Thursday, August 1, 2013

15.හිගන හොරු, කබ්බ හොරු හා මැජික් හොරු

                          


             අද මම ලියන්න යන්නේ පිටරට හොරු ගැනය.යුරෝපයේ නම ගිය දරුණුතම මාෆියා කණ්ඩායම ඉන්නේ ඉතාලියේ නාපොලි නගරයේය.දැන් ඔය මාත් ඉන්නේ ඔය නගරයේමය.හිගන හොරු හා මැජික් හොරු ඇරෙන්න කබ්බ හොරු මා විසින් දැක නොමැත. ඒ මන්දයත් හොරු හා මැජික් හොරු කොල්ලන්ගේ බසින් කියනවා නම් ලෙසටම පහර දෙන්නේ නාපෝලි නගරයේ වෙනත් රටවල් වලින් ඇවිත් රැකියා කරන අයටය.ඔය අතර ලංකාවේ කස්ටිය බොහෝ වේලාවට මේ හොරුන්ගේ දැලට හසුවන්නේය.
      හිගන  හොරෙක් මා පළමුව දුටුවේ මා හවස් යාමයක වැඩ නිමවි බස් එකක් එන තුරු බස් නැවතුමේ සිටියදිය.මේ පාරේ වාහන යන්නේ එක පැත්තකටය.පාරේ එහා පැත්තෙන් යන ආච්චි බෑගයක් තුරුල් කරගෙන වාහන එන දිශාවේ විරුද්ද පැත්තට ගමන් කරමින් සිටියේය.බයික් එකකින් ආ දෙදෙනෙක් බස් හොල්ට් එක ඉස්සරහින් බයිකය හරවා  විරුද්ද පැත්තට පැදවුවේය.ගත වුයේ තත්පරයකි ආච්චි මර ලතෝනි දුන්නේය.කිසිවෙකුටවත් කිසිවක් කිරිමට කාලයක් ඉතුරු නොවිනි බයිකය විදුලි වේගයෙන් නැවතත් හරි දිශාවට හරවාගෙන  නොපෙනි ගියේය.ආච්චි බයිකය පස්සෙන් දුවනවා මෙන් ඉබි ගමනින් ගියේය.වැඩක් නැත බෑගය ඇයට අහිමිය.එක් රොක් වු මිනිසුන්ට ආච්චි කිව්වේ බෑගයේ සල්ලි නොතිබුන බවත්  හැදුනුම් පත හා ගෙදර යතුර බෑගයේ තිබුනු බවත්ය.මුන් ටිකක්  හොද හොරුය  හැදුනුම් පත දවස් දෙක තුනකින් හැරෙන තැපැලෙන් ගෙදරට එන්නේය.ඔය හොරු රත්තරන් හොරකමේ අති සාර්ථක ප්රථිපල ලබා ගන්නේ  ලංකාවේ මිනිසුන්ගේ රත්තරන් හොරකම් කිරිමෙන්ය.කැතම වැඩේ කියන්නේ ඒ හොරකම් කරන රත්තරන් බඩු විකුණන්නේද ලංකාවේ මිනිස්සුන්ටම විමය. මෝටර් සයිකල් හා වාහන හොරකම් කරන්නේද හිගන හොරුය.මුන් කරන්නේ වහනයක් හෝ බයිකයක් හොරකම් කර තමන්ට අවශය කෑලි ගලොගෙන  පාළු පාරක දමා යෑමය.
                          කබ්බ හොරුන් බොහෝමයක් නාපෝලි මාෆියාවට සම්බන්ධය.මුන්ගේ මැරකම්,හොරකම්,කප්පම් වැඩ වෙන්නේ මහා පරිමාණයෙන්ය. ලොකු සල්ලි තියෙන පොරවල් නොවනා තුරු අපිට මුන්ගෙන් කරදරයක්  නැත.එහෙම කියද්දි මතක් උනේ  මෙහේ හිටියා ලංකාවේ කුළු බඩු විකුණන මනුස්සයෙක් ගැනය.මිනිහට තව කොමිනිකේශන් එකක්,ලංකාවේ කෑම හදන කඩයක් එහෙම තිබුනාය. කබ්බ හොරු මේ මනුස්සයගෙන් කප්පම් ඉල්ලන්න ඇවිත් මිනිහා දැන් සල්ලි නෑ අහවක් දවසේ එන්න කියා හොරු පිටත් කොට,මේ මනුස්සයා පොලිසියට ගිහින්ය.පස්සේ රහස් පොලිසියෙන් කඩේ වටේට කැමරා හයි කර කප්පම් ඉල්ලන්න කබ්බ හොරු කඩේට ඇතුල් වු සැනින් පොලිසියෙන් හොරු ටික කුදලගෙන ගිහින්ය.ආරංචි විදිහට මිනිහා මාෆියා ලොක්කෙකි. ලංකාවේ මේ මනුස්සයට ඒ පවුලේ අයට පොලිස් ආරක්ෂාව තිබුනත් සති දෙකකට පස්සේ අබිරහස් ලෙස ලංකාවේ මනුස්සයා ගෙදර කොක්කක එල්ලිලා අවසන් හුස්ම හෙලුවේය.අදටත් ඒ හා සම්බන්ධ ඇත්ත කතාවක් හෙලිවි නැත.