Tuesday, December 31, 2013

35.නරි හදුනා ගැනිමේ අවුරුද්ද 2013


           තත්පර.....විනාඩි...පැය....දින....සති......මාස.....ගෙවිලා අවුරුද්දක් නිමා වෙන්න පැය ගණනක් තියෙද්දි  මේ අවුරුද්ද දිහා ආයෙත් හැරිලා බලන්න හිතුනා......
     අනිත් අවුරුදු එක්ක බලද්දී මන් හොද සිතු පැතුම්  එක්ක කොච්චර වෙනස් වෙලාද,කියලා හිතට  දැනෙද්දි නම් සතුටුයි..ඒ විතරක් නෙවේ අවංක වගේම වංක ඈයෝ බොහෝමයක් ජීවිතේට සතුට වගේම දුකත් නොඅඩුව ගෙන ආවා...ඒ එක්කම කියන්න කැමති මිනිස්සුන්ව අදුන ගන්න හොද කෝස් එකකුත් මම මේ අවුරුද්දෙදි  සම්පුර්ණ  කලා  ........හි..හි......
**********************************************************************
            මේ අවුරුද්ද පටන් ගන්නවාත් එක්කම ලොකු පට්ටමක් හෙම ලැබුනා ඒ තමා මම හා හා පුරා කියලා හා පැංචියෙක්ගේ පුංචි(පුච්චි) උන එක ඒ සතුටත්  එක්ක කියන්ට ඕනා මේ අවුරුද්දේ තමා මන් වැඩිපුරම සවාරි ගිය අවුරුද්ද....2014 නම් එහෙම වැඩියේ රවුම් ගහන්න බලාපොරොත්තුවක් නෑ...මීට වඩා වගකීම් වැඩි  වේවි  නව අවුරුද්දේ...........
    2014 දී හැම යුවලක්ම දෙන්නා තුන්දෙනා වෙන්න හදන වෙලේ  මගේ පැතුම නම් දෙන්නා හතර ,පස් දෙනා වෙන්ටයි  ඕං......හි..හි....වෙන ඉතින් ලොකු බලාපොරොත්තු වෙනස් කම් නම් නෑ අපි දෙන්නගේ මේ තියෙන සැහැලු ජිවිතේ ඉහටත් උඩින්.........  ලද දෙයින් කාටත් කරදරයක් නැතිව සතුටින් පොළවේ පය ගහලා වෙනදා වගේම නව වසරෙත් ජිවත් වෙන්න තමා ඉතින් හිතන් ඉන්නේ........
       2013 දි මට ලැබුන ආදරණීය වස්තු දෙක තමා හා පැංචයි, කළු සහ සුදු ලියන දයාබර මිතුරුතුමි (එයාගේ හමුවිම මන් පස්සේ කියන්නම් ඒක පොස්ට් කෑල්ලකින්ම ලියන්න ඕන තරමේ මගේ ජීවිතේ වැදගත් සිද්ධියක්) ඒ වගේම  මගේ හිත සසල කරපු දුක දැනුනේ 2013.12.15 ව මගේ මාමණ්ඩිගේ වියෝව දවසේදි ඒ දුක සමගම නිර්වින්දනය වෙලා තිබුනු අපේ හිත් වලට නත්තල් සැමරුමක් තිබුනේ නැති නිසා නත්තල වෙනුවෙන් ලියනවයි කිව්ව පොස්ට් එක  ලියා ගන්න බැරි උන එකටත් දුකයි.....
    බොහෝම දුර්වල අක්ෂර ලිවිමකින් පටන් අරන් මේ තත්වයට මගේ බ්ලොගය ඇදන් එන්න
 මාව දිරිමත්  කල ඔයාලා හැමෝටම පිං සිදු වෙනවා....ඒ වගේම සුපුරුදු ලෙන්ගතු කමින් නව වසරෙත්  සිනහව බෙදාගමු....ඒ විතරක් නෙවේ දැනුවත්ව කාගෙවත් හිත රිද්දවා නැති නිසා නොදැනුවත්ව  හිත් රිදිමක් මේ අවුරුද්දේ වෙලා ඇත් නම්  සමාවෙන්ට ඕනා..........(ඉවාන් පවුලුශා මගේ හිතාදර ගෙම්බාස් අයියණ්ඩි   බොට ඉහත  ජේදය අදාල නැත හි...හි..හි.. )...........
       
