කපු කටිමින් සිටි කුවේණිය
(මා සතුව තිබු රූප සටහනක්
*පදියගම්පල
*බටදොබලෙන
*පාහියන්ගල
*බෙලිලෙන
*ගුරුගල් හින්න
ආදි ස්ථාන වල පුරාවිදයාත්මක කැනිම් වලින් හෙලි කර ගත හැකි විය.
ගල් ආයුධ කිහිපයක්(මා සතුව තිබු රූප සටහනක්)
එමෙන්ම එකල මානවයා ආහාර සදහා තම අවට පරිසරයෙන් ලබා ගත් අල,පලතුරු හා විවිධ ධානය බාවිතා කරන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර ගිනිගත්හේන අසල බෙලිලෙනෙහි කල කැනිම් වලින් සොයාගත් ද්‍රවය අනුව කිසියම් ධානය වර්ගයක් ආහාර සදහා එකල මානවයා බාවිතා කල බවට කදිම නිදසුනකි.ප්රාග් චේතිහාසික මානවයා ජල අවශයතා ස්වාබාවික දිය පහරවල් වලින් හා දිය කඩිති වලින් ලබා ගන්නට ඇත.කල්යත්ම මොහුන් ගොවිතැන් කටයුතු සදහා හුරු විමත් සමග සරල මෙවලම් බාවිතය සදහා යොදා ගන්නට ඇතැයි විද්වතුන්ගේ විශ්වාස යවේ.
ලංකාවට සංක්‍රමණය වු ආර්යන් වයඹ හා ගිණිකොන ප්‍රදේශ වල පිහිටි ගංගා මිටියාවත් වල මුල් ජනාවාස පිහිට්ටුවා ගන්නා ලදි.එලෙස පිහිටුවා ගත් ජනාවාස කිහිපයක් පහත් සදහන් රූපයේ දක්වා ඇත.
(මා සතුව තිබු රූප සටහනක්)
විජය කුමරු ඇතුලු ආර්ය කණ්ඩායම
- තම්මැන්නාව
- අනුරාධගාම
- උපතිස්සගාම
- විජිතගාම
- උරුවෙලගාම
භද්දකච්චානා කුමරියගේ සොයුරු කණ්ඩායම
- රෝහණ
- දිඝවාපිය
- ගෝණගාමක
මෙලෙස ආර්ය ජනාවාස ලක් දිව පුරා පැතිරි ගිය අතර යම් යම් පැරණි මුලාශ්‍ර වල ඇති තොරතුරු අනුව ආර්යන් තුල යකඩ බාවිතය පිලිබද පැවති දැනුම ''අයෝ'' '' අයස්'' යන පද වලින් සනාථ වේ.නගුල නිප්පදවා එය ගොවිතැන් කටයුතු සදහා උපයෝගි කර ගැනිමද යකඩ බාවිතා කොට කැති,උදලු වැනි උපකරණ පාවිච්චිය සදහා යොදා ගැනිමද මිට නිදසුන් වේ.කල්යත්ම ජනග්‍රහණය වැඩි විමත් සමගම ආහාර නිපයුම වැඩි කිරිමට සිදු වු අතර ගංගා ජලය ඊට ප්‍රමාණවත් නොවීමත්,වර්ෂාවේ අවිනිශ්චිත බවත් ,වර්ෂා ජලය අවුරුද්ද පුරා එක් කලකට පමණක් ලැබීම නිසා ඔහුන් තමන්ගේ තාක්ෂණික දැනූම උපයෝගි කර ගනිමින් ,භුමියේ පිහිටිමද ආධාර කර ගනිමින් වැව් හා වාරිමාර්ග තනා ගනින්මින් තමන්ගේ ගොවිතැන් කටයුතු සදහා අවශය ජලය සපයා ගන්නා ලදි.
ප.ලි.
