Saturday, September 21, 2013

19.ආර්ථික කුලී ඝාතකයෝ සහ වෙනිසියුලාව ඔසාමා බින් ලාඩන් විසින් ගලවා ගැනීම

        

          වෙනිසියුලාව ඛණිජ තෙල් සොයා ගැනිමේ ප්‍රථිඵලයක් ලෙස ආර්ථිකය දුර්වල තත්වයක සිට ධනවත් වු රටකට කදිම උදාහර්ණයකි.එමෙන්ම තෙල් වලින් පොහොසත් වු රටක් තුල හට ගන්නා ප්‍රචණ්ඩ කැළඹිමක් සම්බන්ධයෙන් හා  ආර්ථික කුලී ඝාතකයන්ගේ කූට උපායන් නිසා සංගාධිකාරය විසින් නිර්ලජ්ජ ලෙස සුරා කන රටක් ලෙසද හැදින්විය හැක.
            1998 දී හියුගෝ චාවෙස් බහුතර ජන්දයකින් ජනාධිපති ලෙස තේරි  පත් වුවාත් සමගම  වහාම ක්‍රියාත්මක වු ඔහු විසින් අධිකරණයේ හා අනෙකුත් ආයතන වල පාලනයද තමන් යටතට ගනිමින් වෙනිසියුලා කොංග්‍රසය විසිරුවා හරින ලදී.එමෙන්ම එක්සත් ජනපදයේ  නිර්ලජ්ජ අධිරාජයවාදය ඔහු විසින් තරයේ හෙළා දුටුවා පමණක් නොව ගෝලීයකරණයට ප්‍රබල ලෙස හඩ නැංවුහ.එමෙන්ම නමින් පවා අතීතය සිහි ගන්වන හයිඩ්‍රෝකාබන් නීතිය (ඛණිජ තෙල් තිබෙන රටවක් වල බාවිතා වන නීතියකි)හදුන්වා දෙන ලදි.මේ නව නීතියත් සමග විදේශ තෙල් සමාගම් වලින් ලබන හිමිකම් ගාස්තුව දෙගුණ තෙගුණ බවට පත් විය.එයින් ටික කලකට පසු චාවෙස් විසින් "පෙට්ට්‍රොලියොස් ඩී වෙනිසියුලා". තෙල් සමාගම ,බුක්ති විදි සම්ප්‍රධායික ස්වාධින ඉහල විධායක නිලධාරින් වෙනුවට තමාට පක්ෂපාති පුද්ගලයන් පත් කර ගන්නා ලදි.
        මෙලෙස එක්සත් ජනපදයට තෙල් සැපයු රටවල් අතරින් තෙවෙනි සැපයුම්කරු ලෙස වෙනිසියුලාව පත් වුවා මෙන්ම වෙනිසියුලාව ලොව සිව්වෙනි අපනයන කරු ලෙස නමක් දිනා ගත්හ.වරිෂිකව බිලියන 50 ක පම්ණ ආදායමක් ලබා දෙන "පෙට්‍රොලියොස් ඩි වෙනිසියුලා" සමාගම රටේ අපනයන ආදායමින් 80% පමණ සපයන ලැබුහ.එවකට මෙම සමාගම සේවකයන් 40000 දහසකින් සමන්විත  ද වුහ.මෙතෙක් කල් වෙනිසියුලාවේ ආර්ථික වර්ධනයේ උච්චතම අවස්ථාව මේ කාල වකවානුවේ ඇති විමත් සමගම චාවෙස් ජගත් කරලියේ ඉතාමත් ඉහල කැපීපෙනෙන පුද්ගලයෙක් බවට  පත්විය.
        බොහෝ වෙනිසියුලා ජාතිකයෝ මෙය තමන් පතාගෙන ආ දෙයක් හැටියටත් මීට වසර 80 කට කලින් ආරම්බ කළ ක්‍රියාදාමය පරිසමාප්ත වීම හැටියටත් දුටුවෝය.1922 දෙසැම්බර් 22 දින වෙනිසියුලාවේ මිනිස්සුන්ගේ ආරිථිකය ඉහල නැංවිමට දෙවියන්ගෙන් ලැබුන ආශිර්වාදයක් ලෙස "මරකයිබෝ"ආසන්නයේ දැවැන්ත තෙල් උල්පතක් මතුපිටට ගලා එන්නට විය.1922 දෙසැම්බර් 23,24,25 දින තුනේම සෑම දිනකට බොර තෙල් බැරල් ලක්ෂයක් එකතු කර ගැනිමට අදාල අංශයන් හි සේවකයෝ  සමත් වුහ.1930 වන විට ලෝකයේ බලවත්ම විශාලතම තෙල් අපනයනකරු වුයේ වෙනිසියුලාවය.මේ රටේ මිනිසුන් තම සියලු ගැටළු වලට විසදුම ලෙස තම අවධානය චාවෙස්ගේ පාලන කාලය වන විටත් ඛණිජ තෙල් වෙත යොමුකරමින්  සිට්යහ.