 2013   දී  ඉගෙන ගත්ත ලොකුම පාඩම තමා
                 ''බැටළු හම් පොරවාගෙන ඉන්න  foxලාගෙන් පරිස්සම් වීමත්..... foxහම් පොරෝගෙන ඉන්න බැටළුවන් හොදින් හදුනා  ගැනිමත්''
    *********************************************************************************************
                             ඉතින්, නව අවුරුද්දේ හමුවෙන අදිටනින් ...
 ඔයාලටත්,ඔයාලගේ පවුලේ  සැමටත් සතුට,සෞභාගය පිරි සිරි සුබ නව වසරක් වේවා!

        ප.ලි.
           මන් යාලුවෙක් එක්ක පොඩි  සංචාරයක් කොරලා නත්තල් සතියට ඉස්සරින් සතියේ ගෙදර ආවා....ඒ එක්කම මගේ මාමණ්ඩි අන්ත්‍රා  විම නිසා හදිසියේ දවස් 4 කට ලංකාවට ඇවිත් යන්න උනා. ඒකයි පේන්න හිටියේ නැත්තේ මාව හොයලා බැලුව හැමෝටම ස්තූති...ඔයාලගේ මග ඇරුන පොස්ට් ටික හෙමිට බලන්නම්  එතකම් තරහා වෙන්ට තහනම්.........

43 comments:

  1. අක්කටයි පවුලේ හැමෝටමයි අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්....

    ReplyDelete
    Replies
    1. ස්තූති නංගෝ..ඔයාටත් එසේම වේවා!

      Delete
  2. සිදුවුන කරදරය ගැන කණගාටුයි. මම හිතාන හිටියෙ අක්කා නත්තල් සැමරුම් එක්ක බිසී වෙලා කියලයි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ..!!!

    ReplyDelete
    Replies
    1. බත්තිගේ පැතුමට තුති

      Delete
  3. ශානුටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මාමා

      Delete
  4. ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි! :)

    ReplyDelete
    Replies
    1. අලි මල්ලිටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  6. සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා නාඩියා මලේ

      Delete
  7. ඉගෙන ගන්න ඕන වැදගත්ම පාඩම ඉගෙන ගත්ත එක ගැනනම් සතුටුයි අක්කේ.. මම හිතුවා පහුගිය ටිකේ නැති වෙද්දී හේතුව මොකද කියලා.. ඔය මට කියලනේ තිබුනේ.. ඒ ගැන කණගාටු වෙනවා..

    මේ අවුරුද්දේ අපි සෙට් වෙමු හොදේ..

    බොන් ආන්නෝ කාරෝ සොරෙල්ලා.. ;)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි හදිසියට මේලක්වත් දාන්න බැරි උනා......ඔයා පේන්න හිටියෙත් නෑ.............තාන්ති අගුරි පික්කොලා ෆ්‍රේතෙල්ලෝනේ

      Delete
  8. කිරි කළ ඉතිර සුබ වේවා නව වසර....!!

    ReplyDelete
    Replies
    1. සිතුම්,පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා !වර්ෂා

      Delete
  9. හොද වැඩේ ගූගල් ක්‍රෝම් නැතුව ෆයර් ෆෙක්ස් පාවිච්චි කරන නිසා තම නරි කරදර කරන්නෙ..

    සුබ වේවා..නිරෝගි වේවා..

    ReplyDelete
    Replies
    1. හි...හි...එහෙමද....?සුබ පැතුම් සැමා

      Delete
  10. මාමාන්ඩියා ගැන විස්තරේ එක්කෙනෙක් කිව්වා.. කනාගාටුයි

    එහෙනං ෆොක්ස් සීන් නැති සුනවවේ!!

