Monday, March 18, 2013

09.මගේ ලෝකයේ උතුම් මිනිසා ..

(පප්පා :අම්මාගේ තාත්තා)
මම ඉස්සර මොන්ටිසෝරි යන්න හරි හොරා මට මොන්ටිසොරියේ ඉන්න හරිම බයයි මම අදටත් දන්නේ නෑ ඒ ඇයි? කියාලා. ඒ දවස් වල පප්පේ ඔයා මට පුට් සයිකලේ පැඩල් එකේ හිට ගන්න දිලා බයිසිකලේ තල්ලු කරන් 1km විතර දුර මොන්ටිසෝරි එක්කන් ගිහින් ඇරලා මන් අඩන නිසා මොන්ටිසොරි ඉවර වෙනකම් මට පේන දුරින් කට්ට අවුවේ ගහක් යට ඇන තියාගෙන සුරුට්ටුවකුත් පත්තු කරගෙන හිටිය මට අද ඊයේ වාගේ මතකයි,ඊට පස්සේ ගෙදර එද්දිත් මට පැඩල් එකේ හිටගන්න දිලා සෙරප්පු දෙකක් නැතිව කකුල් පිච්චි පිච්චි මාව පරිස්සමින් ගෙදර ගෙනත් ඇරිය ඔයාට මන් ජාති ජාතිත් ණයයි පප්පේ .
දක්ශ වඩුවෙක්,දඩයක් කාරයෙක් උන ඔයා අන්ත දුප්පත් තත්වෙට වැටුනේ බීමත් කමට වඩා මුදල් නොගෙන වැඩ කරපු නිසාලු මන් ඒ ගැන නොදන්නවා උනාට ඇත්ත වෙන්න ඇති පප්පේ,ඔයා මිනිස්සුන්ට නිකන් වැඩ කරලා දෙනවා මන් කිහිප විටක්ම දැකලා තියනවානේ. කෙල්ලෝ 7 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් උන ඔයා කොච්චර ආර්ථික අග හිගකම් තිබුනත් කවමදාවත් එයාලව බඩිගින්නේ තියලා නැතිලු අම්මා ඒ දවස්වල නිතරම කිව්වා,ගෙදර කන්න මොකුත් නැති දවසක ඔයා කොස් ගෙඩියක් ගහකින් කඩලා තම්බලා අම්මාලාට කන්න දුන්න කතාව,ඒ කතාව මතක් වෙන වාරයක් පාසා පප්පේ ඔයා ගැන් මගේ හිතේ තියන ආදරේ,ගරුත්වය තව තවත් වැඩි වෙනවා
90 දශකයේදි රුපියල් 5ක අරක්කු ටිකක් බීලා ආව ඔයාව ලොකු අම්මට(අම්මාගේ අම්මා) ඇනයක් උනාට මට එහෙම දැනුන් නැත්තේ ඔයාගෙන් කාටවත් කරදරයක් නැති නිසායි.සුදු සරමයි,කමිසෙයි ඇදගෙන හැම ඉරිදම පල්ලි ගිහින් ඔයා අපේ ගෙදර ඇවිත් අඩියක් ගහලා,නාලා කෑම එහෙමත් කාලා ඔයා තරුණකාලේ දඩයමේ ගිය හැටි ගොඩක් ආඩම්බරේන් මාත් එක්ක කියව කියවා හිටපු ඒ සුන්දර කාලේ ආයේ එන්නේ නෑ කියලා දැනෙද්දි හිතට දැනෙන දුක අනන්තයි අප්රමාණයි.
2005 දී ඔයා ගෙවල් ලග කෙනෙක්ට බඩු වගයක් ගේන්න කඩේට ගිය වෙලේ රේල් පාර මාරු වෙද්දි බයිසිකලය ගලක් උඩින් ගිහින් රේල් පිල්ලේ ඔලුව වැදුන දා ඉදන් ඔයා ඔත්පල වෙන්න ගත්තා,ඔයාට අමාරු වෙලා රෝහලකට ගෙනියන්න කවුරුත් හිටියේ නැති දවසක මම අම්මාවත් දාගෙන වාහනය ඩ්රයිව් කරේ ඔයා ගැන මගෙ හිතේ තිබුන අප්රමාණ ආදරයත්,හිතේ හයියත් නිසායි (මම රියදුරු බලපත්ර අරන් සතියයි)එදා ඔයාව රොහලේ නතර කරාම දොස්තරලා කිව්වේ ඔලුවේ ලේ කැටයක් හිර වෙලා කියලා.දවස් 2ක 3කින් ඔයාව ඔපරේෂන් කලා ඊට සතියකට පස්සේ මට ඔයාව බලන්න එන්න පුලුවන් වුනේ ....ඒ දවස් වල උ.පෙ. ලියන්න ක්ලාස් යන නිසයි., පප්පේ හැමෝම කිව්වා පප්පා පිස්සුවෙන් දොඩවනවා කියලා.එත් මන් විශ්වාස කලේ නෑ.එත් ඇදේ අත් දෙක බැදලා, මොනවාදෝ දෙඩෙව්ව ඔයාව දෑකලා සත්තයි මගේ කකුල් පන නැති වුනා.මුලු ලෝකෙම එක විනාඩියක් නැවතුනා වගේ දැනුනා.ඒදා පප්පාට කෑම කවන්න තරම් මම වාසනාවන්ත වුනා.ඒ අනපු හැම බත් කටකම තිබුනු ආදරේ වචන වලින් විස්තර කරන්න බෑ
2006 අවුරුද්දේ අවසානයේ ඔයා මගේ වෙඩින් එකට පහන පත්තු කරන්න කෙලින් කටින් හිටියා.ඇත්තටම මම වාසනාවන්තයි.පප්පේ ඔයාගේ ආශිර්වාදය මට ලැබුනා.මම අන්තිමෙට ඔයාව දැක්කේ 2007 මම ල0කාවෙන් පිට වෙන්න කලින්,,,,,,2008.06.02 මම ල0කාවට එන්න දවස් 22 කට කලින් ඔයා අවසන් හුස්ම හෙලුවා,කියලා
:::ඇයි පප්පේ මන් එනකම් තව පොඩ්ඩක් ඉන්න බැරි වුනේ?"
ඔයාගේ සොහොන් කොත බලන්න යන හැම පාරම මන් ඔයාගෙන් අහනවා එත් තාමත් උත්තරයක් නෑ.
ඉතින් මගේ ලෝකයේ උතුම් මිනිසා .....,සුදු පප්පේ......ඒ ඔයයි,ඔයා මේ ලෝකයේ කොහේ හරි ඉදන් මේ බ්ලොග් එක බලන් ඉන්නවා කියලා මන් හිතනවා,ඔයාගේ මතකය මේ වචන වලට වඩා නම් ලොකුයි .ඔයාගේ මතකය,ඒ අසීමිත ආදරය හැමදාම මා ලග තියේවි ....
************* පප්පේ ඔයාට නිවන් සුව පතමි!**************



