Sunday, March 16, 2014

46.පිටසක්වල ජීවි පාසැල හා අනේ මම අහිංසකයි ඒත් මට වෙච්ච දේ

                                   

               සති 2ක් ගියා කැරමල් පෝස්ට් එකෙන් පස්සේ මොනවත් ලියන්න හිතුන් නෑ.....අර බුකියට වෙලා වලි දාගත්තා මිසක්.....නිවාඩු පිට ඉන්න නිසා  කරන්න ඒ හැටි වැඩකුත් නෑ ....ගෙදරින් එළියට බැහැලා ඇවිදින්න හරි යනවා කියන්නේ පිස්සු වැඩක් ......ඒ නිසා බුකියයි,බ්ලොගයි, සිංදුයි ,ෆිල්මුයි, පොතුයි බල බල කාලය ගත කරනවා ඒ අතර  තුර පොඩි මනෝ පාරක් හෙම ගහලා යල් පැනපු කතන්දර හෙම මතක් කරනවා ඔහොම මතක් කරගෙන යද්දි....යද්දි....යද්දි..... පොඩි ඉට්ටෝරියක් මතක් උනා ..................ඉට්ටෝරියක් කිව්වට ඉට්ටෝරි සමුහයක්.......
   
                     බස්සි නංගිලාගේ ඉස්කෝලෙට මම ගියේ 4 වසරෙදී කියලා 42.සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම්- II කොටස.මේ ලිපිය කියවපු අයට නම් මතක ඇති.විශ්වාස කරනව නම් කරන්න ඔය 4 වසරේ ඉදන් උ/පෙ. කරන්න එනකම් මට එක යාළුවෙක් හිටියේ නෑ එක්කෝ උන්ට මාව ඇලජික් එහෙමත් නැත්තම් මට උන්ව සෙට් උනේ නෑ මට කොහොමත් කලින් ඉස්කෝල දෙක තරම් පිටසක්වල ජීවී ඉස්කෝලේ ඇල්ලුවෙම නෑ.... අවුරුද්දෙන්,අවුරුද්ද පන්තියෙන් ,පන්තිය ඉහළට යද්දි මාත් නිකන් ඇලිස්ගේ විස්මලන්තේ  ගියා වගේ තමා ,  ක්ලේ , එක එක සත්තුන්ගේ හැඩයේ පොත් බෑග්,වතුර බෝතල්,පැන්සල් පෙට්ටි,පෑන් එක එක සුවද ජාතියෙන් තියෙන මකන ජාති දැක්කේ ඔය ඉස්කෝලෙදි අපරාදේ කියන්න බෑ මට යාළුවෝ නොහිටියට මම මගේ පාඩුවේ සටහන් පිලිවෙලට ලියාගෙන ඉගෙන ගන්න ටික නම් කර ගත්තා.
      
                      ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන|උන සා/පෙ. කරන කාලේ අපේ පොඩි සැට් එකක් හිටියා පැවදි වෙන්න ඔය කාලෙදී මමත් බොහොම අහිංසක ලාමක ටිං ටිං සුවරූපෙන් හිටිය කාලයක්.මාත් ඔය සැට් එකේ සාමාජිකාවක් වෙලා හිටියා....ඔය සැට් එකට ඉතින් ඔය කාලෙදි  විදුහල්පති තුමීගෙන් දන්න කියන ගුරුවරුන්ගෙන් ආදරය ප්‍රසාදය නොඅඩුව ලැබුනා.අෆ්ෆා ඒ කාලේ මතක් වෙනකොට හිනාත් යනවා. මම කොච්චර සීරියස්ව අහිංසකව  හිටියද කියලා.දැන් නම් මම වසයිලු සමහරු කියනවා  මුණටම ...අනේ මන්දා.....
            
                     ඉතින් සා\පෙ ඉවර වෙලා අපිට තිබ්බා සතියක  කොන්වන්ට් එකේ සිස්ටර්ලා එක්ක ජීවත් වෙන්න පොඩි වැඩසටහනක් ,අපේ ගෙදරින් දහසකුත් විරෝධතා මැද කැමැත්තත් අරන් මාත් ඒ වැඩසටහනට  සහභාගි උනා.කියලා වැඩක් නෑ ඒ සිස්ටර්ලා ළමයිව සුරංගනා කතා කියලා ලස්සනට මෝහනය කලා.ඔක්කොම ඉවසා දරා ඉන්න පුළුවන් ඔය කුරිංඤ්ඤන් කොලයි,කෙහෙල් බඩයි,මයියොක්කා දළුයි...දෙන බත් ඩිංගයි කාලා අපිට හිටියෑ හැකියෑ අන්න ඔතනදිත් මගේ හිත ටිකක් පසු බැස්සා ඒත් ඉතින් මම ගෙදර යද්දි බොහෝම සයිලන්ට් මෝහනයක් වෙලා තමා ගියේ...මට ඔය  කොන්වන්ට් යන්න තිබ්බ පිස්සු ආසාව නිසාම අපේ අම්මා පපුවේ අමාරුව හැදිලා අයී.සී.යු. ඉදලත් තියනවා ,ඔය කේස් එකෙන් පස්සේ මම කොන්වන්ට් යන අදහස අත ඇර ගත්තා. (ඕවා අදටත් මතක් කරල අපේ ගෙදර කට්ටිය හිනා වෙනවා,තව දෙයක් මම ගිය අතිරේක පන්තියක එකව්න්ට් සර් කෙනෙක් හිටියා උන්දා මට සිස්ටර් කියලා තමා කතා කරන්නේ මොකද සර්ගේ පන්ති තියෙන්නේ කොන්වන්ට් එක එහා පැත්තේ තට්ටු 3ක ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ ඔතනට මන් කොන්වන්ට් එකට යන එන වෙලාවට  සර්ට මාව පේනවා)
      
