ඔයාගේ උණුසුමට ගුලි වෙන්න පෙරුම් පිරුව හිත ඒ සුව පහසු උණුසුම ලග සැනසෙද්දි ඔයා මටත් හොරා යන්නම යන්න ගියා වගේ එක පාරමටම අතුරු දහන් වෙද්දි සත්තයි හිතට දැනුනේ පුදුම විදිහේ අපහසු බවක් ඒත් කාලයත් එක්ක අවුරුද්දේ මාස ගානක් හරි ඔයාගේ උණුසුම ලග දැවටි දැවටි ඉන්නවත් වරම් ඇති නිසා, මම හිත හදා ගත්තේ වෙන කරන්නම දෙයක් නැති නිසා කියලා ඔයාට නිකමටවත් හිතෙනවද මම තවම දන්නේ නම් නෑ...ඒත් මේ හිත,ගත හොයන ඒ උණුසුම තියෙන්නේ ඔයා ලග විතරයි කියලා හිතෙද්දි සීතලින් ගැහෙන මැදියම් රෑක මට ඔයාව සිහි වෙන්නේ නිරායාසයෙන්ම.......
මට ඔයාගේ උණුසුම් ආදරය දැනෙන්න ගත්තේ යාන්තමට බහ තෝරන වයසේ උනත් ඔයත් එක්කම ලොකු වෙච්ච මම මුහුදු හතක් පහු කරලා ජීවිතේ අලුතින් පටන් අරගෙන අවුරුද්ද,දෙක ගත වෙද්දි සත්තයි මට ඔයාගේ ආදරේ ඕනවටත් වඩා දැනෙන්න ගත්තා මගේ වාසනාවකට ඒ මුහුදු හත පැනලා ඔයාට මා ලගට එන්න තරම් දෛවය මට කරුණාවන්ත උන එක නම් මගේම වාසනාවක් .....
ඔයාට තිබ්බ වැඩ කටයුතු එක්ක මම දන්නවා මට වඩා ලෝකයා ඔයා ගැන මහා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටිය බව ඒත් ඔයාගේ උණුසුමට මම ඕනෑවටත් වැඩියේ ලෙන්ගතු උන නිසාම නිතර දෙවේලේ හිත,ගත දෙකම ඔයාව හොයන්න ගත්තා.........ලගින් තියා ගන්න හිතුවා..........
ඔයාට තිබ්බ වැඩ කටයුතු එක්ක මම දන්නවා මට වඩා ලෝකයා ඔයා ගැන මහා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටිය බව ඒත් ඔයාගේ උණුසුමට මම ඕනෑවටත් වැඩියේ ලෙන්ගතු උන නිසාම නිතර දෙවේලේ හිත,ගත දෙකම ඔයාව හොයන්න ගත්තා.........ලගින් තියා ගන්න හිතුවා..........
මට මතකයි ඉද හිට විදි දිගේ ඇදෙන දෙනෝදාහක් මිනිසුන්ගේ දෙනෙත් මුලා කරලා ,හැංගි හොරා උදේ පාන්දර ලේසියෙන් නගින්නට පුළුවන් මගේ කාමරයේ පුංචි මල් වලින් පිරිච්ච බැල්කනියට ඔයා ගොඩ වැදිලා වීදුරු දොරෙන් හීන් සීරුවට මටත් නොදැනිම කාමරෙයට ඇතුලු වෙලා හැල හොල්මනක් නැතිව ටිකෙන් ටික මගේ ලගට ඇවිත් මගේ කම්මුල් පුරා තැවරු ඒ උණුසුම් හාදු
සත්තයි තවමත් මට මතකයි අද ඊයේ වාගේ. ඒ විතරක්ද,ඒ වෙලාවට මගේ ඇස්දෙක ලග තෙරපෙන නින්ද හීන් සැරේ ඉවත් වෙලා ඔයාගේ උණුසුමත් එක්ක හිත ප්‍රබෝධමත් උන හැගීම විද ගන්න මම තවමත් මග බලාන ඉන්නවා. ඔයාගේ උණුසුමට ගුලි වෙන්න ලෝභ උන ඒ හැගීම අදටත් හිත සලිත කරන හැගිමක්.......
