දහසකුත් පැතුම් පොදි බැඳන් ජීවිතේ සාර්ථක කර ගැනීමට මා මෙන්ම , අනිත් අයද දුටු සෑම විසල් හීනයක්ම මහා වැලි කුණාටුවකට සුන්නද්දූලී වී යන බව හිතේ රජ කරන්නට විය...ඒ දවස මා විසින් සිහි නොකල දෙවි දේවතාවුන් කෙනෙකු නැත කාලය සුළන් පෙත්තක් මෙන් වේගයෙන් කැරකි යන බව මට දැනුනි.ලාංකීක නිලධාරියා නිමේෂයකින් අප වෙත හැරුනි.
"තමුසෙලා එකෙක්ටවත් බේරෙන්න ලැබෙන් නෑ, අහලා ඇතිනේ මැදපෙරදිග හිර ගෙවල් වල තත්වේ" ඔහු අප වෙත මරුමුසු බැල්මක් හෙලා විදානය කරන ලදි....
නමුත් මා ඇතුළු සියළු දෙනාට බෝකර් වැඩේ කරන ලද්දේ උපාලි නම් වෙන්නප්පුව මුදුකරේ වයෝවෘදයෙකු විසිනි....නමුත් මෙහි මුල් මොළකාරයා කවුරුන් දැයි ඔහු මිස අප නොදැන සිටි බව සැබෑවක්මය...සියළු දෙනා පැය ගානක සිට එකම පිළිතුර ලබා දීමෙන් මට දැනුන ලෙස ලාංකීක නිලධාරියා යම් තාක් දුරට හෝ සෑහීමකට පත් වු ලකුණු මුහුණෙන් පෙනෙන්නට විය.ටික වේලාවකින් අපව ගුවන් තොටිපොලේ කාමරයක රදවා තබා පැය කිහිපයකට පසු අදාල නිලධාරියා අප අමතන ලදී....
"තමුසෙලා ඔක්කෝම ලංකාවට අරින්න තානාධිපති තුමා විසින් අවසර ලබා ගත්තා..ඒත් ඉතින් ලංකාවේ හිර බත් නම් කන්නම වෙනවා.."
"අනේ සර් අපිට ලංකාවට කතා කරන්න විදිහක් හදලා දෙන්න"
මා ඇතුළු කිහිප දෙනෙක් එම නිලධාරියාගෙන් ආයාචනා කරන ලදී...
"මෙහෙමයි ,වරදක් කරපු අයට දුරකථන පාවිච්චි කරන්න දෙන එක නීතියට පටහැනී...තමුසෙලා නමත් එක්ක ටෙලිෆෝන් නම්බර්ස් ලියලා දෙනවා මම ඒ අයට දන්වන්න වැඩ පිළිවෙලක් සලස්වන්නම්"
ලබා දුන් කොලයේ අපේ නම්,හා ටෙලිෆෝන් නම්බර්ස් ලියා ඒ නිලධාරියා අත තබන ලදී.
කාලය ගත වනවාත් සමග අපි කාමරයේ තිබු වතුර ෆිල්ටරේ පිහිටෙන් බඩගින්න මැඩ පවත්වාගෙන සිටි නමුත් එකිනෙකාගේ දෑස් තුල තිබුන කතන්දර ගැන වගේ වගක් නැති විය.සියල්ලෝම තම,තමා මුහුණ දුන් මේ තත්වය ගැන නිහඬව හුල්ලන බව විටක එකිනෙකා ඉහලට ඇද්ද හුස්ම පහලට හෙලන ශබ්දයෙන් පමණක් සනිටුහන් විය.