                  ඔහොම පාඩුවේ ඉද්දි අපේ සා\පෙ ප්‍රතිඵල ඇවිත් උ\පෙ. පටන් ගත්තා.සා\පෙ කරන කාලේ ඒ වෙනකොට පරණ ප්‍රින්සිපල් සිස්ටර් මාරු වෙලා අලුත් සිස්ටර් කෙනෙක් ඇවිත් හිටියේ ,කොන්වන්ට් එකේ හිටපු දවස් ටිකට ඒ සිස්ටර් අපිව නෝට් කරන් ඉදලා 12 වසරෙන්  පලවෙනි වතාවට ශිෂය නායිකාවන් තෝරද්දි අපිව තෝරගෙන(තොරගෙන කිව්වට එයාට අපිව නෝට් ඒත් අපිව ඉන්ටවිව් කරා) ,එච්චර කාලෙකට ගුරුවරුන්ගේ දන්න අදුනන ළමයිට ඔය පට්ටම ලැබුනු විනා අපි හිටියේ කෑලේ.....12 වසරට වෙන ඉස්කෝල වලින් ආපු ළමයිවත් ඔය නායිකා බැජට තෝර ගත්ත එක තමා ඒ අවුරුද්දේ විශේෂම වැඩේ කියන්නේ ,තෝරා ගත්ත නඩේ එක්ක අපි  වැඩමුළුවකටත් සහභාගි වුනා.... ඒ දවස් වල සුර්ය අරණ චිත්‍ර පටිය ආපු කාලේ ඔය චිත්‍ර පටිය බලන්න යන්න වැඩමුළුව තිබ්බ කුරුණැගල පැත්තේ ෆිල්ම් හෝල් එකකටත් යන්න වාසනාව ලැබුනා...වැඩමුළුව පුරාම පිස්සු නටලා ආපහු අපි ගෙවල් වලට ගියාට බැජ ගහන දවසේ අපිට ඔය වැඩමුළුව කරපු පියතුමා ඉස්කෝලේ ඔක්කෝමල්ලා ඉස්සරහා ඉරෙන් හදෙන් එළිය අරන්  සිංදුව කියන්න කිව්වා 75ස් දෙනාම ඉතින් සිංදුව කියලා වංසේ බේරගෙන හු නොකා ස්ටේජයෙන් බැස්සා.... බැජ් එකත් ගහ ගත්තට මොකද මට බලන්න ලැබුනේ 12 පන්තියකුයි 13 පන්තියකුයි මයේ අම්මෝ දැන් වගේම ඉස්සරත් අක්කලව ශේප්  එකක් දා ගන්න පුළුවන් උනාට සම වයසේ උන්ව නම් කොන්ට්‍රෝල් කර ගත්තේ බුදු අමාරුවකින් කොටින්ම කියනව නම් මාස දෙක තුනක් බැජ එක්ක ඉදලම 12,13  උන්ට,
  '' කෑ ගහන්න එපා ''
                කියලා දෙන එක විදානයකින් උන් ඔක්කොම මීයට පිම්බා වගේ ඉන්නවා,හම්මෝ මන් එච්චර නපුරු උනා ඔය බැජ් කෑල්ල නිසා, බැජ හින්දා බොහොම නිහතමානි ආඩම්බරයක්,අකුරට වැඩ කිරිමේ පරම පිරිසිදු ජේතනාවක් තිබුනු විනා කාවත් දැනුවත්ව අපහසුතාවයට පත් කලා නම් මතකයක් නෑ.
                    මගේ සුවිට් වයිස් ප්‍රින්සිපල් උන්දා ගැනත් සදහන් නොකරම බෑ... උන්දා වසයි කියන්නේ වස එකේ හොදම එක එත් ඉතින් මාත් එක්ක නම් මාර ෆිට් එකක් තිබ්බේ,අපේ බැජේ උන් අහනවා                              "කොහොමද බන් ඔය මිස් එක්ක වසන්නේ" කියලා. 
 හිට්ලර් මිස්ව ෂේප් කොරා වගේ වයිස් ප්‍රින්සිපල් මිස්වත් ෂේප් කරගෙන වසන ශිල්පය දැනගෙන හිටපු නිසා ගොඩ ගියා.