සත්තයි තවමත් මට මතකයි අද ඊයේ වාගේ. ඒ විතරක්ද,ඒ වෙලාවට මගේ ඇස්දෙක ලග තෙරපෙන නින්ද හීන් සැරේ ඉවත් වෙලා ඔයාගේ උණුසුමත් එක්ක හිත ප්‍රබෝධමත් උන හැගීම විද ගන්න මම තවමත් මග බලාන ඉන්නවා. ඔයාගේ උණුසුමට ගුලි වෙන්න ලෝභ උන ඒ හැගීම අදටත් හිත සලිත කරන හැගිමක්.......
හැම අවුරුද්දෙම ශිත සෘතුව පටන් ගද්දිම ලෝක සවාරිය යන්න ඔයා ලක ලෑස්ති වෙන බව මන් කල් තියාම දැනන් ඉන්න නිසා ඔයාගේ වෙන්විම දැන් දැන් හිතට හුරු පුරුදු වෙලා උනාට ඔයා ගැන අහල පහලින් ඇහෙන කතන්දර මේ හිත කොහොම ඉවසන්නද? සමහරු කියනවා ඔයා මේ නගරයෙන් පිට වෙලා ඉන්න තරමට මේ පලාතට හොදයිලු....තවත් සමහරු මම වගේම ඔයා මේ නගරයේ ඉන්නවට කැමති...........මම දන්නවා මේ වෙන්වීම ගොඩක් දිගු කාලයකට නොවන බව ඒත් පුරුද්දකට වගේ ඔයාගේ හෙවනැල්ලක සේයාවක් වත් විදියේ කොනක දකිනකම් ඔයා මටත් හොරෙන් ගොඩ උන ලස්සන පුංචි මල් වලින් පිරිච්ච බැල්කනියට වෙලා තවමත් මම මග බලන් ඉන්නවා..ඒ ඉද්දි ඔයා ලග ලගම එන බවට ඔයාගේ සුවද පිරිච්ච,උණුසුම් සුළන් කැරලි කනට කොදුරන රහස් වලට මේ හිත පොපියන තරම්,අවට පරිසරයට දැනිලාද කොහෙද ගහකොල දළු දාලා,මල් පිපිලා සියතුන් ගී කියන්න පටන් අරන්.......
ඉතින් දැන් ඇති දුරස් වෙලා හිටියා හනි හනිකට එන්න.......
ඉතින් දැන් ඇති දුරස් වෙලා හිටියා හනි හනිකට එන්න.......
රවි නොහොත් හිරු කුමරු ගැන ශිත සෘතුවේ හිතලට ගල් වෙච්ච මගේ හිතට මෙහෙමත් හිතුනලු ඕං........
රවි.....???? අර රවී නෙවේනෙ නේහ්....
ReplyDeleteහික් හික් හිහික් හික් හික්....
ඇත්තමයි මුලින් මුලින් කියවගෙන එනකොටම මට හිතුණෙ ඔයාගෙ පේමවන්තයා ගැන තමා මේ කියන්නෙ කියල... දෙන්නං බැටේ කියල සෙට් වුණෙ කොහෙද.....? අන්තිම වෙද්දි මං..... ලල්...
:p
හැබෑවටම ෆට්ටෙට ලියල තියෙනෝ....
හොද වැඩේ බොට...හු...හු....@ලොල් වී යෑම ගැන සතුටු වෙමින් ස්තුති හොදේ
Deleteඉක්මනට ඒ රවියා එනකම් සඳු බලාගෙන ඉන්නවා එහෙනම්....
ReplyDeleteඅලේ ඔව් නාඩි....වෙන රවිලා නම් බොහෝ සිටියත් මගේ රවි එනකම් මන් මේ මග බලාන ඉන්නවා
Deleteනොමග යවල අවසානේ අපට හරි මග කියල තියෙන්නේ නේ...
