ඔය දැන් වගේ ගූගල් තියා ඉන්ටනෙට්,කම්පියුටරයක් ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඩොටේ කාලේ කොහොම කියලා මේ විස්තර හොයන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනා ප්‍රාදේශීය සභාවේ පුස්තකාලේ ඔන්න ගිහින් බැලුවම ඕන කරන පොත තියෙනවා .පොත එළියට ගෙනියන්න දෙන්නේ නෑ මෙම්බර්ශිප් නැතිව ...මෙම්බශිප් ගන්න සාමදාන විනිසුරු කෙනෙක්ගෙන් ලියුමක් ඕනා ඒ වෙලේ ඕවා කරන්න වෙලා නෑ ඉතින් පන හලාගෙන ලියලා ලියලා ඕන ටික කොපි කර ගත්තා ඒත් තව මදි......
දෙවෙනියට ගිය පුස්තකාලේ අල්ලපු ගමේ තිබ්බේ ඒකේ ඒ බර පොත් තිබ්බේ නෑ....ඉතින් බලාපොරොත්තු සුන් වෙච්ච මලානික හිතින් තුන් වෙනි පුස්තකාලේ ලගට යද්දී තමා දැක්කේ ඒකේ හිටියේ ලාස්සන අයියෙක් කියලා...මගෙයි මගේ යාළුවගෙයි ඉහේ නෙළුම් මල් ප්‍රකෝටිගානක් පිපුනා ඒ ප්‍රකෝටිගාන තවත් ප්‍රකෝටි ගානකින් පිපුනේ අපිට ඕන පොත් එකට දෙක තුනක් ඒ පුස්තකාලේ තිබිම...ඒත් ඒ මල් පර වෙලා චප්ප චිරිප්පන් වෙලා මැරිලා ගියේ කලින් වගේම මෙතනින් පොත් ගෙනියන්න මෙම්බර්ශිප් සෙද්දක් ගන්න කියපු එකෙන් ....
අපි පොඩ්ඩක් කල්පනා කරලා අපි එකටම ඒ අයියට බටර් ගාන්න ගත්තා අපිට අදරෑට මේ පැවරුම හදලා හෙට වෙද්දී දෙන්න ඕනා නැත්තම් අපිට වැලේ වැල් නැති බව පස්සේ ඒ අයියට අපේ අදෝනාව ඇලජික් වෙලා අන්තීමෙට අපේ බෑග් දෙක ඇපයට තියලා අපි අර පොත් ටික ටවුමට ගෙනත් ෆොටෝ කොපි ගහ ගත්තා...ඊට පස්සේ පොත් ටික දීලා අපේ බෑග් නිදහස් කරගෙන .ලස්සනට පිළිවෙලට අපේ පැවරුම් බාර දුන්නා.
පස්සේ කාලෙක මට වඩා මගේ යාළුවට ඒ අයියා ගැන මෛත්‍රීය ඉපදිලා තිබුන තරම කොහොමද කියනවා නම් ඒ අයියා යාලුවාගේ දුටු සතුටු මලක් බවට පත් උනා...අපි ක්ලාස් යන්න වෙලාව තියෙද්දී දුටු සතුටු මල බලලා එන්න යනවා...පස්සේ අපි යාළුවෝ උනා... මම ඉතින් පොතක් එක්ක වේලුනා ...අරුන් දෙන්නා ප්‍රේමයෙන් වෙලුනා
සා/පෙ. ලං වෙනවා එක්ක මට යාළුවා එක්ක පුස්තකාලේ යන්න උනේ නෑ යාළුවත් ඒ ලව් එක බ්‍රේක් කලා.... දුටු සතුටු මල මඟ ඇරිලම ගියා ආයේ කවදාවත් මුණ ගැහුනේ නෑ....ඒක නිකන්ම නිකන් හිත් ගැනීමක් විතරයි කියලා මායි මගේ යාළුවයි කතා උනා...අද යාළුවා කතා කරද්දී ඔය කතාව මතක් කරා තව කතා ගොඩක් තියෙනවා ලියන්නම්....
මේක ආයේ බ්ලොග් එක ලියාගෙන....ලියාගෙන යන්න ආරම්භයක්
කියලා හිතන්න හොදේ.....
මෙව්වා හරිම මෙව්වා වෙන කතා ඈ! සක් ඉතරක්... අපි ගියපු තැන්වල හිටියේ කණ්නාඩිය යටින් ඔරෝලා බලන නෝනලයි , චක් චුක් ගාන අංකල් සීයලයි විතරයි. ආ.. ඔව්නේ.. අනුන්ට ඔත්තු බැලුවා මිසක් ඒ කාලේ මෙලෝ ඕනෙකමක් තිබ්බෙත් නෑනේ
ReplyDeleteඅපිට උනේම ඔහොම වැඩ තමා ඉතින්
Deleteලිඛිතා කියුව වගේ අපි ගිය එක පුස්තකාලේකවත් හිටියේ නෑනේ ලස්සන අක්කියෙක් නම්කියෙක්.. නැත්නම් අපිත් ඉගෙනගෙන හොඳ තැනක අද වෙනකොට.. :/
ReplyDeleteඒයි කමී මොකක්ද වෙලා හැදුනා....කොහොමත් ගෝරිල්ලන්ට අක්කිලා නංගිලා පුස්තකාල වල නෑ ඒයි
Deleteමට මේක කියෙව්වම හිනා ගියේ ඒ කාලෙ අපේ දුටු සතුටු මල මතක් වෙලා. එයා හිටියෙ නුගේගොඩ විසාකාමාල්ස් එකේ. කෙල්ලො ටික කොණ්ඩ කටුවක් ගන්න කියලා වරුවක් තිස්සෙ ඒ මනුස්සය දිහා බල බලා තැක්ගැහෙනකොට, හැමදාම ඒකා පුදුම අපහසුතාවයකට පත් වෙනවා. පස්සෙ බැරිම තැනද කොහෙද එයාගෙ ලස්සන බෝනික්කියෙක් වගේ හිටපු නංගි බබාව ගෙනැත් තියාගත්තා. ඒත් අපි සැලෙයිද මිත්‍රෝරුනි, නෑ. අපි ඒත් ගියා….
ReplyDeleteයකඩෝ...පව් නෙව ඒ ළමයා...අපිත් ඔහොමයි ඉස්සර
Delete