     දැන් තමා හොදම හරිය......   2004 අන්තීමට තමා අපිට බැජ් ලැබුනේ...අපේ පළමු වැටලිම සිද්ධ උනේ 2005 පෙබරවාරි 14ර.... හැම ඉස්කෝලෙම නියපොතු,නිවාස බැජ්,කොන්ඩ මෝස්තර, සුදු ගව්මේ දිග පළල වගේම පෙබරවාරි 14ට අපි ඕං ප්‍රධාන රැස්වීම වෙලේ පන්ති වලට පැනලා බෑග් චෙක් කරා නංගිලා,අක්කලා අල්ලපු ඉස්කෝලේ අයියලාට ගෙනාපු තෑගි හොයන්න,ඔන්න ඉතින් සෝස මල්ද,,ලියුම්ද,සෙන්ට්ද සීඩිද එකි මෙකි නොකී ඔක්කොම අපිට හොයා ගන්න පුළුවන් උනා ඉතින් අපි ඒ බෑග්වල තිබ්බ පොතකින් නමුත් ලියාගෙන මේ ඔක්කොම ගැජට් අපේ බාරයට ගත්තා. ඊට පස්සේ  මමයි,හෙඩයි, ඩිපයි අපිට තිබ්බ රූම් එකට ඔය බඩු ඔක්කොම ගෙනියලා තියලා, ප්‍රධාන රැස්වීම ඉවර වෙනකම් ලියුම් ටික රස කොර කොර කියෙව්වා, අපිට එදා හොදටම හිනා ඒවල තිබිච්ච බහුබූත දැකලා.කෙටියෙන් කියනවා නම් අපිට පිස්සු හැදුනා ඒ ලියුම් කියවලා,ප්‍රින්සිපල් නම් අදාල ළමයින්ට දඩුවම් දුන්නා,හැබැයි අන්තිමෙට ඒ වැලන්ටයින් අයිටම් වලට මොනා කරාද මතක නෑ....
                 ඔන්න ඔය අවුරුද්දේ තමා හා හා පුරා  කියලා මට වැලන්ටයින් කාඩ් එකට දෙකක් ලැබුන පළමු අවස්ථාව.එකක් ඉස්කෝලේ ඇරිලා පෝලිම් බල බල ඉද්දි මම දන්න කියන ළමයෙක් වැලන්ටයින් කාඩ් එකක්  ගෙනල්ලා අතේ තිබ්බ,(මට තාමත් අවුල ඔය කාඩ් එක විතරක් අපිට චෙක් කරද්දි මග ඇරුනේ කොහොමද කියල)  ඕක අතට හම්බුනාට පස්සේ පෙන්න පෙන්න ඉදලා මාත් ගස් ,දුන්න එකත් ගස් හින්දා ..හිතේ කුතුහලයකුත් කෝඩුකාර විදිහට ඉපදුනු නිසා ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්ට කියලා ඔය දුන්න කාඩ් එක සුදු ගවුමේ සයිඩ් සාක්කුවට ඔබා ගත්තා ඒ එක්කම හෘද වස්තුව ගැහෙන වේගේ වැඩි උනා.....හිකිස් ඔයාලා හිතුවේ කාඩ් එක දුන්න කෙනා ගැන හිතලා කියලා නේද ...අපෝ නෑ මේ මගුල කවුරු හරි දැකලා මගේ බැජ ගැලවෙයි කියලා බයට තමා කකුල් මැන්ඩලින් ගහනවා එක්කම හාට් එකේ බීට් එක අසු හාරදහට ගැහුනේ,අනික ගෙනත් දුන්න කෙලිත් මන් උදේ හවස දකින කතා කරන කෙනෙක්.. වැඩේ කියන්නේ ඔන්න එදා ගෙදර යද්දි ලියුම් පෙට්ටියෙත් ලියුමක් ඒකේ  හාට් පිරිච්ච ලියුම් කවරයක් තිබුනේ, ලියුම දැක්ක ගමන් මම දැන ගත්තා මේක නම් මටම එවපු එකක් කියලා මොකද ඒ වෙනකොට අපේ අක්කණ්ඩි රටින් පිට ,අපේ අම්මට වැලා කාඩ් එන්නෙත් නෑනේ ඉතින් මේ මගුල මටම තමා ඇවිත් තියෙන්නේ කියල මම නිගමනය කරා.වෙලාව කියන්නේ අම්මා ඔය ලියුම දැකලා තිබිලා නෑ....:Pමන් බයේ උන්නේ මන් නොදැනුවත්ව ලැබුන මේ ඉලව් කාඩ් නිසා අම්මලාගෙන් නැති ලෙඩ පැට වෙයි කියල.ඉතින් ගෙදර ගිහින් කාඩ් දෙකම පාඩම් කරන මේස ලාච්චුවේ දාලා හවස ඉස්කෝලේ වැඩ කරද්දි බලන්න හිතාගෙන හිටියා........
             මධයම රාත්‍රිය කිට්ටු කරලා  අර එකටම සාක්කුවට දා ගත්ත කාඩ් එක බැලුවා.ලියුමකුත් තියනවා ඉංගිරිසියෙන් තමා කාඩ් එක ලියලා තිබ්බේ හොද වෙලාවට ලියුම හින්ගලෙන් ලියලා,අප්පොච්චියේ ඒ ලියුම කියවල ඉවර වෙද්දි මාව නිකන් හීන් දාඩිය දාලා කාමරය වටේ කෙටි, කෙටි භ්‍රමණය වෙන ගතියක් දැනුනා ඔයාලට කියන්න පින්වතුනි ඒක කෙල්ලෙක්ගෙන් ලැබුනු කාඩ් එකකුයි,ලියුමකුයි, පහුවෙනිදා මට ඕනේ නම් ඔය මැන්ටල් කෙල්ලව ප්‍රින්සිපල් ලගට හරි අපේ බැජේ උන් අතර හරි චාටර් කරන්න තිබ්බා. ඒත් මම එහෙම නොකලේ මානුෂික පැත්ත ගැන හිතලා අද හිතට සතුටුයි මන් වගේ මැටි කරත්තයක් එදා ඒ වගේ ඔළුව කම්පනා කරලා කෙනෙක්ගේ ආත්ම ගරුත්වේ බේරපු එක ගැන.ඔය ළමයා මන් හොදටම දන්න කියන කෙනෙක් සැහෙන්න දුප්පත් මන් කීප වතාවක්ම පොත් අරන් දිලා තිබුනා සමහරදාට කන්නවත් කෑම ගේන්න නැතිව ඉස්කෝලේ එන දවස් වලට මන් මගේ කෑම එක උස්සන් ගිහින් දීල තියෙනවා.(මම කැමති නෑ දුන්න දේවල් කියන්න ඒත් මේ දේ සදහන් කලේ මේ සිද්ධියට හේතු වු වස්තු බීජය සදහන් කරන්න) ඒ හැම දේම කලේ ඒ ළමයට ගොඩක් හොදට ඉගෙන ගන්න පුළුවන් නිසා ඔය සිද්දී බාලිකා ඉස්කෝල  වල බොහෝ විට වෙන වැඩක් නිසා මන් ඒ ළමයට ඔක්කොම තේරුම් බේරුම් කරලා දිලා  ඇනයක් වෙන්න කලින් මග ඇරලා හිටියා.ඒත් මන් අතේ දුරින් උදව් කරා ඉස්කෝලෙන් අවුට් වෙලා යනකම්ම
              (මාත් එක්කම හිටපු බැජේ හිටපු කිහිප දෙනෙක් දන්නවා මේ ළමය කව්ද කියලා,ගිය අවුරුද්දේ මම මේ ළමයට කතා කරා කැම්පස් අවුට් වෙලා මොණරාගල පැත්තේ ඉස්කෝලෙක ඉන්ගිරිසි ටීචර් කෙනෙක්ලු බොරුද ඇත්තද දකින්න මන් නෑනේ ලංකාවේ..මේ අවුරුද්දේ මැරි කරන්න ඉන්න බව කිව්වට දින වකවානු ලන් වෙලා කෝල් එකක් දෙවි කියල හිතනවා)මෙන්න මේ හේතුව එකක්,ඔය බාළිකා ඉස්කෝලෙට පිටසක්වල ජීවී ඉස්කෝලේ කියලා කියන්න.එළියන්ස්ලා හොදා ඒ ඉක්කෝලේ කෙල්ලන්ට වඩා හිකිස්.......

