Tuesday, January 7, 2014

37.පුංචිගේ හා පුංචා

                   
                                  හා පුංචා
   පුංචිගේ හා පුංචෝ ඔයා අම්මගේ කුසේ වැඩෙන්න පටන් අරන් කියලා ඩොක්ටර් අංකල්  අම්මටයි,තාත්තාටයි කිව්වට පස්සේ ඒ සුභ ආරංචිය තුන් වෙනියට දැන ගත්තේ ඔයාගේ පුංචී .....එදා ඉදන් ඔයා  ඉපදෙනකම්  පුංචි ඔයාව දකින්න හීන මැව්වා, බාරහාර උනා හැමදාම හවසට ඔයාගේ අම්මගෙන් පුංචි ඔයා ගැන විස්තර ඇහැව්වා.ඔයා අම්මගේ කුසේ දගකම් කරලා කරලා ගිය අවුරුද්දේ අද වගේ දවසක අපි අතරට ආවා......එදා මම වැඩ කර කර ඉද්දී ඔයාගේ සීයා මට කෝල් කරලා කිව්වා  ඔයාගේ අම්මට ලස්සන පැංචෙක් හම්බෙලා කියලා ඒ ලස්සන,දග පැංචා ඔයා..ඔයා දවසින් දවස ලොකු වෙනවා පුංචි,සීයා,ආච්චි බලා උන්නේ skype එකේ පිහිටෙන් ,  එහෙම්ම ගෙවිලා ගිය මාස 7  කට පස්සේ  හා පුංචයි,අම්මයි,තාත්තයි ලංකාවට ගියා.ඉතින් හා හා පුරා කියලා පුංචි  ඔයාව අතට ගත්තේ ඔයා මාස 7දි ලංකාවෙදි ඔයා එතකොට  චුටි පැටියෙක් .....පුංචි වැඩි පුරම කලේ ඔයා එක්ක සෙල්ලම් කරන එක,හුරතල් කරන එක ඒ විතරක් නෙවේ පුංචි ඔයාව නාවලත් තියෙනවා.හැමදාම උදෙන්ම නැගිටලා ඔයාව හුරතල්  කරලා තමා ලංකාවෙදි හැමෝම වැඩ පටන් ගත්තේ.පුංචි ඔයා වෙනුවෙන් සින්දු,කතන්දර උගුර ලේ රහ වෙනකම් කිව්වේ කියා ගන්න බැරි තරමේ  ලොකු ආදරයකින් ,ආසාවකින් පුංචිගේ හිතේ ඔයා ගැන තියෙන හැගිම විස්තර කරන්න වචන පුංචි ලග නෑ මගේ හා පැංචෝ.......
                   අකුණක එලිය වැටෙන වේගෙකින්  ගත වෙච්ච අවුරුද්ද පුරාවට හා පැංචාගේ විසේකාරකම්,වැඩ ඇරිලා ගෙදර ආව ගමන් skype එකෙන් බලන එක  දැන් ජීවිතේම කොටසක් වෙලා ඉවරයි.හා පුංචෝ ගොඩක් අය කියනවා අපි දෙන්නා එක වගේලු  වෙන්න ඇති ඔයා දග වැඩ කරද්දි ඔයාගේ ආච්චි පුංචි පොඩිකාලේ  කරපු දග වැඩ කියනවා.ඒවා හරිම සමානයි :)"""""හා පුංචෝ ඔයා ටික ටික ලොකු වෙනවා හැමදාම ඔයා පැංචෙක් වගේ ඉන්නේ නෑනේ ඉතින් ඔයාගේ පුංචි හැමදාම වගේ අදත් ඔයාගේ පළමු වෙනි උපන් දිනේට ප්රාර්ථනා කරනවා ඔයා ලොකු උනාම ඔයාගේ අම්මා තරම්ම සෙනෙහෙබර හොද කීකරු කෙනෙක් වෙන්න ඕනා ඒ වගේම තාත්තා තරම් දයාබර සිතැත්තියක් වෙන්න ඕනා.....කියල.