********************************
පැය 10 කට පසු අපි සියළු දෙනා තවත් නිලධාරින් දෙදෙනුක සමග ආපසු ලංකාවට පිටත් කරන ලදී ...නැවත ගුවනට නැංවු ගුවන්යානය කටුනායකින් පොලව සිඹින විට පාන්දර 5 පමණ විය,හිතට මහත් සැනසුම් සහගත හැගීමක් ගෙන ආ නමුත් ඊලග තත්පරේ කුමකින් ,කුමකට මුහුණ දීමට සිදු වේ දැයි අපි නොදැන සිටියෙමු.ඊලග මිනිත්තු කිහිපයේ ගුවන් යානයෙන් බැස අප ගෙන ආ ලාංකීය නිලධාරින් පෙන්නු මග ඔස්සේ ගමන් කර එක කාමරයක නතර වී සියලු දෙනා අත තිබු ගමන් මලු එහි සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් භාර ගන්න ලදී ඉන්පසු ගුවන් තොටුපලේ දොරටුවකින් පිටතට ගෙන වාහනයකින් අපිව මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන එන ලද්දේ පහුවෙනිදා ඉරිදාවක් වු බැවින් සදුදා දින උසාවී දැමිමට බව එහි සිටි නිලධාරින් කතා බස් වනු කටින්,කොනින් ඇසුනි.තෙහෙට්ටුව හා මානසීක ආතතිය නිසාම හෙම්බත් වී සිටි මා ඇතුළු කිහිප දෙනෙක් අඩ නින්දක පසු විය.වාහනය බොහෝ වේලාවක ගමනකින් පසු නැවතුන බව දැනුනත් එය හීනයැක් යැයි මට සිතුනි නමුත් ......
"බැහැපල්ල,බැහැපල්ලා සක්කිලි හැත්ත තොපි හිතුවේ නෑනේ මෙහේ එන්න වෙයි කියලා" එකින් එකා වාහනයෙන් බහින අතරතුර වසවර්ති පෙනුමැති පොලිස් නිලධාරියෙක් සිහි විකලෙන් දොඩවන්නට විය.සමහර විට අපගේ පැමිණිම ඔහුගේ කැඩි,කැඩි තිබු නින්ද සුනුවිසුනු කල වැරද්දට හිලව් වීමට ඔහු දොඩවනු ඇතැයි මට සිතුනි.
කලුවර අතරින් හොර හරක් පට්ටියක් පන්නගෙන ගාල් කරන අන්දමට අමු තිත්ත කුණුහරප හසුරන්නට දක්ෂ මීගමු බන්ධනාගාරයේ හිපාටුවෝ අපව කණ්ඩායම් දෙකකට බෙදා බල්ලන්ටවත් ලගින්න නුසුදුසු කූඩු වලට ගාල් කරන ලදී,ජීවිත කාලය පුරා පොලිසියකට නොගිය මට මෙලෙස ගෙඩිය පිටින් හිර ගෙදරක කූරූ ගනින්න වීම ගැන මා සිතේ ඇති වූයේ මහත් කණගාටුවකි.කෙසේ නමුත් දැන් මා හිර ගෙදරය, හතර වටින් හමා එන හඩු ඟද සමග ඇස් පියාගෙන නින්දට වැටීමට පවා මා බිය වුයේ හුස්ම හිරවී මිය යනු ඇතයි විටක සිතුනු නිසාමය. නිමේශයකින් මුළු ලෝකයම මා හිස වටා භ්‍රමණය වෙමින් ගෙවි යන තත්පරය පවා කල්පයක් ලෙස දැනෙන්නට විය...
*****************************
ගෙවි ගිය ඉරිදා දින බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාප,හිරකරුවන්ගේ හැසිරිම් රටාව ගැන ඉහටත් උඩින් දැන ගන්නට ,දැක ගන්නට ,විද ගන්නට ඕනෑ තරම් උදාහරණ විය.උදා වුන සදුදා දින අපි සියළු දෙනා උසාවියට ගෙන යන ලදි සියළු දේ ගැන සලකා නඩුකාරතුමා ලක්ෂයක ඇප මත මාස 3 ක හිර දඩුවම නියම කරන ලදි යම් හෙයකින් ලක්ෂයක මුදල ගෙවිමට නොහැකී වුවහොත් මාස 6ක සිර දඩුවමක් නියම විය.....