සර්,චතුරංගවත් සම්පවත් කනින් ඇදගෙන යන අඩි පාරේම අරුණව අල්ලගෙන මමත් ,පී.ටි. මිසුත් ඔපීසිය ලගට ගියා විතරයි සර් දඩි බිඩියට දෙන්නගෙම කන් දෙක අත ඇරලා
"දණ ගහපියව් මෙතන" කියලා,මැඩම් ලගට ගියා.
අරුණයා කෙදිරි ගාන අස්සේ පී.ටී. මිස්,
"රිදෙනවද පුතා"කියලා අහනවා.......
අරුණයා පේන ඇහෙන් මන් දිහා බල බල අඩනවා..........ඕංං ටිකකින් සර් ඇවිත් අරුණව අරන් ඉස්පිරිතාලේ යන්න පිටත් උනා,ඒ එක්කම වේවැලත් එහාට්ට මෙහාට්ට වන වන මැඩම් අපි හිටපු තැනට ආවා.මන් දිහා හැරිලා
"ඔය ළමයා මොකද?"
ඔන්න ඉතින් එදා පුංති මගේ වචන ටැපලි ටැපලි වෙච්ච සිද්දිය මැඩම්ට කිව්වම,මැඩම් මට පන්තියට යන්න කිව්වා .... ඒ එක්කම මට ඇහුනේ මැඩම් තරහින්
"තමුසෙලා දෙන්නට සමාවක් නෑ " කියනව විතරයි
එතනින් එහාට එතැන සිද්ධ වෙච්ච කිසි දෙයක් මම දන්නේ නෑ
************************************************************************************
මම පන්තියට එද්දි අපේ ගණන් පීරියඩ් එකේ බාගයක් ගිහින් ,ගණන් මිස්ටත් වෙච්ච සිද්ධිය කියලා ඉදගෙන ගණන් හැදුවත් චතුරංග ගුටි කනවා ඇති කියලා දුකකුත්,අරුණයාගේ ඇහැ පෙනෙන්නේ නැති වේවි කියලා මූසල සිතුවිල්ලකුත් සම්පා මැඩම්ගෙන් ගුටි කනවා ඇති කියලා සතුටකුත් හිතේ වරි වර රජ කම් කරද්දි පොතේ ගණන් හදන්න යට වෙලා ටික වෙලාවක් ගියා......
"ආ තමුසෙලා දෙන්නා ...එනවා ඇවිත් ඉදගෙන ගණන් ටික හදනවලා".
"මැඩම් තමුසෙලා දෙන්නට සලකන්න ඇතිනේ......
කින්ඩි හිනාවක් මවාගෙන ගණන් මිස් එහෙම කියද්දි චතුරංග බිම බලන් ඇවිත් මන් ලගින් ඉද ගත්තා....සම්පත් ඌ හිටපු කණ්ඩායමේ ඉදගත්තා.....ගණන් පිරියඩ් එක ඉවර වෙනකම් කිසි විස්තරයක් කතා කරන් නැතුව හිටපු අපි පීරියඩ් එක ඉවර වෙලා මිස් පන්තියෙන් එලියට බහිද්දි මම චතුරන්ගයගෙන්, "මොකද උනේ කියලා ඇහැව්වා.චතුරංග අත පෙන්නුවා...වේවැල් පාරවල් රතුවට අල්ලේ ඇදිලා,චතුරංග ටිකකින් කිව්වා "මම ආයෙත් ඉස්කෝලේ එන්නේ නෑ කියලා" එත් එහෙම උනේ නෑ.චතුරංග ඉස්කෝලේ ආවා.චතුරංගගෙයි,සම්පගෙයි අම්මලා පහු වෙනිදා ඉස්කෝලෙට ආවා මතකයි ..මොනා උනාද කියලා මතකයේ නෑ....අපි අරුණව බලන්න ගියෙත් නෑ අපිට ඒ දවස් වල එහෙම යන්න හිතුන් නැත්තේ ඇයිද මන්දා ........