මම නම් හිතන්නේ මේ වැඩේ කබ්බ හොරුන්ගේම වැඩක් කියාය.කබ්බ හොරු විසින් ලෙසටම කරන ලද බැංකු රොබරියක් මම  නාපෝලියට ආ දවස් වල කතා බහට ලක් වුනි.අහවල්  රොබරිය වු බැංකුව පිහිටා තිබුනේ අපි පදිංචි බිල්ඩිමේ සිට කිලෝමිටරයක දුරින්ය.මෙම රොබරිය අන්ඩ ග්රරවුන්ඩ් වර්ගයේ රොබරියක්ය.හොරු ඉතාමත් සුක්ෂම ලෙස බැංකුවට ඇතුල් විම සදහා බාවිතා කර ඇත්තේ නගරයේ වැසි කාලයට වතුර බැසයන කාණුවක්ය.දින කිහිපයක් පුරා කාණුවේ සිට බැංකුව වෙතට හාරන ලද උමං මාර්ගයෙන් ඇතුල් විමට පෙර ලොවෙත් නැති වැඩකාරයෙක් විසින් සියලු ආරක්ෂක කැමරා හා  එලාම්  විසංදි කොට සියලුම මුදල් සුද්ද කරගෙන ගොස්ය.බැංකුව දැන් එතනින් ඉවත් කර ඒ වෙනුවට ඇත්තේ බාර් එකකි. ඒ විතරක් නොවේය මහා පරිමානයේ මත් කුඩු බෙදා හැරිම් වලටද මුන් සම්බන්ධය. ඉතින් ඒ උන්ගේ හපන්කම්ය.
                            සත්තකින්ම  මැජික් හොරෙකු හමු වි රැවටුන මට හිතුනේ මු නම් මාරම මැජික් බුවෙක් කියාය.පසු කාලයකදි නම් වැටහුනේ මුන් මැජික් හොරු කියා නොව මම සහ මුන්ට අහු වෙන උන් හද්ද මෝඩයෝ කියාය.මම මැජික් හොරෙකුට හසු වුයේ පොලේදිය.ඒදවස් වල අරින වහන,ටි.වි  තියන ෆෝන් ප්රසිද්ධ උන කාලයක්ය.මැජික් හොරෙක්ගෙන් මමත් ෆෝන් එකක් මිලදි ගෙන හොර බඩුවක් නිසා ඉක්මනින් බෑගයට දා ගෙන ගෙදර ඇවිත් බලද්දි ඇස් දෙකේම කදුලු තනි ඇහැට ආවේය. කවරයේ බහා තිබුනේ ෆෝන් එක හැඩයට කැපුව සබන් කෑල්ලක්ය.එදා නම් ඉගෙන ගත්තේ වටිනා පාඩමකි .ආයෙමත් මැජික්  හොරෙක් දිහා ඇහැක් ඇර බැලුවේ නැත.ගොඩක් මැජික් හොරු විකුණන්නේ ෆෝන්,අයි පැඩ්,කැමරාය ඔය ගැජට් කවර වල දාලා හිතා ගන්නවත් බැරි ගානට දෙද්දි  කව්ද අකමැති ගන්න.හි.....හි.....හී..... ඔන්න අපේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් දැනට අවු.20 විතර කලින් අඩු ගානට ටි.වි. එකකුයි,විඩියෝ කැමරාවකුයි,වි.එච්.ස්. පට වැඩ කරන ප්ලේයර් එකකුයි ගත්තලු අරන් ගෙදර ගෙනත් බලද්දි ඔක්කොම වල ලයිට් වැඩලු එත් කිසි හැල හොල්මනක්. නෑලු බැරිම තැන  යාලුවගේ තාත්තායි යාලුවොයි ටි.වි. එක ගැලෙව්වලු  එල්.ඊ.ඩි බල්බ් එකකට කරන්ට් එක එන විදිහට සෙට් කරලා. ටි.වි එකේ බරට ඇතුලට ගල් දාලා තිබුනාලූ.ඔබට අනිත් අයිටම් ඇතුලේ තිබුන ඒවා ගැන හිතා ගන්නට හැකි යැයි  මා සිතමි .ඒ දවස් වල සිටම මැජික් හොරු සිටිය බව නම්  රහසක් නොවේය. ඊයේ පෙරේදා දවසක සංචාරකයෙක් මැජික් හොරෙක්ගේ අත හපා කා දැමුවේ හොරා විසින් සංචාරකයාට විකුණු අයි පැඩය උදුරා ගෙන යැමට තැත් කල නිසාය.
            මේ මා විසින් නාපොලියේ හොරුන් හදුන්වා ඇති සැටිය. මැජික් හොරාට හසු උනාට පසු අද වන තුරු හොරුන්ට මා හසුවි නොසිටිම ගැන සතුටු වෙන අතර ඔබත් ලෝකයේ කොහේ සිටියත් හොරුන්ගෙන් පරිස්සම් වන්න මන්දයත් හොර බඩු ගැනිම,ලග තබා ගැනිම,හොරකම් කිරිම වගේම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් නිසාය.