කිහිප දෙනෙක් මුදල් ගෙවා අදාල කාල සීමාව කෙටි කර ගන්නා ලද නමුත් අම්මාටත්,තාත්තාටත් ලක්ෂයක මුදලක් සොයා ගැනීමට නොහැකී බව දැන සිටි නිසා මාස 6ක සිර දඩුවමට, මට යටත් වන්නට සිදු විය.නිදහස් කුරුල්ලෙක් මෙන් අහස පුරා පියාසලා ගිය මා හට සිදු වුයේ මාස 6ක් එක්ටැම් ගෙයක ලගින්නය නමුත් එහි ලද අද්දැකීම් බහුලය,හොද මිනිසුන් මෙන්ම අනුන්ට වලවල් කපන උන්ද එහි සිටියෝය.රාත්‍රි කාලයේදි හිර ගෙදරින් අදාල බලධාරින්ගේ අනුදැනුම ඇතුව ජාවාරම් සදහා පිටවී ගිය කුඩුකාරයින්,මිනීමරුවන් ද විය.එයද මිහිපිට අමුතුම වෙනත් ලෝකයක්දෝ මට සිතුනි,
මා අම්මාගෙන් උසාවි දිනයේදි හමුවු වෙලේදි මා බැලීමට හිරගෙදරට නොඑන්නට
ආයාචනා කල පරිදි තාත්තා පමණක් මා බැලිමට සතියක් හැර සතියක් හිර ගෙදරට පැමිණියේය. හිරගෙදර ගෙවි ගිය හතරවෙනි මාසයේ මුල බන්ධනාගාරයේ පිරිසිදුවේ උපරිමය නිසා මට හොරි නැමැති චර්ම රෝගයටද මුණදීමට විය.තාත්තා විසින් ගෙන එන ලද ක්‍රීම් හා බෙහෙත් මට ලබා දීමට තාත්තා හට සිදු වුයේ එහි නිලධාරියා හට සිගරට් පැකට් එකක් හා රුපියල් 500ක් ලබා දීමෙන් පසුවය.මාස හය සම්පුර්ණ වීමත් සමග මා හට නැවත ගෙදර ඒමට හැකි වුවත් පෙර ලෙස කිසිම රස්සාවක් කිරීමට සිතක් නොවිය.තාත්තා කෙසේ හෝ පොලී ගෙවා ගෙන ගියේය.ගෙදරට වී සිටිනවා මිස මට කල හැකි දෙයක් නොවිය.ගම්මුන්ගේ රබර් ඇස් වලට හසු වීම මහා සිත්තැවුලක් ගෙන දෙන්නක්ද විය.
*****************
සියල්ල මෙලෙස සිදු වෙමින් රස්සාවක් නොකර ගෙදරට වී අවුරුද්දක් ගෙවුනි..එවකට තාත්තාගේ ඉතාලියේ සිට පැමිණි යාලුවෙකු වු බනාඩ් අංකල්ගේ පෙරැත්ත කිරීමට අනුව නැවත පාස්පෝට් කන්තෝරුව,පල්ලි,කෝවිල්,පන්සල් ,එම්බසී වන්දනාවේ ගොස් වතු වැඩට ඉතාලිය වෙත පිටත් වීමට අවශය වීසා බලපත්‍රය ලබා ගෙන හිතේ බයකින් තොරව ඉතාලිය බලා පිටත් වුනි,මෙවර මුළු මුදල ගෙවීමට සිදු වුයේ ලක්ෂ 10ක් වන අතර තුනෙන් එකක් ගෙවා අනිත් සියළු ගෙවීම ඉතාලිය වෙත ගිය පසු ගෙවීමට සිදු විය...තාත්තාගේ මිත්‍රත්වය නිසා පොළී නොමැතිව සියළු මුදල් බනාඩ් අංකල් ලබා දෙන ලදී,ඒ මුදල් ඉතාලියට ගොස් යුරෝ වලින් ගෙවිමට ඔහු තාත්තා සමග කතිකා කර ගැනිමම මෙවර වාසනාවක් ලෙස සැලකිය හැක.
පැරදිච්ච හීනයට යලි පණ දෙන අදිටනින් ගෙවු කාලය වැඩිද අඩුද කියන්නට මා නොදත් නමුත් මෙදා පාර පිටරටකට තියා UK හෙවත් උස්වැට කෙයියාවට හෝ නිතයානුකූලව යා යුතු බව හිතේ කොටා ගත්තේ හිරගෙදර විදි දුක් ගැහැට සමූහය නිසාමය.