ඔහොම්ම මාසයක් විතර ගෙවිලා උදාවුන සදුදාවක අපි උදේ රෑස්වීමට ගිහින් පන්තියට ඇවිත් පන්ති බාර මිස් නාම ලේඛනය ලකුණු කරද්දි අරුණ අම්මයි,අක්කයි එක්ක බුලත් අතකුත් අරන් පන්තියට අවා මමයි චතුරංගයි හිතුවේ අරුණ ගොඩක් කාලෙකට පස්සේ පන්තියට ආව නිසා බුලත් අතක් ගෙනත් මිස්ට වදින්න වෙන්න ඇති කියලා,එත් අපි වැරදි, එදා අරුණව,අම්මා ඉස්කෝලෙන් අස් කරගෙන වෙන ඉස්කෝලෙකට දාන්න යන්න ඇවිත් තිබුනේ .....ම්....ම්...ම්.......මට තාමත් අද වගේ මතකයි අරුණගේ ඇහැ වටේට බැට් එකේ පාර කළුවට එදා පෙනුනා.....අරුණ අපි ලගට ඇවිත්
"මම අලුත් ඉස්කෝලෙකට යනවනේ"
" අපි ආයෙත් හම්බ වෙයිද බන්" චතුරංගයා අරුණගෙන් අහනවා......
(මේ මට ජීවිතේට අමතක වෙන්නේ නැති අපේ අන්තිම මොහොතේ ඇහුන වචන ටික)
ඇත්තටම එදා මන් මොකුත් කතා කලේ නෑ,මට දුකයි
*********************************************************************************
අරුණ ඉස්කෝලෙන් ගියේ සම්ප නිසා කියලා එදා මගේ හිතේ තදින්ම කා වැදිලා තිබුනා ඒ රිටන් එක සම්පට දෙන්න ඕන කමක් තිබුනට ප්රින්සිපල් මැඩම් ගාවට යන්න මම බය උනා...... හැබැයි ඉතින් "කොකාට වාරයක් ආවා නම් තිත්තයටත් අනිවා වාර දෙකක්වත් එනවා" කියන්නා වගේ දවසක් ඉස්කෝලෙන් පස්සේ මමයි තව ගැණු ළමයෙකුයි පන්තිය අතු ගාන්න පටන් ගත්තා විතරයි සම්පා අනිත් කොල්ලෝ එක්ක එකතු වෙලා කොල ඉරලා අතුගාපු දිහාට විසික් කරන්න ගත්තා, සම්පගේ හොම්බට අනින්න හිතාගෙන සම්පා ලගට බනින්න ගියාම මු මගේ කොලර් එකෙන් ඇදලා කොලර් එක ඉරලා දැම්මේ නැතෑ....එදා ඉරිච්ච කොලර් එක පිටින්ම අඩාගෙන ගෙදර ආවා, මේ සිද්ධිය ගෙදරින් දැන ගත්තම නම් එයාලගේ තීරණේ උනේ මාව බාලිකාවකට තල්ලු කරලා දාන්න.එහෙම කොහොමද ? නිකන්ම බාලිකාවකට යන්නේ සම්පට මොකුත් නොකර එහෙම මගේ පුංචි හිතට දරුණුවට හිතුනා.දවස් සති එකින් එක පෙරලිලා 1 වාරය ඉවර වෙද්දි මට බාලිකාවකට යන්න නැකතත් උදා උනා.....
තුන් වෙනි වාරය පටන් ගන්නවා එක්කම දවස් තුනකින් මට බාලිකාවකට යන්න දින නියම වෙලා තියෙද්දි,හිටපු ඉස්කෝලෙන් අස් වෙන දිනේට ඉස්සරින්දා හවස ඉස්කෝලේ ඉවර වෙලා සම්පව අවුස්ස ගත්තා....හෙට ඉස්කෝලෙන් අස්වෙන ෆිට් එකත් අරන් සම්පව තල්ලුත් කරා.....
සම්පා .....උඹට මම ......කියලා
ඇවිත් මගේ කොන්ඩෙනුයි, ටයි පටියෙනුයි අල්ල ගත්තා....මාත් අත ඇරියේ නෑ හදිස්සියට සම්පගේ දූල වෙච්ච කමිසේ සාක්කුවෙන් වීරිය දාලා ඇද්දා..සාක්කුවේ නූල් ටික බර බරාස් ගාලා ලිහිලා ගියා.. මගේ වෙලාවට අක්කණ්ඩි මාව එක්කන් යන්න ලොකු ස්කෝලේ ඉදන් පොඩි ඉස්කෝලෙට ඇවිත් තිබුනා ඒ නිසා සම්පා ටිකක් බය උනා ඒ අතර තුර මන් අක්කණ්ඩි එක්ක ඉස්කෝලේ ඉස්සරහ පාරේ යන ලංගම බස් එකට ගොඩ වෙලා ජයග්රාහි හැගිමකින් ගෙදර ආවා.පහුවෙනිදා ගොඩක් දුකින් ඒ ඉස්කෝලෙන් අස් වෙලා පිටසක්වල ජීවින් වගේ පෙනුන කෙල්ලෝ ඉන්න බාලිකා ඉස්කෝලෙකට යන්න උනා(ඒ දවස් වල කෙල්ලන්ට පිට සක්වල ජීවින් කියලා කිව්වේ ඇයි කියලා දවසක ලියන්නම් )................
