කවදාවත් නොහිතපු විදිහට ඔයාව ෆේස්බුක් එකෙන් දකිද්දි හිතට දැනුනේ සතුටකි.මුවගට සිනාහවකි.කඩිමුඩියේ බුකියෙන් පණිවිඩයක් තිබ්බත් ඔයා එව්වේ යාළුවෙක් කරගැනිමට ඇසිල්ලක් හා උත්තරයකි.ඔයාගේ හිතට තනියම ආදරය කර ඒ ආදරය වලලා දමා අවුරුදු ගානක් ගත වි ගොස්ය.නමුත් ඔයා හැමදාම මගේ හිතේ සක්මන් කලේය.හැමදාම හිතේ කෙලවරක ලැගුම් ගෙන සිටියේය. මේච්චර ආදරයක් හිතේ ඔයා වෙනුවෙන් තිබුනේ මන්දැයි මම නොදනිමි.ඔයාගේ ඇගිලි තුඩක තියා හුස්මක දුරකින්වත් ඉන්නට වරම් නැති මේ හිත ඒ සිනහවට එ බැල්මට ලෝබ උන කාලයක් තිබුනි.
අපේ පළමු හමුවිම සිදු වුයේ මිට අවු.15 ට පෙරය.ඒ මටත් ඔයාටත් අවු.10 දි ය. අපි දහම් පාසලේ හිටියේ එකම පන්තියේය.එදා ඔයා ඇදල හිටියේ කොල පැහැති කොට කලිසමක් හා කොල පාට අත් කොට සුදු පැහැති බැනියමක්.මේ දේවල් තාමත් එකින් එක මතකය. ඔය එදා පිරිමි ළමයින්ගේ පොලිමේ ඉදන් නිතර නිතර එලියට විත් සිනාසුනේ මා සමගද මම නොදනිමි.නමුත් මා අදටත් හිතන්නේ ඔයා මා සමග සිනාසුනා කියාය.මෙලෙසින් ටිකෙන් ටික ඔයා කෙරෙහි මගේ හිත ඇදි ගියේ කැමැත්තටද ආදරේටද කියා එ දවස්වල මා නොදත් කරුනක් විය.
ඔයා නොදන්නවා උනාට ඉස්සර මම හැමදාම පල්ලි ආවේ. ඔයා පල්ලියේ පුජාවට උදව් වෙනව බලන්නය. අවු. 15 දී විතර අපි ගිය මාටින් සර්ගේ පන්තියේදි මගේ ඇස් හැමදාම ඔයාව හෙව්වා,එත් ඉතින් අපි කවදාවත් කතා කලේ නෑ අඩුම තරමේ මම එ දවස් වල ඔයා එක්ක හිනා උනෙත් නෑ.ඒ දවස් වල මගේ සයිකලේ හන්දියේ ඉදන් ඔයාගේ සයිකලේ පහු කරලා රොකට් එක වගේ ගෙදරට පදින කාලේ මතක් වෙද්දිත් හිනා යනවා. :) (මගේ සයිකලේ රොකට් එකක් කලේ ඔයා)'දන්නවද මන් ගොඩක් ආදරේ කලා ඔයාට ,මට වැදගත් උනේ නෑ ඔයා මට ආදරේද නැද්ද කියලා දැන ගන්න.නමුත් කවදා හරි ඔයා මට ආදරේ කරයි කියලා බලන් හිටියා.එත් ඒ දවස උදා උනේ නෑ. :(
කාලයත් එක්ක ඒ ආදරේ හිතේ කොනක වල දමන්න,එක තැනක ඉදන් දුක් වෙනවා වෙනුවට ජීවිතේ ගොඩක් දේවල් එක්ක ඉදිරියට එන්න මට සිද්ධ වුනා,මොන බැදිම් එක්ක මම හිටියත් මට ඔයාව අමතක නොවුනේ මගේ හිතේ ඔයාට තිබුන අව0ක ආදරේත්,ගරුත්වයත් නිසා වෙන්න ඇති.මේ හැම දේම ලිව්වේ කිසිම යටි හිතේ බලාපොරොත්තුවකින් නම් නොවේය.කවදාම හරි දවසක උදව්වක් ඕන උනොත් මේ ලෝකයේ කොනක හොද හිතින් උදව්වට කෙනෙක්,හොද යාලුවෙක් ඔයාට ඉන්න බව ඔයාට දැන ගැනිමටය.