ලංකාවේ සිටියදී ඉතාලිය පිළිබඳ මවා සිටි හීන,බලාපොරොත්තු එකින්නෙක කඩා වැටෙන්න පටන් ගන්නට වුයේ රැකියාවක් සොයා ගැනීමට භාෂාවක් නොදැන සිටිම,ණය පොළී ගෙවිමට මුදල්,කෑමබීම,ඉඳුම්හිටුම් සදහා මුදල් සොයා ගැනීමට නොහැකි වූ තැනය. මා වතු වැඩට ආ නමුත් කරන්නට වු වතු වැඩක් නැත එය වීසා ලබා ගැනීමට යෙදු උප්පර වැට්ටියක් පමණක් බව මට වැටහී ගියේය...දෙදෙනෙකුට පමණක් සිටිය හැකි කාමරයක දහ දෙනෙකුට නිදා ගැනීමට දැමු තට්ටු ඇදවල්වල එක ඇදක අයිතිකරුවෙකු වීමට තරම් මා අසරණ වී ඇත...පාරේ ටැප් වලින් වතුර බී තාවකාලික "පාට් ටයිම්" රස්සා වලින් ඉපයු මුදල් පරිස්සමින් වියදම් කල කාලයක්ද විය වැඩ හුරුපුරුදු වීමට කියා කැන්දන් ගිය සමහරක් ලංකාවෙම පොරවල් වලට, වතුර පොදක් නැතිව වැඩ කෙරු කාලයක්ද විය.
සියළු දුක් කම්කටොළු පරදවා ජිවිතයේ කැඩි,බිදී,කඩතොලු කර ගනිමින් අවුරුදු හතකට පසු කාලය මැවු වෙනස දිහා බලා තෙත් වු දෙනෙතින් මතක සයුරේ ගිලි සිටි මා අවදි වුයේ පුංචි පුතුගේ කට හඬටය, ඇය,මා හා පුතු නැවත ලංකාව බලා යෑමට අදාල ගුවන් යානය මාරු කිරීමට කටාර් ගුවන් තොටුපොලේ රැදි ඉන්නා අතරතුර මා ආ මග දිහා සිහිපත් කෙරුණි...
ප:ලි. ඉතාලිය ,මුදල් ගෙවා සිරගත වු සිර කුටියක් බව සැබෑවක්මය තවමත් ඉඩම්-කඩම් උකස් කර යුරෝ ගැන හීන බලන ලංකාවේ අය සිටිනවා ඇත,හීන ලෝක වල ජීවත් වන හීන මාළිගා හදන ඈයෝද තවත් ඇත ඉදිරියටත් නොඅඩුව හිදුනු ඇත.යුරෝ නිසා ජිවිතය හදා ගත් බොහෝ දෙනාද යුරෝ නිසා ජීවිතය අවුල් කර ගත් අයද ඊයෙත්,අදත් හෙටත් සිටිනු ඇත...
අපි එද්දී කතාව ඉවරද එතකොට? හාකෝ හාකෝ.. අන්තිම ටික අර රඹුක්කනින් එහාට පවර්සෙට් එක යනවා වගේ ලියාගෙන ගිය ගතියක් තේරුනා අක්කේ...අනවසරයෙන් තියා දැන් නම් අවසර අරන් වත් රට යන්න හිතෙන්නේ නෑ මේ වෙන දේවල් වල හැටියට..
ReplyDeleteඔව්නේ ඔයාලා පේන්න හිටියේ නෑනේ ,ආ ඔව් ටිකක් හදිස්සියේ ලිව්වේ ඔව් මල්ලි දැන්නම් ලංකාවේ ජීවත් වෙන එක සැපයි
Delete// යුරෝ නිසා ජිවිතය හදා ගත් බොහෝ දෙනාද යුරෝ නිසා ජීවිතය අවුල් කර ගත් අයද ඊයෙත්,අදත් හෙටත් සිටිනු ඇත... // සහතික ඇත්ත... අපි කවුරුත් දැන ගන්න ඕන දේවල් මේවා..
ReplyDeleteහ්ම්ම්ම් මේ එක කතාවක් විතරයි තුශා මේ වගේ තව ඕන තරම් කතා තියෙනවා ඉදිරියට හෙමිහිට ලියන්නම්
Deleteහුටා... කවද්ද බං මේකේ පළවෙනි එක ලිවුවේ.. මට මිසින් වෙලානේ.. අවුලක් නෑ...
