Sunday, May 3, 2026

125. නන්දුට ලියුමක්

ආදරණීය නන්දු ,


මිනිස්සු ආදරේ කියනකොට ඇස් නොදිලිසෙන්න පුළුවන් ඒත් මිනිස්සු ආදරෙන් පරදිනකොට ඒ මිනිස්සුන්ගේ ඇස් නිතරම කතා කරන්න ගන්නවා , කතා කර ගන්න බැරුව වෙව්ලලා ගොත ගහන්න ගන්නවා.. ඒ ඇයි දන්නවද? ඒ වෙනකොට ඒ මිනිස්සු තමන්ගේ ආදරේට හදවතේ හරි වටිනාකම දීලා  ඉවර නිසා. මන් මගේ ඇස් දෙකෙන් මිනිස්සුන්ට එහෙම වෙනවා දැකලා තියෙනවා...


             තේරුම් කිරීම ගණනාවක පස්සේ මිනිස්සුන්ට තව දුරටත් ඒ තේරුම් කිරිම විහිළුවක් උනාම , ඒ දැනෙන හැඟීම් , දැනීම් නික්මයෑම්, දරා ගැනීම් මිනිස්සු, මිනිස්සුන්ව වැටෙන්න නොදී අල්ල ගන්නේ කොහොමද කියලා, අපි රෑ එලි වෙනකම් කතා කරලා තියෙනවා ඒත් මම හැම වෙලේම ඔයාට කිව්වේ

,

 "ආදරේ මිනිස්සු ඔයාට වැටෙන්න දෙන්නේ නෑ "කියලා 


"ආදරේ නම් හෙන ගැහැව්වත් ඉන්නවා "කියලා.


"ආදරේ නම් කවදාවත් ඔයාට රිදෙනවට කැමති නෑ "කියලා


ඔයාට මතකද? ඔයා මට විහිළු කලා පොත් වල තියෙන දේවල් සැබෑ ජීවිතේ වෙන්නේ නෑ කියලා.


                     ඇත්ත, ඔයා හරි සමහර පොත් වල ලියන දේවල් අපේ සැබෑ ජීවිතේ වෙන්නේ නෑ , පොත් වගේ මිනිස්සු අපිට අහම්බෙන් හම්බෙන්නේ හරියට අපි දෙන්නට දෙන්නා හම්බුනා වගේ,

ඉතින් අහන්නකෝ.....


                   මිනිස්සුන්ගේ  ජිවීතේ සමහර දරා ගැනීම් අත හැරිම් තියෙනවා ඒවා හරියට පොල්ලෙන් ගැහැව්වා වගේ අවුරුදු ගානක් ගියත් ඒ වැදුන පොලුපාර නිසා දැනුන ඔල්මාද ගතිය නොයන, මිනිස්සු බැඳීම් හදා ගත්ත ලගම දේවල් නැති උනාම මිනිස්සුන්ට  ට්‍රැක පනිනවා, 

කඳු වගේ මිනිස්සු නාය යනවා.... 

ගල් පර්වත වගේ අය පැලිලා බිම වැටෙනවා. 

ගඟවල් වගේ මිනිස්සු හිදිලා යනවා. 

ගස් වගේ මිනිස්සු මැරිලා යනවා..

පොත් වගේ මිනිස්සු සඳහටම අතුරුදහන් වෙනවා


ඒක ඔයයි,මමයි දෙන්නම අත් විදලත් තියෙනවා


ඉතින් නන්දු,


ඔයාගෙයි මගෙයි විතරක් නෙවේ හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ බොහොම කෙටී.....


ඉතින් ලැබෙන හැම තත්පරේම ආදරේ කරමින් ජීවත් වෙන්න, නමුත් ආදරේ සොයමින් ජීවත් වෙන්න එපා!


ආදරේ සම්බන්ධ සංවාද වලදී ඔයා නිතරම රැඩිකල් වචන කිව්ව ගැටි මට මතක් වෙනවා...


"ආදරේ නම් ආදරේ තියෙයි මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ "කියලා 


ඒත් නන්දු මට ඔයා එහෙම කිව්වට ,

මතක තියා ගන්න 


රූස්ස ගස් කඩන් වැටෙනකොට සද්දේ ඇහුනට 

හිත් කඩන් වැටෙනකොට සද්දේ ඇහෙන් නෑ කියලා.


හිත් කියන්නේ වීදුරු වගේ බිඳෙන සුළුයි පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ ...අද කාලේ වචන වලට අගයක් නෑ මොකද ගොඩක් මිනිස්සු බොරුකාරයෝ.... හැබැයි ආදරේ ඔප්පු කරන්න ඇත්තටම ආදරේ මනුස්සයෙක්ට බැරි නෑ ඒත් ඔප්පු කරලා දිනා ගන්න ආදරේකින් වැඩක් තියෙනවද ? කියලා අපි හෙට කතා කරමු


මීට,

කිඹුලී

5 comments:

  1. කිඹුල් දර්මේ

    ReplyDelete
  2. මල්ලි මේ කියන කතාව ඇත්ත ඒ උනාට මල්ලි සාමාන්‍යයෙන් දැන් අපි දන්නවනේ සමාජය තුළ හැසිරෙන කොට යම් යම් ගැටලු ප්‍රශ්න එනවා.

    මල්ලිගේ හිත රිදිලා ඉන්නවනම් මම මේ අයියා කැමතියි මල්ලිව අඳුනගන්න අපි පොඩ්ඩක් හවස් වෙලා හම්බෙමුද මල්ලි කොහෙද ඉන්නේ

    ReplyDelete
  3. ඔබ බොහෝ කලකින් ලියන්නට පටන් ගෙන.
    ඔබගේ බ්ලොග් අඩවිය මේ වන විට අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමට එක් කොට ඇත. එසේම; කලෙකින් නැවත ලියැවෙන ඔබගේ බ්ලොග් අඩවියට වඩා වැඩි පාඨක අවදානමක් ලබාදීම සඳහා; එවන් බ්ලොග් අඩවි සඳහාම වෙන් වූ "පුනරුප්පත්ති" කොලමටද එක් කොට ඇත.
    අපගේ "සඳකඩපහන සින්ඩිය" මෙරට සිංහල බ්ලොග් අවකාශයේ පවතින වඩාත්ම පුළුල්ව පවතින සින්ඩියයි.
    ඔබගේ බ්ලොග් අඩවිය තුල අපගේ සින්දිය පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන්නේනම් එයට අප බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඒ පැත්තේ එන්නම්

      Delete
  4. Thattayage KolamaMay 29, 2026 at 2:10 AM

    ජීවිතය එක් එක් අය දකින්නේ විවිධ විව්ධ දෘෂ්ඨීන්ගෙන්! ඒ කෙසේ වෙතත් ඒ ඒ අය ඒ තුලින් ලබන සතුට, වින්දනය, දුක, සැප සැමටම පොදු එකෙක් කියලයි හිතෙන්නේ!
    මම මගේ ජීවිතය මතුපිටින් අතගාගෙන ජීවත් වීමට පුරුදු පුහුණුවූ කෙනෙක්.
    ඒක හරියට තෙත පොළොවක සෙරෙප්පු දෙකක් දාගෙන ප්‍රවේසමෙන් ඇවිදිනවා වගේ එකක්!

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!