Friday, January 3, 2014

36.කළු සහ සුදු හැබැහින්


                             හිතට දෙයක් තදින්ම දැනුනම ඒ වෙලාවට දැනුන දේවල් පෑනක්,කොලයක් අරන් කුරුටු ගාන එක ඉස්කොලේ යන කාලේ පුරුද්දක් වෙලා තිබුනා......ඒ යටපත් වෙලා තිබුන පුරුද්ද නැවත අවදි කරමින් දෙසැම්බර් ලංකාවට ගිය වෙලේ දහසකුත් රාජකාරි මැද වරුවක නිවාඩුවක් දාලා මම වෙනුවෙන් මළගෙදරට සහභාගි උන ඒ අපුරුතම blog මිතුරුතුමි ගැන, ඇය මුණ ගැහුනු පළමු දවසේ රෑ පුංචි කොල කෑල්ලක මන් වචන ටිකක් කුරුටු ගෑවා,ඉතින් ඒ උතුම් හිතට ස්තූති කිරිමක් වශයෙන් මේ අවුරුද්දේ පළමු පෝස්ට් එක හා හා පුරා කියලා කළු සහ සුදු අකුරු කරන ඇගේ නමින් ආරම්භ කරනවා......

                                නෙතින් දුටු නුඹ........
හැගුම් බර හිත..........
කිති කවයි සතුටු කරවමින්,හිත සනසලා..........
නොදැන සිටි නුඹ.......
නොපැතු මොහොතක ....
දුකින් බර වු දෙනෙත් අද්දර ........
පෙනෙන්නට විය......
මුවේ සිනහව නන්වලා......
දුකේ දී දුර ඇත ගිය.........
වංක මිතු කැල මගේ පසකලා..........
වැලද ගන්නෙමි දුක,සැපේදි ලගින් සිටි නුඹ............
දිනෙන් දින නුඹේ මිතුරු ගුණ සුවද.......................
හද පතුලේ මැරෙන තුරු මගේ ,,,,,,,රන්දලා.............
   
                    © ශානු 

36 comments:

  1. ලස්සන කවියක්, වාසනාවන්ත මිතුදමක්... :)

    ReplyDelete
    Replies
    1. ස්තූති බත්තියේ....ඕ..යෑස්.

      Delete
  2. ඒ මාත් ආවම එකක් ලියනෝ හොදේ..

    නිදිකුමාරි අසනීපයි කියලා හොරට ගෙදර ඉදන් මේවා තමයි කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හි..හි.. එහෙමද ආසා.............හාවා හද දකිනවා වගේ තමා ඕවා ලියවෙන්නේ ඒ නිසා අපි කස්ටිය එකතු වෙලා සින්දු කියමු අලේ...... ඔව් අෆ්ෆා වෙන මක්කා කොරන්නද.....

      Delete
  3. ශානුගෙ හිතේ තියෙන මිත්‍රත්වය පද පෙලෙන් පේනවා. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒක ඇත්ත. ආටෝප සාටෝප නෑ. සරල යි, සුන්දර යි.

      Delete
    2. @ප්‍රියා :එහෙම පේනවද?අනේ සතුටුයි ප්‍රියෝ ස්තූති
      @දිලිනි: ඔයානේ අපේ කවිකාර හපනි ඔයා කිව්ව නම් ඉතින් හරියටම හරි.ස්තූති දිලිනියෝ

      Delete
  4. හොඳයි එහෙම තමයි ගුරු ගෞරවය තියෙන්න ඕනෑ,ලස්සන පදපෙළ ශානු

    ReplyDelete
    Replies
    1. ස්තුති මාමේ......සුදුස්සාට සුදුසු ගෞරව...එකයි මෙහෙම දෙයක් හා හා පුරා කියලා කුරුටු ගෑවේ

      Delete
  5. //කළු සහ සුදු අකුරු කරන ඇගේ නමින් ආරම්භ කරනවා......///හසරැල්ගේ අක්කද?

    සුන්දර මිතුදමක් කැටිවෙච්චි පද පෙළක්...!

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි ඒ හසරැල්ගේ අක්කා....ස්තූති!

      Delete
  6. Replies
    1. සාදරෙන් පිලි ගන්නවා අහස යටට...ස්තුති

      Delete
  7. එ් කවිය හරි ලස්සනයි! :)

    ReplyDelete
  8. හසරල්ගේ අක්කා ගැනද ශානු මේ ලියලා තියෙන්නේ .......?

