Sunday, November 3, 2013

23.අකාලයේ පරව ගිය පුංචි කැකුල(සතය්ය කතාවක් ඇසුරෙන්)

                               

                              1985 වයඹ පලාතේ ඉතාමත් පිටිසර ගමකට ගඩොල් රස්සාව සදහා සිරි තම බිරිදත් 8 හැවරිදි දියණියත් අලුත උපන් පුතුත් රැගෙන ආවේ.ගඩොල් රස්සාවෙන් උපයා ගන්නා මුදලින් සිය දයාබර පවුල සමග සතුටින් ජීවත් විමටය.කරත්තයක තමන් සතු බඩු බාහිරාදිය පටවාගෙන සන්ධ්යා කාලයක ගඩොල් පෝරනුව පිහිටා තිබුන ස්ථානයේ පෝරනුව අයිතිකරු විසින් තනා තිබුනු පොල් අතු පැලට ගොඩ වැදුනු සිරිත් ඔහුගේ මායියාත් කඩි මුඩියේ ගේ අස්පස් කර තම දරුවනට කන්නට යමක් දී පැදුරු කඩක නිදි කරවා සිරිත් මායියත් නින්දට වැටුනේ හෙටින් උදාවන දවසින් තමන්ගේ අලුත් ජීවිතය පටන් ගැනිමට දහසකුත් එකක් හීනද පොදි බැදගෙන.
                   
                         අලුත උපන් දිනෙන් මායියා විසින් පිලියෙල කරන ලද කිරි බතද රස විද මැටි අනා පළමු ගඩොල සකසන ලදි. මේ රැකියාව නොපසු බටව ඉදිරියට කරගෙන යෑමට සිරිගේ මායියාගෙන් ලැබුනේ නොමසුරු සහයකි.දිනකට ඔහුන් දෙදෙනා එකතුව ගඩොල් 1000 පමණ සකස් කර නිම කරන්නෝය.සිරි මැටි පදමට අනා අච්චුවේ දමා සකස් කරන ගඩොල් පිලිවෙලට අඩුක් කරන්නේ මායියා විසිනි.කට්ට අවු රශ්මියට හසු වන මොහුන් දෙදෙනාගේ විඩාබර ගත හයිය හත්තියෙන් පරිපුර්ණ උයේ මොහුන් යොවුන් වියේ පසු වු හෙයිනි.විටින් විට සෙවන ඇති ගසක් යට පැදුරු කඩමල්ලක ඉදගෙන සිටි තම දියණිය හා පුංචි පුතු වෙත නෙත් යොමු කරන්නට සිරිත් මායියාත් අමතක නොකලේ ඔහුන්ගේ දරුවන් තම ඇස් දෙක මෙන් රැක ගන්නා අදිටන ඔහුන් තුල වු නිසාවෙනි.තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙසේ මහන්සි වන්නට වුයේ තමන්ට වඩා හොද අධ්යාපනයක් ලබා දි ඔහුන්ගේ හෙට දින හොදින් මල් ඵල ගැන්විමේ අදිටනිනි.                        
                    මායියා ඉතාමත් ධර්ය්යවන්ත ගැහැණියක් වුයේ ඇය හිමිදිරි පාන්දර අවදිවි උදේට හා දවල්ට ආහාර පිළියෙල කොට තම සිගිති දරුවන්ගේද වැඩ අහවර කර තම දයාබර ස්වාමි පුරුෂයාගේ රැකියා කටයුතු වලටද නොමද සහයක් ලබා දුන් නිසාය.මෙලෙසින් කාලය දින සති ගතවි යන්නට විය සිරිත්,මායියාත් එකතුව ගඩොල් පොරණුවක් පිලිස්සිමට තරම් ගඩොල් සකස් කර අහවර කෙරුනි.පොරුණුව අයිතිකරු දැනුවත් කල සිරිට පොරණුව සකස් කිරිමට අයිතිකරු විසින් අත් උදව් කරුවෙකු හදුන්වා දුන්නේය.ඔහු නමින් අප්පු රාළය.මොහු සිරිගේ පියාගේ වයස වු හෙයින් සිරි ඔහුට අප්පු මාමා යැයි ආමන්ත්රණය කලේය.මොහුන් දැන හදුනා ගත් දවසට පහු වෙනිදා සිට පොරණුව තැනිමේ වැඩ කටයුතු ආරම්බ කරන ලදි.දවස් තුනක් පමන ඔට්ටු වි ගඩොල් පොරණුව අවශ්ය පරිදි සකස් කර නිම කරන විට අප්පු මාමාත් සිරිත් හොද මිතුරන් බවට පත් වි සිටියේය.හතර වන දවස වන විට මොහුන් දෙදෙනා එකතුව ගඩොල් පිලිස්සිමට අවශය ගින්දර දමා.විටින් විට මාරුවෙන් මාරුවට ගින්දර දැමිම සදහා අප්පු මාමාද සිරිගේ නිවසේම නැවති සිටියේය.ඔහු සිරිගේ ස්තොප්පුවේ පැදුරු කඩක රෑ යාමය ගත කරන ලදි.මායියාද අප්පු මාමාට තම පවුලේම කෙනෙකු ලෙසින් සිතා ආහාර පානද නොමදව ලබා දුනි.විටෙක ටවුමට යන අප්පු මාමා සිරිගේ ගෙදරට අවශය මාළු ,මස් ආදියද,,,පුංචි දරුවන්ට රස කැවිලිද ගෙන එන්නේ තමා ඒ පවුලේ කෙනෙකු මෙන් සිතාය.එමෙන්ම සිරිගේ පුංචි දරුවන් සෙනෙහසින් හුරතල් කරන්නටද අප්පු මාමා අමතක නොකලේය.දරුවන්ද අප්පු සීයා ගැන මහත් සේ ආදර දැක්වුයේ ඔහුගෙන් ලබන්නා වු රස කැවිලි නිසාමය.ඒ පුංචි උන්ගේ හැටිය.

