල වැඩක් නෑ... ලේසියි පහසුයි සුගමයි...
ReplyDeleteඑහෙනම් ඊලග පාර කට්ටියම ගෙදර ඉන්න වෙලාවට හදලා පිළිගන්වන්න.විශේෂයෙන් දෝණිට හදලා දෙන්න ....
Deleteඅඩෙ අප්පේ මන් හිතන් හිටියෙ අද ඉදන් ඩයට් කරලා ඇඟ ටිකක් හදා ගන්න. මදෑ කොලා. ඩයට් කෙරුවාව පැත්තකට දාලා මේක කාලා බලලා හෙට ඉදන්ම ඩයට් කරනවා. (ඒකත් බාල ගිරි දෝශෙ වගේ තමා) :-D
ReplyDeleteඈ යකඩෝ ඔයත් ඩයට් ද?ඔන්න ඔහේ මේ කෑමත් කාලම හිටින් :P
Deleteඔහොම එළවලු දාල තෙම්පරාදු කරපු බත් සමග පොල් සම්බල් සමග මස්/මාළු හොදි එක්ක උදේට කනවා මම සමහර දාට.
ReplyDeleteබත නම් බාස්මති නැතිව වැඩක් නැහැ.
මේ බත් එකත් එක්ක පොල් සම්බල්, මාළු\මස් හොදි මන් එහෙම කාලා නෑ ඊ ලග පාර කාලා බලන්නම් ,,,,,,,ඔව් ඔව්.....බාස්මති හාලට ගහන්න හාලක් නෑ තමා..
Deleteඇයි මචං කීරි සම්බත් වැඩේට එල කිරි..මන් නම් ආසයි
Deleteසම්බා ගනේ හාල් මට බෙරි නොවි උයන්නම බෑ බස්මතී නම් ඇස් වහන් උයන්න පුළුවන්..අනික බාස්මති බත පහු වෙනිදා රයිස් එකේ දාලා රත් කරාම අලුතින් ඉව්ව බතක් වගේ තියෙනවා....අපේ අම්ම නම් කීරි සම්බා උයන්න දක්ෂයි
Deleteමොන බත්ද බං... අපි මස් බුදින ජාතියක්..
ReplyDeleteහෑ...එහෙනම් තොපේ උන් හැමදාම කෑලේට දඩයමේ යනවා ඇති මයේ හිතේ.....කට වහන් බත් ටික කාහන් දේශා
Deleteකෑවා ...කෝ අතුරුපස.....?
ReplyDeleteදැනට ලග තියෙන කඩේකින් සීනී බෝලයක් අරන් කන්න ඊ ලග පාර අතුරු පසක් හදන්නම්
Deleteගෙදර ඉන්න දවසට ලේසියට පහසුවට මාත් ඔය දේම තමයි කරන්නේ ...
ReplyDeleteඇත්තද?එහෙනම් අම්මා එදාට කුස්සිය පැත්තට එන්නේ නැතුව අති නේද
Deleteනියමා...යි මේක නම් ගොඩක් රස පාටයි.
ReplyDeleteශානු කිව්ව වගෙ ඉංගුරු සුදු ළුණු වලින් මරු සුවඳකුයි රසකුයි එකතු වෙනවා.ශෙස්වාන් සෝස් ටිකක් හදල ෆ්රිජ් එකේ දාල තියා ගත්තා නම් ඔනෙ වෙලවක බත් එකට දාල ගන්න විතරයි තියෙන්නේ..
නැත්තම් ඔකට තව සෙසමි ඔයිල් මෙස හැඳි දෙකකුයි ලයිට් සොයා සොස් ටිකකුයි දාල බලන්නකෝ..
අය්යෝ දැන් බඩගිනි උනා....
ඇත්ත ඔය රස කාරක වලින් බත රසවත් කර ගන්න පුලුවන් එත් ඉගුරු,සුදු ළුණු වලින් ස්වාභාවිකවම බත රසවත් කර ගන්න පුලුවන්නේ......ශේස්වාන් සෝස් කොහොමද අෆ්ෆා හදන්නේ ?
Deleteහරි ලේසී..ලඟදිම පෝස්ට් එකක් දාන්නම්කො...
Deleteඔන්න එහෙනම් මම බලාගෙන ඉන්නවා......
Deleteඔන්න දැම්මා......අවිත් බලා ගන්ඩෝ...
