ගඩොලක කතාව 01 චාමිර්ගේ බ්ලොගයෙන් කියවන්න.........
ගඩොලක කතාව 02 සයිලන්ට් සහන්ගේ බ්ලොගයෙන් කියවන්න.......
කලිසන් කොටෙයි,සුදු කමිසෙයි සිමෙන්ති බෑග් එකේ දා ගත්ත පොත් දෙක තුනත් අරන් ඉස්කෝලේ ගිහින් අකුරු කරලා විවේක කාලය දුන්නම බඩිගින්නට ඉස්කෝලේ ලිදෙන් වතුර බීලා බඩ පුරෝගෙන.......ගෙදර ඇවිත් කන්න දෙයක් නැතුව කම්මුලට අත තියාගෙන කල්පනා කරන අම්මා හට බරක් වෙන්න බැරිව පොත් ටික තියලා,කමිසේ හොදලා ආයෙත් වතුර ටිකක් බීලා යුනිෆෝම් කලිසම පිටින් අල්ලපු ගෙවල් වල තිබුන ගඩොල් පෝරණු වල මැටි කපන්න,මැටි අනන්න උදව් දුන්නේ හවසට දෙන සත පනහෙන් ගෙදරට යද්දි පාන් රාත්තලක් අරන් ගිහින් පවුලේ අයගේ කුසගිනි නිවන්න.මගේ වයසේ උන් සෙල්ලම් කරද්දි අත පය ටිකක් හයිය උන මම ගඩොල් පොරනු වල වැඩ කරේ දුප්පත් කම නිසයි.සමහර දවස් වලට කලිසමේ ගැවිලා තිබුන මැටි දැක්කම යාලුවන්ගේ උසුළු විසුළු වලට කර බාගෙන ඉන්න වුනා කියලා තාත්තා අතීතය ගැන කියද්දි මගේ හිත හීනියට රිදුන අවස්ථා, බොහෝමයක් මේ අවුරුදු ගනනාවටම තිබුනා.
ගඩොලක කතාව 02 සයිලන්ට් සහන්ගේ බ්ලොගයෙන් කියවන්න.......
තාත්තාත් අම්මාත් විවාහ වි අම්මා ලද ඉඩමක අටව ගත්ත මැටි ගහලා හදා ගත්ත පොල් අතු පැලේ සිට ටයිල් අල්ලපු උළු ගේ දක්වා විහිද තිබුනේ තාත්තාගේ දඩිය හා අම්මාගේ හිතේ හයිය බව මා අදටත් දන්නා කරුනකි.ඉහලට ඉගෙන ගන්න බැරි වුවත් තාත්තා විසින් අක්කා සහ මා හොද පාසැලක ඉගෙනිමේ කටයුතු කිරිමට යෙදවිම ගැන මා මතක් කරණුයේ තාත්තා ගැන තිබෙන්නා වු අපමණ සෙනෙහසත් සමගින්න.කිසිම අඩුවක් නැතිව අප දෙදෙනා විවාහය දක්වා අපරිමිත සෙනෙහසින් ගෙන ආ තාත්තා ගැන සිහි කරනුයේ ගෞරව පූර්වකය.
*********************************************************************************************************************************************************************************************
" අරු පොලිසියේ වැඩ කරන ගමන් මැටි පාගනවා "කියා
අහල පහල මිනිස්සු ඔච්චම් කරද්දි තාත්තාගේ හදවතේ නැගි ආ දරු සෙනෙහස ඒ වදන් යටපත් කර ඉපද වු හැම මැටි ගඩොලක්ම රතු ගඩොලක් බවට පත් වුයේ බලන්න අප්රසන්න දැලඹුවෙකු සමනළයෙකු වි ඉගිල යන්නා ලෙසය.සමහර දවස් වලට දවස පුරා වෙහෙස වි සකස් කල ගඩොල් රාත්රි කාලයෙදි මොර සුරන වැස්සට හෙදිලා ගියේ තාත්තාගේ හිතේ තිබුන හින ඔක්කොම එක හුස්මට ගිල දමමින්ය. පහුවදාට තාත්තාගේ උදැල්ලෙන් එකතු උන මැටි ආයෙත් ගඩොල් බවට පත් වුයේ තාත්තාගේ උත්සහයෙන්ය. ඒ හැම ගඩොලකම තාත්තාගේ හීන හැන්ගි තිබුන නිසා කියලා මට අද සිතෙන්නේය.දවාලට මැටි අනා පිළිවෙලට අච්චුවෙන් කැපෙන ගඩොලක් ලෙස හැද පැලද ඉන්නා රලු පොලිස් නිලධාරියෙකු නිදිවරා ඉපයු මුදල අපට වියදම් කල අයුරු සිහි වන්නේ ඉහලට අදින හුස්ම උගුරේ මැදකදි හිර කරමින්ය.
