![]() |
හා පුංචා |
පුංචිගේ හා පුංචෝ ඔයා අම්මගේ කුසේ වැඩෙන්න පටන් අරන් කියලා ඩොක්ටර් අංකල් අම්මටයි,තාත්තාටයි කිව්වට පස්සේ ඒ සුභ ආරංචිය තුන් වෙනියට දැන ගත්තේ ඔයාගේ පුංචී .....එදා ඉදන් ඔයා ඉපදෙනකම් පුංචි ඔයාව දකින්න හීන මැව්වා, බාරහාර උනා හැමදාම හවසට ඔයාගේ අම්මගෙන් පුංචි ඔයා ගැන විස්තර ඇහැව්වා.ඔයා අම්මගේ කුසේ දගකම් කරලා කරලා ගිය අවුරුද්දේ අද වගේ දවසක අපි අතරට ආවා......එදා මම වැඩ කර කර ඉද්දී ඔයාගේ සීයා මට කෝල් කරලා කිව්වා ඔයාගේ අම්මට ලස්සන පැංචෙක් හම්බෙලා කියලා ඒ ලස්සන,දග පැංචා ඔයා..ඔයා දවසින් දවස ලොකු වෙනවා පුංචි,සීයා,ආච්චි බලා උන්නේ skype එකේ පිහිටෙන් , එහෙම්ම ගෙවිලා ගිය මාස 7 කට පස්සේ හා පුංචයි,අම්මයි,තාත්තයි ලංකාවට ගියා.ඉතින් හා හා පුරා කියලා පුංචි ඔයාව අතට ගත්තේ ඔයා මාස 7දි ලංකාවෙදි ඔයා එතකොට චුටි පැටියෙක් .....පුංචි වැඩි පුරම කලේ ඔයා එක්ක සෙල්ලම් කරන එක,හුරතල් කරන එක ඒ විතරක් නෙවේ පුංචි ඔයාව නාවලත් තියෙනවා.හැමදාම උදෙන්ම නැගිටලා ඔයාව හුරතල් කරලා තමා ලංකාවෙදි හැමෝම වැඩ පටන් ගත්තේ.පුංචි ඔයා වෙනුවෙන් සින්දු,කතන්දර උගුර ලේ රහ වෙනකම් කිව්වේ කියා ගන්න බැරි තරමේ ලොකු ආදරයකින් ,ආසාවකින් පුංචිගේ හිතේ ඔයා ගැන තියෙන හැගිම විස්තර කරන්න වචන පුංචි ලග නෑ මගේ හා පැංචෝ.......
අකුණක එලිය වැටෙන වේගෙකින් ගත වෙච්ච අවුරුද්ද පුරාවට හා පැංචාගේ විසේකාරකම්,වැඩ ඇරිලා ගෙදර ආව ගමන් skype එකෙන් බලන එක දැන් ජීවිතේම කොටසක් වෙලා ඉවරයි.හා පුංචෝ ගොඩක් අය කියනවා අපි දෙන්නා එක වගේලු වෙන්න ඇති ඔයා දග වැඩ කරද්දි ඔයාගේ ආච්චි පුංචි පොඩිකාලේ කරපු දග වැඩ කියනවා.ඒවා හරිම සමානයි :)"""""හා පුංචෝ ඔයා ටික ටික ලොකු වෙනවා හැමදාම ඔයා පැංචෙක් වගේ ඉන්නේ නෑනේ ඉතින් ඔයාගේ පුංචි හැමදාම වගේ අදත් ඔයාගේ පළමු වෙනි උපන් දිනේට ප්‍රාර්ථනා කරනවා ඔයා ලොකු උනාම ඔයාගේ අම්මා තරම්ම සෙනෙහෙබර හොද කීකරු කෙනෙක් වෙන්න ඕනා ඒ වගේම තාත්තා තරම් දයාබර සිතැත්තියක් වෙන්න ඕනා.....කියල.
