Monday, September 16, 2013

18.ආදරය දිනේවා සැමදාම මුදලින් නොව,ආදරයෙන් මිස !

                 ගිය සතියේ මුල මගේ හොදම යාලුවා එක්ක චැට් පාරක් දාන්න අවස්ථාවක් ලැබුනා.අපිට හැමදාම කතා කරන්න වේලාවක් වෙන් කර ගන්න නොලැබුනද?හැකි හැම වෙලාවෙම අපි කතා කරනවා.නොයෙක් මාතෘකා ඔස්සේ අපි තර්ක කරනවා.ඉස්කොලේ යන කාලෙ නම් තරහා ගියාම අපි කතා නොකර ඉන්නවා එත් ඉතින් දැන් අපි පොඩි නැති නිසා එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවා.ඔය මගේ යාලුවගේ ජීවිතේ ගැන ලියන්න පුලුවන් කතන්දර ගොඩක් තිබුනා එත් අවසරයකින් තොරව ලියන්න මගේ හිතේ තිබුනේ අකමැත්තක් නිසා අල්ලලා දාලා නිකන් හිටියා.ඔන්න ගිය සතියේ එයාලගේ ආදර කතාව ලියන්න අවසරයත් මට ලැබුනා.මන් හිතෙන දේවල් හැමදේම ලිව්වා.හැබැයි මන් ඒ ලිපිය පබ්ලිශ් කරේ නෑ.මට හිතුනා ඔය ලියපු ටික ගොඩක් දිග වැඩි කියලා.අනික  මගේම වයස එකෙක්ගේ හිතේ තියන දේවල් හැම එකක්ම ලිය උනේ ඒකට වාසි දායක විදිහට කියල මට හිතුනා.
     මේ කතාවේ මගේ යාලුවා ගොඩක් පොහොසත්,ඒ පිරිමි ලමයා සාමානය සල්ලි තියෙන පවුලක හොද හදවතක් තියෙන කොල්ලෙක් හැබැයි මගේ යාලුවගේ අම්මයි,තාත්තයි හොයන්නේ එයාලට වගේම සල්ලි තියෙන පරම්පරාවේ ගරුත්වය බබලවන්න පුලුවන් බෑනෙක්.හැබැයි ඉතින් අම්මල,තාත්තලගේ එ හින දැකිම එක අතකින් වැරදිත් නෑ.හරිත් නෑ.එක්කෝ අම්මයි,තාත්තයි වෙනස් වෙන්න ඕනා.නැත්තම් මගේ යාලුවා වෙනස් වෙන්න ඕනා. ඒ මන් හිතපු හැටි.
කොහොම නමුත් මගේ යාලුවා ගැන මට ආඩම්බරයි .කොච්චර අවස්ථා ලැබුනත් ගෙදරින් ගිහින් මේ කොල්ලා එක්ක ජීවිතේ පටන් ගන්න .තාමත් අම්මලාගේ කැමැත්ත ගන්න හිතාගෙන ගෙදරට වෙලා විදවනවා.මේ හැම දේම ඉක්මනින් විසදෙයි කියලා අපි කතා කරන හැමදාම ප්රාර්ථනා කරනවා!


අහම්බෙන් හමු වි අහම්බෙන් ලන් වි 
නොසිතු මොහොතක හිත නතර වි
කප්පරක් පැතුම් පොදි බැද
ජීවිතයම පුද දි
නුඹේ ආදරය සොයන සැලලිහිණි පිහාටුව මම නම්................
දුර ඇතක හිද මා දැක
දෙනුවන් විදහා ආදරයෙන්
තුරුලු කර ගන්න වෙර දරන
පිහාටු හොරා නුඹ වෙන්න
ඇවිත් යන්න එන්න අද හෙටම මව්පිය නෙත් වලට සැගවි
ඇස් කොනෙන් ඉගි කරන්න
ඔය සිනහව දකින්න මට
වරදින්නේ නෑ අපිට
අද හෙටම උදා වෙන සුබ නැගතකට 
මව්පිය අවසර,සෙත් අරන්
සදළු තලයේ සිට පා වෙමි මම 
බිරිදක්ව.....
ආදරයෙන් පොහොසත් නුඹේ පැල්පතට
අද,හෙටම..........
එතෙක් වෙනකම් එක හිතින් හැමදාම ආදරය කරන 
මම නුඹේ අහිංසක සැලලිහිණි පිහාටුව...........