                  දෙවෙනි ලියුම නම් පොඩි කාලේ මගේ යාලුවා චතුරංගගෙන් ,ඒකේ ලියුම් නෑ ටෙලිෆෝන් නම්බරයක් නම් තිබ්බා.(මෙයාගේ පුංචිගේ දුවගෙන් තමා එඩ්ඩ්‍රස් එක හොයන් තියෙන්නේ)මන් ඉතින් ටිකක් හිතලා මතලා කෝල් එකක් දුන්නා ඒ සන්වාදේ ගිය හැටි අදටත් අකුරක් නෑර මතකයි ,මම කෝල් කරලා එකටම ඇහැව්වේ මාව මතකද?කියලා.නැනේ කිය කිය ඉදලා එක පාරටම ආ ඔව් එදා බස් හෝල්ට් එකේදී නම්බරේ දුන්න නංගිනේ කිව්වා.දැන් කියන්න මන් මේවා අහලා එදා හිනා වෙන්න ඇද්ද ?අඩන්න ඇද්ද? ටිකක් ඩුක හිටුනා ඒත් ඉතින්  මගේ උප්පැන්නේ නම කිව්වම මිනිහා අදහා ගන්න බෑ කිය කිය හිටියා.10 වසරේ ඉන්න කාලේ මුණ ගැහෙන්න වෙලාවක් තිබුන් නැති නිසා ඊට පස්සේ පන්ති යද්දි මුණ ගැහෙමු කිව්වට මන් අදි මදි කලේ  බැජේ ගෞරවය රකින්න ඕන නිසා පස්සේ කාලෙක චතුරංග අපේ නෑදෑ මල්ලි කෙනෙක්ට කෝල් කරලා,මල්ලි මට පණිවිඩ දෙන්න ඇවිත්  අපේ තාත්තට මාට්ටු උනා..  මම ඒ වෙනකොට චතුරංගව මුණ ගැහෙන්න   ගිහින්  තිබ්බේ නෑ කියන්න කියන්න..අපේ තාත්තා මට නෝක්කාඩු කිව්වා.ඒ දවස් වල අක්කා තමා මගේ දුක් ගන්නා රාළ වෙලා හිටියේ...මම දෙයක් කරා නම් කරා කියන නොකරා නම් නොකලා කියන කෙනෙක් ඒත් ඉතින් කිසිම වරදක් නොකරපු මාව  සතියක් දෙකක් නිවාස අඩස්සියේ තියන් හිටියා කොහෙවත් යවන් නැතුව.මටත් ෂොයි නිවාඩුව හොදට රෙස්ට් කරලා,ටි.වි. බලලා ෆන් එකේ හිටියා. පස්සේ අම්මටයි,තාත්තටයි උනත්   මන් වැරදි  නෑ කියලා තේරුම් ගිය නිසා සුපුරුදු පරිදි මගේ ජිවිතේ ගලා ගෙන ගියා....එදා නම් මන් හිතා ගත්ත අම්මල කියන ඕනම කෙනෙක්ට කැමති වෙලා බදිනවා මිසක් ආදරේ කරලා නම් කාවවත් බදින්නේ නෑ කියලා,මන් හිතුවා වගේම ඒ දෙත් කලා.බලාන යනකොට එයත් මන් වගේම පිස්සු කේස් එකක්...ඒ නිසා හොදට ගියා........නැත්තන් මේ බ්ලොග ලියන පිස්සු කේස් එකව ඔයාලට මුණ ගැහෙන් නෑ.... :D