මාගේ මතකය දිව යන්නේ අපේ උළු ගේ කොටසින් කොටස හදන කාලේ නත්තල් බෝනස් එකට තාත්තා ගල් වැලි ගෙනල්ලා ගොඩ ගැසු අයුරුය.නත්තල් පුජාවට යන්න තාත්තයි,අම්මයි පරණ ඇදුම් අදිද්දී.අක්කාටත්, මටත් ලස්සන ගවුම් දෙකක්,සපත්තු මේස් ඉලක්කම් වැටෙන ඔරලෝසු 2ක්,යට ඇදුම් මිලදි අරන් දෙනවා .ඒ වගේම නත්තල් කාලෙට තමයි අපේ ගෙදර සුවද විලවුන් බෝතලයක් ගෙනෙන්නේය.අම්මා අවුරුදු ගානක් කැඩිච්ච ඔරලෝසුවක් බැන්ද එක මගේ හිතේ තදින්න තියෙන මතකයන් අතර එකක්.ඒ විතරක් නෙමේ මාළු උයන දවස් වලට මාළු කෑලි හතරක් උයලා අක්කටයි,මටයි දවල්ටයි රෑටයි දීලා අම්මයි,තාත්තයි හොදි එක්ක බත් කනවා මට හොදින් මතකය .ඒ දවස් වල අපේ ගෙදර ඉමිටේශන් මාල පොටක් තිබුනා. අක්කා ඉපදුන වෙලේ මහම්මා කෙනෙක් තෑගි දුන්න, තාත්තගේ පඩිය හම්බෙනකම් තාත්තා ඔය මාල පොට අනන්තවත් උකස් කරලා ඇති. අපිට කන්න දෙන්න පොත් පත් අරන් දෙන්න.එතකොට මට මතකයි මන් උකස් කඩේ එලියට වෙලා කූඩේ තියන් ඉන්නවා තාත්තා එක්ක පොලේ යන්න .මට ඒ මතකය නම් කවදාවත් නැති වෙන්නේ නෑ.අදටත් ඒ මාල පොට මන් දානවා සිහිවටන මතකයක් විදිහට.............
තාත්තා වාසනා වන්තයෙකු යැයි මා දෙවරක් නොසිතා පසක් කරනුයේ දැනට අවු.27 කට පෙර රජයේ බැංකු ආරක්ෂක තනතුරකට තාත්තා තෙරි පත්විම නිසාමය.ගඩොලෙන් පටන් ගත් තාත්තාගේ හීන වලට තටු දුන්නේ තාත්තාගේ බැංකු රස්සාවය.ඒ හීන හැඩ කෙරුවේ අම්මාගේ නොමසුරු සහයය.ඒ හීන පාට කරන්නට බාර වුයේ මටත් අක්කාටත්ය.ඒ හීන සැබෑ කරගන්නට දහඩිය හෙළා මහන්සි වුයේ අපේ රත්තරං තාත්තාය.
ඉගෙනීම අතින් අහස උසට අප කෙරෙහි තාත්තා බලාපොරොත්තු තියා සිටියද අක්කා තාත්තාගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් දැනට ඇය සාත්තු සේවිකාවක් ලෙස පිට රට රෝහලක සේවය කරන අතර දොස්තර නෝනා කෙනෙකු වීමට ඉගෙනුම ලබන්නට බලාපොරොත්තු වි සිටින්නීය. නමුත් මට එසේ ඉහලකට නැගිමට නොහැකි වි ගියේ මා තුල ඉගෙනිමේ කටයුතු සදහා තිබුන උනන්දුව අඩු කම නිසාමය.ඒ ගැන මන් අදටත් දුක් වන්නේ මට මා ගැන නැගෙන තරහවත් සමගය.කෙසේ වෙතත් තාත්තාගේ ආදරය අප දෙදෙනාම එක සේ ලැබු දෙයකි.ඒ තාත්තලාගේ ආදරයේ හැටිය.
