Tuesday, October 15, 2013

20.මුහුදු පාරාදීසය


                                           නාපොලි නගරයේ  ලුන්ගො මාරේ හෙවත් දිගම මුහුදු තීරය  ඉතාමත් සුන්දර සිත් ඇද බැද ගන්නා,සංචාරකයින්ගේ වැඩි  අවදානයට ලක්වන ඉතාමත් ප්රසිද්ධ  ස්ථානයකි.මෙම මුහුදු තීරය නැව් තොටිපලවල් දෙකකින් සමන් විතය,එම්.එස්.එන් හා ගිරිමාල්ඩි  සමාගම් වලට අයත් සංචාරට නැව් දිනපතා ප්රධාන  තොටිපොලේ නැංගුරම් ලාන්නේය.මෙම මුහුදු තීරයේ ඈතින් වන්නට පොම්පය නගරය විනාශ කරනට, විශාල  ලෝ දිය දහරක් ගැලු  විසුවියස් ගිනි කන්දද,කිඹුලෙකුගේ ඔළුවේ හැඩයට සමාන හැඩයක් උසුලන කාප් රි  දුපතද, සෙසු අර්ධද්වීප  කිහිපයක්ද පිහිටා ඇති අතර මෙම මුහුදු තීරයේ වටිනා කමද මනරම් බවද  එයින් වැඩි වි ඇත.එමෙන්ම දිග මුහුදු තීරය පටන් ගන්නා එක් කෙලවරක වක්ර ලෙස ඇති මුහුදු ජලයෙන් වට වු  කස්ටෙල් ඩෙල්ල්'ඔවො(බිත්තර කාසල්)එකේ පිහිටිමද ඉතා මනරම් හා කලාත්මක බවක් මේ මුහුදු තීරයට ගෙන දෙන බව බැලු බැල්මට ඕනෑම කෙනෙකුට පෙනෙන්නේය.රාත්රි කාලයේදි  මෙම මුහුදු තීරය දහවල් කාලයට වඩා මනරම්ව දැකිය හැකි අතර මුහුදට ප්රතිවිරුද්ධ දිශාවෙන් ගොඩබිමෙහි කදු බැවුම් මත තනන ලද නාපොලි නගරයේ මහල් නිවාස සංකීරණයද දක්නට ඇත

ලුන්ගො මාරේ දහවල් කාලේ


රාත්‍රි කාලයේදි







කිඹුලෙකුගේ මුහුනේ හැඩයට ඇති කාප්රි දුපත


                                                                              සිකුරාදා හා සෙනසුරාදා දිනයන් හි මෙම මුහුදු  තීරය  ආදරවන්තයන්ට තෝතැන්නකී.විවිධ ආදරවන්ත ජෝඩු(මා මෙයින් අදහස් කරනුයේ පාසල්,තරුණ, ගේ සමනල සමනලුන් ජෝඩුය) කණ්ඩායම් සැදි  දොඩමලු වි  විවිධ ආහාර පාන ගනිමින්ද මත් ද්රවය බාවිතා කරමින් සිටිනු ඕනැම කෙනෙකුට මේ දිනයන් හි රාත්රි කාලයට මුහුදු තීරයේ ගමන් කලහොත් දක්නට ලැබෙනු ඇත. සීත කාලයට වඩා රස්න කාලයේදී  මෙම මුහුදු තීරය සැනකෙලි ස්වබාවයක් උසුලන අතර ඉතාමත් බහුලව හරක් බොකු,පොල්, පලතුරු අලෙවි සැල් , බොබයි මුටයි හා එක එක ජාතියේ රස කැවිලි වර්ගද විවිධ බෙල්ලන්ගෙන් තනන බඩු බාහිරාදියද,අප්රිකා ජාතිකයන් ඔහුන්ගේ රටේ තනන බෑග්,සපත්තු ,අත් වැඩ ජාතිද විකුණනු ලැබේ.එමෙන්ම බයිසිකල් හා රෝද සපත්තු කුලීයට ගැනීමට  ලොකු,පොඩි බේදයකින් තොරව හැකි නිසා පොඩ්ඩන්ටද මෙම මුහුදු තීරය පාරාදිසයකි. එමෙන්ම නොයෙක් ලොව ප්රසිද්ධ චරිත වලින් හැඩ ගැන්වි කැට වලට සල්ලි එකතු කර ගන්නා මිනිස්සු ඔහුන්ගේ එදා වේල සොයා ගැනිමද මෙම ස්ථානයේදි කරනු ලැබේ.එමෙන්ම  යම් යම් ස්ථාන වල  ආදරවන්තයින් තමන්ගේ නම් සලකුණු කරන ලද අගුලු දමන ඉබ්බන්  එල්ලා ඇති අතර ඔහුන් ඉබ්බන්ගේ යතුරු මුහුදට විසි කර සැමදා ඔහුන් වෙන් නොවෙනු ඇතැයි සංඛේතවත් කෙරේ.
                                            