සුබම සුබ උපන් දිනයක් වේවා හා පුංචෝ!!
ප:ලි: පුංචිගේ බ්ලොග් පොතේ එක පිටුවක ඔයා නමින් දෙයක් ලියන්න හිතුවේ මගේ හා පුංචෝ ඔයා පුංචිගේ හදවතේ එක කොටසක් නිසයි,ඔයාට සුබ පැතුම් ගේන පුංචිගේ හිතවත් යාළු ඇන්ටිලා,අංකල්ලගේ සුබ පැතුම් ඔයාගේ ජීවිතේට සෙතක් ගෙනේවි කියල හිතලයි....ඒ විතරක් නෙවේ තව අවුරුදු ගාණකට පස්සේ හා පුංචට තේරෙන වයසෙදි මේ සුට්ටි සටහන කියවයි,ඒ කියවලා එදාට ඔය චුට්ටි මුව පොඩිත්තට සිනහවක් ආවොත් පුංචි එදාට සතුටු වේවි...........
හා පුංචාට සුබ ම සුබ උපන්දිනයක් වේවා!
ReplyDeleteස්තූති දිලිනියෝ
Deleteශානුගේ හා පුංචාට නිදුක් නිරෝගී චිර ජීවණය පතනවා.. :)
ReplyDeleteශානුගේ හා පුංචෙක් හරි හා පැංචියෙක් හරි දකින්න තව ගොඩක් කල් යන්නේ නැති වෙයි මහිතේ.. හික්ස් :)
ප්රාර්ථනයට ස්තූතී තව අවුරුද්දක් යයි මයේ හිතේ හි...හි...හි....
Deleteශා මරුනේ... !!!
Deleteඒකනේ .....ඒකනේ......
Deleteමට හිතෙන්නේ මේ යන විදිහට ලබන අවුරුද්දේ කේක් කෑල්ලක් කන්න ලැබේවි !
Deleteනියමයි... මට නං කේක් විතරක් මදී... !
කොහොමද හරියටම කිව්වේ ඉදගෙන.....ලංකාවට ආවම ගෙවල් පැත්තේ එන්නකෝ එහෙනම්
Deleteඅනිවාර්යෙන්ම එන්නම්.... ගෙට්ටුවකදී හරි සෙට් වෙන්නේ නැතෑ.. :)
Deleteහා පුංචාට සුබම සුබ උපන් දිනයක් වේවා :) :) :) :) :)
ReplyDeleteස්තූති අලි මලේ
Deleteහා පැංචිට සුභ උපන්දියයක් වේවා..
ReplyDeleteමල මගුලයි කිව්වා මම අද වෙනකං හිතාන හිටියේ මේ හාපැංචිගේ මාමා කියල නෙව... හැක් හැක්..
ස්තූතී සීයේ හි..හි..හි...
Deleteඈ බොලාලා මන්ද බුද්ධික වේගන එනවද?
හැක් හැක්.. මන්දබුද්ධික බාවයෙන් ඉවත් උනා..
Deleteහෙහ්...හෙහ්.... බොහොම අගෙයි....
Deleteඔන්න පුතේ ගාලු මාම යි දෝණි නැන්දයි හා පැංචට සුභ සුභ උපන් දිනයක් පතනව...
ReplyDeleteඔන්න පුතේ මාම නෙමෙයි... අයියා..
මම කවුද පුතේ...
හා පැංචා.. මාම
මම... නෑ පුතේ අයියා..
කවුද??
හා පැංචා.. මාමාමාම
අයියා මාමටයි,දෝණි නැන්දටයි බොහෝම ස්තූති...දවසක ඔයාලා දෙන්නටත් ලස්සන පැංචෙක් හරි පැංචියෙක් හරි ජීවිතිට එකතු වේවායි පතමි
Deleteඅපෝ දැම්ම බදින්න බැරියෝ... පේන්නෙ නැතැයි සෑමට වෙච්චි හරිය....