        "අද වෙද්දි එයා තමා මගේ ජීවිතේහුගාක් දේවල් ලස්සන කරපු,මගේ මුළු හදවතටම දැනෙන්න ආදරය කරපු,මගේ හැම දෙකදිම මගෙත් එක්ක උන්නු,මට මන් කියන කරන හැම දෙකදිම හරි වැරදි කියලා දෙන ,පින්දහම්  කරගෙන ජීවිතේ අර්ථවත් කරගන්න විදිහ කියලා දෙන මගේ මුළු ජීවිතේ" මේ මගේ යාළුවා එයාගේ ආදරේ දැනෙන හැටි මට කිව්ව විදිහ .මේ වගේ ආදරය නිසා විදවන කෙල්ලෝ කොල්ලෝ ඕන තරම් ඉන්න සමාජයක මුදලට විකිණෙන විවාහ ඕන තරම් සිද්ද වෙන කාලයක අපි හැමෝම එක්ව,අවංක ආදරවන්තයන් වෙනුවෙන් ආදරය දිනේවා සැමදාම මුදලින් නොව ආදරයෙන් මිස ! යැයි පතමු එකසිතින්.........


24 comments:

  1. යුගයේ තාරුණ්‍ය මුහුණ දෙන එක්තරා ඛේදවාචකයක් බොහොම සානුකම්පිතව සියුම් නිර්මාණයක් බවට පත් කොට තිබෙනවා. ජය වේවා ශානු

    ReplyDelete
    Replies
    1. ස්තූති නලින් අයියේ...ඔයාටත් ජයෙන් ජය!

      Delete
  2. ඔව් ලස්සනයි අක්කේ ,,ඔයාගේ අත්දැකීමක් කියලා හිතාගෙන කියෝගෙන ආවේ ,, මාත් පතන්නම් එසේම ,, ඔයා ලියන්න තව

    ReplyDelete
    Replies
    1. ..අනේ නෑ නංගියා මේ මගේ යාලුවෙක්ගේ කතාවක් ....ස්තුති දිරිමත් කලාට

      Delete
  3. මොනව කියන්නද මන්ද... අපේ එකෙකුත් මේ දවස්වල ඔය ප්‍රශ්නෙම අනිත් පැත්ත වෙලා නහින්න හදනව... ඌට දෙන්න උපදෙස් දැන් අපේ ලග නෑ... මොකද කෙල්ලත් හොද එකෙක්.. කොල්ලත් හොද එකෙක්... ඉතින් පැනල යන්න කියන්නත් බෑ.. මොකද උන් දෙන්න අනාත වෙනවනෙ.... පොඩ්ඩක් දෙමාපියන් තමන්ගෙ දරුවන් ගැන හිතන්න ඕන... මම කියන්නෙ දරුවගෙ පැත්තෙනුත්....


    ඒ අතින මගේ අම්ම්යි...මගේ ගෑණු ලමයගෙ දෙමාපියනුයි අති විශිෂ්ටයි.... කියන්න දෙයක් නෑ.....

    ReplyDelete
    Replies
    1. ගාලු කොල්ලා හැමෝම ඔයාල වගේ වාසනාවන්ත වෙනව නම් කොච්චර හොදද?ඒත් ඉතින් මේ ලෝකේ විවිධයි,විශමයිනේ......
      ආවාට කියෙව්වාට ස්තූති...