                 සුබම සුබ උපන් දිනයක් වේවා හා පුංචෝ!!

ප:ලි: පුංචිගේ බ්ලොග් පොතේ එක පිටුවක ඔයා නමින් දෙයක් ලියන්න හිතුවේ මගේ හා පුංචෝ ඔයා පුංචිගේ හදවතේ එක කොටසක් නිසයි,ඔයාට සුබ පැතුම් ගේන  පුංචිගේ හිතවත් යාළු ඇන්ටිලා,අංකල්ලගේ සුබ පැතුම්  ඔයාගේ ජීවිතේට සෙතක් ගෙනේවි කියල හිතලයි....ඒ විතරක් නෙවේ තව අවුරුදු ගාණකට පස්සේ හා පුංචට තේරෙන වයසෙදි මේ සුට්ටි සටහන කියවයි,ඒ කියවලා එදාට ඔය චුට්ටි මුව පොඩිත්තට සිනහවක් ආවොත් පුංචි එදාට  සතුටු වේවි...........
     
  

45 comments:

  1. හා පුංචාට සුබ ම සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  2. ශානුගේ හා පුංචාට නිදුක් නිරෝගී චිර ජීවණය පතනවා.. :)
    ශානුගේ හා පුංචෙක් හරි හා පැංචියෙක් හරි දකින්න තව ගොඩක් කල් යන්නේ නැති වෙයි මහිතේ.. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනයට ස්තූතී තව අවුරුද්දක් යයි මයේ හිතේ හි...හි...හි....

      Delete
    2. ඒකනේ .....ඒකනේ......

      Delete
    3. මට හිතෙන්නේ මේ යන විදිහට ලබන අවුරුද්දේ කේක් කෑල්ලක් කන්න ලැබේවි !
      නියමයි... මට නං කේක් විතරක් මදී... !

      Delete
    4. කොහොමද හරියටම කිව්වේ ඉදගෙන.....ලංකාවට ආවම ගෙවල් පැත්තේ එන්නකෝ එහෙනම්

      Delete
    5. අනිවාර්යෙන්ම එන්නම්.... ගෙට්ටුවකදී හරි සෙට් වෙන්නේ නැතෑ.. :)

      Delete
  3. හා පුංචාට සුබම සුබ උපන් දිනයක් වේවා :) :) :) :) :)

    ReplyDelete
  4. හා පැංචිට සුභ උපන්දියයක් වේවා..

    මල මගුලයි කිව්වා මම අද වෙනකං හිතාන හිටියේ මේ හාපැංචිගේ මාමා කියල නෙව... හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතී සීයේ හි..හි..හි...
      ඈ බොලාලා මන්ද බුද්ධික වේගන එනවද?

      Delete
    2. හැක් හැක්.. මන්දබුද්ධික බාවයෙන් ඉවත් උනා..

      Delete
    3. හෙහ්...හෙහ්.... බොහොම අගෙයි....

      Delete
  5. ඔන්න පුතේ ගාලු මාම යි දෝණි නැන්දයි හා පැංචට සුභ සුභ උපන් දිනයක් පතනව...

    ඔන්න පුතේ මාම නෙමෙයි... අයියා..

    මම කවුද පුතේ...

    හා පැංචා.. මාම

    මම... නෑ පුතේ අයියා..
    කවුද??

    හා පැංචා.. මාමාමාම


    ReplyDelete
    Replies
    1. අයියා මාමටයි,දෝණි නැන්දටයි බොහෝම ස්තූති...දවසක ඔයාලා දෙන්නටත් ලස්සන පැංචෙක් හරි පැංචියෙක් හරි ජීවිතිට එකතු වේවායි පතමි

      Delete
    2. අපෝ දැම්ම බදින්න බැරියෝ... පේන්නෙ නැතැයි සෑමට වෙච්චි හරිය....