මන් දන්නවා ඔයා මේ ලිපිය කියවයි කියලා.ඔයාට මම විහිලුවක් වගේ පෙනුනත් මට විහිලු කලත් මට දැනෙන හැගිම් වල වෙනසක් වෙන්නේ නැ අනික ජීවිතේ පලවෙනියෙන් දැනුන ආදරය අමතක කරන කෙනෙක්ට,ඒ ආදරය ගැන ගරුත්වයක් නැති කෙනෙක්ට ආයේ කවදාවත් කාටවත් අව0කව ආදරේ කරන්න බෑ,
නවතිමි.....
පතමි පැතුමක් එක හිතින් හැමදාම ඔයා සතුටින් ඉන්න..........
හම්මෝ සමාන අත්දැකීමක් අපිටත් තියෙනවලු .
ReplyDeleteඔය අද්දැකිම හැමෝටම තියෙනවා වයලීනෝ,,, හැබැයි කවුරුවත් ඒ ගැන මතක් කරන්න කැමතිනෑලු
Deleteහැමෝටම මේවගේ අත්දැකීම් තියෙනව මචෝ..ඒත් සමහර දේවල් කාලයත් එක්ක අපේ ජීවිත වලට එකතුවෙන නිවැරදිම,ගැලපෙනම පුද්ගලයත් එක්ක වෙනස් වෙනව.ගොඩාක් සොදුරු මතකයන් හැමදාමත් පවතිනව..
ReplyDeleteආදරේදි කොච්චර සියුම් තැන් තියෙනවද නිවැරදි තිරණ ගන්න...... ඔය නිවැරදි තීරණ එක්ක ජීවිතේ ගලපවා ගන්න අපිට හොද බුද්දි මට්ටමක් තියෙනවා නම් ආදරය ලැබුනත් නැතත් සුන්දර මතකයක් වෙනව මචො
Deleteෆලෝ පාර දැකල මේ පැත්තට ගොඩඋනේ ශානු. හරි සංවේදී ලිපියක්. මුහුණුපොත ගැන කිව්ව ගමන් මගේ අතිජාත මිත්‍රයෙක්ට ඊයෙ පෙරේද වෙච්ච වැඩකුත් මතක්උනා ඒකත් ලගින් යන කතාවක්. අනිත් ලිපටිකත් කියවලම එන්නම්කො.
ReplyDeleteබොහෝම ස්තූති,,,,,,,සාදරෙන් පිලිගනිමි!අහස සේ වෙතට
Deleteමුලින්ම මනුෂ්‍ය කමට මගේ ආචාරය.හිතට වඳින ලිපියක්.
ReplyDeleteසොදුරු ලියන්නි නුඹව සාදරෙන් පිළිගනිමි!අහස වෙත """ බොහොම ස්තූති!
Deleteපිස්සු හැදෙයි..... නියමයි ශානු.. අදයි මේ ඉසව්ව දැක්කේ. මගේ බ්ලොගට ගොඩවෙලා තිබ්බ නිසා තමා පාර හොයාගත්තේ එන්නම් දිගටම මේ පැත්තට.
ReplyDeleteස්තූති අහස වෙත සාදරයෙන් පිළිගන්නවා නලින් අයියේ
Deleteඇත්තම දෙයක් ද කියල අහන්නේ නෑ ශානු..ඒ වුනාට මේ කතාව හිතට හරි ලඟයි....
ReplyDeleteඅපි ගොඩනගන කතාවකට වඩා ඇත්තම කතා හිතට ගොඩාක් ලගයි.ආවාට කියෙව්වාට ස්තූති
Deleteහිතට වදින කතාවක්, දිගටම ලියන්න....!!!
ReplyDeleteස්තූති මාටියා දිගටම එන්න
Delete