      ඊලග හතළිස් වසර තුළ තෙල් වලින් ලද ආදායමින් ලොව අතීශයෙන් දිළිදු රටවල් අතරින් එකක් වු වෙනිසියුලාවට ලතින් ඇමරිකාව තුළ ධනවත්ම රටවල් අතරින් එකක් විමට හැකි විය.වෙනිසියුලාවේ දළ ජාතික ආදායම  ඉහල තත්වයක පැවති අතර සෞඛය, අධයාපනික,සමාජිය මට්ටමින් ඉහල වර්ධනයක් ඇති විය.මේ අතර තුර ඔපෙක් සංවිධානය අයත් රටවලට  1973 වර්ෂයේදි තෙල් සම්බාධක හේතු කරගෙන පෙට්ට්‍රෝලියම් මිල අහස උසට සිව් ගුණයකින් වැඩි විය.මේ කාලය වන විට ආර්ථික කුලී ඝාතකයන් තම ක්‍රියාදාමයන් මල් ඵල ගන්වා ගැනීමට හොද වාතාවරණයක් උදා විමත් සමග ඔහුන් වෙනිසියුලාවේ බැංකු යටිතල වියුහයන් සදහාත්,කාර්මික වයාපෘති හා මහද්වීපය තුල උසම ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුතු සදහාත් 1980 දී ණය ආධාර ලබා දෙන ලදී.මෙලෙසින් වෙනිසියුලාවේ මධයම පන්තිය සැලකිය යුතු මට්ටමක වර්ධනය වු අතර අති විශාල පරාසයකට අයත්  නිෂ්පාදන සදහා වෙළදපොලක්  නිර්මාණය වුහ.එනමුත් රසකැවිලි සාප්පු හා කර්මාන්ත ශාලා වලට ශ්‍රමය සපයන දිලිදු ජන කොට්ඨාසයක්ද විය.
      ටික දවසකින් වෙනිසියුලාවට උදා වුයේ  මහාම මහ  මුසල කාලයකි .නොසිතු විරූ ලෙස තෙල් මිල පහත වැටිමත් සමගම 1989 දී සංගතාධිකාරයට සහයෝගය දෙන ලෙස කාරකාස්(වෙනිසියුලාවේ අගනුවර) හී පාලක පක්ෂයට ජාතයන්තර මුලය ආයතන බලපෑම් කල විට මහජනයා ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන්නට විය.මෙලෙස ඇති වු විවිධ කැරලි කෝලහාල නිසා 200 දෙනෙකු පමණ ජීවිතක්ෂයට  පත්වුහ.එමෙන්ම 1978 හා2003 අතර කාලයේදි වෙනිසියුලවේ ඒක පුද්ගල ආදායම 40% ටත් වඩා අධික ප්‍රමාණයකින් පහත වැටුනි.මේ හේතුවෙන් බොහෝදෙනා දිළිදු තත්වයට පත් විය.
            මේ කාල වකවානුව මෙසේ ගෙවි යත්ම ජෝජ් බුෂ් ජනපදයේ නව ජනාධිපති ධුරයට තොර පත්වන ලදි.එත් සමගම ටික කලකින් සිදු වු  සැප්තෙම්බර් 11 ප්‍රහාරයත් සමගම ටික කලකට වෙනිසියුලාවට එල්ල වු  බලපෑම්ද  මග හරිමින් ජනාධිපති බුෂ් හා ඔහුගේ උපදේශකයන් ඇෆ්කනිස්තානය තුල එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් සදහා ඉරාකය ආක්‍රමණය කිරීමට ජාතයන්තර ප්‍රජාව තමුන් හා එකතු කර ගැනිමට අවධානය යොමුකලහ.මෙහිදි ඉරාකය හා මැදපෙරදිග රටවල් ජනපදයට තෙල් සැපයුම ප්‍රතික්ෂේප කරන  බවට  තර්ජනය කීරිමත් හමුවේ තව දුරටත් වෙනිසියුලාව මග හැර සිටිමට වොෂිංටනයට නොහැකි විය.මෙලෙසින් වෙනිසියුලාව වෙත යම් යම් බලපෑම් තිබුනද  ඇෆ්ගනිස්තානය,ඉරාකය හ වෙනිසියුලාව සමග එකවර ගැටිමට බුෂ්ට හමුදා ශක්තියවත්,දේශපාලන සහයෝගයවත් නොතිබුනි.මෙලෙස බුෂ්  තම සියලු බල යොදා ඉරාකය හා ඇෆ්ගනිස්තානය හා ගැටුම් ඈරම්බ  කරන ලදි....මේ හේතුව නිසා බොහෝ වෙනිසියුලා ජනයාගේ මතය වුයේ එවකට  ඔසාමා බින් ලාඩන්  චාවිස්ගේ පණ රැකදුන් බවත්,තම රට යම්තාක් දුරට හෝ වොෂිංටනයෙන් ගලවා දුන් බවත්ය.


