Tuesday, January 14, 2014

40.සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම්



''අයි ඇම් මුරු,අයි ඇම් ෆ්‍රොම් නයිජිරියා''..........

''හෙලෝ මිස්ටර් සාටෝ,හව් ඩු යු ඩු?''.........

            මේ වචන ටික ඇහෙද්දි 90 දශකයේ මැද බාගේ දි  හතර ශ්‍රේණියේ   හිටපු කෙනෙක්ගේ හිත ඒ සුන්දර ඈත අතීතයට දිව ගොස් ඉංග්‍රිසි අත් පොතේ හුරු පුරුදු සුවදින් හිත පිරි මදිනවා නොඅනුමානය.ඉතින් ඔය සුන්දර කාලේ තුල වෙච්ච සිදුවිමක්  ලියන්න හදිස්සියේ මතක් උනා..

        ඒ දවස් වල කොන්ඩ කරල් ගොතලා,ක්‍රේල් කටු ගහලා හැඩ කරන්න කොන්ඩයක් මට තිබුනේ නෑ..ඒ කාලෙත් කොන්ඩේ කොටට කපලා කොලු පැට්ටෙක් වගේ තමා ඉතින් වාසය :) ගමේ ඉස්කෝලෙන් පස්සේ මම ගියේ අල්ලපු ගමේ ඉස්කෝලෙට ඒකත් ගමේ එක වගේම මිශ්‍ර පාසලක්..... අලුත් ඉස්කෝලේ සල්ලී කාරම ළමයි දෙතුන් දෙනෙක් ඇරෙන්න මම ඇතුලු අනිත් හැමෝම වාගේ දැම්මේ  පටි රබර් සෙරප්පු මට අද වගේ මතකයි සපත්තු දාපු කෙල්ලෝ ,කොල්ලෝ ගිය උජාරුව අද වගේම එදත් කෙල්ලෝ මට නම් හෙනම ඇලජික් උන්ගේ බොරු කැටයම් මට අල්ලන්නේම නෑ නොව...ඉතින් අලුත් පන්තියට ගොහින් ඉද ගන්න හම්බුන කණ්ඩායමේ අරුණයි,චතුරංගයි ටික දවසකින් මගේ හොදම යාළුවෝ  වුනා.
       කෙල්ලෝ අරලිය ගස් වල වැටිලා තියෙන මල් ඉරටු වල ගහද්දි,කීස් මීස්  ඤාව් ඤාව් කරද්දි,කාගේ වත්තේ මල් කඩන්නේ කියද්දි,ගිනි ගිනි බෝලේ කරද්දි මම පිරිමි ළමයි එක්ක ක්‍රිකට් ගැහැව්වා,රබර් සෙරප්පු දෙක අතේ දාගෙන ටකර ගහන්න ,ගස් මාරු වෙන්න (කුට්ටි) කරන්න දිව්වා.ඔහොම සති දෙක තුනක් ගෙවෙද්දි  අපේ පී.ටී.  පිරියඩ් එකට පන්තියේ කට්ටිය දෙකට බෙදිලා ක්‍රිකට් ගැහැව්වා.මමයි,චතුරංගයි,අරුණයි මොන දේටත් එක කණඩායමේ. ඔන්න දැන් අරුණ බෝල් කරනවා අනිත් පිලෙන් සම්පත් කියලා මුරුගේ ටයිප් එකේ කොල්ලෙක් බැටින්  සම්පත් පළවෙනි බෝලෙන්ම අවුට්,ඒකට ඒ දුක දරා ගන්න බැරුව නෝ බෝල් කිය කිය අරුණ එක්ක වලිය.මමයි ,චතුරංගයි පිට්ටනියේ ඈත ඉදලා අරුණ ගාවට දුවලා එද්දි සම්පතා අරුණගේ ඇහැක් නිල් වෙන්න බැට් එකෙන් නෙලලා. 

'' අඩේ බන් රිදුනද ''කියලා අහනවා.
   