                                           ආදරවන්තයින් විසින් අගුලු දමන ලද ඉබ්බන්
පොල්

රාත්‍රි පළතුරු කඩයක්

රාත්‍රි ජංගම ආහර රථයක්


අප්‍රිකානු ලී අත් වැඩ

තම්බා ඇති හරක් බොකු දෙහි සමග



                     ඇමරිකානු  තානාපති කාර්යාලයද මෙම මුහුදු තීරය ලගම පිහිටා තිබිම නිසා 2012 වසරෙදී ඔහුන් විසින් යොජිත වසරක් පාසා පවත් වන්නට  ආරම්බ කල"ඇමරිකන් කප්" රුවල් බෝට්ටු තරගය සදහා ඇමරිකානුවන් මෙම දිග මුහුද තොරාගෙන ඇත.මෙම තරග ජුලී මස  අවසානයේ දී පටන් ගෙන  අගෝස්තු මස මැද වන විට අවසන් වේ.ලෝකයේ විවිධ රටවල් වලින් සහබාගි වෙන රුවල් බොට්ටු තරග කරුවන් දවස් ගනණාවක්    ඔහුන්ගේ කූඩාරම්  මුහුදු තීරය අසල පාර පුරා තනන අතර ඒ කාලපරිච්ජේදය පුරාවට එම පාරෙන් නගරයට ධාවනය වන වාහන වෙනත් අතුරු පාරවල් උපයෝගි කරගෙන ගමන් කරනු ලැබේ.මෙම කාලය පුරාවට විදේශ විනිමය ඉතාලිය තුලට ගලාගෙන එන අතර මේ ප්රදේශය අවුරුද්දකට වරක් සංවර්ධනය සිදු වන අතර මුහුදු තීරය  සංරක්ෂනයක් සිදුවේ.
                 
"ඇමරිකන් කප්" රුවල් බෝට්ටු තරගය


 
  ලුන්ගො මාරේ හෙවත් දිගම මුහුදු තීරය ස්වබාව ධර්මයාගෙන් ලැබු අපුරු දායාදයක් බව හැබැහින් දුටු මටත් අනිත් අයටත්,පින්තූරු වලින් දුටු අයටත් සිතෙනවා නොඅනුමානය.

19 comments:

  1. ටීවී එකේ මේ ගැන ඇහුවා මතකයි . ඒ මතකය අලුත් උනා :)

    ReplyDelete
    Replies
    1. මතකය අලුත් විම ගැන නම් සතුටුයි.

      Delete
  2. ශානු.....තවත් ලස්සන සටහනක්. ඔය හරක් බොකු කියන එකට හොඳ Gastronomic term එකක් ඇති. මට මතක් වෙන්නේ නැහැ. හොයලා බලන්න. Tripe කියලා කිව්ව හැකි.

    ReplyDelete
    Replies
    1. මන් හොයලා බලන්නම් අරු ස්තූති

      Delete
  3. හොද පෝස්ට් එකක් ලස්සනයි ඉස්සර මෙහෙ ලෝකේ පස්වෙනියට ජනග්‍රහනය වැඩිම නගරය වෙලා තිබිලත් තියනව . නාපෝලි කස්තෙල්ලො වලින් පරනම කස්තෙල්ලො එකක් තමා කස්තෙල්ලො උවෝවො .මේක ඉස්සර වධකා ගාරයක් විදිහට බාවිතා වෙලා තියනව . මම ගත්ත ෆොටෝ කිපයක් පහතින් දාන්නම් .
    මට මේ ටිකේ කියවන්නවත් ලියන්නවත් ඉඩක් ලැබුන් නෑ ඒත් ඔක්කොම කියවන්න ඔනෙ යාලුවන්ගෙ බ්ලොග් සෙට් එකම .
    ඔයාට ජයෙන් ජය !!!!

    https://plus.google.com/u/0/photos/100437097958260938518/albums/5935300299892858609

    ReplyDelete
    Replies
    1. ස්තූති තිලා......අ...හා..... එහෙමද?මන් එච්චර විස්තරයක් නම් දන්නේ නෑ ....මතකද මුනිශිපියෝ කැනිම් කරන කස්තෙල්ලෝ එක ,එකේ ඇතුලෙ නම් මාර පෞරාණික නටබුන් ගොඩක් තියෙන්නේ ...බලන්න ගිහින් ඇති කියලා හිතනවා.