                   ප:ලි; 
      අපේ තාත්තා මගේ බ්ලොග් කියවනවලු අම්මා කිව්වා..හප්පේ දැන් මේකත් කියවලා මගෙන් විස්තර අහයිද දන්නේ නෑ....අපේ හබිය නම් මේ  සීන් කෝන් දන්නවා ඒ නිසා අවුලක් නෑ තාත්තා තමා :D....තාමත් අපේ ගෙදර උ/පෙ. ඉවර උනාට පස්සේ ලැබුනු පෙම් හසුන් සුරක්ෂිතව තියෙනවා....මගේ ඩයිරි වගේකුයි,මෝඩ මෝඩ ලියුම් වගේකුයි ලංකාවෙන් එන්න කලින් ගිනි බත් කරා මොකද මන් ගෙදරින් ආවට පස්සේ අපේ නෑදෑ මල්ලිලා,නංගිලා මගේ කාමරේ පොත් පත් අවුස්සන්න එන බව කල්තියාම දැනන් හිටිය නිසා. හිකිස්...
ඔය ලියුම් මන් ලංකාවට ගියාම දිග ඇරගෙන කියවනවා.මට ඉතින් ඒවා බලලා හිනා..අපේ හබියා මට විහිලු කරනවා ඔය ලියුම් එව්ව කොල්ලව බදින්න තිබ්බේ එතකොට එයා බේරේක් නැති පුට් බයිසිකලේ ඇවිත් අපේ වත්තේ කරපිංචා ගහක් තීනවා ඕකේ නතර කරලා මාව බලන්න එයිලු...(හේතුව එයා මාව බලන්න එකටම ආවේ එයාගේ තාත්තාගේ පුට් සයිකලේ ඒ කතාව වෙන දවසක ලියන්නම් කෝ):P

 විශේෂයි
   පාසලට අපහස කරන අදහසින් කිසිත් නොලියුවෙමි.මන් අද මනුස්සයෙක් විදිහට පොළවේ පය ගහලා ඉන්නේ ඔය පාසල නිසා බව පසක් කරනුයේ ඉතාමත් ගෞරවපුර්වකය.එමෙන්ම මෙහි සදහන් හැම වචනයකම වගකීමක් මා සතුය.