                               දවස් 4කට පසුව මැටි ගඩොල් ඉතාමත් අලංකාර රතු ගඩොල් බවට පත් වි තිබුනි.අයිතිකරුද සිරිගේ ගඩොල් පොරණුව අගේ යැයි වර්ණ කල අතර අප්පුට හා සිරිට පොරොන්දු වු ගණුදෙනු බේරා නික්මුනේ තව දවස් තුනකින් නැවත ගඩොල් ගැණුම් කරුවන් සමග එන බව සිරිට දන්වාය.සිරි මායියා අමතා අප්පු මාමාත් කෑමට නවතින බව කියා.කමිසය ඇග ලා ගෙන ටවුමට යන්නට පිටත් වුයේ හැන්දා කොරේය.අප්පු මාමාවද බයිසිකලයේ දමා ගෙන මගක් ගිය තැන ගිනි වතුර ටිකක් තොල ගැමට අවශය වු අප්පු මාමා බයිසිකලයෙන් බැස ගත්තේය.සිරිටද අප්පු මාමා මදුවිත තොල ගෑමට ආරාධනා කලද සිරි තුල ඒ ගැන තිබුනේ අකමැත්තකි.සිරිට අවශය වුයේ තමන් ලද මුල් පඩියෙන් තම බිරිද මායියාටත් තම ඇස් දෙක වන් දරුවන්ටත් ඇදුමක් පැලදුමක් මිලදි ගැනිමටය ඔහුන් සතුටු කිරිමටය.එබැවින් සිරි ටවුම දෙසට තම පා පැදිය පැද වුයේය.(මේ උතුම් තාත්තලාය ඒ අතින් අද කොච්චර තාත්තලා ඉන්නවද පඩි දවසට කන සාක්කුවේ වැටෙනකම් බීලා ගෙදර යන )
                     
                               විටින් විට කෙදිරි ගාන පුංචි පුතුව සනසමින් තම දියණිය සමගද කතා කරමින් මායියා රාත්රි ආහාර වේල සකස් කරන්නට වුයේ තම සැමියා සමග එක්ව දින ගනනාවක් මහන්සි වි තැනු ගඩොල් පොරනුව සාර්ථකව පිලිස්සී තම හීන ටිකෙන් ටික මල් ඵල ගැන්වි එන්නේ යැයි සිතේ වු මහත් ප්රිතියද සමගිනි.ටිකින් ටික කරුවල වැටුනද මායියා ආහාර පිසීමේ කටයුතු නිම වි නොතිබුනි.මුලුතැන් ගෙට ගලා ආ අදුර නිසා කුප්පි ලාම්පුව දැල්විමේ අදිටනින් මායියා ලාම්පුව ගෙන බුමිතෙල් වක් කරන්නට බුමිතෙල් බෝතලය ගත්තද බුමිතෙල් ඉවර වී තිබුනි.ඉයුම් පිහුම් කටයුතු මග අත හැර කඩේට යැමට නොහැකි නිසා මායියා තම දියණියට මුදල් දී බෝතලයද දී ඉක්මනින් කඩේට ගිහින් එන්නට පැවසුහ.පුංචි දියණියද බෝතල් කටේ බැද තිබුන ලණු කෑල්ල පුංචි ඇගිලි අතර පටලවා ගෙන ගෙදරින් පිටත් වුහ.
                             