බාලිකා ඉස්කෝලෙදි මගේ ඇට්ටර කම්, උඹ,බන්,බොලන් වගේ වචන වෙනුවට ඔයා,මෙයා,අනේ කියන්න ගත්තා........වානරයන්ගේ පරිනාමය වගේ මාත් පරිනාමය උනා ....හැබැයි පුතෝ ඒ ඉස්කෝලෙදි විතරයි ගෙදරදි නම් පරිනාමය රිවස් ගියර් එකේමයි ගියේ ඒකත් ටික කාලයයි......
ඊට පස්සේ මට උදා වුන හැම දවසකම මම බාලිකාවට ඕන විදිහට හැඩ ගැහුනා...........................
*******************************************************************************
සම්පත් ගැන පසු කාලීනව දැන ගන්න ලැබුනේ ඒ දවස් වල කැන්ටිම කරපු ඇන්ටිගේ දුවගේ පුතා කියලයි,අම්මගෙයි තාත්තාගෙයි ආදරය අහිමි වෙච්ච ළමයෙක්..ඔය ටික මන් දැන ගත්තම එදා කරපු වැඩේ ගැන මන් සැහෙන්න පසුතැවුනා..ඒ දුල කමිසේ සාක්කුව එච්චර ඉක්මනට ඉරිලා ගියේ ඒ දුප්පත් ,කටුක ජීවිතේ සලකුණක් විදිහට කියලා මට දැනටත් මතක් වෙද්දි දැනෙන හැගිම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ........සම්පත් අද කොහේ ඉන්නවද දන්නේ නෑ...........
අරුණ ....
මන් සා\ පෙ. කරනකම් හිතන් හිටියා අරුණගේ ඇහැ ලග තිබුන ඒ බැට් එකේ කළු පැල්ලම ජීවිතේටත් ඒකගේ ඇහෙන් මැකෙන් නැති වේවි කියලා....එත් මන් කවදා හරි මුණ ගැහෙන්න පෙරුම්පුරපු
අරුණයා ....බැට් පාරකුත් කාගෙන ඉස්කෝලෙන් යන්නම ගිය එකා......මම 7 වසරදි ආයේ කවදාවත් නෝඑන්නම යන්න ගිහින් කියලා මම දැන ගත්තේ සා\පෙ කරන කාලෙදි.......අරුණගේ සොහොන් කොත හොයා ගන්නවත් ඒ දවස් වල අරුණ පදිංචි වෙලා හිටියේ කොහෙද කියලා මතකයේ නෑ....එත් තවමත් දන්න කියන ඒ කාලේ කට්ටිය හම්බුනාම සොහොන ගැන විස්තර අහනවා ඒත් ඒ ගැන දන්න කවුරුවත් තාම මට මුණගැහුනේ නෑ
චතුරංගගේ පුංචිගේ දුව අතේ මාව මතක් කරලා පණිවිඩයක් එවලා තිබුනා 10 වසරදි සා\පෙ කරන දවස් වල අපි මුණ ගැහෙන්න කතා උනත් කවදාවත් දෛවය ඒකට ඉඩ දුන්නේ නෑ....චතුරංගගේ තිබුන බළල් ඇස් වලට පුංති සන්දියේ මන් හෙන ලයික්ලු ඈ......චතුරංගයා ඉන්න තැනක් නම් දන්නේ නෑ ....හොයලා බලන්න හිතන් ඉන්නවා....වෙලාවක් නෑනේ මෙදා පාරවත් ලංකාවට ආවම සර්ච් එකක් දාලා බලන්න ඕනා......
