Thursday, January 30, 2014

41.ඔබත්,මාත් දුන් පිහාටු එක් කර රටා මැවු කෙල්ලෙකුගේ අත්තටු

 පළමු කොටස මෙතැනින්     කෙල්ලෙකුගේ හීනයකට තටු දෙන්න බැරිනම් පිහාටුවක් වත් දෙන්න.

******************************************************************************
  එකමත් එක කාලෙක කෙල්ලෙක් හිටියා, විනෝදෙට කොල තීරු කපාගෙන එක එක හැඩයට තියලා ලස්සන රටා මවපු, ඒ කෙල්ලගේ හීනයක් තිබුනා තමන්ගේ විනෝදාංශය  පොඩි ආදයම් මාර්ගයක් බවට පත් කර ගන්න.අන්න ඒ හීනෙට ඉගිලෙන්න එක පාර තටු දෙන්න බැරි උනත් හැමෝම වගේ දුන්නු පිහාටු එකතු කරලා මේ කෙල්ල අද වෙනකොට තමන්ටම කියලා තටු හදාගෙන වැටි වැටි ඉගිලෙන්න පුරුදු වෙනවා......කලින් පාරට වඩා තියුණු වෙච්ච නිර්මාණ හැකියාවත් එක්ක අද වෙනකොට විවිධ මාදිලි වල  සුබ පැතුම් පත්,යතුරු රදවන ඉන් බොක්ස් මැසේජයකින් ගෙදරටම ලැබෙන්න සලස්වන වැඩ පිලිවලකුත් පටන් ගෙන ............

         මමත් එක එක අයිඩියා මේ කෙලීගේ ඔලුවට දාලා මේ වැඩේ මෙච්චර දුරට ඇදගෙන එන්න පුංචී පහේ දෙකයි පනහේ අයිඩියා දුන්න නිසා මේ කෙල්ලගේ නිර්මාණ ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා......
    ලග එන වැලා එක සමරන්න මේ කෙලී කරපු අලුත් නිර්මාණ ටිකක් තියනවා....වැලා දවසට ආදරේ ප්‍රකාශ කරන්න ඉන්න අය,ප්‍රකාශ කරපු අය තමන්ගේ ආදරවන්තයින්ට,ආදරවන්තියන්ට විවාහක අය... වැලා දවසට දෙන්න, පර්ස් එකට තට්ටු නොවි අලුත් අමුතුම විදිහක තෑග්ගක් හොයනවා නම් මේ නිර්මාණ දිහා නෙත යොමලා බලන්න........

   

                                         

Valentine's day Cardz key tagz

♥♥♥

                        









                                           Wall Framez











                                                                      Cardz







     මෙතැනින් බුකියට ගිහින් ලයික් එකක් දාලා එන්න පුළුවන් නම් අගෙයි Happy Rabbits Creations...

ප.ලි..
     සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම් 2 කොටසට කලින් මේ ලිපිය ලියන්න සිද්ධ උනේ යාළුවෙක්ට සතියකට කලින් කිව්ව වචනයක් ඉෂ්ට සිද්ධ කරන්න ඕන නිසා......සදුදා උදෙන්ම මන් මලත් සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම් 2 කොටස කියවන්න පුළුවන් වේවි.....

20 comments:

  1. නියමයි නේ.. ශානු අපේ හිරුවගේ වැඩ දැකල නෑ වගේ මගේ හිතේ..

    https://www.facebook.com/HiruDesigns

    එළටම හදල තියෙනවා කරුමේ කියනනේ වැලා අපි දිහා නිකා වත් හිනා හලා නෑ නෙව..

    ReplyDelete
    Replies
    1. හිරුවගේ වැඩත් සුපිරි මන් දැකලා තියෙනවා බන් දේශෝ......

      අලේ මේ දේශා පික්ෂු කෙලින් නැතුව දේශිකාට මොනා හරි ගෙහුන් දීහන්....