      දැන් කොහොමත් ශානු ඔයාගේ පැංචා කවද්ද එන්නේ....

      Delete
    3. බැන්දම කාගෙත් ඉරණම ඔහොම තමා..හි..හි..හි... ගණන් ගන්න එපා මල්ලි....

      Delete
  6. හා පුංචට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...

    හා පුංචා ගැන මම මුලින්ම දැන ගත්තේ, මම ලියපු කතා ශානු හා පුංචට කියනවා කියලා කියපු දවසේ..

    ඔයා ලොකු උනාම අම්මා තරම්ම සෙනෙහෙබර හොද කීකරු කෙනෙක් , ඒ වගේම තාත්තා තරම් දයාබර සිතැත්තියක් වෙන්න ඕනා වගේම පුංචි වගේ දක්ෂ, සුන්දර හිතක් තියෙන හා පැංචියක් වෙන්න කියලා මුළු හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූති තුශා......හා පුංචා මම කියන දේවල් එක විදිහට ඉදන් අහන් ඉන්නවා ඒ අතර තුර තමා මම කතන්දර කියන්නේ........අනිත් වෙලාවට එයා හරි දග මල්ලක් තුශා

      Delete

  7. haa punchaata suba upandinyak saha waasanaawantha anaagathayak pathanawa shaanu akko!!!

    ReplyDelete
  8. හා පුංචට සුභ උපන්දිනයක් කියන්න දිනේෂ් මාමත් එනෝ හොදේ..

    ReplyDelete
    Replies
    1. හා හා...දිනේශ් සීයත් එන්නෝකෝ...

      Delete
  9. හා පුංචාට හැපී බර්ත්ඩේ ....දැන් කවද්ද ශානුගෙ පුංචාට අපි විශ් කරන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූති ඉවාන් ..ලගදිම දවසක් ඒවි.....එතකොට විශ් කරලා නම් මදි රජෝ......මොනා හරි එවන්නත් වේවි හි..හි...හි

      Delete
  10. චූටි දෝණි පැටියට සුභම සුභ වාසනාවන්ත උපන්දිනක් වේවා

    ReplyDelete
  11. පුංචි දෝණිට සුබ ම සුබ උපන්දිනක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූති නලින් අය්යේ ඔයාලගේ පැතුම හා පුංචට අශිර්වාදයක් වේවි

      Delete
  12. පුංචි පැටියට සුභ උපන්දිනයක් වේවා...!

    ReplyDelete
  13. දෝණිට සුබ ම සුබ උපන්දිනක් වේවා

    ReplyDelete
  14. දෝණිට හැපී බර්ත්ඩේ අපෙනුත් ඔන්න...!!!

    ReplyDelete
    Replies
    1. රාගමයා සාදරෙන් මේ පැත්තට පිලි ගන්නවා එහෙනම්.....ස්තූති හොදේ

      Delete
  15. පුංචි දෝණිට සුබම සුබ උපන් දියක් පතනවා ශානු මම... හරිම හුරතල් වයසේ නේද ඉන්නේ ... :)

    ReplyDelete
    Replies
    1. ස්තූති සහන් මේ පැංචා හරිම දග මල්ලක්

      Delete
  16. පුංචි Dhoni ට සුභ උපන් දිනයක් ලු ඔන්න හොදේ....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළි ගන්නවා...පැතුමට ස්තූති

      Delete
  17. harima lassana punchek. suba upandinayak wewa !!!

    ReplyDelete
    Replies
    1. ස්තූති සයුරි :) ඔයාගේ පැතුමට

      Delete
  18. හා හා හරි හාවා
    හබුන් කටක් කෑවා......

    පොඩිත්තිට සුබ උපන් දිනයක්!!

    ReplyDelete
    Replies
    1. හා..හා...හරි හාවා.......මෙයා ආසම සිංදුවක් අරූ....ඔබේ පැතුමට තුති

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!