පාසැල් කාලයේදි ඉතිහාස තොරතුරු ගැන දැනුම රැස් කර ගැනිමට ප්‍රියතාවයක් දැක්වුවද කාලය සමග ඒ කැමැත්ත යටපත් විය.හෙළ වංශය වැඩසටහන නිසා හටගත් කුතුහලය නිසාම නැවතත් මා ඉගෙන ගත් ඉතිහාස තොරතුරු ලියන්නට සිත් වුයේ ආචාර්ය සුර්යය ගුණසේකර මහතා,නීල් කිරිඇල්ල මහතා හා රාවණා පරික්ෂණ ආයතනයේ සභාපති වන ජනිත අමරසිංහ මහතා විසින් හෙළ වංශය වැඩ සටහන තුලින් හෙළ ඉතිහාසය උඩු යටි කුරු වන කරුණු ඉදිරි පත් කල නිසාය.
යම් වැරදි ඇත හොත් නිවැරදි කිරිමක්ද මීට අමතර කරුණු දන්නේ නම් බෙදා ගන්නා ලෙසද ඉල්ලමි.
අනේ මන්දා ශානුවෝ... හත වසරෙදි මුලින්ම ඉතිහාස පාඩම පටන් ගත් දා ඉඳන් මටනම් සමාජ අධ්‍යනය හා ඉතිහාසය අරහං. ඔය පීරියඩ් එකේ අපි කොරන්නෙ ඩෙස් එක යට තියාන හොරෙන් චෙස් අදින එක... හී.... :)
ReplyDeleteබස්සියේ මටත් නම් ඉතිහාසය 6 වසර මුල් කාලයේදි නම් පත්තියන් උනේම නෑ...1999 කාලයේදි නිකුත් උන Relic Hunter කියන ටෙලි නාටය මාලාවේ සිඩ්නි ෆොස් කියන චරිතේ නිසා තමා මම නම් ඉතිහාසය ගැන හොයන්න ගත්තේ....කාලයක් ආසාව තිබ්බා පරණවිතාරන මහත්මයා වගේ ලෙන්, කදු වල බඩ ගාලා කැනිම් කරන්න ...ඒක හීනයක්ම වෙලා ගියා ....
Deleteමිස් ජනිතාගේ චෙස් කණ්ඩායමේ මමත් හිටියා. ;)මලියදේවේ සර්නේ චෙස් ඉගැන්නුවේ;)
හී.... අපේ ජනී උන්දෑ බඩෙන් අල්ලලා උස්සන්නෙ නැත්තෙ චෙස් ටීම් එකේ උන්ව විතරයි නෙව. ;)
Deleteචෙස් ටීම් එකේ නම් ටක්කෙටම මේ මම හොඳට දන්න අක්කෙක් වෙන්ට ඕනෙ. මම ඉන්න කාල වකවානුව ඇතුලෙ චෙස් කෝච්ලා 2ක් හිටියා. එක පොරක් මාරම කලබලෙන් පංතිය වටේ දුවලා, මහන්සියට බ්ලැක් බෝඩ් එකට හේත්තු වෙලා පස්ස පැත්තෙ හුනු ගා ගන්නෙ. මතකෙයි? :D
ඒක නම් ඇත්ත චෙස් කරපු උන්ට මාරම ලව් එකක්නේ ජනි මිස්ට තිබුනේ..........ආ ඇත්තද මන් ඉද්දි හිටියේ බොහොම රූමත් පෙනුමක් තිබුන උන පතුරක් වගේ කෙට්ටු මලියදේවේ හිටිය සර් .....මන් චෙස් කරන්න පටන් ගත්තේ 2003-2005 කාලයේදි බස්සියේ බොහෝ වෙලාවට අපි මුණ ගැහිලා ඇති.