    ReplyDelete
  9. ඔය කියන තරං එයා හොදද අනේ.. මට නං පේන්න බෑ.. මොන වෙලෙත් කරදර කරනවා. අනං මනං කිය කිය. (මට ඇඩෙනවත් එක්ක) හැක්

    ReplyDelete
    Replies
    1. අලේ මේ මැටි පුසෝ මුණ ගැහිලම බලහන් ඒ ඇත්ති කොහොම කෙනෙක්ද කියලා....බොලාලා මෝඩ චුං දානවා ඇති,ඒ ඇත්ති ඇඩෙන්නම බනින්නේ හි...හි...හි...

      Delete
    2. අනේ මන්දා ශානු..මේ තමයි මට බ්ලොග් එකෙයි fb එකෙයි දෙකේම බනින එකම මනුස්සයා...මොන තරහකටද මන්දා..මාව පේන්න බැහැ

      Delete
  10. ලස්සන කවි සිතුවිල්ලක්... ඔවු ඇත්තමයි ! සත්තයි !

    ReplyDelete
    Replies
    1. සත්තයි! ඇත්තටම!ස්තූති මධුරංගයෝ

      Delete
  11. මිතුදමක අගය දන්නේ මිතුදමක් ඇති පුද්ගලයන් පමණි..©

    මෙය උපුටා ගැනීම සපුරා තහනම්...මෙය මා කතෘ සතුය...

    ReplyDelete
    Replies
    1. මා කතෘ අලුත් කතෘ කෙනෙක්ද අනේ?හි...හි..හි...

      Delete
  12. සොඳුරු මිතුදමක් වගේම සොඳුරු පද වැලක්... ලස්සනයි ශානු..

    ReplyDelete
    Replies
    1. ස්තූති තුශා....ඔයාත් සොදුරු සිතැත්තියෙක්

      Delete
  13. අනේ මන්දා අපේ වාසනා අක්කගේත් නරක කාලේ ලබලද කොහෙද මේ මෙයාත් එක්ක භජනේට යන්නේ ..අයියෝ සල්ලි ....මේ ගෙම්බියේ ඒ අක්කට පාඩුවේ ඉන්න දෙනවද ....බක බක බක ..:D

    ReplyDelete
    Replies
    1. එහෙමද ආසා...හා කෝ හැල ගෙම්බා

      Delete
    2. දෙන්නා රණ්ඩු වෙන්නේ නැහැ ඔන්න..ඔය දෙන්නාම මගේ හොඳම යාලුවෝ...හැබැයි මේ කෙල්ල මගේම නංගි...

      Delete
  14. ශෝක් ශෝක් ශෝක් අන්න ඔහොම තමයි යාළුවෝ වුනාම ඉන්න ඕන. අනිත් එක මේ අපේ බ්ලැක් & වයිට්ම වෙච්ච එක තවත් විශේෂයි!!!

    ReplyDelete
    Replies
    1. යාළු කමට හදවතින්ම වටිනා කමක් දෙන්න බෑ වගේ නම් යාළු කමක් ඇති කර ගන්නේ නැතුව ඉන්න කියලා අපේ සීය කියලා තියෙනවා.... හිතේ තියෙන දෙයක් මේහෙම ලියලා තියන්නේ මතකය නැති වයසක කාල්කට බලා ගන්න අෆ්ෆා....අරු නැවතත් කරලියට සන්තෝසයි

      Delete
    2. aru...බ්ලොගෙන් එහාට ගිහිල්ලා හමු වුන අය හරිම අඩුයි.ඒ වගේම මේ වගේ අපූරු සහෝදරකමක් ලැබෙන්නෙත් එහෙමත් කෙනෙක් ගෙන්.

      Delete
  15. එළ නියමෙට ලියන්න. යාළුකම සැප දුක සම බර වෙන ලෝකේ නොවෙනස්ව පවතීවා

    ReplyDelete
  16. ශානු මගේ නංගි...ඇත්තටම ඇහැට ආවේ කඳුලක්..දුකට නෙවෙයි සතුටට...ඔයාගේ මිතුදමට සහෝදර කමට මමත් හරිම ලෝබයි.ඒත්..මගේ මේ කාර්යබහුල කමත් එක්ක මට මොකුත්ම ලියාගන්න බැරි උනේ...ඉතින් මගේ නංගි..හැමදාම ආදරෙයි මම ඔයාට

    ReplyDelete
    Replies
    1. විස්තර කරන්න නොහැකි තරම්....අබ මල් රේණුවක් තරම්වත් දෙයක් බලාපොරොත්තු නොවුනු බැදීමක් අක්කෝ මේක

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!