ReplyDeleteහා දැන් අපි කීවද නොමග යන්න ....ඔය බොලාගේ කැත හිත නොවෑ හිකිස්.....
Deleteමම නම් මුලින්ම හිතා ගත්තා මේ නං හිරු රැස් ගැන කියන්නේ කියලා.. හික්ස් :)
ReplyDeleteලස්සන ලියවිල්ලක්
අනේ මේ යන්ඩ මේක ලියපු මට එව්වා මෙව්වා හිතුනු එකේ මගේ වයසේ වෙච්ච ඔයියා කොහොමද මේ ලියන්නේ ඉරට කියන්නේ.....
Delete//මේක ලියපු මට එව්වා මෙව්වා හිතුනු එකේ
Deleteමම නම් මුකූ...ත් කියන්නේ නෑ.. :)
එව්වා මෙව්වා යනු ලිපිය ලියන්න අදහස් බව කරුණාවෙන් දන්වමි...අදහස් නොදැක්විම අගය කොරමි....:D
Deleteරවී කරුණානායක නෙමේ නේද?
ReplyDeleteමට නම් අන්තිම වෙනකන් තේරුන්නෑ. වෙනස් ලියවිල්ලක්. එළ.
තුක් විතරක් ඒ නමින් කොහෙදෝ රටක පොරෝහිතක් ඉන්නව කියලා අමතක උනා නොවෑ.....
Deleteතැන්කූ ඈ....
කොාහේද ළමයෝ මේ ටිකේ උනුහුමට වහංගු වෙලා උන්නේ. අන්න උඹ නැතෙයි කියල අර අක්කට පෙසර වැඩි වෙලා බෝම අමාරු උනා..
ReplyDeleteමම දැන් නොපෙනි නොවෑ ඉන්නේ.....ඒ මට ආරංචි ලෙසට තොගේ මඩ ප්‍රහාර ඉවසා වදාරන්ට බැරි තැන ඒ ඇත්තිට පෙසොර් වැඩි උනා කියලයි,,,මිය ඇදුනොත් බොලා පලි කියලා ඔන්න ඒ ඇත්ති ලියුමක බොගේ නමත් ලියලා අල්මාරියේ සල්ලි සෙප්පුවේ දාලා තියන් ඉන්නවලු..........පරිස්සමින් ඉදහන් දේශා හිරේ විලංගුවේ වැටුනොත් දත් නැතිව බත් කන ගමන් යකඩ කූරූ ගනින්න වැඩක් සෙට් වෙයි.
Deleteමොකා මේ දේශකයා මට මරන්න හිතෙනව අප්පා
Deleteශානු අපූරු ලියවිල්ලක්නේ ...මං මුලින් හිතුවේ හබියගේ නම රවී කියලා ...මේ ගෙම්බියෝ හැන්ගෙනවනේ ඉර එලිය වැටෙනකොට ...:D
ReplyDeleteඒ අපි හිරුට බයේ හැන්ගෙන්නේ නැතුන්.....සීතට බයේ තමා හැංගෙනවා අයියා
Deleteහි හි... මං බැලුවා මේ මොකද්ද කියලා. අන්තිම වාක්‍යයෙන් නොවැ මීටර් වුණේ!
ReplyDeleteඒකනේ කියන්නේ ......හි...හි.හි....
Deleteජනේලෙන් එනව කියද්දි තමයි මීටර් වුනේ මේ රවියා වෙන්නැති කියලා.... නියමයි අක්කෝ....!!
ReplyDeleteතැන්කූ බස්සියා....ඒ මේ මන් හිතුවා ඔය ජනේලේ කේස් එක අවුට් යයි කියලා ...සැක්
Deleteඅඩේ හිරුකුමාරයා මගේ. හොද වේලාවට රවි කිවුවේ ;)
ReplyDeleteනංගි හිරු කුමාරයා කියලා ඉමේජින් කොරන් ඉන්නේ අර වර්ණ ලියන වසවර්තියව නෙවේ නේ හිකිස්......