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව් එයාද?හරි...හරි....
      සුබ නව වසරක් වේවා!දේශා

      Delete
  11. සුබ නව වසරක් වේවා අක්කෝ !!!! 

    (අර කිවුව කෙනා ගැන කියන්න දෙයක් තියේ. චැට් කියන්නන් හරි ^_^ )

    ReplyDelete
    Replies

    1. සුබ නව වසරක් වේවා!නංගෝ.....චැටේදි කියන්නකෝ

      Delete
  12. මොනා උනත් නරි කවුද කියල අදුනගත්ත නං සතුටුයි. ජීවිතේ හැම පාඩමක්ම එකපාර ඉගෙන ගන්න බෑනෙ. පුලුවං වෙලාවට ඇදගෙන නාල හරි කරගන්න දේ කරගන්න ඕන. මොකද එහෙම නැත්තං අපි දන්නෙ නෑනෙ මේව මේමෙයි මේමෙයි කියල නේහ්.
    ඔයාටත් වාසනාවන්ත ඔය හිතං ඉන්න හැම කැරණාවක්ම සර්ව සම්පූරණ වෙන සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ජිවිතේ වැරදෙන්න වැරදෙන්න තමා අපිට වැදගත් පාඩම් ජිවිත කාලෙදි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ....ඔයාටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  13. බලාපොරොත්තු එලෙසින්ම ඉටු වන
    සුබම සුබ නව වසරක් වේවා ශානු.

    ReplyDelete
    Replies
    1. ප්‍රියාටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  14. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නලින් අයියටත් ,පවුලේ සැමටත් සිරි සුබ නව වසරක් වේවා!

      Delete
  15. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. රෙහානිටත් ,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  16. සුභ නව වරක් වේවා..

    ReplyDelete
    Replies
    1. .ඔයාටත් එසේම වේවා!

      Delete
  17. අඩෝ සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනං !

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මන් වගේ අහිංසකයෙකුට චන්ඩි පාට් එකෙන් සුබ පැතුම්
      .......ඔයාටත් එසේම වේවා අයියේ

      Delete
    2. මේ චණ්ඩි පාට් එකෙන් යෑ.. :)

      Delete
  18. ලැබුවා වූ නව වසර ශානු අක්කට සහ කොල්ල හට සියලු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැනියෙන් ඉටුරුණු, ඉක්මනට දෙන්නට එකම කැදැල්ලක උණුසුම ලැබීමට, බස්ස සහ බස්සී පැටවුන්ගෙන් පිරුණු කැදැල්ලකට හිමිකම් කීමට හැකිවන.... ඉගෙනීම් කටයුතු වලින් ඉදිරියටම යන.... සුභම සුභ නව සවරකට ආසිරි පතන්නේ...

    ♥ගාලු සහ දෝණි ඇතුලු පවුලේ සැම....♥

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දෝණිටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  19. ඔන්න ඉස්සෙල්ලම සුභ පැතුවා අලුත් පට්ටමට...
    ඊට පස්සේ...
    සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන සුභ නව වසරක් වේවා කියලත් පැතුවා....

    ReplyDelete
    Replies
    1. රන්දුටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  20. ශානු ආන්ටිට සුබ අලුත් අවුරුද්දක් වේවා.....අපි පාලුවෙන් හිටියේ ගෙම්බි නැතුව මේ දවස් ටිකේ...බ්ලොග් පුරාවටම බක බක සද්දේ නවතිලානේ තිබ්බේ....

    සිදුවුණු කරදර වලට මාගේ කණගාටුව පිළිගන්න.

    එහෙනම් දැන් ආයෙමත් බක් බක ගාපන් ගෙම්බියේ

    ReplyDelete
    Replies
    1. හි....හි...... අනේ යනවා යන්ඩ ගෙබි බට්ටා

      Delete
  21. සුබ නව වසරක් වේවා ඔයාට....

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් ඔයාටත් පවුලේ සැමටත් සයුරියේ

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!