ඉගෙනීම අතින් අහස උසට අප කෙරෙහි තාත්තා බලාපොරොත්තු තියා සිටියද අක්කා තාත්තාගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් දැනට ඇය සාත්තු සේවිකාවක් ලෙස පිට රට රෝහලක සේවය කරන අතර දොස්තර නෝනා කෙනෙකු වීමට ඉගෙනුම ලබන්නට බලාපොරොත්තු වි සිටින්නීය. නමුත් මට එසේ ඉහලකට නැගිමට නොහැකි වි ගියේ මා තුල ඉගෙනිමේ කටයුතු සදහා තිබුන උනන්දුව අඩු කම නිසාමය.ඒ ගැන මන් අදටත් දුක් වන්නේ මට මා ගැන නැගෙන තරහවත් සමගය.කෙසේ වෙතත් තාත්තාගේ ආදරය අප දෙදෙනාම එක සේ ලැබු දෙයකි.ඒ තාත්තලාගේ ආදරයේ හැටිය.
බ්ලොග් අවකාශය තුලදී මම දැකපු අයගෙන් බොහෝමයක් තමන්ගේ තාත්තට බොහෝ බැඳුන අය ශානු.. මටත් තාත්තා කියන්නේ මගේ ජීවිතේම.. එයා ගැන මගේ හිතේ තියෙන දේ හරියට කියා ගන්න මට තාමත් බැරි උනා. ඒ ගැන පසු තැවීමක් තියෙනවා.. ඒත් මම හුස්ම අල්ලන් ඉන්නේ ඒ බලාපොරොත්තුව නිසා.. කවද හරි මමඒ හැගීම ඉෂ්ඨ කරගත්ත දාට මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ..
ReplyDeleteමගේ වැටෙන හැම හුස්මක්ම වැටෙන්නේ තාත්තා නිසා. එයා නොහිටින්න මම මගේ ඔලුව කෑලි කෑලි වෙන්න කුඩු කරගෙන...
අම්මා ගැන ලියන තරම් ලේසියට තාත්තා ගැන ලියන්න අපහසුයි සහන් ,ඒක කාටත් පොදුයි......හරියට අපි හැමෝම අම්මට ආදරේ උනත් ඊට වඩා අපේ හිතින් තාත්තට ආදරේ කරනවා වගේ................
Deleteඔයාට වගේම මටත්,අක්කටත් තාත්තා නොහිටින්න අද අපි ගත කරන ජීවිතේ අපිට බොද හීනයක් විතරමයි
මොනවා කියන්නද හිතා ගන්න බෑ ශානු. මේ ටිකේ ඔය ඔක්කොම පෝස්ට් ටික ඔක්කොම කියෙවුවා. විශේෂෙන්ම Sahanගෙ එක. එදයි අදයි මං පලමුව පුතෙක් විදියටත් දෙවනුව පියෙක් විදියටත් පුදුමාකාර විදියට සංවේදි උනා.
ReplyDeleteසුභ පැතුම් ශානු සුභ පැතුම්!
සුබ පැතුමට ස්තූති ප්‍රියා...සහන්ගේ ලිපියෙන් නම් මාත් සැහෙන සංවේදි වුනා.ඒ ගමන තමා මේ පොස්ට් එක මගේ අතින් ලියවුනේ
Deleteහැම දෙමව්පියන්ම බලාපොරොත්තු වන්නෙ දරුවන් හොඳම තැනට රැගෙන එන්න. ඒත් අවසානේ දරුවා ඉන්න තැන දැකල සතුටු වෙන්න තරම් අහිංසක හදවත් තියෙන්නෙත් එයාලට..
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. මට මේ ගීතය මතක් වුණා.
Deleteඅව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවනා
අපෙ අප්පච්චී....