Deleteමේ ;ළමයා වර්ගපූර්නිකාව කියවලා නැහැ වගේ...වහාම ඒක කියවන්න.. විජය යනු ඉන්දියාවේ හිටපු කෙනෙක්..ඔහුගේ පියා රජෙක්.. ( මට දැන් නම මතක නැහැ ) විජය කුමාරයා සහ ඔහුගේ සහචරයින්ගේ හැසිරීම ගැන රට වැසියන් කැරළි ගහලා තියෙනවා..ඊට පස්සේ එයාව නැවක දාලා මුහුදේ පා කරලා..නැව පාවෙලා පාවෙලා පාවෙලා මෙහෙට කඩන් පාත් වෙලා..( අපිට ආවොත් ඉතින් අං ඇති කිව්වලු )
ReplyDeleteවිජය සහ ඔහුගේ තක්කඩි ටික මෙහෙ ඇවිත් වැඩ පටන් ගත්තා..කුවේණි එක්ක වෙච්චි දේවල් නම් අපි දන්නේ නැහැ..ඒවා පවුල් ප්‍රශ්න නෙව ගෑණු මිනිස්සුන්ගේ...
හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇත.
කාලිංග රජුගේ දියණිය වන සුප්පා දේවි සිංහයෙකු විවාහ කරගෙන කෑලේ ගල් ගුහාවක වාසය කරන් ඉද්දී කාලයත් එක්කම සිංහයට දාව සුප්පා දේවි පුතෙකුත් පහු කාලිනව දුවෙකුත් බිහි කරනවා.පුතු සිංහබාහු ලෙසත් දියණිය සිංහසිවලි ලෙසත් හදුන්වනවා.හැඩිදැඩි වු සිංහබාහු දිනක් ඊ පහරකින් තම පියා වන සිංහයා මරා තම එක කුස උපන් සිංහසීවලි විවාහ කරගෙන සිංහපුර(ශිහොර්)තමන්ගේ රාජධානිය කර ගන්නවා.මොහුන්ට උපදින නිවුන් දරුවන්ගේ වැඩිමලා විජය කුමරු වන අතර බාලයා සුමිට්ට කුමරු ලෙසත් හදුන්වනවා.පසු කාලීනව විජය කුමරු ගැන සිංහබාහුට අසන්නට ලැබෙන කේලම් නිසා විජය කුමරු ගැන පැහැදිමක් නැතිව ගිය සිංහබාහු , විජය කුමරු ඇතුලු ඔහු අනුගමනය කරන සත් සියයක් පිරිස සිංහපුරෙන් පිටුවහල් කරනවා ඒ ගමන තමා ඉන්දීයාවෙන් නැව් නැග්ග විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩ බහින්නේ.....
Deleteඔන්න ඔහොම සහන් විජය එහෙන් මෙහෙන් ඇවිදිද්දි සිසපති හෙවත් කුවේණි මිට් වෙනවා දෙන්නා ආලෙන් වෙලෙනවා .කූවේණි විජය කුමරුගේ වයිපරෙත් වෙනවා.මේ දෙදෙනට ජීවහට සහා දිසාලා කියලා පුතෙකුයි දුවෙකුයි පසු කාලෙදි ලැබෙනවා.මන් අහලා තියන විදිහට යක්ෂ ගෝත්‍රය සමග සටනකදි විජය දකිනවා වෙලබක් වෙන කුවෙණි කපලා දාලා තියෙන ගෝත්‍රිකයන්ගේ බෙලි කනවා.ඊට පස්සේ විජය කුමරු කුවේණිට කට් එක දාලා ඇයවත් දරු දෙදෙනත් ප්‍රතික්ෂේප කරලා අත හරිනවා.
(විජය කුමරුගේ නෑදෑකම් ටික පැහැදිලි කිරිමක් කලෙමි)
ලිපියට ගොඩක් ස්තූති.විජයගේ කතන්දරේ ලියන්ට ඕනා කියලා හිතුන් නැහැ මොකද මට මතක විදිහට අපේ ඉතිහාස පාඩම පටන් ගත්තේ විජය කුවේණි මිට් විමෙන් නිසා.........කොහොම නමුත් විජයගේ පරම්පරාවේ අල ගිය තැන් මුල ගිය තැන් කොමන්ටුවකින් හරි ලිව්වනේ..
ඉස්කෝලෙ කාලෙ මතක් උනා. හත අට වසරවල් .............