12 comments:

  1. අම්මෝ...පපුව පිච්චිලා ගියා!
    අපේ සීයාව මටත් උනා. එයා මට චොකලට් පොදි පිටින් ගේන්නේ :(

    http://harshana-bc.blogspot.com/2013/03/biggest-bada-i-have-ever-seen.html

    ReplyDelete
    Replies
    1. දුකයි තමා රජෝ මොනා කරන්නද? ලෝක දහමේ හැටි ඔහොම තමා,,,,මම එන දවසක රජාට චොකලට් ගේන්නම්කො :)

      Delete
  2. ආච්චිලා/සීයලා ගැන සංවේදි උන් තමා කවද හරි තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නෙ.

    අපි අපෙ අම්මල තාත්තල ආච්චිල සීයලට සලකන විදිහ දැකල තමා ආදර්ශෙට ගන්නෙ. ඒකයි අපි අපේ ආච්චිල, සීයලට ආදරේ..

    ජයම වේවා..

    http://www.samindikasrimantha.blogspot.com/2013/05/grand-ma-spoils-image.html

    කියවල බලන්න අපෙ ආච්චී ගම කාපු හැටි :))

    ReplyDelete
    Replies

    1. සහතික ඇත්ත සෑම්....ඇවිත් ගියාට ස්තූති!

      Delete
  3. අපේ ආච්චිලා,සීයලා අපේ ජීවිතවලට හුගාක් දේවල් දීල තියෙනවා.ඒ නිසයි මනුස්සකම දන්න මිනිස්සු හැමදාමත් ඒ මතකයන් අවදි කරන්නේ.
    අද සමාජය තමන්ගේ දෙමව්පියන් වයසට ගියාම වැඩිහිටි නිවාස වලට ගිහින් දාන්න තරම් තිරිසන් වෙලා.මේ ලිපිය හරිම සංවේදී....

    ReplyDelete

  4. අපි එහෙම නොවුනු එක ගැන සතුටු වෙමු

    ReplyDelete
  5. අනේ මගේ ඇස් වලත් කදුළු අක්කේ ,,ඔයාගේ කතාව මටත් සංවේදීව දැනුනා, අපෙත් සිය මට ගොඩක් ආදරෙයි ,,

    ReplyDelete
    Replies
    1. සීයලා,ආච්චිලා අපිට ගොඩක් ආදරෙයි නංගියා....කියෙන් කී දෙනාටද ඔය ටික තේරුම් ගන්න පුළුවන්

      Delete
  6. ජීවිතෙ හැටි ඔහොම තම්යි

    ReplyDelete
    Replies
    1. ආවාට කියෙව්වාට ස්තූති

      Delete
  7. බලං ගියාම හැම සීයා ආච්චියිම තමන්ගෙ දරු මුනුඹුරන්ට පණ ඇරලා ආදරෙයි!
    ඒ මිනිස්සුන්ගෙ අගේ දැනෙන්නෙ අපිත් ඉන්න කාලෙට වඩා අපිව දාල ගිය දවසට..බොහොම ස්තූතියි අක්කෙ මට මේක කියවන්න දුන්නට!! මගෙ සුදු සීයා වගේම අක්කගෙ සුදු සීයාත් කොහෙ හරි හොඳ තැනක ඉඳන් බලං ඇති දැන්!සීයාට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියෙව්වට ස්තූති

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!