පාස්කූ ඉරිදා එක තැන ගල් ගැසුනු සිතුවිලි ගැන ලියමි.වෙන කිසිත් ලියා ගැනීමට අදහසක් හෝ පරණ යැයි සිතෙන හැඟීමක් නැත හිත කිසිම අකුරක් නොලියූ දිග හිස් පිටුවක් සේ දැනී ගෙවෙන 5 වෙනි දවසය...
පහුකරගෙන ආ ජීවිතේ බොහෝ වැටීම්, හැලහැප්පීම් මැද බොහෝ තැන් වල ලැබීම්,නොලැබීම් අතර අපි හැඟීම් ගොනු කරගෙන ජීවත් වූවන් වෙමු.නමුත් ආපසු හැරි බලන කල පාස්කූ ඉරිදා ඒ මිනිස්සුන්ට අහිමි වෙච්ච ජීවිත,ඔත්පල වෙච්ච ජීවිත සබඳතා දැක්කම අපිට මොනාද නැති උනේ, අපි මොනා වෙනුවෙන් දුක් වෙනවද කියලා හිතෙන තරමටම ඒ මිනිස්සුන්ගේ දුක අපේ දුකක් උනා කඳුළු අපේ කඳුළු උනා.ඒ හැඟීම විස්තර කොට ලිවීමට නොහැකී වූවත් ඒ හැඟීමට මම අපේකම,මනුෂ්‍යකම යැයි නම් දෙමි .....
ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා උජාරුවට කිව්වට සේද මාවතේ ක්‍රේන්ද්‍රස්ථානය චීනට විකුණුව කාලකණ්නි සක්කිලි පාලකයෝ ඉන්න රටක උදේ හවස මරණ බියෙන් මැරි,මැරි ඉපදෙන අහිංසක මිනිස්සු ගැන ඇත්තේ අප්‍රමාණ දුකකි.මරණය නම් කෙදින හෝ සිදුවන්නකී නමුත් අඩියක්,අඩියක් ගානේ මරණය ඇති බව දැන,දැනත් ජීවිතය අහිමි වීමට කිසිම අසාධ්‍ය රෝගයක් නොමැතිව මරණය අතරින් උදේ හවා ගමන් කරමින් ජීවත් වීමට සිදු වීම අභාග්‍යසම්පන්න යැයි මම සිතමි....
අපි පිට රට සිට දිනෙන් දින අපිට ස්වර්ගයක් වූ නිජි බිමේ පාලකයන්ගේ කශේරුකා පුරුක් ගනන් කරන් වෙමු.අහිංසක ජනතාවට විමුක්තිය කොයි මොහොතක හෝ උදා වේ යැයි සිතමු. සමහර විට අපට ඇති තර්ක විතර්ක මානුෂීය ගැඟීම් ඔහුන්ගේ හිත් තුල නැති බව දකින විට අපට මෙන්ම හුදී ජනයාටද පිළිකුල් සහගත හැඟීමක් ඇති වනවාට සැකයක් නැත.අප රටේ පාලකයන් මේ වන විටත් ජාත්‍යන්තරය ඉදිරියේ විකටයන් වී හමාරය. අවුරුදු 30 ක යුද්ධයකින් බැට කා ජීවිත රාශියක් අහිමි කර ගනිමින් සාමය උදා කර ගත් පසු එහි අගය බාල්දු කල සියළු පාලකයන්ට සාප වේවායි පතමි! එමෙන්ම දැන ,දැනත් අහිංසක ජීවිත බිල්ලට දුන් සියළු ප්‍රභූවරුන් කියා ගන්නා අදම,නින්දිත පාලකයන්ටත් සාප වේවා යැයි පතමි! මේ ලෙසින් අහිංසක ජීවිත සමඟ තුච්ච ලෙස ගණුදෙණු කල සියළු දෙනාට ස්වභාවධර්මයේ දඬුවමින් බේරි යා නොහැක.මරණ මංචකයේදී පවා අපා දුක් විදිය යුතු යැයි පතමි!
අපිට ඉතිං ඉතුරු වෙන්නේ ශාප කරන එක විතරයි.
ReplyDeleteඔව් ඒක ඇත්ත
Delete