Delete//තෙල් සදහා පොල් තෙල් වඩා රසක් ගෙන දෙන අතර ආදේශක වශයෙන් බටර්\මාගරින්\එළවලු තෙල් පාවිච්චි කරන්න පුළුවන්.///
ReplyDeleteඅනේ බටර් තමයි රස පොල්තෙල් රස නැහැ නේ අක්කේ.. මාත් ඔහොම හදන් කනවා අක්කේ, ලියන්නම්කො මගෙත් රෙසිපියක්
ඔමයියෝ මම පොල් තෙල් රසයි කිව්වේ පොල් තෙල් අපි කවදාවත් කඩෙන් අරන් නෑ අපේ අම්මා ගෙදරම කෑමට තෙල් හිදිනවා ඒ පොල් තෙල් හෙන සුවදයි,රසයි මුඩු නොවි කාලයක් තියා ගන්න පුළුවන් මම මෙහෙටත් ගේනවා ඒකයි මම එහෙම ලිව්වේ.....ඕං ඈ මාත් කෑම ජාති ගැන ලියන්න ගත්තා....මතකද අපි එකටම කතා කලේ කුස් කුස් රෙසපියක් ඔයාට මම එවපු දවසේ........හි...හි...හි.... ලියමු එහෙනම් ඔයාගේ රෙසිපිය ගැන
Deleteහ්ම්ම්,, ඒක මිසක් කඩෙන් ගේන ජරාව ගැන හිතලයි කිවේ .. ඔයා fb එකට එවපු විස්තරේ කවදාවත් අමතක වෙන්නේ නැහැ සුක්කිනි කියන නම ආපහු මතක් උනේ එදා අක්කේ තැන්කු ... මාත් දැන් ලියන්නම් පෝස්ට් එකක් ඉදගෙන
Deleteබඩගිනි වැඩි වුණාද මන්දා මෙක කියවලා.....
ReplyDeleteවෙලාවකට ටැස් කොරලා බලන්නකෝ
Deleteහ්ම්..
ReplyDeleteහ්ම්....හදන්ටකෝ හ්ම්..හ්ම්..ගා ගා ඉන්නේ නැතුව
Deleteමෙන්න මේ වගේ කම්මැලි කෑම ගැන කියාදෙන එක කීයත් වටිනව අක්කෝ.... මටත් අනාගතේට බොහොම වැදගත් මේවා......
ReplyDeleteපවු අර බස්සා... :D
Deleteඒකනේ ඒකනේ ...මගේ කෙටි වංගු රෙසපි ඔයාලට ලියන්නේ.....@ දිනේෂ් ඇයි අනේ... ඒ?
Deleteහෆොය් කවද හරි මං සැට් වෙන එකාට වත් මේ ගැන කියන්නං කෝ මොකද මට උයන්න බෑනෙ. අපි ඉව්වොත් සොරිමතමා එක්කො බත් කාල ඉවරයි. නැත්තං බත් කාපු එකා ඉවරයි
ReplyDeleteහෙහ්.හෙහ්.... එකෙක්ටද සෙට් වෙන්නේ එකියෙක්ටද?.....එහෙනම් ජීවිත අනතුරේ දාන්නේ නැතුව දන්න කියන කෙනෙක්ට කියලා හදා ගන්න
Deleteඅඩේ වැරදි යට හිතන්න එපා වචන පැටලුනා... එකී එකී
Deleteසෙනසුරාදට මමත් හදනව..මොකද එදාට උදේ වරුව මම තනියම ගෙදර ඉන්න නිසා මුළු කිචන් එකම මගෙ පාලනයට නතු කරගන්නව.
ReplyDeleteඑහෙමද?එහෙනම් ට්රයි කරන්නකෝ
Deleteමම නම් අරවා මෙවුවා ගොඩක් උයන හැටි කියලා දිලා තියෙනවා. වැඩේ කියන්නේ කියන වේලාවට විතරයි මතක. ඒ නිසා වැඩක් නැ අක්කා -_-
ReplyDeleteඔහොම තමා අනේ ගනන් ගන්න එපා
Deleteඕකට බත් එකතු කරන්න කලින් බිත්තරයක් කඩල දාලා බත් එකතු කරයින් පස්සේ සොයා සෝස් ටිකකුයි සිනි මේස හැදී කාලකුයි එකතු කලාම ෆට්ට
ReplyDeleteආටෝප නැති බත් එක උඹ ආටෝප කරන්න හදන්නේ දැන්:D
Deleteයෑස් මේක ආටෝප නැති බතක් ආටෝප කර ගැනිම ඔබලා සතුයි @ හිතමින් .....මේවා අත් හදා බලලා මට ඉස්පිරිතාලේ යන්න වෙයිද මන්දා
Deleteබඩේ ගින්දරේ බෑ! :D
ReplyDeleteවතුර ටිකක් ගහලා නිවා ගන්
Delete