  මම    අරුණව අල්ලන් මොකද උනේ කියලා අහද්දි චතුරංගයා සම්පට  බිම දාගෙන  දුවිලි ගොඩේ ගහනවා.වටේ ඉන්න අනිත් කොල්ලෝ,කෙල්ලෝ හුරේ දානවා, අරුණ ඇහැට අත තියාගෙන හොටු පෙරාගෙන අඩනවා:(
    
    ''පෙන්නපන් අරුණ ඇහැ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න'' 
      
                කියලා මම අත අහක් කෙරුවා විතරයි බලන්න දෙයක් නෑ.......... ඇහැ නෑ නෑ වගේ දැක්කේ ඔය අල්ල පනල්ලේ සම්පා චතුරංගයගෙන් ගුටි කනවා,චතුරංගයා සම්පගෙන් ගුටි කනවා. ඔය අතරේ සර් කෙනෙක් දුවන් ඇවිත්  චතුරංගගෙයි සම්පගෙයි කොලර් වලින් උස්සලා කන් දෙකෙන් අල්ලන් මැඩම්ගේ ඔපීසියට දක්කනවා.මමයි ,අන්තරස් දහන් වෙලා එතන්න ඇවිත් හිටිය  පී.ටී. මිසුයි අරුණව අල්ලගෙන ඔප්පීසියටම යනවා.....................
  
                                    -----  මතු සම්බන්දයි -----

                    

44 comments:

  1. uyaath den mathu sambandai danawa neh? ;) oya wage pirimi yaluwek mata unne nane......sik....

    ReplyDelete
    Replies
    1. අනේ රෙහානියෝ මට ඔය වැඩේ බැහැනේ අප්පා ,, අර ට්‍රිප් එකක් ගිය එකෙත් එකයි ලිවේ ,, තව ඒ වගේ කීපයක් තියෙනවා මතුසම්බන්දයි කවත් ඉවර කරලා නැහැ

      Delete
    2. @ ඔමා ~ ඔව් ඔව් මළ මුහුදේ මල කෝලම් දෙවනි කොටස තාම ලියනවා නේද ලමයා??

      Delete
    3. කට කට මල්ලි කට වහගන්න :D

      Delete
    4. @රෙහානි නෑ ඉතින් මේක මා දැල වගේ ලිව්වම කියවන්න හිතෙන් නෑනේ ඒකයි.........@ ඔමා @ප්‍රියා ඔව් නේන් නම් හරි නම් මෙයා පලවෙනි කොටස කියලා නව්වත්තපු ලිපි වල 2වෙනි ලිපි ලියන්ට කියලා උත්ඝෝසන ලිපියක් ලියන්න ඕනා :D

      Delete
  2. හෙටම ලියලා දාන්න ඇහැට මොකෝ උනේ කියලා බලන්නත් එපැයි ,, අර ඉංග්‍රීසි පොත් හම්බුණේ 3 ඩි නේද අක්කේ ,, මටත් මතක් වුනා අප්පා ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු....සැක් එහෙමද මට මතක 4 දී වගි දැන් කොච්චර කල්ද අවු. 17කට කලින්නේ

      Delete
  3. ඇත්තට ඉස්කෝලෙ යන දවස් වල අපෙ සෙට් එකත් එක්කම හිටියා අපේ පන්තිවල කෙල්ලො සෙට් එකකුත් A/L කරන දවස් වල උන් එක්ක රවුම් ගහපු තරම් බඳින්න කලින් වෙන්න වයිෆ් එක්ක වත් ගිහින් නෑ. ෆිල්ම් බලන්නයි, පල්ලි, පන්සල් පේන්න බෑ. ඒත් කවදාවත් වැරදි අදහසකින් අපි එකිනෙකාගෙ අතකින්වත් අල්ලලා නෑ. (පන්තියෙදි දෙගොල්ලො හිටපු ගමන් මරා ගන්නවත් එක්ක.) දැන්නම් උන් කොහෙ ඉන්නවද වත් දන්නෑ. එකෙක් දෙන්නෙක් බුකියෙ ඉන්නවා එච්චරයි.

    හොද මිත්‍රත්වයකට ගැහැණු පිරිමි භේදය කොහෙත්ම බලපාන්නෑ ශානු.

    කතාව මතු සම්බන්දයි කිරීමටනම් විරෝධය.

    ReplyDelete
    Replies
    1. 4 රේ පන්තියේ පලවෙනි වාරයෙන් පස්සේ මට බාලිකාවකට යන්න උනා ඊට පස්සේ නම් පිරිමි යාළුවෝ හිටියේ නෑ.......බාලිකා පාසෙලෙදී මගේ කතා පෙට්ටිය වැහිලා ගිය හින්දද මන්දා ලැජ්ජා නහරේ මන්දගාමිව වැඩෙන්න ගත්තා. හෙහ්...හෙහ්.....

      Delete
  4. ''අයි ඇම් මුරු,අයි ඇම් ෆ්‍රොම් නයිජිරියා''
    මගේ කොණ්ඩේ මුරූ ගේ වගේ කියලා පොඩි කාලේ ඉඳන් මං ඔය වගන්තිය අනන්තවත් අහලා ති‍යේ. ඒක දැක්ක ගමන් මගේ හිතත් හෙමි හෙමින් අතීතෙට ගියා....