![]() |
පරිනාමයට හසු වී අවුරුද්දකට පසු මේ මම.....දන්නෝ දනිති ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ..... |
අලේ මේ කොටස ලියන්න මෙච්චර දවස් ගත්තට සමා අවසර.....මන් අසනීප උනානේ...බස්සි නංගගේ ආදරණීය තර්ජනයට බය උන පාර මේම ලියාගෙන ලියාගෙන කොටස් කඩන් නැතුවම ලියාගෙන ගිහින් මැල්ලුම නතර කරා......
ඉස්සර නං ලස්සනයි නෙහ්.. දැං කොහොමද දන්නේ නෑ
ReplyDeleteඅම්මෝ මම එක වෙලා :O
Deleteඉස්සර ලස්සනයි කියන්නෙ දැන් කැතයි කියන එකෙනෙ බන්. දැන් කැතයි. හි… හි… :-D
Deleteදැං කොහේ දකින්ඩද බං කැමරාවෙං මූන වහං කරගෙන ඉන්න්කොට....
Delete@ තැන්කියු මධු අයියේ හදුනා ගත්තොත් ඔබ මා කිව්වලු.......මොකෑ මේ එක වෙන්ට යන්නේ.......
Delete@ප්රියා ඔන්න තේරුණා බොට ඉස්සරට වඩා කැතයි තමා.... :-D
යකෝ මේකිගේ සැර.... පව් අර හස්බන්ඩ .....:D
ReplyDeleteඅනේ මන් අහිංසකයි ගෙම්බෝ........
Deleteඅම්මට සිරි... මෙයා හෙන වැඩ්ඩෙක්නෙ... එන්න ඒපා ගෙවල් පැත්තෙ.. ගහනව අඩු කැඩෙන්න...
ReplyDeleteඒ ඉස්සර දැන් චන්ඩි නැතෝ......ආවොත් අඩුනේ කඩන්නේ හැක් අඩු කියක් කඩන්න ඕනද එමින් ගමන් හාඩ්වෙයාර් එකකින් අඩු ටිකක් ඇන්න එන්න
Deleteඅදද ලිවේ අප්පා,, , අක්කේ මන් නම් සම්පගේ මුළු ෂර්ට් එකම ඉරලා දාලා එන්නේ ,, අඩාගෙන ගිය එක හෙළාදකිනවා ඉදගෙන
ReplyDeleteමේකි යකෝ මාර වසයිනේ.....සැක් හෙළාදැකිමට මාත් එක පයෙන් එකගයි ;)
Deleteවිනාසයි විනාසයි... මේකි මේ තරම් පළිගන්න එකියක් නේ.......අනේ අපොය් අර අසරණයා...
ReplyDeleteඅයියයියෝ.....ඒ ඉස්සර දැන් මම ඇල් වතුරත් කූල් කරලා නිවලයි බොන්නේ
Deleteපාසල් කාලෙ තරම් සුන්දර කාලයක් කොහෙවත් නැහැ..
ReplyDeleteඒක නම් සහතික ඇත්ත උමේෂ්
Deleteහි හි… මටනම් මැවිලා පේනවා ශානු හොටු පෙරාගෙන් අඬන් ගෙදර ගියපු හැටි.
ReplyDeleteපවු දෙයියනේ අර අහිංසකා මනුස්සයා.
හැක්,,,,,,,මම හොටු පෙරන් ඇඩුවේ නෑ බොල අපහස කරන්න එපා හරිය
Delete//දන්නෝ දනිති ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ.....//
ReplyDeleteඒක තමයි මාත් හිතුවෙ මේ ලඟදි ගත්ත පින්තූරයක්නෙ.
ඕ යෑස් .......හැලප මාමට තේරුනා රහස
Deleteඅරුණට වෙච්චිදේ නම් හරි පව්.. සම්පත් වුනත් ඔය තත්වෙට වැටෙන්න හේතු ඇති..
ReplyDeleteඉස්සරයි දැනුයි වෙනසක් නෑ නේ... ලස්සනයි..
සම්පත් ගැන විස්තර දැන ගත්තට පස්සේ සම්පත් ගැන මගේ හිතේ තියෙන්නේ බොහොම අනුකම්පා සහගත හැගිමක් තුශා...... මගේ ළමා කමට කරපු දේ නිසා මන් අදටත් හිතින් දුක් වෙනවා.......
Deleteබොහොම ස්තූති.....