ප.ලි.
       ජෝන් පාර්කින්ස් සදහන් කරන ලෙස ආර්ථික කුලී ඝාතකයක් වු කලි පෘථිවි ගෝලය වටා රටවල් වලින් ඩොලර් ප්‍රකෝටි ගණනින් වංචා කරන ඉතා ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් පිරිසකි.මේ මහා මුදල් කොල්ලය සදහා බාවිතා වන මෙවලම් වලට අසත්තය මුලය වාර්තා,වංචා සහගත මැතිවරණ,අල්ලස්,කප්පම් ගැනිම්,ලිංගික පෙලඹවිම් හා මිනිස් ඝාතන ඇතුලත් වේ.විශාල ස්වාබාවික සම්පත් වලින් ආදායම් ලබමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට මොහුන් සංවිධානාත්මකව ඇතුල් වී විශාල ණය කන්දරාවක් බාර ගන්නා ලෙස  ඇරයුම් කර ඒ හා ලැබෙන ආර්ථික වර්ධනය කොපමණද යන්න ඒත්තු ගන්වා.මෙවන් ණය ආධාර  ලබා දිමෙන් පසුව ඇමරිකන් ආණ්ඩුව හා ආධාර ආයතන ණය ලබා ගත් රටෙන් ඔහුන්ගේ "මස් කුට්ටියම"ඉල්ලා සිටිති.මස් කුට්ටියම යනු ණය ලබාගත් රටේ ස්වාබාවික සම්පත් වලට ප්‍රවේශ විමේ බලය, හමුදා සහයෝගිතාවය හා දේශපාලන සහය වේ.

තවද මා විසින් කියවු Confessions of an economic hit man පොත ඇසුරෙන් කරුණු ගොනු කරන ලදි

10 comments:

  1. හොඳම හොඳ ලිපියක් ශානු... දිගටම මේ වගේ දේවල් ගැන ලියන්න.. ලපයි සිපයි බම්බු වැඩක් නැහැ ... මෙන්න මේවයි මිනිස්සු අතරට යන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්විම ගැන ස්තූති.! වෙලාව තියෙන විදිහට හොද ලිපි දාන්න උත්සහ කරන්නම්

      Delete
  2. ස්තුතියි .
    තවත් දන්න චරිත හා රටවල් කීපයකම නොදන්න කරුණු ටිකක් දැන ගත්ත .
    හොද පෝස්ට් එකක් .

    ReplyDelete
  3. අම්මට සිරි... පට්ට පට... තව ලියන්න මේ වගේ වැදගත් ලිපි... මම වගේ අවදගත් ලිපි ලියන්නෙ නැතුව....

    ReplyDelete
    Replies
    1. ස්තූති ....ඉඩ කඩ තියෙන වෙලාවට වැදගත් ලිපි ලියන්නම් මොකද?වැදගත් ලිපි ලියද්දි මාතෘකාවට අදාල විස්තරේ හරියටම හොයා ගන්න ඕනනේ, නැත්තන් නා ගන්න වෙන්නේ හි...හි....

      Delete
  4. ශානු.......වැදගත් කරුනු අඩංගු ලිපියක් කියෙව්වාම අපිත් අලුත් වෙනවා. තව ටිකක් කියවන්න හිතෙනවා. බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ආවාට කියෙව්වාට ගොඩාක් ස්තූති .....

      Delete
  5. ශානු මා මේ පොත මිලදී ගත්‍තා .සේපාල විජේසේකර විසින් කරන ලද සිංහල පරිවර්තනය ආර්තික කුලී ඝාතකයකුගේ පාපෝච්චාරනය නමින්..භාශා ශෛලිය නම් නීරසයි.නමුත් ආසාව නිසා කියෙව්වා.. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව !!!!ඇත්ත ලියලා තියන විදිහ නම් මෙලෝ රහක් නෑ සමහරක් ජේද මන් දෙතුන් පාර කියවලා තමා තෙරුම් ගත්තේ ...මම පොතේ නමට වහ වැටිලයි කියවන්න ගත්තේ .....හර බර වචන කොච්චර තිබුනත් අපේ සමාජේ දකින්න තියෙන ,අපි එච්චර ඕන කමින් අවදානය නොකරන බයානක කරුණු ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් පොතක්

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!