    ReplyDelete
    Replies
    1. රන්දුත් මුරුක්කු ටයිප් එකේ කොන්ඩේ තියෙන හාදයෙක්ද......අපේ හා පුංචා දුවටත් නෑවම මුරු ටයිප් එකේ කොන්ඩයක් තියෙන්නේ

      Delete
    2. මුරු ටයිප් jvc කොණ්ඩෙකට තිබුනු මෙවුවා එකක් මතක් වෙලා හිත අතීතෙට දිවුවාලු ඉතින්.

      මොකද්ද අක්කෝ ඒ ඉක්කෝලෙ? අපේ ඉක්කෝලෙ අවටම එකක් වෙන්ටැති නේ?

      Delete
    3. අපිට ඒම කවුලුත් මතක් වෙන්නේ නෑනේ අෆ්ෆා........ කරුමේ තමා :)

      ගොන්සාල් වෙස් විදුහල......

      Delete
  5. ඉහත පාඩම කියවූ මට තිබුනේ එකම ප්‍රශ්ණයකි.

    මුං අතිං වියදං කරං සමන් ව බලන්න ලංකාවට aaවද??

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..... අලි මල්ලිටත් තිබිලා තියෙන පුරස්න..අම්මපා අපිට ඔහොම දෙයක් ගැන නිකමට හිතුන් නෑනේ

      Delete
  6. මොකද්ද අෆ්ෆා, මේක දෙකට කැඩුවේ මොකෝ.. තද වෙනවනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. එකටම රස්සාවයි,පරස්තාවයි දෙකම බේර ගත්තොත්නේ අෆ්ෆා මේම මේම ලියන්න පුලුවන් වෙන්නේ...ගැත්තාට අනුකම්පා කර....තද වෙන්නේ නැතුව විගහින් බුරුල් උනා නම් හොදා

      Delete
    2. බ්ලොගට බැඳි ආලේ ගැන අපේ බස්සත් ඉන්නෙ මූණ නොරොක් කරගෙන. අයි නෝ ද ෆීලින් පුතා.... කෑලි පහකට කැඩුවත් කමක් නෑ ඉස්මනට ලියාන් ඉතිරි කොටස.

      Delete
    3. එක ඉස්කෝලෙනේ ඒ නිසා යු නෝ මයි ෆිලින් නංගෝ හි...හි...හි..

      Delete
  7. මදෑ කොලා කියවන්න අනිත් හුස්ම ටික ගන්න කොට බඩු බනිස්..

    අපේ එකෙක් හිටියා ඌට අපි කීවේ.. අයිම් පොම් සාටෝ.. කියලා. මොකද ඌ වරද්දල ඒක ඉස්කෝලෙදි කිව්ව නිසා..

    ReplyDelete
    Replies
    1. පෙට්ටි කඩේකින් ප්ලේන්ටියක් බොන්න බනිස් ග්ඩිය කන ගමන්.......හෙහ්...හෙහ්........

      අපෙත් ඔය දෙබස් කියන්න බෙදුවම එක එක වෙඩින් කිව්ව කස්ටිය හිටියා

      Delete
  8. හතර පහ වසර කියන්නෙ නියම වයස.මොකද සර් කෙනෙක් බය කරපු ගමන් කව්ද වරද කලේ කියල ඔක්කොම කියල දානව..බලමුකෝ ඔමාට මොකෝ වෙන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්....ඒක නම් ඇත්ත......

      ඔමා ද?ඔයාද?

      Delete
  9. මාත් ඉංගීසි පොතේ සුන්දර අතීතියට ගියා. සාටෝලා මුරූලා අපේම යාළුවො වෙලානේ හිටියේ.

    චතුරංගටයි සම්පටයි මොකද වුනේ කියලා ඉක්මනටම කියන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපේම අපේ යාළුවෝ.........ඔන්න ඔය පාඩම නිසා මන් ඉංග්‍රිසි ඉගෙන ගන්න උනන්දු උනා කිව්වොත් හරි.......මොකද ඉස්සර මට ඉංග්‍රිසි කියන්නේ පිට සක්වල බසක් වගේ ....