අති විශේෂයි
අනික ප්‍රින්සිපල් ප්‍රශ්න අහන්න මන් ඩැන් ඉස්කෝලේ නෑ මෙහෙටත් ප්‍රශ්න දාන්න එන්න එපා..මෙහේ හදිස්සියට සාරි නෑ බෙඩ් ෂිට් තිබ්බට සෙට් වෙන කොක්කක්වත්,හරි හමන් බැල්කනි කෑල්ලක්වත් බෙල්ල එල්ලන් සුර ලොව යන්න නැති බව කාරුණිකව දන්වා සිටිමි.

28 comments:

  1. මගේ අම්මේ කොරලා තියෙන වැඩ! අපිත් ඔය ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්න කාලේ 14 වෙනිදා mission එකට හරිම කැමැත්තෙන් යන්නේ! මොකෝ බඩ පැලෙන්න කන්න චොක්ලට් ලැබෙනවා නේ!
    අපේ අපි නොදන්නා ඔය පිටසක්වල ඉස්කෝලේ! :p

    ReplyDelete
    Replies
    1. ඔය මගේ පලවෙනි සහ අවසාන මිෂන් එක....අපිට නම් සොකලට් හම්බුනාද කියලා මතකයක් නෑ...... :D

      Delete
  2. අවුරුදු දෙකක් ප්‍රිෙෆක්ට් වෙලා හිටිය... ඒ කෙඩෙට් ප්ලැටූන් එකට පිං සිද්ධ වෙන්න... මං නං කවදාවත් ඔය 14 මිෂන් ඉම්පොසිබල් 1ට අරං නෑ... මොකද මම කාටවත් කවදාවත් උදව් කරන්නෙ නෑ කියලත් ඒක හිංද ඒ අයගෙ බෑග් වල තියෙන අයිටම් මට සෙට් වෙන්නෙ නෑ කියලත් අපේ විනය දැනන් හිටිය... (මොකේ හම්බුනත් හංගනව මිස අපි ඕව අල්ලල දෙයි)

    ReplyDelete
    Replies
    1. වැරදි තැන් වලදි මම නම් අකුරටම රාජකාරිය කරා... උදව් කරන්න ඕන තැන් වලදි උදව් නොකෙරුවාමත් නෙවේ:)

      Delete
  3. ඉස්කෝලෙ කාලෙ ගැන කියනවනං අපි ඉස්කෝලෙ ගිය කාලෙයි ඔයාල ගිය කාලෙයි අහසට පොලොව වගේ වෙනස්.ඔය පෙබරවාරි 14ක් කියල එකක් ඒ කාලෙ දන්නෙත් නෑ නිකම්ම නිකං දවසක් ඉතරයි,ඉතිං ඔන්න ඔය වගේ අපේ කාලෙ ගැන ලිව්වොත් එහෙම ඔයාල හොඳටම හිනාවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප මාමේ ..... ඔයාලගේ කාලේ ගැන අපේ තාත්තා කියලා තියෙනවා....ඇත්තටම ඒ කාලේ සිද්ද වෙච්ච දේවල් අහන් ඉන්න මම නම් අදටත් ආසයි මාමාගේ පෝස්ට් මන් හෙන ආසාවෙන් කියවන්නි ඒකනේ

      Delete
  4. අනේ අපි නම් චැක් කොරේ අපේ පරම හතුරොන්ගෙ විතරයි.

    අපේ ෆ්‍රෙඩාලාව බේර ගන්නවා.

    ඒත් හදීසියෙ හරි 11න් පහල එකෙක්ගෙ හරි එකියෙක්ගෙ හරි අහු උනොත් නඩු නැතිව ගස් යවනවා. :)

    ReplyDelete
    Replies
    1. මම නීතියට වැඩ නිසා ගොඩක් අය මාත් එක්ක හිටියේ හොදින් නෙවේ ......පොඩි උන්ව මොනා හරි වැරද්දකට අහු උනාම අපිත් හොදට මඩවලා තියෙනවා ඒකෙත් පොඩි ලල් එකක් තීනවා නේද..හිකිස්

      Delete
  5. හික් හික්. ඔයාල මිශන් එකට එනකොට අපි ඔවුව හංගන්නෙ හිතාගන්න බැරි තැන්වල. ක්ලාස් එකේ කබඩ් එක අස්සෙ ලොකු ලොකු තෑගි. කස්ටියගෙ ලියුම් හෙම කෑම පෙට්ටි අස්සෙ ඉතරක් නෙමෙයි පොත් පිටකවර අස්සෙත් හංගනව. ඒ කියන්නෙ ලියුම ඇතුලට දාල අලුතින් පිටකොලේ දානව. අපේ එකෙක් හිටිය පාන් පෙති දෙක මැද්දෙ ලියුම් දාපු.