ReplyDeleteමේ ගැනනේ.. හෙහ්.. එක්කෝ ඕන නෑ.. සල්ලි නම් හම්බකරන්න බැරියැ.. ඒත් ජීවිතේ මොන වගේද කියල පිටින් බලන කාටවත් පේන්නේ නෑ.. අම්මපා වෙලාවකට හිතෙනවා අච්චර අර ලංකාව දාලා හිතල කන්න මොකට මෙහේ ආවද කියලා.. හරියට හීතල ඇඟට වැදුනොත් අස්ථි දිරනවා වයසට යන්නත් කලින්..
ිඅෆ්ෆා උඹට මොකටැයි අමුතුවෙන් මේ දීපංකරේ ගැන කියන්නේ, මේත් එක්තරා කරුමයක් ගෙවන අදියරක් බං
DeleteMamath ada ne ave godak kalekata passe... Mula idan kiyavanna veyi vage....
ReplyDeleteකුරුට්ටි හැකි වෙලාවක කියවන්න එනවා වගේම නිදහසක් ලැබුන ගමන් ලියන්න අපි බලාන ඉන්නවා
Deleteමොකෝ මේ හදිස්සියෙන් වගේ ඉවර කරලා , කතාව තව ටිකක් නිවී හැනහිල්ලේ විස්තරාත්මකව ලිව්වා නම හොඳයි වගේ, කොහොම වුනත් පිටින් පෙන සුන්දරත්වය, සහ අපි බලාපොරොත්තුවෙන ලෝකය ඔය තැන්වලට ගියාම නැති බව අවංකව කියන්නේ බොහොම සුළු පිරිසයි .
ReplyDeleteඔව් සුදු අයියා අවසාන හරිය එද්දි ටිකක් හදිස්සි උනා...ඊ ලග කතාවහිමින් සීරුවට විස්තරාත්මකව ලියන්නම්, අපෝ ඔව් මෙහේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ අහසින් කඩන් වැටිලා පොස් උන ගානට
Deleteමෙහෙම කතා වලින් සමාජයට යන පණිවිඩේ යූරෝ වලින්වත් මිල කරන්න බෑ බං.
ReplyDeleteඑළ!!
තැන්කූ බං හැබැයි ඉතින් අපෙ උන්ට මොන විදිහට තේරුම් කරත් උන් හිතන්නේ අපි ඊරිසියාවට ඉතාලි එන්න එපා කියනවා කියලා ඇවිත් කට්ට කාලම බලන්න ඕනා
Deleteඅනාආආආ මම හිතුවෙ කොටස් කිහිපයක්වත් දිගට කතාව යයි කියලනේ....
ReplyDeleteමේ කතාවේ කොල්ලා මට මන්නෙන් කොටන්න කලින් කෙටියෙන් නැවැත්තුවා හිකිස්
Deleteහැමදේම ඔාහොම තබා බං. උඩ පැනල ගන්න කොට බිම වැටෙනවා තේරෙන්නෑ..
ReplyDeleteහෑ අද උඹ වැදගත් දෙයක් කියලා ඒක ටක්කෙටම මල් හතක කතාවක් දේශා
Deleteයුරෝවලට වහ වැටිලා ගියාට අන්තිමට වෙන්නෙ ඕක තමා නේ.. පව් ඉතිං...
ReplyDeleteමල්ලි අහලා තියෙනවද කතාවක් "යුරෝ නිසා මිනිස්සු ඌරෝ වෙනවා කියලා"
Deleteනිමි? ඈ බොලේ එතකොට මට පලවෙනි කොටස මිස් වෙලාද?
ReplyDeleteඇත්තටම අපිට පෙන්නේ ජිවිතේ හදාගත්ත අය විතරයි. ඔයාට මේ හැමෝම ගැන අත්දැකීම් ඇතිනේ...
නෑ සයුරි ඔයාලාට,අපිට පෙන්වන්නේ ජිවිතය හදාගෙන කියලා පෙන්නන රැවටිලි නාටක ඇත්ත සීන් හංගලා ඒ නිසා අපි දකින්නේ හදා ගත්ත ජීවිත විතරයි, ඉස්සරහට මං තව මේ වගේ මට මුණ ගැහුන මිනිස්සුන්ගේ කතා ලියන්නම්කෝ
Delete