ReplyDeleteබොලාට මේවා ඉගැන්නුවේ 7,8 වසර වලදිද මේවා අපිට ඉගැන්නුවේ 10,11 වසර වලදි එකෙත් හැටි ...;)
Deleteම් .... කල්පනා කරල බැලුව.... 7 8 තමා
Deleteඉස්සර මම ආසම විශය.. දැන් හැබැයි සමහර දේවල් මතක නෑනේ.. නැත්නම් ඉස්සර ටීචර්ගෙන් වගේ අහනවා අප්සට් ප්‍රශ්ණ..
ReplyDeleteමන් මේ ලිපි ටිකක් දුරට කොටස් වශයෙන් ලියන්න හිතන් ඉන්නවා.එහෙනම් දැනුම අලුත් කර ගමු.......අවුලක් නෑ මලේ ඕන අප්සට් ප්‍රශ්නෙකට උත්තර ලියන්න ගට තියෙනවා.මොකද මම සාමානයෙන් දෙයක් ලියන්නේ සම්පුර්ණයෙන් හොයලා බලලා නැත්තම් මගදි ඇති පදමට නා ගන්නනේ වෙන්නේ හි...හි....හි......ඒ කියන්නේ බොලාලත් ගුරුවරුන් උගන්වද්දි අපි වගේ අප්සට් කවි කියලා තියනවා;p
Deleteශානු ටොප් වැඩක් පටන් අරන් තියෙන්නෙ. මාත් කැමතිම විශයක් ඉතිහාසය. දැන්නම් ගොඩක් කරුණු අමතකයි. අපි ඒ මතකෙ අලුත් කර ගමු.
ReplyDeleteඔයා මේ ලිපි පෙල දිගටම ලියන්න. මේකේ හොද බුද්ධිමත් සංවාද ඇතිවෙයි කියලා හිතෙනවා.
අර 'හෙළවංසය' කිවුවෙ දෙරණෙ යන එකද?
මන් මේ ලිපි ටිකක් දුරට කොටස් වශයෙන් ලියන්න හිතන් ඉන්නවා ප්‍රියා මට මතක තියෙන තොරතුරුයි පොත් වලින් හොයා ගන්න දේවලුයි ගූගල් දෙයියාගෙන් ලබා ගන්න තොරතුරුයි ඕනම කෙනෙක්ට කියවලා තෙරුම් ගන්න සරල බසින් ලියන එකත් කොමන්ට් කොටන අයගේ අදහස් වලින් මට ලබා ගන්න පුලුවන් දැනුමක්,මන් නිවැරදි විය යුතු කරුණක් ඇත් නම් ලබා ගැනිමත් මගේ අරාමුණයි;;;;;;;;;;;;;;;
Deleteඔව් ඔව් ඒ හෙළවංශය වැඩ සටහන තමා
වැඩේ නම් වටිනවා ශානු. ප්‍රශ්නෙ තියෙන්නේ මමත් ඉතිහාසය කියවන්න ටිකක් විතර කම්මැලි යි :) ඒත් මෙහෙම කියවද්දි ඒ කම්මැලිකම නැති වෙනව නේ.
ReplyDeleteකම්මැලි උනත් මේ පැත්තේ ඇවිත් ගිය එක අගය කරනවා
Deleteඉතිහාසය ලියන එක ඉතාම හොඳ වැඩක්,ලියාගෙන යන්නකො ශානු අපිත් කියවන්නම්
ReplyDeleteඅගය කිරිම ගැන බොහොම ස්තූති මාමේ
Deleteමෑත ඉතිහාසය මිසක් ඈත ඉතිහාසය ගැන වැඩිපුර දන්නේ නැහැ. ඒක මගේ දුර්වලතාවයක්. ශානු මේ දේවල් ලියන එක වැදගත්.
ReplyDeleteYar yar මේ යන විදියට අපේ බාල පරම්පරාව අනාගතේ හැමදේම ඉගෙන ගන්නෙ අන්තර්ජාලෙන් වේවිනෙ. උන්දලා වෙනුවෙනුත් කරන ආයෝජනයක් වේවි මේක.