    ආපෝ අක්කෝ ඔය සමනලියන්ගෙ කරදරේ නම් මටත් තිබුනා. එක නංගියෙක් ඉස්සර ඇවිත් අතේ එල්ලෙනව, කොණ්ඩෙ අතගානව. මම මුලින් හිතුවෙ හුරතලේට, යාලුකමට කියල. පස්සෙ තමයි වැඩේ මීටර් උනේ. එදා ඉඳන් මං ඒකිගෙ පන්තිය ගාවින් යන්නත් පරාණ බයයි. මම හිතන්නෙ ඕකට මුල නීතිරීති වැඩිකම. ඒකමයි ඕකෙ ඉන්න ලමයි එක්කො පිටසක්වලයො වෙනව, නැත්තම් නහෙට නහන ඇට්ටරයො වෙනව.

    යාලුවො නැතිවෙන්න හේතුව තමයි අක්කෝ අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මිශ්‍ර කරපු එක. හය වසරෙ හොඳම යාලුවො දෙන්නව හත වසරෙදි දැහැට නොපෙනෙන්න වෙනස් පන්ති 2කට දානව. ඉන්ටවල් එකටහරි යාලුවගෙ පන්තියට ගිහින් අහු වුනොත් දණ ගස්සනව. මහා විකාර නීති තියෙන, ඔලු කුරුවල් වෙන වටපිටාවක්. මටත් යාලු ගැන්සියක් හැදුනෙ 8වසරෙදි.

    අෆ්ෆේ ඔයා කියන වයිසා හෙලේනා ද? එයාට මාව පෙන්නන්න බෑ නෙව. වෙලාවට අර පෙට්ටි පිනා අපේ ඩැඩා එක්ක ෆිට්. හෙලා මාව දුටු තැන පිනාගෙ ඔපිසිය ඉස්සරහ දණගස්සනව. පිනා ඇවිත් හිනාවෙලා පොඩි තරවටුවක් කරලා ක්ලාස් එකට යවනව. හෙලා ඉතින් මා එක්ක පරම පිවිතුරු ක්‍රොධෙන් තමයි උන්නෙ. ඔය හෙලාට දවසක් අවුට් වෙච්ච අක්කෙක්ගෙන් බස්ටෑන්ඩ් එකේදි හම්බුනානෙ සබ්බුව. ඔයා දන්නැද්ද ඒ සීන් එක. මං ලියන්නම් ඒක.

    මතකද හැඳි ගෑරුප්පු වලින් කන නීතියක් ආවා කාලයක්. අපි 10 සෙට් එක කලේ එක බත්මුල දිග ඇරගෙන එකට හැඳි ගෑරුප්පු දාගෙන පිස්සුවක් නටපු එක. එදානම් පස්ස රත් වෙන්න වැදුනා ප්‍රින්සිපල්ගෙන්ම. තාත්තටත් නඩුව ගියා. තාත්ත මාව දාගෙන ගෙදර එනකල්ම හිනාඋනා "තමුසෙලාට පිස්සු ඕයි." කියකියා.

    හප්පේ කියන්න තියෙන එවුව ඔක්කොම කිවුවොත් කමෙන්ට් එක පෝස්ට් එකට වඩා දික් වෙනව. ඔයාගෙ මේ පෝස්ට් එක නිසා බොහෝවිට මමත් ලියාවි "පිටසක්වල ජීවී පාසල නසරානියෙකුගේ ඇසින්" වගේ මෙවුව එකක්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බස්සි ඔය බර නීති සැට් එක නිසා අපේ උන් මොන්ගල් වෙලා තමා හිටියේ,,,,,ඔය එක සීන් එකක් ලිව්වේ තව ඔය වගේ ලියුම් කේස් හතරක් විතර උනා පස්සේ දවසක කියන්නම්කෝ.....
      අපි 10 වසරෙදි කිකිළි අපිව ඉන්ටවල් එකට මේන් හෝල් එකෙන් එලියට දැම්මා කෑම කන්න අපි ඉතින් සරණාගතයෝ වගේ ගස් ,ගල් උඩ කෑම කෑවා...මතක් වෙද්දි ඇඩෙනවා :(.......
      එල එල...ලියමු ලියමු ඉක්කෝලේ කතාවක්,,,,,,

      Delete
  6. ශානු......අපි ඉස්කෝලේ යනකාලේ ඔය වැලා හිටියේ නැහැ. මම මාර විදිහට ප්‍රිෆෙක්ට්ස්ලාට මාට්ටුවෙලා තියෙනවා ස්කූල් කට් කරන්න ගිහිල්ලා. ඔය ළාමක ටිංටිං ප්‍රිෆෙක්ට්ලා එහෙම ඉස්සර අපේ බජාර් එකට හරි බයයි. එවුන්ට අහුවුනොත් රස්ති ටෝක් එකක් දීලා බේරෙනවා. නැත්නම් ඉතින් කටයා මහත්තයාගාව දැඩි දඬුවම්. රන්ජන් මඩුගල්ල තමයි අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ. මාව හරියට ෂේප් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය වැලා ලගදි ආව පිස්සු වැඩක් කියලා අපේ තාත්තා කිප විටක්ම කියලා තියනවා...ඔව් ඔව් අහිංසක බැජාලා ඉස්සරහා නසරානි ටෝක් දෙන කෙල්ලොත් ඒ දවස් වලත් හිටියා...අපේ හෙඩා නම් දැන් පැවදි වෙන්න කොන්වන්ට් එකක......