//පිටසක්වල ජීවින් වගේ පෙනුන කෙල්ලෝ ඉන්න බාලිකා ඉස්කෝලෙකට // අනේ මගෙ කට මොකටදෑ කිවුවලු. ඒ ඉක්කෝලෙත් අට වසරෙන් පස්සෙ පරිණාමවාදය ගියෙ ආපස්සටනෙ බන්.
ReplyDeleteඅරුණ පව්. ඒ තරම් පොඩි වයසකදි යන්නම ගියේ..... හ්ම්ම්ම්.... දුකයි. ඒ වගේම සම්පා. ඔයා අන්තිමේට සම්පා ගැන කියලා තිවුනු විදියට ගොඩක් දුක හිතුනා.
සූටි කාලෙ ෆොටෝ එකනම් මරු.
අර ආටා එක ප්රින්සිපල් වෙද්දි උඹලා 8 ද අපි සා/පෙ කරනවා......මට මතක විදිහට ඉස්කෝලෙට කණ කොකා උඩ පැන පැන හැඩලුවේ 2003 හෙහ්...හෙහ්...ඒ කාලේ නොවෑ පරිනාමය රිවස් ගියර් එකේ ගියේ......
Deleteසම්පා ගැන නම් තුශාට කිව්ව දේම තමා බොටත් කියන්න තියෙන්නේ(උඩ බලහන් )
තැන්කියු බස්සියේ ....
පරිනාමය වෙලා අතර මැද තාම නැවතිලාද කොහෙද? දැන් කියලත් වැඩි වෙනසක් නෑ තමා..
ReplyDelete( ගුටි කන්න වලියක් දා ගන්න ලෑස්තියෙන් )
ඇයි යකෝ ඒකනේ කිව්වේ දන්නෝ දනිති කියලා හිටුකෝ.... (පහර දෙන්න කරාටි,ගුජරාටි මරාටි මතක් කරමින්)
Deleteහෙහ්, අපි දැන් බය වෙයි..
Deleteඉස්කොලෙ කාලෙ මතක් වෙනකොටත් දුකයි අප්ප ඒත් එදා හිටපු සැට් එකනං තාම හොයං ගිහිං හරි හම්බෙනව.
ReplyDeleteබාලිකා ඉක්කෝල වල නං ඇත්තටම ඉන්නෙ පිටසක්කලයො තමා අක්කෙ දං උනත් එහෙමයි හී
ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ ගැන නම් මතක් වෙද්දි හිතට අමුතුම සතුටක් දැනෙනවා.....හැ,,,,තාමත් බාලිකා වල පිටසක්වල සීන් තිබේද?හපොයි...
Deleteඅරුණ ගැන මහා දුකක් ඇතිවුනා. හිටියා නම් උස මහත ඉළන්දාරියෙක්නේ..
ReplyDeleteම්..ම්ම්ම්ම්ම්ම් ....මට ලියද්දි හෙනට අප්සට් මේ ළමයි තුන් දෙනා මතක් වෙලා...
Deleteඔව් අෆ්ෆා
හිනා වේවි කතාව කියෙව්වට අන්තිම ටික දැක්කම දුකයි...අරුණට එහෙම උනේ ඇයි කියලා ඔයා දන්නෙත් නැද්ද? සම්පත් ගැනත් දුකයි..
ReplyDeleteඅරුණට බඩේ කැන්සර් එකක් තිබිලා සයුරි.....ම්..ම්...මටත් සම්ප ගැන දුකයි
Deleteඑහෙම කතා කියවද්දි නම් හිතෙනවා මිශ්ර පාසලකට ගියා නම් කියල....
ReplyDeleteඅරුණ පව්. එයා ගිය ඉස්කොලේ අය නම් දන්නවා ඇති එයාගේ ගෙවල් කොහෙද කියල. එත් ඉතිං එයා මේ ලොකෙත් නැත්තම්..... හ්ම්...
සම්පත් සමහර විට එහෙම වෙන්නැත්තේත් ගෙවල් වල ප්රශ්න නිසා වෙන්න පුළුවන්.
චතුරංගව හොයාගන්න පුළුවන් වෙන්න කියලත් ප්රාර්ථනා කරන්නම්කෝ.
බයිද වේ, පොඩි කාලේ ලස්සනයි :) දැනුත් එහෙම වෙන්නැති...
ස්තූති බඩී....හිත නම් තාමත් පොඩි කාලේ වගේම ලස්සනයි බාහිර සුවරූපේ නම් කැතයි :D
Delete