            ප/ලි.  නාපොලි යනු පරණ නටඹුන් වලින් පිරි ඉතාමත් මනරම් නගරයක්ය.ඔබත් කෙදිනක හෝ සංචාරයක යෙදෙනවා නම්  හිගන හොරුන්ගෙන් හා මැජික් හොරුන්ගෙන් ප්රවේසම් වන්න...


10 comments:

  1. එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි එන්නෙ පලපුරැදුකාරයෙක් එක්ක නිසා අවුලක් වෙන එකක් නැ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි,නමුත් හොද පරිස්සමින් ආවොත් බුකියේ පණිවුඩයක් තියන්න පුලුවන් කමක් තිබුනොත් අනිවාර්යයෙන් උදව් මගෙන්....

      Delete
    2. බුකියට ලින්ක් තියෙද? නැතිනම් මට පණිවිඩයක් තියනවද? මේ නමින්ම මේ විදියටම මම ඇති බුකියේ. ;)

      Delete
  2. බලාගෙන ගියහම ලංකාව හොදයි වගේනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ, ලංකාව තරම් හොද රටක් ලෝකේ කොහේවත් නෑ

      Delete
  3. ඔය පැත්තෙ එන්න ඉන්න කෙනෙක්ට මේ ටික ඉතිං කොච්චර වටිනවද ? :)

    ReplyDelete
  4. හ්ම්මූඌඔ ලංකාව සැපයි වගේ

    ReplyDelete
  5. ඔය මොන හොරත් ලංකාවට ආවොත් රෙදිත් නැතුවයි යන්න වෙන්නෙ මෙහෙ ඉන්න උන්ගෙ හැටියට :ඩී

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!