      Delete
  7. අපිත් ඉස්කෝලෙ කාලෙ කරපු දේවල් මතක් වුණා... ඒ දේවල් සුන්දර වෙන්නෙ නීති වැඩි වුණ නිසා ම ද කියලත් වෙලාවකට හිතෙනව...)))

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිතී වැඩි වෙද්දි අපි දඩුවම් වින්ද ස්වභාවය අනුව වර්තමානයේදී අතීතය මතක් කරලා මෙහෙම ලියන්න හරි දෙයක් තියෙනවා,හිනා වෙලා සතුටු හිතෙනවා ඉස්කෝලේ ගිය කාලය ගැන

      Delete
  8. මෙයාලා කලොත් ඔහොමයි.. මම නම් කවදාවත් වැලා එකට මැද්දට පැනලා කඩාකප්පල් කලේ නෑ.. ඉන්න කලප්ස් ටික මම දන්න හන්දා මම උන්ට කලින්ම මැසේජ් එක යවලා තියෙනවා.. අන්න එහෙමයි අපි..

    ReplyDelete
    Replies
    1. ඉන්න කපල්ස්* වෙන්ට ඕන ඈ.. නිදි මතේ මොනා ලියලද මන්දා.. ;)

      Delete
    2. අපි ඒම කලේ නෑ දන්නවනේ බාළිකා ඉක්කෝල වල සැටි ;p

      Delete
  9. කවුද බං උඹට බුකියේ වලි දාන්නේ ...අම්මප මෙච්චර අහිංසක කෙල්ලෙකුටත් වලි දානවද එහෙමත් නේද ශානු...වැලන්ටයින් කාඩ් එකක් ලැබුන කිව්වම මාත් එකසරේම බැලුවේ කවුද යකෝ මේකිට වැලන්ටයින් කාඩ් දෙන මෝඩයා කියලා හිකිස් අම්මපා

    ReplyDelete
    Replies
    1. ඇයි අර හොටු ගෙඹිලූෂායි,උගේ ගෙඹි අක්කයි මාව ගගවල් වලට විසි කරනවා කියලා තර්ජනේ ඩාන්නේ.......මන් වගේ ස්විට් අහිංසකියෙක්ව මරාගෙන කන්න හදන්නේ.....අනේ පල පල......

      Delete
  10. අම්බෝ ඔය ඉක්කෝලෙ ගැන මම නොදන්නවැය....

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් ගම ගාල්ලේ උනාට වෙන්ඩ වයිෆි අපේ දිහානේ ....:)

      Delete
  11. හොඳ වෙලාවට ඔය රටේ ගෑනු අය සාරි අඳින්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ උනාට ගිය අවුරුද්දේ දෙන්නෙක් බෙඩ් ෂිට් එකෙන් එල්ලිලා මැරිලා තිවුනා :(

      Delete
    2. හෑ..... ඒ මොකද්ද?

      Delete
    3. බස්සි අපේ ඇත්තෝ ඉතාලියේ මැරෙන්න පාවිච්චි කරන එක ශිල්පීය ක්‍රමයක් තමා ඔය.....හිකිස්

      Delete
  12. මම ප්රිෆෙක්ට් වෙලා ඉද්දි වැඩි හරියක්ම ඩියුටි වැටුනේ ස්ටාෆ් රුම් අතුගාන්න තමයි. පේන්න බැරි වැඩක් අප්පා ඒකනම්. ක්ලාස් බලාගන්න ලැබුනේ එක ටර්ම් එකයි :( මටත් ඒ කාලේ ලොකු යාළුවො සෙට් එකක්නම් හිටියේ නෑ. 8 වසරේදී සෙට් උන 8 දෙනා ඕ ලෙවල් ඉවර වෙනකන්ම එකට හිටියා. පන්ති මික්ස් කරේ නැති නිසා.

    ශානුවට හබියෙකුත් ඉන්නවද? ඒ ගැනත් ලියමුකො වෙලාවක

    ReplyDelete
    Replies
    1. මම නම් ස්ටාෆ් රූම් සුද්ද කිරිල්ල කට් කරනවා කෝම හරි.....

      එයා ගැනත් ලියන් නම් කෝ

      Delete
  13. mama ithin ever late ne blog kiyawanna.onna adayi meka kiyewwe.mata danune mama iskole yana kaleta giya wage kiyala.e tharamma meka rahayi.

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!