Deleteඔවු ඔවු ඒ වසවර්තියා තමයි, ඇයි මුකො අවුල් වගේද?
Deleteමේ ඇවිල්ලා ඉන්නේ....අවුල් නෑ අවුල් නෑ හුදෙක් දැන ගැනිම පිණිස ...හිකිස්
Deleteමම ඒත් බැළුවා කවුද මේ රවියා කියලා.. බැලින්නම් මෙයානේ..
ReplyDeleteඅම්මපා ලියන්න ඕන විදිහ ගැන පොඩි උපදෙසක් දුන්නට පස්සේ මෙයා ලියන්නේ නෑ.. හෙලා දකිනවා සෑහෙන්න..
පික්ෂු කියවන්න එපා උපදෙස් හිස් මුදුණින් පිලි ගත්තා....අවුල තීන්නේ ලියන්න එක එක දේවල් හිතෙද්දි ලියන්න වෙලාව නෑ වේලාව තියෙද්දි ලියන්න මොකුත් හිතෙන්නේ නැ....හිකිස් ආයේ දිගටම ලියන්න ගන්න ඕනා....
Deleteඅපොයි හොඳටම රැවටුනා අන්තිම වෙනකම් . දැන් ඉතින් ආයෙත් කියවන්න වෙනවා .:D
ReplyDeleteසවට්ටන්න තමා ගිම්හානි මේම ලිව්වේ හාකෝ ආයෙත් ගිහින් කියවලා එන්ටකෝ
Deleteඅපූරු අදහස... නියමයි..... අපිව නොමග යවන්න නේද හැදුවේ...
ReplyDeleteටිකක් වෙනස් දෙයක් ලිව්වා තුශා...ටිකක් නොමගට දැම්මා
Deleteඅපි නියම පාරෙන්ම ආවා හොඳ වෙලාවට................
ReplyDeleteනියම පාරේ ඇවිත් සතුටුයි .....අහස යටට සාදරෙන් පිලිගන්නවා ඕං......
Deleteසීත කාලේදී හිරු එනතුරු මොන තරං ආසාවෙන් බලා ඉන්නවද කියල මම හොඳට දන්නව,උදේට නැගිටිනකොට තියෙන අඳුරු සීතලත් එක්ක සමහරවිට මීදුම, වැඩට යනව තියා අතපය දිග අරින්න වත් හිතෙන්නෙ නෑ,දවසම එපා වෙනවා.
ReplyDeleteඇත්ත මෙහෙ නම් සීතයි,ඉරයි මාරුවෙන් මාරුවට තියෙනවා මේ පාර වෙදර් එක හරිම අවුල් සහගතයි....
Deleteලස්සන සිතුවිල්ලක් ශානු..
ReplyDeleteස්තූතී
Deleteඅපිත් රවි එනකම් බලන් ඉන්නේ ඇඳට වෙලා ගුලි වෙලා :D
ReplyDeleteශානු මම ඇත්තටම හිතුවේ කෙල්ලෙක්ගේ ප්‍රේම අඳෝනාවක් කියලා :D
ජැකට් කෑල්ලකට රිංගලා ගෙවන ජීවිතේ දැන් දැන් එපා වෙලා තියෙන්නේ අෆ්ෆා....මේකත් එක්තරා විදිහේ අදෝනාවක් තමා අරූ...
Deleteමොකක්දො හේතුවකට හොද වෙලාවට කොමෙන්ටු කියවලම පෝස්ටුවට බැස්සෙ....නැත්නම් අහිංසක අපිත් ඔං වැරදිපාරේ යනවනේ...ඇත්තටම ලස්සනට ලියල තියෙනව මචී...
ReplyDeleteහොර වැඩ කරන්න එපා යකෝ....හිකිස් ඉදලා හිටල හරි මේ පැත්තේ වර....කොල තීරුම බදන් ඉන්නේ නැතුව
Deleteදැන් මං මාරම busy මචෝ....හෝ ගාලා orders එනෝ....නිවාඩු කොයි වෙලේද...මං මේ පැත්තේ...
Delete