ආදරණීය විල් තෙරේ කිඹුලී,
හැමදාම වගේ මන් ඔයාට ආදරෙයි කියලම පටන් ගන්නම්! ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඉස්සර නම් මට ලියන්න ගොඩක් දේවල් තිබ්බා
ඒත් , මන් හිතනවා අවුරුදු 7කට පස්සේ මට ලියන්න ආයෙත් ගොඩක් දේවල් තියෙනවා , මම ආදරේ කරපු හැටි මාව මිනිස්සු අතැරපු හැටි මම බඩ අල්ලන් හිනා උන හැටි අඬපු හැටි ජීවිතේ ආව සමහරක් කුණාටු වලදී මම නිහඬ උන හැටි ඒ විතරක් නෙවේ සමහර කුණාටු වලදී මිනිස්සු මාව අතැරපු හැටි වැටිලා ඉද්දි නැගිට්ටපු මිනිස්සු ගැන එහෙම ලියන්න තියෙනවා....
ඒත් මේ ඒකට වෙලාව නෙවේ මන් ඔයාට එකින් එක හෙමීට ලියන්නම්...
පුංචි කන්දක් ටික ටික නාය ගිහින් විසල් කන්දක් වෙලා එකපාර නාය ගිය හැටිත් ඔයා දවසක දැන ගනි.මම වැරදි කාරයෙක් නෙවේ සමහර සිද්ධි නිසා මට මෙහෙම උනා කියලා තමා"A" කිව්වේ.
අපි ආයේ පටන් ගමු අපිට ආදරෙන් ඉස්සරහට යන්න ඉතින් මම ඔයාට ආදරෙයි මගේ ලස්සන ළමයෝ

No comments:
Post a Comment
හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!