      Delete
    2. ඉන්නෙ ඊට ටිකක් එහා පැත්තෙ හැමදාම යද්දි එද්දි දකිනව යාළු .
      ඒවත් බේරල තමා මෙට්-රො එක හදන්නෙ නේ . ඉස්සර ඔතන ගස් වැල් වලින් පිරිච්ච පර්ක් එකක් තිබිල තියෙන්නෙ පස්සෙ පස්සෙ පාරවල් මෙට්-රො හැදෙද්දි ඒවත් අයින් වෙලා ඔය වැඩ ඉවර උනාම ආයෙ තිබ්බ වගේ උඩ පාර්ක් එක් හදන කතවක් තියනව බලමු .

      Delete
  4. ලස්සන පෝස්ට් එකක් ශානු.. ඔයාගේ බ්ලොග් එක සින්ඩි වලට ඇතුල් කරන්න... එතකොට ගොඩක් දෙනාට ඔයගේ බ්ලොග් එක ක්යවන්න අවස්ථාව ලැබේවි... ඔය හැම තැනම යන්න ආසාවක් තියෙනවා..බලමුකෝ අපි .....:)

    ReplyDelete
    Replies
    1. ස්තූති සහන් ,,, සින්ඩි ගැන මන් දැනන් හිටියේ නෑ...මන් ඇතුල් කරන් නම්........එන්න එන්න රවුමක් දාලා යන්න.එනව නම් ඊයක් දාන්න ඇවිදින්න හොද තැන් කියන්නම්

      Delete
  5. ලස්සණ යි. ස්තුති යි තොරතුරු බෙදා ගත්තට. මට හිතා ගන්න බැරි අැයි බිත්තර කාසල් ඒක කියන්නේ කියලා. බිත්තරයක් වගේ නෙමේ නෙ?

    ReplyDelete
    Replies
    1. මන් ගොඩක් ආසාවෙන් ඔයාලා එක්ක මේ විස්තර බෙදා ගන්නේ දිලිනි,ඇත්ත මේ කාසල් එක බිත්තර හැඩයකින් නෑ හැබැයි මේ කාසල් එක හදන්න පටන් ගානිද්දි අත්තිවාරමට මායාකාර බිත්තරයක් ආරක්ෂිතව තැම්පත් කරල තමා හදල තියෙන්නේ,ඉතින් යම් දෙයකින් බිත්තරේ බිදුනොත් මුලු කාසල් එකම විනාශ වෙනවා කියලා ජනප්‍රවාදේ කතා තියෙනවා....මෙන්න මේ විදිහට මායාකාර බිත්තරය තැම්පත් කිරිම නිසා මේ කාසල් එක "කස්තෙල්ලො දෙල් වොව" හෙවත් බිත්තර කාසල් එක නමින් හදුන්වනවා.

      Delete
  6. කතානියා වලත් ලුන්ගෝමාරේ එකක් තියෙනවා.. එතනත් මේ වගේම ලස්සනයි.. විශේෂත්වය තමයි එට්නා කන්දෙන් ආව ලාවා වලින් වෙරළ හැදිලා තියෙන එක..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අහස වෙතට! මන් කතානියා ඇවිත් නෑ දිනේෂ් ..........අදයි දන්නේ එහෙත් ලුන්ගෝ මාරයක් තියනවා කියලා.ගුගල් වලින් පින්තුර බැලුවා හරිම ලස්සනයි. ස්තූති

      Delete
  7. අක්ක ඉතාලි ද ...
    (font size පොඩ්ඩක් වැඩි කරලා background color පොඩ්ඩක් light කරන්න.මෙහෙම කියවන්න අමාරුයි)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා! ඔව් මන් ඉතාලි ... ස්තූති දැනුවත් කලාට.දැන් හරි කියල හිතනවා

      Delete
  8. හරිම ලස්සනයි පින්තූර ටික...

    ආදරේදි ගස්වල නම් කොටලා දිවුරන....,නම් දෙක කොල වල ලියලා ගැටගහන...ඒ වගේ දේවල් අහලා තිබුණට මෙහෙම ඉබ්බො දාල යතුරු වීසි කරනවා ඇහුවමයි...

    කිවුවත් වගේ අපි අකුරු චුට්ටක් ලොකු කරමුකෝ

    ReplyDelete
    Replies
    1. ස්තූති රෙහානි......එකනේ මාත් ඉතින් මෙහෙට අවට පස්සෙ තමා ඔය ඉබ්බෝ වැඩේ දැන ගත්තේ.......
      දැන් හරිද බලන්න ෆ්‍රොන්ට් සයිස් එක

      Delete
  9. ලස්සනට ලියලා තියෙනවා.නොදන්නා කරුණු වලින් අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි ශානු.

    ReplyDelete
    Replies
    1. ආවාට කියෙව්වාට ස්තූති සොදුරු ලියන්නි

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!