      Delete
  4. කියන්න නම් දේවල් බොහෝ...අනේ ඉතින් මාත් හැමදාම ප්‍රාර්ථනා කරනවා ලොවේ අවංකව ආදරය කරන හිත් වලට මේතරම් වේදනාවක් හිමිනොවේවා.......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියපන් පිහාටුවෝ කොහෙද ඔය අවංක ආදරේ තියෙන්නේ කියලා මට.

      Delete
    2. පිහාටුවගේ ප්‍රාර්ථනාවට ගරු කරනවා
      @ නලින් අයියා පිහාටුවා උත්තරේ ලියයි අපි බලමු.

      Delete
    3. ලියන්නනම් හුගාක් දේවල්... මම හිතනවා අපේ නලින් අයියාත් මේ අවංක ආදරය නිසා විදවපු කෙනෙක් වගේ..නැත්නම් මේ වචන දෙකට මෙච්චර කේන්ති යන්නෙ නැහැ.සමාවෙන්න මම වැරදිනම්..
      අවංකව ආදරය කරන අය අද කාලේ හොයාගන්න අමාරුයි.ඒත් එහෙම අය තවමත් ඉන්නවා.මම අත්දැකීමෙන්මයි මේ කියන්නෙ.එහෙම ආදරේ කරල,ඒ ආදරේ අහිමිවුනාම සියදිවි හානි කරගන්න අය ඉන්නවා.මනස අවුල් වෙන අය ඉන්නවා.
      කෙටියෙන්ම කියනවනම් දෙමව්පියන්ගේ කීම නිසා විවාහ වෙලා සමාජයට පේන්න සතුටින් ඉන්න ගමන් හිතෙන් විදවන අය ඕනතරම් ඉන්නවා.ඒ වගේම දෙමව්පියන්ට විරුද්ධව ගිහින් ජීවිතේ නරකාදියක් කරගත්තු අයත් ඉන්නවා.හැමදේකම දෙපැත්තක් තියෙනවා.
      තමුන් කරන දේවල්,හිතන දේවල් වලින් අනිත් අයට යහපතක්නම් සිද්ධවෙන්නේ,ඒ කෙනා දිහා දෙවියොත් බලනවා.ඒ අයගේ ආදරේ කවමදාකවත් පරාදවෙන්නෙ නෑ...

      Delete
    4. ඔබ කියන දේ වැටහේ පිහාටු මලයා....
      ඒත් මට හිතෙන්නේ අම්මා දරුවා අතරවත් හැබෑ ආදරය නෑ කියලයි.. තියෙන්නේ ගනු දෙනු.. ඒකනේ දරුවන් දෙදෙනකුට අම්මගේ ආදරයත් දෙවිදියකට ලැබෙන්නේ... මේ ගනුදෙනුවේ තරම මත බැදීම අඩු වැඩි වෙනවා.
      මට හිතෙන්නේ ආදරය කියා දෙයක් නොපවතී ඇත්තේ ගනු දෙනු පමණි කියලයි..
      ටිකක් ගැඹුරින් කල්පනා කර බලන්න.
      මම වාද කළේ කේන්තියෙන් නොවේ මලයෝ... බොහොම ලෙන්ගතුව.