      Delete
  2. දැන් තෑගී ,සුබපැතුම් පත් හරි ..වැලන්ටයින් සමරන්න කෙනෙක් තමයි හොයා ගන්න ඕන. :D

    ReplyDelete
    Replies
    1. අලේ මේ බොරු නොකියා හිටින් එතකොට අර වඩාගෙන ඉන්න දරුවා අල්ලපු ගෙදර කෙනාගෙද?මෝහීනිගෙද?අලේ මන්දා වැලා ලන් වෙද්දි මුන්ට පෙම්වතියොත් නැති වෙන වනේ

      Delete
  3. කොහෙද අප්පේ අතුරුදන් වෙන්නෙ එක පාරට??

    වටින පෝස්ට් එකක් මාත් මේ වැලාටයිම් එකේ මගේ ආදරේ ප්‍රකාශ කොරන්න ඉන්නෙ. හි… හි… ඒකට වටිනවා.

    ReplyDelete
    Replies
    1. හැක්.....හෙ...හෙ...හෙ...ගෙදර උන්දගෙ නම්බරය එවහන්....වැලා දවසට ආදරේ ප්‍රකාශ කිරිම කෙසේ වෙතත්,ගෙදර උන්දගෙන් කොසු,ඉදල් වැනි මාරාන්තික ප්‍රහාර වලට ගොදුරු වෙන්ට පුළුවන්

      Delete
  4. ලස්සණ යි ශානු. මට නම් ඔය වගේ නිර්මාණාත්මක කටයුතුවලට ඉවසීම අඩු යි.

    ReplyDelete
    Replies
    1. ඒ බව නං පේනවා....

      Delete
    2. මාත් දිලිනිගේ බෝට්ටුවේමයි...මටත් ඔය සුට්ටි සුට්ටි හුරුබුහුටි වැඩ බෑනේ.....

      @මධුරංග හෑ දැන් ඔයා දිලිනිව පේනෙන මානයේද ඉන්නේ මාරයි ඈ :D

      Delete
  5. හරිම ලස්සනයි ඒ වගේම නිර්මාණශීලියි ....

    ReplyDelete
  6. කාඩ් එකක් ගත්තොත් කෑල්ලක් නොමිලේ දෙනවා නං මාත් කාඩ් එකක් ගන්නවා..
    බලමු ඊලඟපාරවත් කාඩ් එකක් යවන්ඩ කෙනෙක් හොයාගන්ඩ

    ReplyDelete
    Replies
    1. කාඩ් එකක් ගත්තොත් පට්ට කෑල්ලක් නොමිලේ දෙනවලු මේ දැන් ඔයා නිසාම ඩීල් එක කන්ෆම් කරා.....හැක්....මේ ප්‍රකාශ කරන්න වත් කෙනෙක් නැද්ද අෆ්ෆා....ඉක්මනින් පට්ට කෑල්ලක් හැක්...නෑ රුමත් සිතැත්තියක් මුණ ගැහෙන්න කියල පතනවා ඕංංංං...........

      Delete
    2. ප්‍රාර්තනාවට ස්තූතියි !

      Delete
  7. ලස්සනයි....ලස්සනයි!!

    වැලා සමරන්න වැල ගෙඩියකින් ගලවපු කොස් ඇට වගයක් තියෙනවා. බැරිද ලස්සන ඇට මාලයක් වගේ එකක් හදන්න :D

    ReplyDelete
    Replies
    1. ස්තූති....අනිවා ඉල්ලුමට සැපයුම:)

      Delete
  8. බොහොම ස්තූතියි මගේ සදා ආදරණීය මිතුරියේ...මේ වචන මට හුගාක් වටිනව..හැමදෙනාටම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. පිස්සු නටන්න එපා හලෝ ස්තූති කර කර මන් මොකුත් කරේ නෑ.

      Delete
  9. අඩේ නියමයිනේ.. අර වෝල් ෆ්‍රේම්ස් ටික තමයි මගේ හිත ගත්තේ වැඩියෙන්ම..

    ReplyDelete
  10. ආවව්...මාරම ලස්සනයි ශානු

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!