                                   කඩේට යන අතර මග පාරේ කිසිදු ගෙයක් පිහිටා නොතිබුනි.ගෙදර සිට පාරට බැස්ස තැන සිට පොඩියට පාර දෙපස තිබුන ලදු කැලැවට පසුව හමුවන්නේ අලුත ඉපදුන වි කරලින් බබලන වෙල් යායකි.මේ පාර දිගට විවිධ කුරුල්ලන්ගේ ශබ්ධ හැරුන කොට මිනිස් කට හඩක් නොවිය.පුංචි දියණිය කිසිදු බියක් නැතිව කඩේට ගොස් බුමිතෙල් ගෙන ගෙදරට එන්නට පිටත් වුනි.ටික වේලාවකින් දියණිය දුටුවේ අප්පු සීයා පාරේ ගසක් යට ඉදගෙන සිටිනවාය .ඇය ඔහු හා කතා කරන්නට වුහ.ටික වේලාවකින් දියණිය ආ ගිය විස්තර අසා දැන ගත් අප්පු සීයා

 "මම යන්නේත් උඹ ලගේ දිහා නොවැ" කියා

                            දැරිය සිය දෝතින් වඩාගෙන වෙරි මර ගාතින් වැනි වැනි වෙලට බැස්සේය.පුංචි දියණිය තමාගේ ගෙදරට යන පාර වෙලෙන් වැටි නැති බව දැනුනද අප්පු සීයා හට තිබු ලෙන්ගතු කම නිසාම ඔහුගේ විහිලු තහලු වලට ඇය සමගින් සිනා සිසි අලුත ඉපදුන වී කරල් අතරින් අප්පු නොපෙනී ගියේය.
             
                            තම දියණිය මෙපමණ පරක්කු වුයේ මන්දැයි හිතේ උපන් බයින් හුනු අත්තක් පත්තු කරගත් මායියා තම පුතුවද ඇකයේ හොවාගෙන පාරට බැස්සේය. ටික දුරක් ගිය තැන ටවුමට ගිය සැමියාගේ බයිසිකලය දුටු මායියා වහා නවතා හැඩු කදුලින් තමන් දියණිය කඩේ පිටත් කල බවත් ඇය නැවත නොපැමිණි බවත් කීවේය.බයිසිකලය හරවා ගත් සිරි මායියාවද කැටුව සිල්ලර කඩයට ගොඩ වැදුනි නමුත් මුදලාලි පැවසුවේ දියණිය බුමිතෙල් රැගෙන ගොස් බොහෝ වේලාවක් ගත වී ගොස් ඇති බවය.නැවතත් බයිසිකලයට නැගි ඔහුන් කෙලින්ම ගියේ ගඩොල් පොරණුව අයිතිකාර මහත්තයා හමුවිමටය.මහත්තයා සිරි ගැන තිබු පැහැදිම නිසාම ඔහුන්ව කැටුව ටවුමේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ලියන ලදි....නමුත් රාළ හාමි පැවසුයේ රාජකාරි ඉටු කිරිමට තමන් හෙට උදැසනම පැමිණෙන බවටය.මායියා හැඩු කදුලින්මය.නැවත නිවසට පැමිණි මහත්තයා තවත් පිරිමි මෙහෙකරුවන් තුන් හතර දෙනෙක්ව රැගෙන මායියත් දරුවත් ගෙදරට ඇරලවා සිරිත් කැටුව හුනු අතු කිහිපයක් බැද කැලය පුරාත් වෙල් යාය පුරාත් සොයන්නට වුයේ ඇය අතර මන් වි ඇත්නම් සොයා ගන්නට පුලුව වේ යැයි සිතාය..............................................................................                                                     මායියා පුතුව නිදි කර නෙත් අයා බලා සිටියේ තම දියණියට කරදරය නැතිව නැවත ගෙදර ඒමට හැකි වේ යැයි බලාපොරොත්තුවෙන්ය .විටෙක කල්පනා සාගරයේ ඇතුලටම කිමිදි තමන් දියණිය කඩේ නොඇරියා නම් කියා සිතුන විට තම දෙ අතින්  පපුවට ගසා ගනිමින් හඩන්නට විය. ******************************************************************************************************************************************************************************************************************************************************************
                    අප්පු දියණිය කැටුව වි කරල් අතරින් නොපෙනි ගියේ කොහෙද?
            සිරිත්,මහත්තයත් පාන්දර වන තුරු පුංචි දියණිය සෙවිල්ලේන් ඇය සොයා ගනිද?.
මායියා නෙත් අයා හැඩු කදුලින් පලාපොරොත්තු දල්වා සිටින්නේය,ඇයගේ බලාපොරොත්තු ඉටුවේද?                                 කුමක් සිදුවි ඇද්ද?
           මීලග කොටසින් බලපොරොත්තු වන්න.