Deleteහරි ඉතින් අරූ සීයාගේ මෑත ඉතිහාසය කියන්නේ අපේ ඈත ඉතිහාසය තමයි....:D
Delete@අරු මාත් ඉතිහාසය ගැන දන්න පඩියෙක් නෙමේ නමුත් මන් දන්න කරුණු නිවැරදිව ලියන එක නම් කරනවා.දිගටම එන්න.
Delete@බස්සි එක නම් ඇත්ත දැන් දැන් ඉදිරිපත් වෙන ඉතිහාස කරුණු මත ඉදිරියට ළමයින්ට ඉතිහාසය ගැන මොනා ඉගෙන ගන්න වෙයිද දන්නේ නෑ
@ඉවාන් ඈ බොලේ අරු උන්දා එච්චර වයසද ? :)
/////හරි ඉතින් අරූ සීයාගේ මෑත ඉතිහාසය කියන්නේ අපේ ඈත ඉතිහාසය තමයි....:D//////
Deleteඅඩෝ පවුලූශා......මේ කෑල්ලට මම හරි කැමතියි.
ඉතිහාසය මාත් ආසම විෂයක්... හොඳ ආරම්භයක් , දිගටම ලියන්න අපි එනවා කියවලා යන්න.
ReplyDeleteබොහෝමත් ස්තූති දිරිමත් කලාට,පැමිණිම අගය කරනවා
Delete"පාසැල් කාලයේදි ඉතිහාස තොරතුරු ගැන දැනුම රැස් කර ගැනිමට ප්‍රියතාවයක් දැක්වුවද කාලය සමග ඒ කැමැත්ත යටපත් විය" මටත් වෙච්ච දේ. ඉස්සර මම ඉතිහාස කතා සහ ඒවාට අදාළ පින්තූර සහ සියලුවිස්තර ඇතුලත් කරලා ලොකු පොතක් හැදුවා. ඕ ලෙවල් ඉවර වෙනකොට අපේ සමාජ අධ්‍යයනය සර් එක ඉල්ලා ගත්තා පුස්තකාලේ තියමු කියලා.
ReplyDeleteහැබැයි ඒක පුස්තකාලේටනම් ගිහින් තිබ්බේ නෑ. ශානුගේ අගය කලයුතු වැඩක්. ඒ වගේම මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පරිස්සමින් දිගටම කරගෙන යන්න සුබපැතුම් මගෙන්
මොකක්ද බං මේ මවුස් පොයින්ටර් එක ..?
Deleteමමත් 8,9 ඉන්න කාලේ ප්‍රොජෙක්ට් ට්දෙක තුනකට ඔහොම උනා ඒ නිසා උ.පෙ. කාලේ ප්‍රොජෙක්ට් සුරැකිව ලංකාවේ මහ ගෙදර පොත් කබඩ් එකේ තාමත් තියනවා.....ඇත්ත මේ වැඩේ පටන් ගත්තේ හොදට හිතලා,මන් ලියන දේවල් ගැන මට සැකයක් නෑ නමුත් ගුගල් දෙයියාගෙන් හොයා ගන්න කරුණු බොහොම පරිස්සමින් තමා ලියන්නේ මොකද මගේ කඩ්ඩ ටිකක් විතර අවුල්.......මොන අවුල තිබුනත් හිත ඇත් නම් පත කූඩාද කියල හිතන් ලියනවා...............................
Deleteඇයි මවුස් පොයින්ට් එක අප්ශ්ට්ද?අනේ බන් මේකයි මගේ බ්ලොග ලැපෙන් කියවන්නේ හාවා හද දකිනවා වගේ ඉතින් මවුසගේ පොයින්ට් එක කචල්ද කියලා දන්නේ නෑ මොකද මම මේ ඔක්කොම විස්කම් කරන්නේ බාගෙට කාපු ඇපල් ගෙඩිය තියෙන පැඩ් එකෙන් ,
Do you live in Italy ? cause I am a teacher in a Sri Lankan school in Naples.... My subjects are History and English....
ReplyDelete