ශානුගේ විශ්මලන්තයේ තවත් අමතක නොවන සිදුවිමක දිග හෑරිමකි මේ ...........
ඔයාලා මගේ කලින් ලිපි කියෙව්වා නම් මතක ඇති ශානුට ගොඩක් හිටියේ පිරිමි යාලුවෝ කියලා,,
ඔන්න ඉතින් ඉස්කෝලේ නිවාඩුව පටන් ගත්තා. මමයි, නෑදෑ මල්ලිලා කට්ටියකුයි, ඒ මල්ලිලාගේ යාලුවොයි ක්රිකට් ගහන්න සෙට් උනා. අපේ ගෙදර ඉස්සරහ ලොකු ඉඩක් තිබුනා සෙල්ලම් කරන්න ඒ නිසා හෑමෝම අපේ ගෙදරට එන්න පුරුදු වෙලා හිටියා.ඔන්න කට්ටිය සෙල්ලම් කරන්න පටන් ගත්තා කරුමෙක මහත කියන්නේ පළවෙනි පහරෙන්ම බෝලේ ගිහින් වහලේ උඩ හිර උනා.එදා ගෙදර හිටියේ අම්මා විතරයි , ඉනිමග ගෙනල්ලා වහලෙට නගින්න බෑ ,අම්මා දෑක්කොත් විසුමක් වෙන්නේ නැති නිසා අනික ඉනිමග බරත් වැඩි.....
දැන් ඔක්කොමල්ලා කල්පනා කලා කොහොමද?වහලේ උඩට යන්නේ කියලා. ඔය අතරතුරේ මට ඇන්ටනාව දිගේ වහලෙට යන්න පුලුවන්නේ කියල මතක් උනා.එතන හිටිය ලොක්කා මම නිසා මහාදෑන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ ඇන්ටනාවට කිට්ටු කලා. අම්මා එනවද? ඔත්තු බලන්න මල්ලිලා 2 නෙක් තියලා මම ඇන්ටනාවට නගින්න ලැස්ති උනා(ඔන්න මන් ඒ දවස් වල ඉදලම ගවුම්,සායවල් ඇන්දේ නෑ ඒ නිසා හොදට ගියේ නැත්තන් :ප්) ඇන්ටනාව තිබුනේ බාත් රූම් එකට ඇලි ගැලි,අනික බාත් රූම් එකේ වහලේ කොන්ග්රිට් ,ගෙදර වහලේ තරම් උසත් නෑ .
සියල්ල සුදානම්...... ඇන්ටනාව දිගේ කිසිම ආබාධයකින් තොරව වහලේ උඩට ගිහින් බෝලෙත් අරන් බහින්න හදනකොටම අම්මා කතා කරා මම බැනුම් අහන්න බය වෙච්ච පාර ග්රිස් ගහෙන් ලෙස්සනව වගේ බිමට ආව වේගයට මගේ කකුලේ ඇගිල්ලක් අඹරුනා වගේ දැනුනා. ඒ වෙලාවේ මල්ලිලා ඉස්සරහා විරයෙක් (පොරක්) වුන මට ලැජ්ජා වෙන්න බැරි නිසා ඇගිල්ලේ වේදනාව පෙන්නන්නේ නැතුව ( අම්මා කතා කරලා තිබුනේ තේ බොන්න) අයෙත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. විනාඩි 5ක් ගියෙත් නෑ ඇගිල්ල පුපුරන්න වගේ කෑක්කුම හිටගෙන ඉන්නත් බැරි තරම්, එදා තරග විනිසුරු වෙලා සෙල්ලම් නොකර ඉදගෙන හිටියා.
එදා නම් අම්මා ඉන්න තැන බයටම කෙලින් ඇවිද්දා. ඒත් වේදනාව එන්න එන්නම වැඩි උනා,රෑ නින්දෙදි අන්තිමෙට නොදැනුවත්වම කෙදිරි ගාන්න වුන නිසා අම්මටයි,තාත්තාටයි විස්තරේ කියන්න සිද්ද වුනා. ඒ වෙනකොටත් ඇගිල්ල හොදටම ඉදිමිලා. අම්මලා මාව ඉක්මනින්ම බෙහෙත් ගන්න එක්ක ගෙන ගියා. එස් රේ (x-රය්) එකේ තිබුනේ ඇගිල්ලේ අස්ථිය පලුදු වෙලා කියලයි. අම්මා දොස්තරට වැටුන විදිහ,වේලාව විස්තර කරද්දි ... දොස්තර මන් දිහා බලන් හිනා වෙවි.......
***ඔයා යක්ෂ බබෙක් නේ " කිව්වා ඊට පස්සේ ප්ලාස්ටර් ගහගෙන ගෙදෙර ආවා. ඒත් අම්මයි,තාත්තායි මට බැන්නේ නෑ එහෙම උන එකත් හොදයි. නැත්තම් : ගහෙන් වැටුනු එකට ගොනා ඇන්නා වගේ; නේ..................
ඉතින් මාස ගානක් කෙලින් ඇවිදින්න බැරුව,ඉස්කෝලේ යන්න සපත්තු දාන්න බැරුව දුක් වින්ද නිසා ආයේ කවදාවත් ශානු ඇන්ටනාව දිගේ වහලේට නැග්ගේ නෑ.....
ප.ලි. ඒ විතරක්ද මා විසින් ගස් උඩ අට්ටාල බැදගෙන පොඩි උන් එක්ක වැදි සෙල්ලම් කරලා තියනවා ඒ එක්කම ,අපේ තාත්තාට පිසේන්දු වී අපේ ලිද ඉහන දවසක ලිදටත් බැහැලා තියනවා....තව ආ අපේ තාත්තා ගෙදර නැති දවස් වලට මම වතුර ටැංකිය සුද්ද කරලා තියනවා,සමහරු කියනවා ගැණු ළමයි උනාම ඔහොම දගලලා බෑ තැම්පත්ව ඉන්න ඕනා කියලා...අච්චිගේ ඔළු ගෙඩිය මගේ තියරිය නම් කතන්දර කියන අයට ඕන දෙයක් කියා ගන්න කියලා ඕනම වැඩකට ලෑස්ති පිට සිටිම.
මරු වැඩේ තමා මෙයත් කරන්නේ! :D
ReplyDeleteඔව් නාඩියා ඒ කාලේ ශානුගේ හැටි ඔහොම තමා
Deleteඒ කාලේ මේ කාලේ කියල වෙනසක් කොයින්ද..? ලංකාවේ උන්නනමි තාමත් ඔහොම තමයි...හික්
ReplyDeleteහිකි..හිකි.....ඇත්ත ඇත්ත.. :) කෑලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නෑ නේ.
Deleteමේ පොස්ට් එක අප්ඩේට් වෙන්නේ නෑ ශානු බ්ලොග් රෝලේ ,තාම පෙන්නන්නේ පරණ පොස්ට් එක. හැබැයි පුතෝ උඹට ඔච්චර අමාරු වුන නිසා අම්මයි තාත්තයි කරබාගෙන ඉන්න ඇති .
ReplyDelete