 ප\ලි: 1985 අවුරුද්දේ සිදු වු සත්තය සිදුවීමක් ඇසුරින් මා විසින් ඔබට දැනෙන ලෙස ලියන්නට ගත් අහිංසක උත්සහයකි.යම් වැරදි අක්ෂර ගැලපීමක් වෙතොත් පෙන්වා දී යන ලෙස ඉල්ලා සිටිමි.සැමට ස්තූති!
                                      
                                                                     
මතු සම්බන්ධයි
                                                                      *** ශානු *****

17 comments:

  1. ලස්සනට ලියල තියෙනවා පුංචි දරුවට වෙච්චි දේ හිතාගන්න පුළුවන් ,,

    "ඔහුන් " කියන වචනය "ඔවුන් ලෙස වෙනස් කරන්න ,,,

    ReplyDelete
    Replies
    1. ස්තූති බදාදාට වැරැද්ද හදන්නම් ඉදගෙන....ඊලග කොටසත් කියවන්න එන්න

      Delete
  2. මේ කතාවනම් ඔක්කොම දැන ගන්න මගේ හිත උනන්දුයි දැන්නම්.. ඉක්මනට ලියාවි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු ඈ...ඉක්මනින් ලියන්නම්

      Delete
  3. වෙච්ච දේනම් හිතා ගත්ත හැකි. ඒ තරම් තිරිසන් ලෝකයක් මේක දැන්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඉදගෙන!......ඇත්ත ඉවාන් මන් මතක ඇති කාලේ ඉදන් මගේ කනේ වැටුන කතාවක් ඕක ,,,,,දැන් දැන් වෙන සිද්ධි එක්ක මට ඔය කතාව මතක් උනා...ඊලග කොටසත් බලන්න එන්න

      Delete
  4. ඊලග කොටසත් කියවමු.

    ReplyDelete
    Replies
    1. කියවමු කියවමු ඉක්මනින්

      Delete
  5. බලමු. කොහොම වුණත් මේ වගේ කතා සමාජයේ ඕනෙ තරම් ඇති. ආයෙ මේ වගේ කතා බිහි නොවෙන සමාජයක් උදා වෙන්නේ කවද්ද?

    ReplyDelete
    Replies
    1. මන් හිතන් නෑ මේ වගේ කතා අයෙත් බිහි නොවි ඉදි කියලා..නමුත් මගේ ප්‍රාර්ථනාව නම් මේ වගේ කතා අහන්න ,දකින්න නොලැබෙන දවසක්වත් උදා වෙන්න කියලා.....

      Delete
  6. වෙච්ච දේ ගැන යන්තම් හිතාගන්න පුලුවන්. ඒත් ඒ හිතන දේ වැරදිලා තිබුනොත් මන් කැමතියි. මන් නම් හිතන්නෙ මෙතන වැරැද්ද අම්මගෙයි.
    කතාව ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඉක්මනටම ඊලග ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. මාතෘකාවත් එක්ක ඔයාලා හැමෝම හිතන කතාව හරි කියලා මන් හිතනවා.ඇත්ත මේ සිද්ධියට හේතුව අම්මගේ නොසැලකිල්ල නමුත් .....අපි බලමු ඉස්සරහට ඊලග කතාව ලිය වෙන විදිහත් එක්ක...ස්තුති

      Delete
  7. අනේ මන්ද මොනව කියන්නද කියල.... අපේ රටේ තියෙන ලොකුම වැරැද්ද තමා පොඩි ලමයි පිලිබදව දෙමාපියන්ගෙ නොසැලකිලිමත් කම....

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත ගාලු

      Delete
  8. \\\\\\\\\\\\ඇත්ත මේ සිද්ධියට හේතුව අම්මගේ නොසැලකිල්ල\\\\\\\\\\

    මෙහෙම කියන්න බැහැ ශානු..අම්ම කෙනෙක් තමන්ගේ දරුවාව කොච්චර පරිස්සම් කරනවද ...? එක පොඩි නිමේශයක් ඇති දෙයක් වෙන්න..දෙයක් උනාට පස්සේ අරයට මෙයාට බැනලා වැඩක් නැහැ ....:(

    ඉතුරු ටිකත් ලියන්නකෝ...මගේ ඊළඟ පෝස්ට් එකක් දානකොට ඔයාගේ බ්ලොග් එකට ස්පොන්සර් කරලා ලින්ක් එකක් දාන්නම්..එතකොට තව කට්ටිය ඒවි බ්ලොග් එකට ......

    ReplyDelete
    Replies
    1. ඔව් සහන් අම්මාගේ අවදානය තමන්ගේ දරුවන් වෙතින් බිදුනු නිමේශයකින් හැම දේම විනාශ වෙලා යන්න පුලුවන්.........
      *** ගොඩක් ස්තූති සහන් උපකාර කරන්නට සිතුවට **

      Delete
  9. පව්. 'ධෛ' ලියන්නේ DhI ( last letter is capital i ) , සත්‍ය ලියන්නේ sath\ya

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!