      ලියන්නම්....රැදි සිටින්න

      Delete

  10. චතුරංග කිව්වේ බ්ලොග් ලියන අපේ ප්‍රියා වුනාට අරුණ කියන්නේ මම වෙන්න බැහැ.:D

    ReplyDelete
    Replies
    1. ඒ චතුරංගත් මේ චතුරංගත් ඇර තවත් චතුරංගලා ඉන්න පුලුවන්නෙ අරූ අයියෙ. හි… හි… :-D

      Delete
    2. සැක්...බොලාලා හිතුවද නාකි එක්ක හතර වයසේ ඉන්ට ගිය ආත්මේ කතාවක් මන් ලියනවා කියලා

      Delete
    3. කවුද බොලේ නාකි. මෙන්න අරූ අයියෙ අපි නම් දන්නෑ ඕන්.

      අපි දෙන්නම තාම කොලු පැටවු බොලා. අරූ අයියට දහාටයි, මට දහසයාමාරයි. හි… හි…… :-D

      Delete
    4. අනේ බබ්බ බබාලා
      ;9

      Delete
  11. මොකෝ අනේ මෙච්චර සුට්ටක් ලියලා කොටස් කලේ -_-

    ReplyDelete
    Replies
    1. සුට්ටක් වගේද අනේ....හාකෝ ඊ ලග පාර දිගට ලියන්නම් .....

      Delete
  12. ඒ දවස්වල එපාම කරපු පාඩමක් තමා ඔය ඉංග්‍රීසි පාඩම.
    ඒක නෙමේ තාමත් කොට කොණ්ඩෙ ද ?
    ඔය පොතේම නේද කිරි ටොපි හදන හැටි තියෙන්නේ. දැනුයි මතක් උනේ

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ කාලෙකදි කොට වෙනවා,කාලෙකදි දිග වෙනවා...මෙහේ සීතත් එක්ක දිග කොන්ඩ මේන් ටේන් කරන්න මට අමාරුයි අෆ්ෆා........... ඔව් නේ කිරි ටොෆි හදන්නත් තිබුනා තමා

      Delete
    2. තව පාඩමක් මතක් උනා...
      ඔය පොතේම නේද ඉඳිකටුවකිනුයි කිරල ඇබයකිනුයි මාලිමාවක් හදන්නේ.

      Delete
  13. ඉංග්‍රිස් නං තාමත් ඇලජික් වුණත් ඔය පාඩම මතකය..
    සම්පත් වගේ එකෙක් මෙහේද හිටියේය. උට තිබුනේ වෙනම ලෙඩකි.. ඌ අවුට් උනාම මැච් 1 ඉවරය.. ඒ කියන්නේ අලුතෙං එකක් පටං ගනී.. අපිටද මලය කරන්න දෙයක් නැත.. බැට් බෝල උගේය.. දවසක් මූ මේක කරන කං බලා ඉදල අපි ඌ වට කරගත්තෙමු.. ඉතිං ඹඹරු විද්දා වගේ තමාය...
    එතනිං එහාට තේරෙනවනෙ නේහ්

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...... ඔයියා අදුනන සම්පෙක් හිටියද?ඉතිරි කොටසත් බලන්ටකෝ වෙන්නේ මොකෑ කියලා

      Delete
  14. චන්ඩියෙක්නේ මචන් මම උඹට කචල් දැම්මේ විහිලුවට හොඳේ.....බයෙත් බෑ යකෝ.

    ReplyDelete
    Replies
    1. අපි හිත හොද චන්ඩි හිකිස්.........

      Delete
  15. අයියෝ මතු සම්බන්ධයි ද ? ඕකනේ ඉතින් කරන්න බැරි :)

    ReplyDelete
  16. යකෝ අක්කේ දැන් සතියක් උනා.... ඉක්මනට දාහන් දෙවෙනි කොටස. මම පව්..... මග බලන් ඉන්නවා කතාව කියවන්න.

    ReplyDelete
  17. ශානු ගේ බ්ලොගේ ට තමයි අද ඉස්සෙල්ලම ආවේ...අසනීප වෙලා ගෙදර ඇඳේ ඉන්න ගමන් ලේ ටික කුල් කරගන්න බ්ලොග් ටික කියවන්න හිතුනා.අපූරුයි චූටි නංගෝ...ඉතුරු ටිකත් ලියන්න..ඔයාගේ ළඟ තියන මනුස්සකමට මම හරි ආදරෙයි.නැත්නම්..හැතැම්ම සියදාස් ගානක දුරින් ඉඳලත් අක්කා ගැන ගෙදර කෙනෙක් වගේ හොයලා බලන්න ඔය හිත උණු වුන එක ..හිතාගන්න වත් බැහැ ...

    ReplyDelete
  18. අරුණගේ ඇහැ බේරෙන්න ඇති නේ? :o

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!