      Delete
  5. අතීතයෙ සිට වර්තමානය දක්වාම මේ වගෙ කතා කොච්චර තියෙනවද......ආදරේ වෙනුවෙන් රජකම අත හැරපු රජවරු ,කුමාරවරු හිටිය...ආදරේ වගේම වගේම අනෙකුත් දේවලුත් බැලන්ස් කරගත්තෙ නැත්නම් ජීවත්වීම බොහොම අමාරු වෙනවා....ඔය පැනල යන එක නම් හරිම ලේසි වැඩක්..හැබැයි ගියාට පස්සෙ තමයි හොඳම හරිය.....ආදරය කරන කාලෙදි වගකීම් නෑනෙ...ඉතින් හරි සැහැල්ලුවෙන් තමා හිතන්නෙ...ආදරය කරන කාලෙ වගේ නෙමෙ දෙන්න එකට ඉන්න ගන්නකොට තමයි අනෙකාගෙ ගති සිරිත් පේන්න ගන්නෙ...බැඳල වගකීම් කරට වැටෙන කොට තමයි ආදරේ නියම රඟ දැනෙන්නෙ....කොච්චර හොඳ උනත් වගකීම්,යුතුකම් එක්ක හැප්පිලා හෙම්බත් වෙනකොට ගොඩක් අයගෙ ආදරේ පිටිපස්සෙන් නෙමේ ඉස්සරහ දොරින්මයි පැනල යන්නෙ..අම්මල තාත්තලා ඔය කාලෙ පහු කරල තියෙන්නෙ......කාට කාටත් ඔය තරමෙ දරුවෝ ඉන්න කාලෙක තේරෙයි...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ගරු කරමි.ඔය ආදරේ කියන දෙය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්ව විදින දෙයක් සමහරවිට දෙමව්පියන්ගේ තීරණ හරියන්නත්.වරදින්නත් පුලුවන් දරුවන්ටත් එහෙමයි තමන් ආදරය කරන කෙනා එක්ක ජීවත් වෙද්දි හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්........මන් දන්න ගෑණු ලමයෙක් අපේ හොස්ටල් එකේ තාප්පෙන් පැනලා තමන්ගේ ආදරවන්තය එක්ක අවු.8 වගේ කාලයක් විවාහ ජීවිතේ ඉදලා දරුවෙක් ලැබුනට පස්සේ ...දැන් ඉතාලියේ වෙන කොල්ලෙක් එක්ක පවුල් කනවා. ඒ වගේම ඔහොම අපි 2005 උ.පෙ.කරන කාලේ ආදරය නිසා කොල්ලා එක්ක පැනලා ගිය කෙල්ලක් දැන් අපුරුවට ආදරෙන් ජිවත් වෙනවා..ඒවිතරක් නෙවේ අම්මලා සතුටු කරන්න බැදලා මගේ යාලුවෙක් එ මනුස්සය කලින් බැදලා හිටපු කෙනෙක් කියලා දැනගෙන මේ ටිකේ අම්මලයි,යාලුවයි උසාවි ගානේ රස්තියාදු වෙනවා.මිනිහගෙන් වෙන්වෙන්න(මිනිහ හොර ලිය කියවී වලට බැදල තියෙන්නේ) අම්මලා හොයල දුන්න කෙනෙක්ව බැදලා ඉන්න මම අද ගොඩක් සතුටින් ජීවත් වෙනවා,අපි අතර ප්‍රශ්න නොතිබුනා නොවේ ඒවා කතා කරල නිරවුල්ව ජීවත් වෙන්න අපිට පුලුවන් උනා.(දැන් අවු.6 ක් අපි බැදලා) ඔය ලෝකයේ හැටි තමා ඉතින්....
      ."..අම්මල තාත්තලා ඔය කාලෙ පහු කරල තියෙන්නෙ......කාට කාටත් ඔය තරමෙ දරුවෝ ඉන්න කාලෙක තේරෙයි.." ඇත්ත ජීවිතේ හැමදේම තේරුම් යන කාලයක් එනවා ඒ ඒ කාලේට ඒ ඒ දේවල් තේරුම් ගන්න විදිහට තමා මිනිස් මනස හැදිලා තියෙන්නේ.හැබැයි ඉතින් ආදරය කියන දැවෙන ප්‍රශ්න වලට මුහුන දෙන කෙල්ලෝ,කොල්ලෝ කවද හරි අම්මෙක් තාත්තෙක් උන දාට තමන්ගේ දෙමව්පියෝ වගේම දරුවන්ගේ ආදරයට එදිරිව නැගි සිටිද?,තමන් එදා තමන්ගේ දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු උන තේරුම් ගැනිම,සහනය තමන්ගේ දරුවන්ට ලබා දෙයිද? එකත් ඉතින් තමන්ගේ බුද්ධි මට්ටම අනුව අවබෝධය අනුව එදාට තීරණය වේවි.

