පැබ්ලෝ පිකාසෝ මම ගොඩක් ආදරේ කරන චිත්ර ශිල්පියෙක් .... Girl Before a Mirror චිත්රය දිහා බලන් හිටිය මට මෙහෙම ලියවුනා අනේ මන්දා චිත්රය මට තේරුම් ගියේ මේ ටික......චිත්ර වලට අරුත් දෙන්න පුළුවන් ඒ ඒ කෙනා දකින විදිහට කැමති නම් චිත්රය ගැන මෙතනින් ගිහින් දැන ගන්න
තොල් මත වචන තෙරපා ඇදුණාද
ලය මත සිසිල විතරක් රැදුණාද
සිනහව නැතුව හිත නුඹේ බිදුණාද
රහසින් තනිව ඉන්නට දැන් හිතුණාද
රාත්රිය දිග දැයි මම, නුඹගෙන් ඇසුවාම
ඇස් කොනකින් නුඹ,මා දෙස බැලුවාම
සද එලියට හිත මගේ බැදුනාම
ඔය උණුසුම ලග හිත රැදුණාම
දෙකොපුල් රතු කරගෙන නුඹ හිටියාට
හෙමිහිට රතදර පහසම මම වින්දාට
ලෝකයාට හොරැහින් ජීවිතයම දුන්නාට
කදුලක් වැටුනා රහසින් හිත රිදුනාට
ජීවිතයම හිස් බව මට දැනුනාම
ඔය හිත ලග ජීවිතයම මම හෙව්වාම
හිත නුඹ ලග නැවති ඇති බව මට දැනුනාම
දැන්නම් හැර යන්නට ආපසු බැරුවාම
ලෝබයි යන්න අත හැරදා හැමදාට
යන්නට වෙනවා නුඹ හැරදා හැමදාට
එහෙමයි හිතුවේ මේ හිත,මේ අද රෑට
නැවතත් එනවා මම නුඹේ ගෙට හෙට රෑට
__________ශානු____________
අම්බෝ ... පට්ට සිතිවිල්ල කවි වීලා ....
ReplyDeleteඑලස්....
ඕ යෑස් ස්තූති කෙන්ජී අයියා මාමේ ;)
Deleteචිත්රයක් දිහා සීයක් බැලුවොත් අනුවකට වඩා වෙනස් දෙයක් හිත්නනේ.. ජය..
ReplyDeleteඇත්ත ඇත්ත....අම්මේ දේශා දන්න දේවල්
Deleteජයම වේවා..
ReplyDeleteසුබ වේවා!!!
Deleteඅඩෙ අෆ්ෆා කාලෙකින් ශානුට කවියක් ලියන්න මතක් වෙලා තියෙන්නෙ. එළ…
ReplyDeleteචිත්ර කලාව දිගේ එන කවි කලාව. (y)
අමතක වෙනා තිබුනේ නෑ ඔය කයි ලියන්නත් වෙලාව එන්ට ඕනා ...මට හිත හිත කවි ලියන්න බෑ...ක්ෂණිකව හිතෙන දේවල් තමා ලියන්නේ...... ස්තූති ඈ
Deleteපට්ට.. ඔයා අපෙන් ඇහුවට ඒ ගැන මට නං ලියන්න දෙයක් එන්නෙම නෑ...ඇත්තමයි...
ReplyDeleteඔයාගෙ කවිය දිගේ චිත්රය රසවින්දනය කරන්නං..
බරපතලෙට හිතපුවාම පික්සු තද වෙනව අෆ්ෆා
චිත්රය ගැන ඕනාට වැඩියෙ හිතන්න එපා.....ඔන්න ඔහේ පාට ටිකවත් අදුන ගත්ත සතුටවත් තියා ගන්න එතකොට පික්ෂු හැදෙන්නේ නෑ
Deleteඑච්චර හිතන්න දෙයක් නං නෑ පිකාසොගෙ චිත්ර දිහා බලාගෙන හූලන්නයි තියෙන්නෙ.කවි ටික නං හරිම ලස්සනයි.
ReplyDeleteහිකිස් අම්මේ පිකාසෝගේ චිත්ර දිහා බලලා වෙලාවකට හුල්ලන්නවත් හිතෙන්නේ නෑ ඇයි ඉතින් හුල්ලන්නවත් තෙරෙන එකක්යෑ ....රසවින්ද එකට ස්තූති
Deleteeඑලස්
ReplyDeleteතෑන්ක්ස්
Deleteසිතුවමට පෙම් බැදි කත... ^_^
ReplyDeleteආදරයේ දෙව්දුව:"අපේ සිහින" :))
Deleteසිත්තමෙන් ගෙත්තම් කල කවිකම්. මන් නම් කලේ කවිය හරහා චිත්රය තේරුම් ගන්න හදපු එක.
ReplyDeleteඉතින් දැන් උඹට තේරුම් ගියාද බතල බට්ටි...
Deleteමාමත් කලේ ශානුගේ කවිය හරහා චිත්රය දකින්න උත්සාහ කරපු එක. විශිෂ්ටයි ...(Y)
ReplyDeleteමාමා හරි නාකයි....බුරු හැල ගෙම්බා...
Deleteතැන්ක්ස් ඈ
මටනම් මේ වගේ චිත්ර තේරෙන්නේ නෑ නොවැ. යන්තම් ඔන්න කයිය ක්ලික් වුනා
ReplyDeleteචිත්රේ ඔහේ තිබුනාවේ කයිය ක්ලික් උනා නම් එච්චරයි
Deleteමට චිත්තරේ යන්තං ක්ලික් උනා! :)
ReplyDeleteහොඳයි ශානු.....මුහුද යාන්තමට ඉර ගිලගන්න චිත්රයක් මට පෙනුනේ තාච්චියක බැදෙන බිත්තරයක් වගේ :D
ReplyDeleteඅසම්මතය කොච්චර ලස්සනට දැක්කද .....?
ReplyDelete