Deleteදැන් කොහොමත් ශානු ඔයාගේ පැංචා කවද්ද එන්නේ....
බැන්දම කාගෙත් ඉරණම ඔහොම තමා..හි..හි..හි... ගණන් ගන්න එපා මල්ලි....
Deleteහා පුංචට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteහා පුංචා ගැන මම මුලින්ම දැන ගත්තේ, මම ලියපු කතා ශානු හා පුංචට කියනවා කියලා කියපු දවසේ..
ඔයා ලොකු උනාම අම්මා තරම්ම සෙනෙහෙබර හොද කීකරු කෙනෙක් , ඒ වගේම තාත්තා තරම් දයාබර සිතැත්තියක් වෙන්න ඕනා වගේම පුංචි වගේ දක්ෂ, සුන්දර හිතක් තියෙන හා පැංචියක් වෙන්න කියලා මුළු හදවතින්ම සුබ පතනවා...
ස්තූති තුශා......හා පුංචා මම කියන දේවල් එක විදිහට ඉදන් අහන් ඉන්නවා ඒ අතර තුර තමා මම කතන්දර කියන්නේ........අනිත් වෙලාවට එයා හරි දග මල්ලක් තුශා
Delete
ReplyDeletehaa punchaata suba upandinyak saha waasanaawantha anaagathayak pathanawa shaanu akko!!!
ස්තූති බස්සි නංගෝ..
Deleteහා පුංචට සුභ උපන්දිනයක් කියන්න දිනේෂ් මාමත් එනෝ හොදේ..
ReplyDeleteහා හා...දිනේශ් සීයත් එන්නෝකෝ...
Deleteහා පුංචාට හැපී බර්ත්ඩේ ....දැන් කවද්ද ශානුගෙ පුංචාට අපි විශ් කරන්නේ
ReplyDeleteස්තූති ඉවාන් ..ලගදිම දවසක් ඒවි.....එතකොට විශ් කරලා නම් මදි රජෝ......මොනා හරි එවන්නත් වේවි හි..හි...හි
Deleteචූටි දෝණි පැටියට සුභම සුභ වාසනාවන්ත උපන්දිනක් වේවා
ReplyDeleteස්තූති ප්‍රියෝ...
Deleteපුංචි දෝණිට සුබ ම සුබ උපන්දිනක් වේවා
ReplyDeleteස්තූති නලින් අය්යේ ඔයාලගේ පැතුම හා පුංචට අශිර්වාදයක් වේවි
Deleteපුංචි පැටියට සුභ උපන්දිනයක් වේවා...!
ReplyDeleteස්තූති උමේෂ්....
Deleteදෝණිට සුබ ම සුබ උපන්දිනක් වේවා
ReplyDeleteස්තූති රෙහානියෝ
Deleteදෝණිට හැපී බර්ත්ඩේ අපෙනුත් ඔන්න...!!!
ReplyDeleteරාගමයා සාදරෙන් මේ පැත්තට පිලි ගන්නවා එහෙනම්.....ස්තූති හොදේ
Deleteපුංචි දෝණිට සුබම සුබ උපන් දියක් පතනවා ශානු මම... හරිම හුරතල් වයසේ නේද ඉන්නේ ... :)
ReplyDeleteස්තූති සහන් මේ පැංචා හරිම දග මල්ලක්
Deleteපුංචි Dhoni ට සුභ උපන් දිනයක් ලු ඔන්න හොදේ....
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිළි ගන්නවා...පැතුමට ස්තූති
Deleteharima lassana punchek. suba upandinayak wewa !!!
ReplyDeleteස්තූති සයුරි :) ඔයාගේ පැතුමට
Deleteහා හා හරි හාවා
ReplyDeleteහබුන් කටක් කෑවා......
පොඩිත්තිට සුබ උපන් දිනයක්!!
හා..හා...හරි හාවා.......මෙයා ආසම සිංදුවක් අරූ....ඔබේ පැතුමට තුති
Delete