@සැමා ඒ තමයි දෙමව්පියන්ගේ අමිල වු ආදරේ සැබෑ ගතිගුණ....@දිලිනි ගීතය නම් අගෙයි http://youtu.be/abfKiiRYkN4 ස්තුති
Deleteලස්සනයි.. අදයි මේ පැත්තට ගොඩවුනේ... දිගටම එන්නම්කො.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා තුශානි ....ස්තූති
Deleteඅක්කේ මට දුකයි වගේම සතුටුයි . දැන් බ්ලොග් අවකාශය තුල තාත්තා ගැන හුග දෙනක් කතා කරනවා .. ඒ වගේම එ දේවල් වලින් අපි එයාලට තව ලංවෙනවා ..සංවේදී ලිපියක් මට
ReplyDeleteඔව් නංගා දැන් දැන් තාත්තා ගැන කට්ටිය ලියනවා.මම තාත්තා ගැන ලියන්න ආරම්බයක් ගන්නේ කොතනින්ද කියලා හිත හිත ඉද්දි ......ගඩොලක කතාව 1 සහ 2 නිසා මගේ කතාව ඉබේම ලිය වුනා.
Deleteමේ තාත්තලා ගේ කාලේ, දූලා වැඩියෙන් ආදරේ තාත්තාට කියන කතාව ඇත්තද? මේ දව ටිකේම කියවන්න ලැබුනේ තාත්තලා ගැන . එන්න එන්නම ඔබේ ලිවීමේ රටාව ආකර්ශනීය වෙනවා ශානු.
ReplyDeleteදූල වැඩියෙන් ආදරේ තාත්තලාට කියන කතාව ඇත්ත .
Deleteනියම පෝස්ට් එක ශානු ලස්සනයි සංවේදීයි
ස්තුතියි.
@ ඉවාන් ඇත්ත දුවලා තාත්තලාට වැඩිපුර ආදරෙයි වගේම පුතාලා අම්මලාට වැඩිපුර ආදරෙයි කියලත් මන් අහලා තියෙනවා. ස්තූති මටත් හිතෙනවා පටන් ගද්දි ලියපුවයි දැන් ලියන ලිපි දිහා බැලුවම චුට්ටක් විතර ඉදිරියට ඇවිත් කියලා......නැවතත් ස්තූති.....
Delete@ ස්තූති සජා.....
මෙවැනි නිහතමානී සටහනක් තැබීම අළුත් පරපුරේ හොඳ ලක්ෂනයක් හැටියටයි මම දකින්නේ. වැඩිමහල් කෙනෙක් හැටියට මම ඒ ගැන ආඩම්බර වෙනවා. තාත්තා හෝ අම්මා වෙනුවෙන් කලහැකි එක් යුතුකමක් තමයි ඔවුන් ගැන කතා කිරීම....ඔවුන් ගැන ලිවීම...ඒ මතකය අවධි කිරීම.
ReplyDeleteශානු.....දෙමව්පියන්ට සැලකිය යුතු ජීවතුන් අතර සිටිනා විටයි....ඔවුන් නැතිවී ගිය දවසක කලයුත්තේ එම වයසේම අඩුපාඩු සහිත ජීවිත ගෙනියන අයට උදව් කිරීමයි...පිළිම හැදීම වැනි නාටක නැටීම නොවේ.
නිහතමානි කම ගෙලට ආබරණයක් කියලයි මන් හිතන්නේ.....
Delete//////දෙමව්පියන්ට සැලකිය යුතු ජීවතුන් අතර සිටිනා විටයි....ඔවුන් නැතිවී ගිය දවසක කලයුත්තේ එම වයසේම අඩුපාඩු සහිත ජීවිත ගෙනියන අයට උදව් කිරීමයි...පිළිම හැදීම වැනි නාටක නැටීම නොවේ///////ඇත්ත දෙමව්පියෝ ඉන්නකම් අපි සලකන්න ඕනා .... එහෙම නොසලකා හැරලා මිය ගිය දවසට දාන දෙන එකවත්,අඩන දොඩන එකවත් නෙවේ යුතු..
මම හිතෙන්නේ මටත් ගඩොලක කතාව ලියන්න වෙයි වගේ..
ReplyDeleteහිත හිත ඉන්න එපා දිනේෂ් ලියන්න....
Deleteතාත්තා කෙනෙක් ගේ ආදරේ මෙතකැයි කියා නිම කරන්න බෑ.. එවනි සෙනිහසක මමත් උරුමකාරියක්.. අපුරු ලිපියක් අක්කේ
ReplyDelete