      Delete
    2. ඇත්ත..මම කිව්වෙ ගොඩක් අයට වෙන දේ....පැනල ගිහිල්ලත් අමාරුකම් වලට සාර්ථකව දෙන්නම එකට මූණ දීල ජීවිතය ජය ගත්ත අයත් ඉන්නවා.....අන්න ඔවුන් ගාව ආදරය සදාකල් රැඳිලා තියෙනවා....ආදරය කරන කාලෙදි ප්‍රශ්න වලට මූණ දුන්නු සමහර දෙමව්පියෝ තමන්ගෙ දරුවගේ ආදරයට විරුද්ධ වෙනවා..මොකද තමන් දුක් විඳවපු විදියට තමන්ගෙ දරුවෝ දුක් විඳිනව බලන්න අකමැති නිසා...ඒ වගේමයි දරුවාගෙ මානසික තත්වය ගැන සලකන්නෙ නැතිව දෙමව්පියෝ ගන්න දැඩි තීරණ නිසා තරුණ ජීවිත නැතිවෙලා තියෙනව...

      මෙතන ගැටලුව තමයි මාපියන් හා දරුවන් අතර අදහස් හුවමාරුවෙ තියෙන පරතරය...අඩුම ගානෙ එහෙම කතා කරන්න බැරි නම් අතරමැදියෙක්ව වත් යොදා ගන්න ඕන....

      Delete
  6. මගෙ අත්දැකීම නම් අවසන් වෙන්නේ ඒ කාගෙවත් නෙමෙයි, ආදරේ කරපු කෙනා විසින්ම මාව ප්‍රතික්ෂේප කිරීමෙනුයි. නමුත් ඔය වගේ සිද්ධි තියෙනවා අනන්තවත්. විකල්පයක් කියලා දෙයක් නෑ. එදා ඉඳන් අපිව හදාපු අම්මටයි තාත්තටයි පිටුපාන එක ගෑනු ලමයෙක් බොහෝ දුරට කරන්න කැමති නෑ. පුලුවන් නම් කොල්ලා ටිකෙන් ටික ඒ ගොල්ලන්ගේ හිත් දිනා ගන්න වෑයම් කරන එකයි කරන්න ඕනේ. මගුලකට තුලාවකට, අසනීපයකදි, පිංකමකදි වගේ පනදාගෙ උදව් පදව් ටිකක් දුන්න නම් බාග වෙලාවට ඔය කියන අදහස් වෙනස් වෙයි. අවංක හිත් තියෙන බොහොම සීමිත පිරිසක් තුල හරි තාමත් ඒ අවංක ආදරේ ඉතුරු වෙලා තියෙනවා නලින් අයියේ.

    ReplyDelete
    Replies
    1. අහස වෙත සාදරයෙන් පිලිගන්නවා!රතීව......හැබැයි ඉතින් ඔය ක්‍රමේට උදව් පදව් කරලා දෙමව්පියන්ගේ හිත දිනන් අත ලොස්සකට ගොඩ ආ හැකි..බොහෝ උන්ට ඒ ක්‍රමයත් හරියන් නෑ........ ආවාට,කීයෙව්වාට ස්තූති!

      Delete
  7. අවංක ආදරවන්තයන් වෙනුවෙන් ආදරය දිනේවා සැමදාම මුදලින් නොව ආදරයෙන් මිස !

    මාත් එහෙම ප්‍රාර්තනා කරන්නම්...

    ReplyDelete
  8. අාදරය දිනේවා කියල ප්‍රාර්ථනා කරනව........ අනේ මන්ද

    ReplyDelete
  9. සැබෑ ආදරය දිනේවා..දිගු කලක්....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති පැතුමට

      Delete
  10. අපි එහෙමවත් පතමු අක්කේ

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!